Arrival of Alien

සක්වළ දොරටු විවරව පිටසක්වලයෝ පැමිණෙති

පහතින් දක්වා ඇත්තේ 2012 දෙසැම්බර් 02 වැනිදා ඉරිදා දින රන්දිව ජාතික පුවත්පතට මවිසින් ලියන ලද ලිපියකි.

දෙදහස් දොළහේ අවසාන මාසය නැතහොත් කලියුගයේ තීරණාත්මක මාසය එළඹ ඇත. එයට යළි යළිත් හේතු දැක්වීමට අවශ්‍ය නොවන තරමට සෑම මිනිසකුම දන්නා වූ කරුණක් බවට ලෝක විනාශය පත්ව ඇත. ලොව පුරා වැඩිම පිරිසක් කතාකරන මාතෘකාව බවට පත්ව ඇත්තේද දෙදහස් දොළහේ දෙසැම්බර් 21 වැනිදා ලෝකයට කුමක් සිදුවනු ඇතිද යන්නය.

ලෝක විනාශය ස්ථිර මතයක් ලෙස පැවති මතය බිඳ වැටෙද්දී එයට සමගාමී විවිධ අදහස් සමාජගත වන්නට විය. එහි ප්‍රධාන තැනක් ගනු ලබන්නේ දින තුනක අඳුරු කාලයයි. ඒ අතරතුර තවත් දුර්ලභ අවස්ථාවක් පිළිබඳ තොරතුරු ලැබෙමින් පවතී. එනම් ඉදිරි සති කිහිපය තුළදී ග්‍රහ මණ්ඩලයේ රවි, සිකුරු ඇතුළු ග්‍රහයන් තිදෙනකු ගීසා පිරමීඩ ඉහළින් පෑයීමයි. මෙය සිදුවන්නේ නම් එය ඉතා දුර්ලභ අවස්ථාවක් වනු ඇත.

ඒ සමගම ලංකාවේ තවදුරටත් දිගින් දිගටම අරුමපුදුම දෑ සිදුවෙමින් පවතී. රතු වැස්ස ප්‍රධානතම සිදුවීමයි. පෙර ලිපියේදී අපි පිටසක්වළ පහරදීම් පිළිබඳ කතා කළෙමු. ඒ පිළිබඳ කරුණු කාරණා කිහිපයක් පැවසිය යුතුව ඇත. පිටසක්වළ ජීවින් හරහා පරිසරයට මුදාහරින ලද යම් ක්‍ෂුද්‍ර ජීවී විශේෂය මේ වනවිට තරමක් කුඩා තැඹිලි පැහැති කෘමියකු බවට පරිවර්තනය වී ඇති බව දැකගත හැකි වෙයි. මෙම කෘමීන් මඟින් එක් කලෙකදී ලංකාවේ ව්‍යාප්ත වූ පිටි පුස් රෝගයට සමාන රෝගී තත්ත්වයක් ව්‍යාප්ත වීම සිදුවෙයි. ආහාරමය ශාකවලට මේ හරහා සිදුවන බලපෑම ඉහළ යනු ඇත. මෙය ඉතා ඉක්මනින් විසඳාගත යුතු ගැටලුවකි.

ගීසා පිරමීඩ ගැන විවිධ මතිමතාන්තර ඇති අතර එය ඍජු ලෙසම විශ්ව බලය හා බැඳී පවතින්නකි. දෙසැම්බර් මාසය මැදදී මෙම පිරමීඩ තුනට ඉහළින් ග්‍රහයන් තුනක් පිහිටීමේ හැකියාව උදාවීමේ අවස්ථාවද පවතී. එයට හේතුවනුයේ තත්කාල කේන්දරයේ එකිනෙකට ආසන්නයේ ගමන් කරනා ග්‍රහයන් හයදෙනකු සිටීමය. ශනි, කුජ, රවි යන ග්‍රහයන් ආසන්නම රාශිවල ගමන් කරද්දී සිකුරු, බුධ හා රාහු එකම භාවයක ගමන් කරමින් සිටී. ඒ හරහා යම් විදිහකින් බලතහොත් මෙය සිදුවිය හැක්කකි. සිකුරු, බුධ, රවි පියවි ඇසටද පෙනෙනා ග්‍රහයන් බැවින් මෙය විය හැක්කක් ලෙසින් අපට පැවසිය හැකිය. එහෙත් ගීසා පිරමීඩවලට ඉහළින්ම පිහිටීම සිදුවේද කියා පැවසීම පිළිබඳ යම් යම් ගැටලු පැවතිය හැකිය.

