Arrival of Alien

හෝමෝඉරෙක්ටස් දෙමුහුන්කර බුද්ධිමත් මෙහෙකරුවන් තැනු අනුනාකිවරු

සුමේරියානු ශිෂ්ටාචාරය තුළ දක්නට ඇති ඉපැරණි රූප සටහන් අතර අප සෞරග්‍රහ මණ්ඩලය තුළ ග්‍රහයින් දොළොස් දෙනෙකු සිටින බව සඳහන්ව ඇත. එම ග්‍රහලෝක දොළස අතර සූර්යයා හා චන්ද්‍රයා ද පවතින බව පෙනී යයි. එසේ සැලකූ විටද නුතන තාරකා විද්‍යාව විසින් අපට කියා දුන් සෞරග්‍රහ මණ්ඩලය තුළ දක්නට ඇත්තේ ගහලෝක එකොළොසකි.

එසේනම් දොළොස් වන ග්‍රහලෝකය කුමක්ද ?

වර්තමානයේ විද්‍යාව ක්‍රමයෙන් දියුණු වෙත්ම  මිනිස් ජීවයක් පවතී යැයි සැකකරන ග්‍රහලෝකයක් පිළිබඳ තොරතුරු හෙළිවෙමින් පවතියි. නාසා ආයතනය විසින් වර්තමානයේ සොයාගත් මෙමග්‍රහලෝකය සුමේරියානු ශිෂ්ටාචාරයේ බිත්ති මත නිර්මාණය වනුයේ අවම වසර 4000කට ආසන්න කාලයේදීය. එයට පෙර වුවහොත් මිස එයට පසු විය නොහැකිය.

එය නම් අන් කිසිවක් නොව ිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිි නිබිරු නම් ග්‍රහලෝකයයි. අතීත සිස්ටාචාර යන්ට අනුව nibiru ලෝකය යනු පෘථිවිය මතට දෙවියන් පැමිණි ග්‍රහලෝකයයි. වසර දෙලක්ෂ පනස් දහසකට පෙර සිට පෘථිවිය මතට නිබිරු ලෝකයේ සිට පැමිණි ජීවීන්ගේ තීරණාත්මක බලපෑමක් අත්විඳින්නට සිදු වුණි. නිබිරු ලෝකය ද ඇන්ඩ්‍රොමීඩා පද්ධතියටම අයත් ග්‍රහ ලෝකයකි.

නිබිරු ලෝක ජීවීන් ිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිි විශ්ව ගවේශණය තුල බලාපොරොත්තු වන ප්‍රධාන කරුණ වනුයේ රන් ගවේෂණය යි. පෘථිවිය නිර්මාණය කිරීමේදී මූලික අපේක්ෂාව බවට පත්ව ඇත්තේ ොබාවික ක්‍රියාවලිය තුළ ලෝහ වර්ග නිෂ්පාදනය කිරීමයි. මේවා අතර රන් ප්‍රධාන ලෝහයක් විය.

ඔරායන් පද්ධතියේ සිට පැමිණි කුහුඹු ජීවීන් යොදවා ගනිමින් එකල පෘථිවිය මත නව ජීවී කාණ්ඩයක් නිර්මාණය කරනු ලැබුවේ රන් කැනීම උදෙසාය. හෝමෝ ඉරෙක්ටස් මානවයා බිහි කරනු ලැබුවේ ඒ උදෙසාය. වසර දහස් ගණනක් මෙම ජීවීන් දාසයන් හා සමානව ඔරායන් හි සිට පැමිණි ජීවීන්ට හා නිබිරු සිට පැමිණි  ජීවීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරන්නට විය.

අනුනාකිවරුන් යනු නිබිරුවරු විසින් හෝමෝ ඉරෙක්ටස් මානවයින් පාලනය කිරීම උදෙසා පෘථිවිය තුළ පත් කරන ලද නියෝජිතයන්ය.

එහෙත් හෝමෝ ඉරෙක්ටස් මානවයා පරිසරයට අනුවර්තනය වෙමින් ජානමය වර්ධනයකට ලක් වීම හේතුවෙන් තමන්ව පාලනය කල පිටසක්වළ ජීවීන්ට එරෙහිව නැගී සිටින්නට විය.

