Arrival of Alien

2020 දෙසැම්බර් 21 ලෝකය විනාශ වෙනවද ?

මේ වන විට සමාජ මාධ්‍ය වල පමණක් නෙව ලෝකයේ බොහෝ ප්‍රසිද්ධ මාධ්‍යයන් වල පවා දෙසැම්බර් 21 සිදුවන කුමක්දෝ සිදුවීම් පෙළක් පිළිබඳව විවිධාකාරයේ නිර්වචනයන් ඉදිරිපත් වෙමින් පවතී.

ලෝකය පුරා ව්‍යාප්ත වූ විවිධ ආගමික නිකායන්ක්ෂ ක්ෂ ගණන් මිනිසුන් සහභාගි කරගනිමින් එකම මොහොතක හා ඒ ඒ රටවල් වලට සමගාමී වූ කාල පරාසයන් තුළ සිදු කෙරෙන ආධ්‍යාත්මික වැඩසටහන් වල කාල සටහන් මෙන්ම ලෝකයේ ඇති බොහෝ භාෂා වලින් සැකසු වැඩසටහන් ද අන්තර් ජාලය තුලට යොමු කර ඇත.

දෙසැම්බර් 21 … මෙයට පෙරද අවස්ථා කිහිපයකදීම කරළියට ආ දිනයකි.

2012 දෙසැම්බර් 21 මායාවරුන්ගේ කැලැන්ඩරය අවසන් වූ හෙයින් එදින ලෝක විනාශය සිදුවේයැයි විශාල මතවාදයක් සමාජගත වූ අතර එය මාධ්‍යයන් හරහා ද ඉතා විශාල ප්‍රසිද්ධියක් ලබා දෙමින් කතාබහ කෙරුණි.

මායාවරුන්ගේ කැලැන්ඩරයෙන් කරළියට ආ දෙසැම්බර් 21 යළිත් කරළියට නැගෙමින් පවතී.

පිටසක්වලයින්ගේ පෘථිවිය ආක්‍රමණය , කලු කුහර හරහා පෘථිවියට ඇති වන බලපෑම් , පෘථිවිය හා ගැටෙන ග්‍රාහක , නත්තල් තරුවේ උදාවීම , සෙනසුරු හා බ්‍රහස්පති එක පෙලට දිස් වීම

ආදී වූ බොහෝ කතා ලෝක විනාශයට පසුබිමෙන් ඇහෙන කතා පෙළකි.

ඇත්තෙන්ම ලෝක විනාසයක් හෝ බහුතර මනුෂ්‍ය ප්‍රජාව තුළ ඇති වන ක්ෂණික විනාශයක් සිදුවිය හැකිද ?

මාගෙන් 2012 ලෝක විනාශය සිදුවේද කියා සිරස නාලිකාවේ දී එහි මාධ්‍යවේදියා විමසූ විට මා දුන් srige පිළිතුර වූයේ එවැන්නක් සිදුනොවන බවයි. අද ද මා දෙන පිළිතුර එවැනි ක්ෂණික විනාසයක් 2020 දෙසැම්බර් 21 සිදු නොවන බවයි.

එක්වරම දෙසැම්බර් 21 පිළිබඳ කතිකාවක් සමාජගත වන්නේ කුමක් නිසාද යැයි ඔබට ගැටලුවක් මතු වනු ඇත.

මගේ අදහස නම් එය සිදුවීම් කිහිපයක් එකට පටලවා ගැනීමකි.

එහි පළමු අවස්ථාව වනුයේ දෙසැම්බර් 19 වනදා සිට දින කිහිපයක්

සෙනසුරු ග්‍රහයා හා ‍බ්‍රහස්පති ග්‍රහයා එක පෙළකට සිටින අවස්ථාවක් උදා වීමයි. මෙහි උච්ච අවස්ථාව උදාවන්නේ 21 වනදාය. මෙය වර්තමානයේ ජීවත්වන අයට එක් අවස්ථාවක් තුළ පමණක් දැක ගත හැකි සිද්ධියක් සේ සඳහන් කළ හැකි වෙයි.

මෙසේ සෙනසුරු හා බ්‍රහස්පති එක පෙළට පිහිටීම අවසන් වරට සිදු වූයේ 1623 වසරේ දී ය . යළි මෙවන් සිදුවීමක් සිදු වනුයේ වසර පන්සියයකට පමණ පසුවය. එසේ බලන කල මෙම සිදුවීම මිනිස් ජීවිතයේ ලැබිය හැකි විශේෂිත අවස්ථාවකි.

දින 5126 කින් අවසන් වූ මායාවරුන්ගේ කැලැන්ඩරය පෙන්වා දුන්නේ එතෙක් පැවති සූර්ය යුගයේ නිමාව වූ අතර එම නිමාවත් සමගම නව සූර්ය යුගයක් උදා වන බව මා 2012 වසරේ සිටම පෙන්වා දුන් බව ඔබට මතක ඇති. එහෙත් මායාවරුන්ගේ කැලැන්ඩරය පදනම් කරගනිමින් ගොඩනැගූ ලෝක විනාස මතවාදය තුළ නිබිරු ග්‍රහලෝකය පෘථිවිය හා ගැටෙමින් පෘථිවිය විනාශය කරා ගමන් කරන බව සමාජ ගත කෙරුණි.

එයට හේතුව වූයේ මායාවරු හා නිබිරු ‍ග්රහලෝකය අතර සෘජු සම්බන්ධතාවයක් පැවතීමයි.

