විශ්ව පිළියම්

මෝහන ප්‍රතිකාර යනු ප්‍රාතිහාර්යමය සුවකිරීමක් ද ?

මෝහන ප්‍රතිකාර යනු ප්‍රාතිහාර්යමය සුවකිරීමක් ද ?

මෝහනය මානසික සෞඛ්‍ය ගැටළු විසඳීමට සහ වේගවත් සුවය සඳහා පහසුකම් සැලසීමට උපකාරී වන මෙවලමකි. එය ඖෂධ භාවිතා කරන ප්‍රතිකාරයක් නොවන නමුත් මිනිසුන්ගේ මනස තුළ නිර්මාණය වන ගැටලු 95% එකටත් වඩා මේ හරහා විසඳිය හැකි වේ . නැතහොත් සුව කළ හැකිවේ .

ඖෂධ භාවිතා කළ යුතු මානසික රෝගී ගති වලදීද ඖෂධ ප්‍රතිකාර සමඟම මෝහන ප්‍රතිකාර භාවිතා කිරීමෙන් එම මානසික රෝගී ගති වේගවත්ත සුව කරගත හැකි වේ .

මෝහන ප්‍රතිකාර මනස මුල් කොට ගත් ප්‍රතිකාර ක්‍රමවේදයක් බැවින් සුවවීමේ වේගය පුද්ගලයා සහ ඔවුන්ගේ විශේෂිත තත්ත්වය අනුව වෙනස් වේ . දක්ෂ හා පලපුරුදු මෝහනවේදියෙකුට යම් පීඩාවක් තුළ සිටින පුද්ගලයෙකු ක්‍රමානුකූලව මෝහන ප්‍රතිකාර උදෙසා සුදුසු තත්ත්වයට පත් කර ගත හැකිවේ.

මෝහනවේදියා විසින් මනසින් පීඩාවට පත් පුද්ගලයාගේ යටි සිතට ප්‍රවේශ වීමෙන්, ගැටලුවට හේතුපාදක වන ගැඹුරින් මුල් බැසගත් ගැටළු සහ සෘණාත්මක රටාවන් හඳුනා ගනිමින් සාම්ප්‍රදායික ප්‍රතිකාරයට වඩා වේගයෙන් ක්‍රියා කිරීමට හැකී ධනාත්මක සිතුවිලි රටාවක් යටි සිත තුළ රෝපණය කරනු ලබයි . මෙමගින් ඕනෑම පුද්ගලයකු තුළ වේගවත් වෙනසක් ඇති කළ හැකිය.

මානසික පීඩාවක් තුළ පමණක් නොව ජීවිතය තුළ සෑම අංශයක් කෙරෙහිම ය වෙනස්කම නිර්මාණය කළ හැකි වේ . පුරුදු හා ඇබ්බැහිවීම් වෙනස් කර ගැනීම උදෙසාද මෙම ක්‍රමයම භාවිතා කරනු ලබයි .

මිනිස් මනස පීඩාවට පත්වීම උදෙසාත් එකිනෙකා අතර ඇතිවන දුරස් වීම් බිඳවැටීම උදෙසාත් හේතුවන්නේ සෘණාත්මක සිතුවිලි රටාවන්ය . දීර්ඝ කාලීනව ඇතිවන කාංසාවට මුල් වන්නේද මෙම සෘණාත්මක සිතුවිලි ය.

මෝහන ප්‍රතිකාර තුලදී කාංසාව, භීතිකාව හෝ විශේෂිත මානසික සෞඛ්‍ය ගැටළු විසඳීම සඳහා ධනාත්මක යෝජනා මනස තුළ නිර්මාණය කොට තැන්පත් කරනු ලබයි . එය පරිබාහිරව ඇති කරනු ලබන්නකට වඩා තම මනස තුළින්ම නිරන්තරයෙන් ඇති කරන්නක් බවට පත්වෙයි .

මෝහනය මගින් ගැඹුරු විවේකයක් ඇති කළ හැකිය , එය මානසික ආතතිය සහ කාංසාව ඉවත් කිරීම සඳහා ප්‍රයෝජනවත් වන අතර ස්ථීර සුවය සඳහා හිතකර පරිසරයක් එමගින් නිර්මාණය කරයි.

මෝහනය පිළිබඳ පවතින බොහෝ දුර්මත හේතුවෙන් මෙම ප්‍රතිකාර රටාව කෙරෙහි යොමු වීමට මිනිසුන් බිය වෙති . සත්‍ය ලෙසම එය මෙම ප්‍රතිකාර ක්‍රමවේදය පිළිබඳ ඇති නොදැනුවත්කමයි . එසේම මෝහන ප්‍රතිකාර ලෙස හුවා දක්වමින් කරන වංචනික ප්‍රතිකාර ක්‍රම හේතුවෙන් මෙම ප්‍රතිකාර ක්‍රමවේදය පිළිබඳ ඇති විශ්වාසනීය භාවය බිඳවැටීමද මෙයට හේතුවේ .

මෝහනය ප්‍රතිකාර යනු ප්‍රාතිහාර්යමය සුවකිරීමක් නොවන අතර එය 100% ක්ම බටහිර නූතන විද්‍යාව විසින් සනාථ කරන ලද විද්‍යාත්මක ක්‍රමවේදයකි .

සාම්ප්‍රදායික මෝහන ප්‍රතිකාර රටාවන් තුළට අද වන විට දියුණු විද්‍යාත්මක ක්‍රමවේද එක් වී පවතින බැවින් එම ක්‍රමවේද පිළිබඳ දැනුම සහිත වෘත්තීය මෝහන වේදියෙකුගේ සේවය ලබාගැනීම තුළින් තම මානසික සුවය වේගවත්ව ලබා ගත හැකි වේ .

ඔබේ මානසික පීඩාව ඉවත් කර ගැනීම උදෙසා මෝහන ප්‍රතිකාර භාවිතා කළ හැකි ආකාරය පිළිබඳ දැනගැනීමට ,
0764030952 WhatsApp අංකයට පණිවිඩයක් යොදන්න.

අන්තර්ජාතික සුදුසුකම්ලත්
මනෝ උපදේශක
මෝහනවේදී
ආයුෂ්මාන්‍ය මනමේන්ද්‍ර

error: Content is protected !!