එහි අවසන් ප්‍රතිඵලය වූයේ පෘථිවි වාසී හෝමෝ ඉරෙක්ටස් ප්‍රාථමික සත්වයින් සමූල ඝාතනය කර නව ජීවී කාණ්ඩයක් බිහි කල යුතුයැයි නිබිරු ජීවින් තීරණය කිරීමයි.

ඔරායන් තරු පන්තියේ සිට කුහුඹු ජීවීන් සමග පෘථිවියට පැමිණ සිටී අනුනාකිවරු අතරින් යම් පිරිසක් මෙම මහා සමූල ඝාතනයට එකඟ වූයේ නැත. එනමුත් ඇන්ඩ්‍රොමීඩා කවුන්සලය තුළ අනුනාකි වරුන්ට ඉහළින් නිබිරුවාසින් තීරණ ගන්නා පිරිසක් වීම හේතුවෙන් අනුනාකි වරුන්ට එයට සම්පූර්ණ විරුද්ධ වීමේ හැකියාවක් නොවිණි.

කෙසේ වෙතත් නොදියුණු සත්ත්ව කාණ්ඩයක් වූ හෝමෝ ඉරෙක්ටස් ජීවීන් පෘථිවිය මතින් ඉවත් කර දමන්නට නිබිරු ජීවින් කටයුතු කළේය.

මේ සිදුවීමෙන් පසු අනුනාකි වරු අතර සිටි ජාන විද්‍යාඥයකු සේ සලකන එන්කි විසින් හෝමෝ ඉරෙක්ටස් ජාන හා අනුනාකිවරුන්ගේ ජාන මිශ්‍රකරමින් දෙමුහුන් ජීවියෙකු බිහි කරනු ලැබුණි. හෝමෝ සේපියන් මානවයා බිහි වන්නේ ඒ අයුරිනි. හෝමෝසේපියන් මානවයා  බුද්ධිමත් මිනිසාගේ ආරම්භය ලෙස නූතන විද්‍ර‌්‍යව විසින් පිළි ගනු ලැබුවද enki විසින් මෙම මානවයා නිර්මාණය කරනු ලබන්නේ ද පිටසක්වළ ජීවීන්ගේ යටත්වැසි පිරිසක් ලෙස ම ය.

මෙසේ බිහි කරන ලද හෝමෝසේපියන් නම් දෙමුහුන් ජීවී කාණ්ඩය දෙමුහුන් කිරීම තුළම මුල් ජීවි පිරිස තුළ ්‍රජනනය තුළින් ජීවීන් බිහි කිරීම නොපැවති බව කියනු ලබයි. එබැවින් දෙවැනි ජානමය වෙනස්කම් සිදුකිරීමට enki ට සිදු විය. එම ජානමය වෙනස්කම් හරහා ලෝකය පුරා හෝමෝ සේපියන් මානව වර්ගය වේගයෙන් ව්‍යාප්ත වන්නට විය.

අනුනාකි වරුන්ගේ ජාන මිශ්‍ර කරමින් නිර්මාණය කරනු ලැබූ නව මානවයා නොසිතන වේගයෙන් පරිණාමය වන ජීවියෙකු විය. එය අනුනාකිවරු න් පවා විශ්වාස නොකරන ලද පරිණාමයකි. එසේම එම ජීවියාගේ ප්‍රජනන ශක්තිය බලාපොරොත්තු නොවූ ආකාරයෙන් වේගවත් විය. මෙම තත්ත්වයන් හේතුවෙන් අනුනාකි වරුන් තම ලිංගික අවශ්‍යතාවයන් උදෙසා තමන් නිෂ්පාදනය කළ හෝමෝසේපියන් කාන්තාවන් යොදා ගන්නා තැනට එම පරිණාමය වේගවත් වුණි.