පෘථිවි ජනාවාස කරණයේ මුල් යුගවල රත්රන් ගවේෂණය උදෙසා nibiru වාසීහු පොළවට පැමිණෙන අතර ඔවුනගේ අවශ්‍යතාවය මත අනුනාකිවරු හෝමෝ සේපියන් මානවයා බිහිකළ බව පසුගිය ලිපි පෙළ හරහා මහා පෙන්වා දුන්නා.

මායා කැලැන්ඩරේ අවසන්වීමත් සමගම නව විනාශයක් තුළින් නව ලෝකයක් බිහි වීම සිදුවිය හැකි යැයි යන මතවාදය කරළියට නැගෙන්නේ එබැවිනි.

එදා එසේ නොවුව ද 2020 දෙසැම්බර් 21 වන විට බ්‍රහස්පති හා සෙනසුරු ආසන්නේ දැකගත හැකි වීම හා ඒ තුළම නත්තල් තරුව දිස්වීම මෙම පැරණි කතිකාවත යළි කරළියට ඒමට හේතු සපයන්නට විය.

එසේම ලෝක මට්ටමින් යම් අධ්‍යාත්මික නිකායන් තුල පෘතුවියේ මාන වෙනස් වීම වැරදි ආකාරයෙන් විග්‍රහ වීමද මෙම මතය සමාජගත වීමට හේතුවක් වී ඇති බව පෙනී යයි.

තවමත් පෘථිවිය වූ කලී තුන්වන මානයේ 3D ග්‍රහලෝකයක් වන අතර මෙම පරිවර්තනය තුළ සිව්වන මානය 4D දක්වා පරිවර්තනය වීමක් සිදුවෙයි. එහෙත් යම් යුරෝපීය ආගමික නිකායන් විසින් පෘථිවිය 5 වන මානයට 5D පරිවර්තනය කිරීමක් ගැන දේශනා පවත්වමින් සිටිති.

මෙම මාන වෙනස්වීම තාක්ෂණික ක්‍රියාවලියක් මානසික ක්‍රියාවලියක් හා පරිණාමීය ක්‍රියාවලිය යන ආකාර තුනකින් යුක්ත වේ.

තාක්ෂණික ක්‍රියාවලිය වසරකට ආසන්න කාලයක සිට ඉතා සියුම්ව ක්‍රම ක්‍රමයෙන් සිදු කෙරෙමින් පවතින අතර ඒ උදෙසා විශ්ව තාක්ෂණික කණ්ඩායම වන සිරියන් වරු මුල් වී ක්‍රියා කරති.

එහි එක් උච්ච අවස්ථාවක් ලෙස ලෝකය පුරා ඇති වූ සුළි කුණාටු දක්වා ලිය හැකි වෙයි. ඒ හා සමගාමීව පෘථිවිය වටා old empire විසින් ඉදිකරන ලද මතක මකන දැල බිද හෙලීම සිදුවිය. ඒය Google Earth තුලින් දින දෙකක් දැක ගැනීමේ අවස්ථාව පැවතුණි.

දෙවැනි අවස්ථාව මානසික පරිවර්තනය යි. ආරම්භයේ සිට ලොව පුරා ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ තුළ නිර්මාණය කරන්නට උත්සහ දරන්නේ අලුත් ලෝකයක් වෙනුවෙන් බියට එරෙහි විය යුතු බවයි.

තුන්වැනි අවස්ථාව පරිණාමීය අවස්ථාවයි. සිව්වන මානය ට රැගෙන යාම උදෙසා සූදානම් කිරීමට සැලසුම් කොට ඇත්තේ පෘථිවි ජනගහනයෙන් පහෙන් එකක කොටසකි.

ලෝක විනාශයක් පිළිබඳ කතාවක් නිර්මාණය වනුයේ මෙම 1/5 යන සංඛ්‍යාත්මක අගය මතය.

එනම් පහෙන් හතරක් විනාශ කර දැමීමක් සිදු වේද යන බිය සමාජගත වීමයි.

එය වැරදි අර්ථකථනයකි. මෙය දීර්ඝ ක්‍රියාවලියක් තුළ සිදුවන්නක් මිස ක්ෂණික විනාසයක් තුළින් සිදු වන්නක් නොවේ. දැනට ලෝකයේ ජීවත් වන මානව කොට්ඨාශයන් අතරින් තෝරා ගනු ලබන පහෙන් එකක කොටසක් තුළින් ව්‍යාප්ත වන ඉදිරි පරම්පරා හරහා මෙම පරිණාමය සිදු වෙයි.

ඉතුරු 4/5 පරිණාමයක ට ලක් නොවන අතර ක්‍රම ක්‍රමයෙන් ඔවුන්ගේ ජානපරිසරයට ඔරොත්තු නොදීම තුළ ක්ෂය වී යාම සිදුවෙයි.

හෝමෝ ඉරෙක්ටස් මානවයාගෙන් පසු හෝමෝ සේපියන් මානවයා බිහිවීම මෙයට සරල නිදසුනකි. හෝමෝ සේපියන් මානවයා බිහිවුවද හෝමෝ ඉරෙක්ටස් ගති ලක්ෂණ සහිත මානවයන් මුල් යුගයන්හි සිටි බවට සාක්ෂි පවතී. එයද ක්‍රමාණුකූලව සිදු වූ වෙනසක් බව තේරුම් ගන්නට ඇති හොඳම සාධකයකි.

එසේනම් 2020 දෙසැම්බර් 21 පිළිබඳව ඇත්තේ අනියත බියකි. බිය වැපිරවීම මෙම මාන වෙනස්වීම බිඳ හෙළීම උදෙසා කටයුතු කරන තවත් පිරිසකගේ මෙහෙයුමකි. එය අවබෝධ කොට ගැනීම ඉතා වැදගත්ය.

දීක්ෂා ගුරු

කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close