හිරන්‍ය කාශ්‍යප

සප්ත සෘෂි වරු Big Dipper සිට පැරණි අධිරාජ්‍යය ගොඩනැගීමට පැමිණි උරග ජීවීන්ද ?

 

අතීත ශිෂ්ටාචාර සියල්ලෙහිම පාහේ සප්ත සෘෂිවරු පිළිබඳ සංකල්පයක් දැකගත හැකි වේ. සප්ත සෘෂි වරු යනුවෙන් අදහස් වන්නේ මුල්ම යුගයන් වල පෘථිවිය මත ජීවත් වූ සියලු දැනුමෙන් පරිපූර්ණ වූ සෘෂිවරු හත් දෙනෙකි.

මෙම සෘෂිවරු හත් දෙනාගේ නම් පිළිබඳ මතවාදයන් කිහිපයක්ම පවතී.වශීෂ්ඨ, විශ්වමිත්‍ර, ජමාග්නි, ගෞතම, භාරද්වාජ, ගුංගු, අගස්ති සහ කාශ්‍යප යන ඍෂිවරුන් 8 දෙනාගේම නම් අඩු-වැඩි සහිතව විවිධ ග්‍රන්ථවල සඳහන්ව පවතී.

මා සප්ත සෘෂිවරුන් ගැන කතා කරන්නට උත්සහ දරන්නේ හිරන්‍ය කාශ්‍යප රජුගේ පියා සේ සැලකෙන්නේ කාෂ්‍යප සෘෂිවරයා වීම හේතුවෙනි. වෛදික සාහිත්‍යය තුළද කාශ්‍යප සෘෂී සප්ත සෘෂිවරුන්ගෙන් කෙනෙක් යැයි කියවේ.

එහෙත් මෙයට පරස්පර වූ මතයක් ද වෙයි. වෛදික තාරකා ශාස්ත්‍රය තුළ මහ වලහා තරු පන්තියේ තරු ඍෂිවරු හත් දෙනෙක් ගේ නමින් හා එක් සෘෂිවරයෙකු වු වශිෂ්ඨ ගේ බිරිඳ වූ අරුන්දතිය ගේ නමින් නම් කොට ඇත. අනෙකුත් තරු 7 නම් කොට ඇත්තේ වශිෂ්ට මරිචි පුලස්ති ප්‍රලාහ , අත්‍රි , අංගීර හා ක්‍රතු ලෙසය.

මෙය ඉතා ගැඹුරු සංකල්පයකි. මහ වලහා තරු පද්ධතිය මුල් කොට ගනිමින් විශ්වය පුරා ඇති ජීවි ලෝක තම ග්‍රහණයට නතුකර ගැනීම සිදු කරනු ලබන්නේ උරග ජීවිහුය. නැතිනම් ඩ්‍රැකෝ වරුය. මෙම තාරකා පද්ධතිය  වෛදික සාහිත්‍යය තුළ ඍෂිවරු හත්දෙනාගෙන් හා එක් කාන්තාවකගෙන් නම් කරනු ලබන්නට හේතු වන්නේ එම පද්ධතියේ සිට පෘථිවියට පැමිණි අටදෙනකු හඳුන්වා දීම උදෙසා විය යුතුය.

එසේනම් හිරණ්‍ය කාශ්‍යප රජුගේ පියා නාග සම්බන්ධයක් සහිත ඍෂිවරයෙකි. ඔවුන් පෘථිවියට පැමිණෙන්නේ පෘථිවිය තම පාලනයට නතු කර ගැනීමේ අරමුණ සහිතව ය.

කාශ්‍යප සෘෂි වරයාට බිරිදවල් දහතුන් දෙනෙකු විය. සෘෂිවරයා දහතුන් දෙනෙකු තම බිරිද තනතුරේ තබා ගැනීම තුළ old empire වරුන්ගේ දෙමුහුන්කරණය තුළින් එම ජන කොට්ඨාසය තමන් සතු කර ගැනීමේ න්‍යාය පිළිබඳව ඉඟි සැපයේ. මෙහිදී තවත් අපට සිතන්නට ඇති කාරණාවක් වන්නේ තරු අතරින් පැමිණි පිරිසක් ලෙසින් මොහු සැලකූ විට මොවුන් අතර පිරිමින් හතක් හා එක් කාන්තාවක් සිටින්නට හේතුව වන්නට ඇත්තේ ඔවුන්ගේ සැලැස්ම යම්හෙයකින් බිඳ වැටුණහොත් පිටසක්වල කාන්තාව ලවා දෙමුහුන්කරණය ක්‍රියාත්මක කරවීම විය හැකි ය . ආදම් සහ ඒව පුරාවෘත්තය තුළත් සර්පයා විසින් දෙන ඇපල් ගෙඩිය මුලින් අනුභව කරන්නේ ඒව විසිනි . එම ඇපල් ගෙඩිය අනුභව කිරීමෙන් පසු ආදම්ව ඇය විසින් පොලඹවා ගත්බව යම් තැනක සදහන් වේ.

කාශ්‍යප සෘෂිවරයාගේ එක් බිරිඳක්  දෛත්‍යා නම්වු අසුර කාන්තාවකි. යම් ග්‍රන්ථවල ඇයගේ නාමය දිතී /දිටී ලෙස ද සඳහන් වේ. ඇයට හිරාන්යාක්ෂ , හිරණ්‍යකසුබ් හා හෙලීකා දරුවන් තිදෙනකු විය.

මා පෙර සදහන් කල ජය සහ විජයගේ ඉපදීමට අවශ්‍ය පරිසරය සකසා ගැනීම උදෙසා කාලයක් බලා සිටින්නට වූ අතර ඒ උදෙසා අවස්ථාව උදාවන්නේ සම්භෝගය උදෙසා නොසුදුසු කාලයක් සේ සැලකූ හවස් කාලයේ ඍෂිවරයා හා බිරිද එක්වීම සමගම මෙම ආත්මයන් දෙකට දෛත්‍යාගේ කුස තුලට රිංගා ගැනීමට අවස්ථාව උදා වූ බව පුරාණ කතා තුල සඳහන් වේ.

හිරාන්‍යාක්ෂ වැඩිමහල් සහෝදරයා වූ අතර විෂ්ණු දෙවියන්ගේ වරහ අවතාරය විසින් ඔහුව විනාශ කරනු ලබයි.

තම දරුවා විනාශ කළ පළිය ගැනීම දෛත්‍යාගේ ප්‍රධාන අරමුණ වූ අතර හිරන්‍ය කාශ්‍යපව ගොඩනගනු ලබන්නේ ඒ අරමුණ උදෙසා ය.

හිරන්‍ය කාශ්‍යප යන නමෙහි අර්ථය සම්බන්ධයෙන් මත දෙකක් පවතී. පළමුවැන්න නම් රනින් සැරසුණු යන අර්ථයයි. දෙවැන්න වනුයේ සූර්යයා මෙන් රශ්මියෙන් බබලන යන අර්ථය යි. කාෂ්‍යප සෘෂි වරයාගේ නාමය මුල් කරගනිමින් හිරන්‍ය කාශ්‍යප යන දැන් නම සකස් වී ඇති බව සරණලව පෙනී යන්නකි. නමේ අර්ථය කෙසේ වෙතත් අසුර රාජ්‍යය සූර්යයා මෙන්ම බැබළ වූ රජකු ලෙස හිරණ්‍ය කාශ්‍යප රජුව හදුන්වා දිය හැකිය.

දීක්ෂා ගුරු

කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close