එහි පසු ප්‍රතිඵලය වූයේ හෝමෝ සේපියන් පාලක පන්තියක් පෘථිවිය තුළ බිහි වීමයි. මෙම වේගවත් ප්‍රජනන ක්‍රියාවලිය හේතුවෙන්නු නුනාකි නගර හා අනුනාකි ඛනිජ සම්පත් එකතු කරන මධ්‍යස්ථාන වල හෝමෝසේපියන් ඝනත්වය ඉහළ ගියේය. එබැවින් එම ජනතාව නගරවලින් පිටුවහල් කරන්නට සිදුවිය.

ලෝකය පුරා හෝමෝ සේපියන් මානවයා ව්‍යාප්ත වන්නේ මේ අනුවය. අනුනාකි වරුන්ට අනුව ලෝකය පුරා හෝමෝ සේපියන් මානවයා පූර්ණ ලෙසින් ව්‍යාප්ත වන්නේ අදින් වසර 12,000 කට පමණ පෙර යුගයේදී ය. මෙම හෝමෝ සේපියන් මානවයා නිර්මාණය කිරීමත් සමඟ නිබිරු ජීවින් පෘථිවි පාලනය සම්පූර්ණයෙන්ම අනුනාකිවරු අතට භාර දී පෘථිවියෙන් නික්ම ගිය බව කියැවෙයි.

එසේ වුවත් වසර 12,000 කට පමණ පෙර යළි වතාවක් නිබිරු ලෝකය පෘථිවිය හා ආසන්න වීමට දැරූ උත්සාහයක් තුළ මහා ජල ගැල්මක් ඇති වූ බවත් එම ජලගැල්මෙන් බොහෝ හෝමෝසේපියන් මානවයින් විනාශ වී ගිය බවත් කියවේ. අනුනාකිවරු විසින් තමන් නිපදවන ලද මෙම ජීවීන් රැක ගැනීම උදෙසා දැඩි වෙහෙසක් දරමින් කටයුතු කළ බව කියැවේ.

මා පෙර ලිපියේ සඳහන් කළ කුහුඹු ජීවීන් හෝපි ජනතාව කඳු මුදුන්වල ගුහා වෙත රැගෙන යන්නේ ඒ අනුවය. ලෝකයේ බොහෝ ශිෂ්ඨාචාරයන් තුල ගිලී යන හෝමෝ සේපියන් මානව යෙකු enki විසින් ඔසවා ගනු ලබන රූප දැක ගත හැකි වේ. එයින් සංකේතවත් කරන්නේ හෝමෝ සේපියන් මානවයා බේරා ගැනීමට දරන උත්සාහයයි.

ලංකාවේ මේ යුගයට අයත් යම් බිතුසිතුවම් තුල  මත්ස්‍ය පිරිසක් සමග පිහිනන මිනිසකුගෙන් සංකේතවත් කරනු ලැබුවේ මෙම ගලවා ගැනීමයි.

මේ පිළිබඳ මගේ නිර්වචනය තරමක් වෙනස්ය.

වෛදික යුගය හා මෙය සම්බන්ධ කරමින් විෂ්ණු දෙවියන්ගේ මත්ස්‍ය අවතාරය තුළින්ද කියා පෑමට උත්සාහ දරනු ලැබුවේ ද මෙයමයි.

මත්ස්‍ය අවතාරය තුළින් නිවේදනය කරනු ලබන්නේ මහ ජල ගැල්මට හසුව ගිලී යන වේද ග්‍රන්ථ යළි රැගෙන ඒම පිණිස විෂ්ණු දෙවියන් මත්ස්‍ය සුව රූපයක් මවාගෙන ජලයේ පතුලට ගොස් යළි ඒවා රැගෙන උඩට එනු ලබන බවයි.

මෙමගින් සංකේතවත් කරන්නට උත්සහ දරන්නේ හෝමෝ ඉරෙක්ටස් මානවයා විනාස කර දැමූ පසු වර්ධනය වෙමින් පැවති බුද්ධිය enki විසින් යළි හෝමෝසේපියන් හරහා ඉහලට ඔසවා ගැනීම විය හැකිය. බුද්ධිමත් ජීවියකු බිහි වූයේ එලෙසිනි.

දීක්ෂා ගුරු

කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close