ලංකාවට අවස්ථා හය හතකදීම ඇදහැළුණු රතු වැස්ස අසූව දශකයේ සිට බලන කල ලෝකයටම ඇදවැටී ඇත්තේ තුන් හතර වතාවකි. එහෙත් රතු වැස්ස ලංකාවට හය හත් ගමනකට වඩා ඇදවැටුණි. මෙය පැහැදිලිවම පිටසක්වළ යානා ක්‍රියාකාරීත්වයේ බලපෑමක් හරහා සිදුවන්නක් ලෙස පැවසිය හැකිවෙයි. එනම් අප පෙරදී සඳහන් කළ යානා දෙකෙන් එකක් තවමත් අප රටට අයත් පරිසර පද්ධතිය තුළ ක්‍රියාත්මක වෙමින් පැවතීමයි. එහිදී යානාවේ ක්‍රියාකාරීත්වය හා අපේ පරිසර පද්ධතිය අතර ඇතිවන ගැටීම හරහා මෙම වැසි ජලයේ වර්ණ වෙනස්වීම සිදුවෙයි. මෙය උදාහරණයක් ඇසුරින් දැක්වීමටද පිළිවන. අකුණක් ගසන අවස්ථාවේදී අකුණ සහ වැසි ජලය ක්‍රියාත්මක වී නයිටි්‍රක් අම්ල සහිත ජලය ගස් කොළන් මතට පතිත වී එම ගස් පිළිස්සී යෑමයි. රතු වැස්ස යනුද එවැන්නකි. යානාව ක්‍රියාකාරී අවස්ථාවලදී වැසි සහිත පරිසරවලදී මෙවන් තත්ත්වයන් මතුවිය හැකිය.

ලෝකයට එක්වරම පිටසක්වළ බලපෑමක් ඇති වීමට හේතු කාරණා වන කරුණු ජ්‍යොතිෂ්‍යමය ඇසකින් විග්‍රහ කිරීමේ හැකියාවක්ද ඇත. 2012 දෙසැම්බර් 21 තත්කාල කේන්දර සටහනේ නවවැනි භාවයේ සිට දොළොස්වැනි භාවය දක්වා ග්‍රහයන් හය දෙනකු තැන්පත්ව සිටියි. විශ්ව කේන්දරය වන මේෂ ලග්න කේන්දරයේදී ග්‍රහයන් හය දෙනකු එලෙස පිහිටා ඇත. මෙලෙස ග්‍රහයන් පිහිටීම ඇතුළට එන සබඳතා බහුල වීමක් ලෙස අපි සලකන්නෙමු.

කුම්භ ලග්න ලංකා කේන්දරයේත් මේෂ ලග්න විශ්ව කේන්දරයේත් ඒකාකාරී ලෙස පිහිටන මෙම ග්‍රහ පිහිටීම හරහා අපට අවබෝධ කර ගැනීමට හැකිවනුයේ විශ්ව සබඳතා උදෙසා දොරගුළු හැරුණු අවස්ථාවක් උදා වී ඇති බවය. මේ අවස්ථාවේ පවතින අතිවිශේෂ තත්ත්වයක්ද ඇත. රාහු හා කේතු යනු එකිනෙකට විරුද්ධව ස්ථානගත වන ග්‍රහයන් දෙදෙනෙකි. 2012 දෙසැම්බර් 21 වැනිදා තත්කාල කේන්දරය තුළ රාහු දහවැන්නේත් කේතු හතර වැන්නේත් තැන්පත්ව සිටියි. කේතු වක්‍ර ගුරු සමගද රාහු, බුධ හා සිකුරු සමගද සබඳතා පවත්වමින් සිටියි. කේතු වෘෂභ රාශියේ සිටීමත් සිකුරු වෘශ්චිකය තුළ සිටීමත් හරහා සිදුවනුයේ මෙම ග්‍රහයන් දෙදෙනා පරිවර්තනයකට ලක්වීමයි. එනම් රාහුගේ හා කේතුගේ බලය එක්තැන් වීමකි. රාහු හා කේතු යනු චන්ද්‍ර කක්ෂය හා පෘථිවි කක්ෂ එකිනෙක ඡේදනය වන තැන පිහිටුවා ගනු ලැබූ මායා ලක්ෂ්‍ය දෙකකි. මෙම ලක්ෂ්‍ය දෙක මත අධිචුම්බක බලයක් ක්‍රියාත්මක වීම හරහා එමඟින් පෘථිවියට දැඩි බලපෑමක් ක්‍රියාත්මක වෙයි. පරිවර්තනය හරහා චුම්බක ක්ෂේත්‍රයන්ගේ ප්‍රබල හැකිළීමක් ක්‍රියාත්මක වීම සිදුවෙයි. එනම් පිටසක්වළයන්ට පෘථිවියට පැමිණිය හැකි දොරටුවක් නිර්මාණය වීමයි.

