භව ගමන තුලදී හමුවන ගුරුවරු
භව ගමන තුලදී හමුවන ගුරුවරු තෙවැදෑරුම් වේ .
1 . දික්ෂා ගුරු (ආරම්භක ගුරු),
2 . ශික්ෂා ගුරු (උපදෙස් දෙන ගුරු)
3 . චෛත්‍ය ගුරු (ඇතුළත ගුරු)
යනු එම ත්‍රිත්වයයි.
ආරම්භක ගුරු යනු ශිෂ්‍යයෙකු සම්ප්රදායකට ( පිළිවෙලකට) විධිමත් ලෙස සකසන්නාය .
උපදේශන ගුරුවරයා යනු ඇත්ත වශයෙන්ම ශිෂ්‍යයා පුහුණු කරන ගුරුවරයාය. සමහර විට උපදෙස් දෙන ගුරුවරයා සහ ආරම්භක ගුරුවරයා එකම පුද්ගලයෙකු වීමට නොවීමට හැක.
ඇතුළත සිටින ගුරු යනු පුද්ගලයෙකුට ක්‍රියා කළ යුතු ආකාරය පවසන හදවත තුළ ඇති දෙවියන්ගේ හඬ ය . එනම් හෘද සාක්ෂියයි.
සියලු ගුරුවරුන්ගේ මුල් ගුරුවරයා ලෙස සලකනු ලබනේ පරමාත්මීය වු දේව ස්වරූපයි . අනෙකුත් සියලුම ගුරු ආකාර මුල් ගුරුවරයා නියෝජනය කරයි. සත් ගුරු (“සදාකාලික ගුරු”) පරමාත්මීය වු දෙවියන් මුල් ගුරු ලෙස දැක්වීමට භාවිතා කරයි
ගුරු නමස්කාරය අධ්‍යාත්මික වර්ධනයේ අත්‍යවශ්‍ය අංගයක් වන අතර, ගුරුවරයා ලෙස ක්‍රියා කරන ගුරුවරයෙකු සිටීම, තම ගුරුවරයාට ගෞරවයක් දැනීම සහ ගෞරව කිරීමට අවශ්‍ය වීම හදවතින් පැන නගින ස්වාභාවික ක්‍රියාවලියක් සේ පැවතිය යුතුය .
වෛදිකය තුල ගුරු නමස්කාරය දෙවියන්ට නමස්කාර කිරීම අභිබවා යන සංකල්පයකි . මෙය සාමාන්‍යයෙන් සිදු වන්නේ ගුරු ගුරුවරයා යන මුල් අදහසට වඩා ගුරු යනු “ආශිර්වාද කරන්නා” ලෙස කොට ගනිමිනි .
ගුරුවරයෙකුගේ ආශිර්වාදය උතුම්ම දෙයක් ලෙස සලකන නමුත් තම බැතිමතුන්ට ගුරුවරයෙකුගේ සැබෑ ආශිර්වාදය ලැබෙන්නේ අතේ ස්පර්ශයෙන් පමණක් නොව , දැනුම හා ප්‍රඥාව කරා ගෙන යන අධ්‍යයනය, විනය සහ මහන්සි වී වැඩ කිරීමෙන් බව මිනිසුන් අවබෝධ කර නොගනී .
දීක්ෂා ගුරුවරයා තුලට එලබෙන්නාට එතෙක් තමන් ආ ගමන් මග වෙනුවට නැවුම් වු මගක තමන් තුළ ම පිහිටුවා ගනු ලබන විනයක් ශික්ෂණයක් හා කැපවීමක් තුළ කටයුතු කිරීමට සිදුවනු ඇත .
තෙවැදෑරුම් වූ ගුරු වෙතින් ම සමස්තය පහළ වේ යැයි බලා සිටීම වෙනුවට විනය ශික්ෂණය හා මහන්සි වී කැපවීමෙන් කටයුතු කළ හැකි අය පමණක් ගුරුවරයා වෙත එළඹිය යුතුය .
දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

