විශ්ව පිළියම්

හැමවිටම ඇරඹීමට පෙර නිවැරදි දේ හොයා බලන්න

ඔබ ටිකක් හිතන්න ,

* ඔබ පාසල් ගිය කාලේ පන්තියේ හොදම දක්ෂයා විදිහට හිටපු කෙනා අද ත්‍රීවිල් එකක් එලවනවා ඔබට හමුවෙලා ඇති .

* එදා ඔබට ජීවිතේ දිනන හැටි කියලා දුන්න සමහර අය රැකියාවක් ඉල්ලගෙන ඔබ ළඟටම එන අවස්ථා ඔබට මුණ ගැහිලා ඇති…

* ඒ කාලේ පන්තියේ බෝනික්කෝ වගේ හිටපු සමහර ලමයි අද අනන්ත දුක් විදින අවස්ථාවට හමුවෙලා ඇති….

එ වගේම ,

* පාසල් කාලේ පරිගණකයක් ඇහෙන් දැකපු නැති අය තමන්ගෙම පරිගණක ආයතන දාගෙන වැඩ කරන අවස්ථා හමුවෙලා ඇති…

* පන්තිය බොහෝ දුර්වල ළමයි විවිධ ක්ෂේත්‍රවලින් ඉහලට ගිය අවස්ථා බොහෝ ඔබට හමුවෙලා ඇති…..

කොහොමද එහෙම වෙන්නේ….

තමන්ගේ උරුම මාර්ගය යමෙක්ට නිරායාසයෙන් හෝ හඳුනාගත්තොත් ඔහු ජීවිතේ ඉහලට ගමන් කරනවා. ඒත් ඔහු අල්ලගන්නේ වැරදි මාර්ගය නම් කොතරම් ඉහළින් ඇරඹුවත් නොදැනීම පහළට ගමන් කරනවා.

ඒ නිසා හැමවිටම ඇරඹීමට පෙර නිවැරදි දේ හොයා බලන්න.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

error: Content is protected !!