අපේ ගම

හැම කෙනෙක්ටම ගමක් ඇත. පැරණි ගම හා වර්තමාන ගම යනු එකක් නොව දෙකකි.
පැරණි ගම යනු කුමක්ද කියා අද දරුවෝ නොදනිති.
එදා ගම මිනිසුන්ට ජීවය දුන් අතර අද මනිසුන් ජීවය සොයා ගමෙන් නගරයට ඇදෙති.
එදා ගමේ සිටි නිර්ව්‍යාජ වූ ගැමියා එහි නැත. එදා තිබූ පරිසර පද්ධතිය අද නැත. එදා එහි වූ ගැමියා විදි ජීවිතය අද විඳින්නේ ද නැත.
“ගම” යන්න හදවතින්ම විඳි අවසන් පරපුර දශක දෙකකට තුනකට කලින් උපන් දරුවන් පමණි

16 11 2020
කොස් කන්දේ විල

අදින් දශක හතරකට පමණ පෙර නගරය හා ගම යනු එකක් නොව දෙකකි. සිදාදිය අරුමෝසම් වු අතර ගම සරල විය. ගැමියාගේ...

වැඩිදුර කියවන්න
Translate »

You cannot copy content of this page