වසර 18කට පමණ වරක් සිදුවන ග්‍රහ පිහිටීමක් ඉදිරි දින කිහිපය තුළ ඇති වෙමින් පවතී. එහිදී රවි, සිකුරු, බුධ, රාහු, චන්ද්‍ර ආදී ග්‍රහයින් 5 දෙනකු විශ්ව කේන්ද්‍රයේ ක්ෂණික සිදුවීම් ක්‍රියාත්මක කරවනු ලබන 8වන භාවය තුළට පිවිසීම සිදුවේ. 8වැනි භාවය තුළ පංච ග්‍රහයෝගයක් යෙදීම හරහා සිදු වනුයේ ක්ෂණික බලවේගයන් හරහා විශ්වය තුළ විවිධ කම්පනයන් ක්‍රියාත්මක වීමය.

බුදු දහමට අනුව අප ලෝකය සමග නිරන්තර සබඳතා පවත්වනුයේ උතුරුකුරු දිවයිනේ සිට පැමිණෙන පිටසක්වළයෝය. එසේ නම් දැනට පැමිණ සිටින්නේද ඔවුන්මදැයි අපට සිතේ. ඒ කෙසේ වෙතත් අප පොදු භාවිතය තුළ ‘පිටසක්වළ යානා’ යන වචනය යොදා ගත්තද මොවුන් පැමිණෙන්නේ පිටසක්වළ (ක්‍ෂීරපථයෙන් පිට) සිට නොව අපේ සක්වළ තුළම පිහිටි ජීවීන් වාසය කරන ලෝක දෙසිය ගණනෙන් එකක සිටය. ඔවුන් මිනිස් රුවට සමාන අඩි 8-9 උස මිනිසුන්ය. දිගු අත්, දිගු ඇඟිලි ඇති මිනිසුන්ය. ආහාර වෙනුවට අධිපෝෂණ දියරමය දේ භාවිත කරන්නන්ය. රිදී පැහැති දිගු ඇඳුම් භාවිත කරන්නන්ය. බුදු බණේ බොහෝ තැනක සඳහන් ආලෝකය විහිදුවමින් ආ උස ශරීර ඇති දෙවිවරු යනු මොවුන් වීමට බොහෝ සේ ඉඩ ඇත. එනම් පෘථිවි නිර්මාණයේ සිට අද දක්වාම ඔවුන් අප සමග සබඳතා පවත්වමින් තිබීමය. අප පෙර ලිපියේදී පෙන්වාදුන් පරිදි පිටවලතැන්නට මුදාහල ජීවී විශේෂය පිළිබඳ අප සොයා බැලීමේදී උරග පෙනුම සහිත පිටසක්වළ ජීවී විශේෂයක් පිළිබඳ රූප සටහන් සොයා ගැනීමට අපට හැකිවිය. ඒවා අදින් වසර 3000 – 4000කට පෙර පිරමීඩ තුළ නිර්මාණය කරන ලද ඒවාය. එසේ බලන කල සත්‍ය වශයෙන්ම සිදුවූයේ සතුන් මුදාහැරීමක්ද නැතහොත් පිටසක්වළ ජීවී ගොඩබැසීමක්ද යන්න පිළිබඳ වඩාත් අවධානයෙන් සොයා බැලිය යුතුව ඇත.

කේතුගේ, රාහුගේ බලපෑම අදෘශ්‍යමාන දෝෂ තත්ත්වයන් බොහොමයක් නිර්මාණය කරන තත්ත්වයකි. ලංකා කේන්දරය තුළ හතරවැන්න හා දසවැන්න තුළ සිදුවන මෙම වෙනස හරහා අප රට තුළ තව තවත් තේරුම්ගත නොහැකි සිදුවීම් බොහොමයක් ඉදිරි කාලය තුළ ක්‍රියාත්මක වනු ඇත.

විශ්ව නියමයන් හා විශ්ව නීතීන්ට අනුගතව ක්‍රියා කිරීම හැර මිනිසුන් ලෙස අපට කළ හැක්කක් පවතීද යන්න ගැටලුවකි.

 

පහතින් දක්වා ඇත්තේ 2012 දෙසැම්බර් 09 වැනි ඉරිදා දින රන්දිව ජාතික පුවත්පතට මවිසින් ලියන ලද ලිපියකි.

අද්භූත එළි දිගින් දිගටම

පිටසක්වළ යානා පැමිණීම් හා ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයන් පිළිබඳ මාස කිහිපයක සිට අපි විසින් අනාවැකි කිහිපයක් ප්‍රකාශ කළෙමු.
එහි පළමුවැන්න වූයේ අතිවිශාල යානාවක් විසින් පෘථිවිය වටා ඇති අයන ගෝලය උපයෝගි කර ගනිමින් අපේ පරිසර පද්ධතියට පහර දීම සිදු කිරීමයි. ඇමෙරිකාවේ සිදුවූ මහා විනාශය මෙන්ම ලොව පුරා ඇතිවූ ගංවතුර එහි ප්‍රතිඵලයකැයි අපි පවසා සිටියෙමු.
දෙවැන්න වූයේ ලංකාව තුළට පිටසක්වළ යානා පිවිස ඇති බවයි. එම අනාවැකියද සත්‍ය කරමින් ඉරණවිල, පොළොන්නරුව, හපුතලේ, බද්දේගම, මාතලේ, උණවටුන හා දියතලාව ආදී ප්‍රදේශවලදී අද්භූත එළි ලෙසින් දිස්වූ පිටසක්වළ යානා වීඩියෝ ගත කර ගැනීමටද සාමාන්‍ය මිනිසුන්ටම අවස්ථාව උදාවිය.
තෙවැනි අනාවැකිය වූයේ පිටසක්වළ යානා විසින් පිටවල පතනට දැමූ සතුන් හය දෙනකු විසින් ඉතා කුඩා ක්ෂුද්‍ර ජීවීන් ව්‍යාප්ත කිරීමක් සිදුවන බවත් ඒවා සංවාහන ධාරා හරහා ව්‍යාප්ත වන බවත් ඔවුන් වර්ධනය වෙමින් පවතින බවත්ය. එසේම ඔවුන්ගේ වැඩීමෙන් පසු කුඩා කෘමියකු බවට පත් වූ බව අපි පැවැසූවෙමු. ඒ සමගම පාසල් සිසුන් අතර ව්‍යාප්ත වූ රෝගී තත්ත්වයද පහව ගියේය.
එසේම රතු වැස්ස ස්වාභාවික සිදුවීමක් නොවන අතර පිටසක්වළ යානා ක්‍රියාත්මකවීමේදී ඇතිවන ඝට්ඨනය හේතුවෙන් පරිසර පද්ධතියේ සිදුවන ප්‍රතික්‍රියාවක් හේතුවෙන් සිදුවන්නක් බවට අපි අනාවැකියක් පැවසුවෙමු. එයද මේ වන විට සත්‍ය වී ඇත. රතු වැස්ස පිළිබඳ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ බි්‍රතාන්‍යයේ සිට පැමිණ කළ පර්යේෂණවළින් පසු ඔහු හෙළිදරව් කළේ ඒවා පිටසක්වළින් ඇති වූ වර්ෂාවකට සමාන බවය. එහි අඩංගු ඇල්ගී වර්ගය සහ ක්ෂුද්‍ර ජීවීන් පෘථිවිය තුළ නැති බවය. එසේම මෙම වර්ණය සෙල්සියස් අංශක 300ට වඩා වැඩි උෂ්ණත්වයකදී ඇති විය හැකි බවද ප්‍රකාශ කර ඇත. එසේනම් යානා ක්‍රියාත්මක වීම පිළිබඳ අප කියූ අනවැකියද සත්‍යවී ඇත.
අපි තවත් අනාවැකි දෙකක් පවසන්නෙමු.
ඉන් පළමුවැන්න වනුයේ ඉදිරි කාලය තුළදී පිටසක්වළයන්ගේ කුඩා ආරක්ෂක යානාවක් පුපුරා යන හැටි මල් වෙඩි සංදර්ශනයක් සේ දැක බලා ගැනීමේ අවස්ථාව පෘථිවියේ ජනයාට උදාවීමය.
දෙවැන්න වනුයේ පිටසක්වළ යානා ක්‍රියාකාරිත්වයට යොදා ගන්නා හරිත ඉන්ධන හා ඛනිජමය ලෝහයක් පිළිබඳ තොරතුරු සමාජගත වීමය. නැගෙනහිර ප්‍රදේශයෙන් මෙම ඛනිජමය ලෝහය හමුවීමට ඉඩ ඇත.
ඉහතින් දක්වා ඇත්තේ තරු වළල්ල තුළින් පැවසූ පිටසක්වළ ජීවීන් පිළිබඳ අනාවැකි කිහිපයක් පමණි. එනම් මෙතෙක් කල් අප පැවසූ සියලුම අනාවැකි සත්‍යවී ඇති බවය.

දීක්ෂා ගුරු

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී

කාංචන ගීත මනමේන්ද්‍ර

Blog Comments

මේ දේවල් එදා කවුරුවත් ගණන් ගත්තේ නෑ. ඒත් අද ඇස් පනපිටම තියෙනවා.

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close