Arrival of Alien

පිටසක්වලයින් පැරුන්නන්ට කියාදුන් බලගල් තාක්ෂණය

ලෝකයේ බොහෝ රට වල ගල් කදු මත විශ්මය ජනක අයුරුන් සමබරව පවත්නා ගල් කුලවල් දක්නට ඇත . මේවා අතර ස්වාභාවික ලෙසින් පිහිටන්නට ඇතැයි සිතිය හැකි තැන් මෙන්ම පැහැසිලිවම මිනිසා විස්න් නිර්මාණය කරන්නට ඇතැයි සිතිය හැකි තැන්ද වෙයි.
ලංකාවේ බොහෝ කදු මදුන් වල මෙවන් ආකාරයේ සමබරව පවතින්නා වු විශාල ගල් කුළු දැකගත හැකි වෙයි. ඇත්තෙන්ම මෙවා මොනවාද ? මාගේ දැක්මට අනුවනම් මේවා ඉපැරණි බලගල් ලෙෂ හැදින්වු ශක්ති ගබඩාවන්ය. ශක්ති ගබඩා යනු යම් තාක්ෂණික ක‍්‍රීයාවලියක් උදෙසා උපයෝගිකරගත හැකි යම් බලයක් පරිසරය තුළින් උකහාගෙන එවා ගබඩා කර තබා ගත හැකි තැන්ය.

වර්ථමානයේ අපි විදුලිය කියා කියන්නේ එසේ පරිසරයෙන් උකහා ගනු ලබන ශක්ති විශේෂයකි. මෙලෙසින්ම පෘතුවිය ජනාවාස කල ඇල්නීලම් වාසීන් තම ක‍්‍රීයාවන් උදෙසා අවශ්‍ය ශක්තීන් සුර්යයා වෙතින් පෘතුවි භ‍්‍රමණයත් සමග වායුගෝලයේ ඇතිවන කම්පන ධාරාවන්ගෙන් උකහා ගැනීමේ ක‍්‍රමවේදයක් නිර්මාණය කලේය. මේසේ උකහා ගනු ලබන ශක්තිය ගබඩා කරණු ලැබුවේ මිනිස් වාසයෙන් ඉතා ඉහලින් පිහිටි මෙම ගල් මතය. ඒම ගල් හා පොලව අතර සබදතාවය ඉතා අවම වන ලෙස සකස් කර ඉහලින් ඇති ගලේ සමස්ථ ගුරුත්වය එක් තැනක් මතට මුදාහැරීමට සැලැස්වුණි. මෙසේ ඇතිවන ගුරුත්ව බලයට කෘතිමව ඇතිකරන ප‍්‍රථිගුරුත්ව බලයක් තුළින් ශක්තිය ඒ තුළම තෙරපෙමින් පැවතීම සිදුවෙයි.

විශේෂයෙන්ම මෙම බලගල් වලින් ඉහල අහසේ ගමන් කරන යානා වලට ශක්තිය උරාගැනීමේ හැකියාවක් පවතියි. වසර 13000 පැරණි බ්ලැක් නයිට් චන්ද්‍රිකාව තවමත් සක‍්‍රීයව පවතින්නේ පෘතුවිය වටා විවිධ රටවල ඇති සක‍්‍රීය මට්ටමේ බලගල් වලින් උරාගන්නා ශක්තිය තුළිණි.

බල ගල් මගින් යානා ආරෝපණය වන ආකාරය පිළිබද පැහැදිලි රූප සටහනක් පිරමීඩ සිතුවම් අතර දක්නට ඇත. මෙම මෙම රූපසටහනට අනුව තරංග ගමන් කරන ආකාරය හොඳින් විශ්ලේෂණය කරොත් තරංග වර්ගය කුමක්ද කියන එක අවබෝධ කරගන්න පුළුවන්.

සාමාන්‍යයෙන් අප දන්නවා තරංගයක් ගමන් කරන්නේ මුහුදු රැල්ල ආකාරයට කියලා නමුත් මෙය තියෙන්නේ එහෙම නෙවෙයි. එහෙනම් මෙම තරංග විශේෂිත ආකාරයකට ගමන් කරන දෙයක්….

සමාන චුම්බක ක්ෂේත්‍ර නියාය මගින එහි ප්‍රබලතාව මත ප්‍රතිවිරුද්ධ ගුරුත්ව බලයක් නිර්මානය කල හැකියි . එ නම් මෙහි ඇත්තේ චුම්භක බලය ගමන් කරන ආකාරයයි.

අපි බලශක්ති කියන වචනය ඇතුලේ හිතන්නේ විදුලිය තෙල් වගේ දේවල් පිළිබඳව පමණයි. ඒ නිසයි එදා මම කිව්වේ අපි දකින පරාසයෙන් ඔබ්බෙහි බලශක්ති වර්ග තියෙන්න පුළුවන් කියලා… චුම්බක බලය කියන එක අලුත් දෙයක් නෙවෙයි නමුත් එය යම් තැනක ඉඳන් තවත් තැනකට ගමන් කරවීම හරහා එය භාවිතා කිරීම කියන්නේ නම් ටිකක් හිතන්න ඕනේ සංකල්පයක්… කොහොම වුණත් මතක තියාගන්න ඕන එක දෙයක් තියෙනවා අපේ සමස්ත පෘථිවිය ගොඩනැගිල තියෙන්නෙ මේ චුම්භක බලය මත කියන එක….

පසුගිය කාලය තුළ ලොව පුරා සිදුකෙරුණු පුරාවිද්‍යාත්මක සොයාගැනීම් සමගම මා මේ කියු කරුණ සත්‍යයක් සේ පිලිගන්නට පරිසරයක් නිර්මාණය වෙමින් පවතී. ඩැන්ඩෝරා දෙවොල යනු ඊජිප්තුවේ පිහිටා ඇති භූගත දෙවොලකි. මරණයේ දෙවොල ලෙසද හැඳින්වෙන මෙම භූගත දෙවොලට පිවිසීමට ඇත්තේ ඉතා පටු මාර්ගයන්ය. එසේම ඇසට ඇඟිල්ලෙන් ඇන්නද නොපෙනෙන තරමේ අඳුරක් ඒ තුළ ඇත. එහෙත් ඒ දෙවොලේ බිත්තිවල පාරාවෝ පිරමීඩ තුළ දැකගත හැකි ආකාරයේ අලංකාර රූප සටහන් දැකගත හැකි වෙයි. අන්ධකාර දෙවොලක් පැවැතිය නොහැකිය. එසේම අන්ධකාර දෙවොලක් තුළ රූප සටහන් නිර්මාණය කිරීමද කළ නොහැකිය. එසේ නම් මෙම දෙවොල ආලෝකවත් කෙරුණේ කෙසේද? ඒ සඳහා පර්යේෂකයන්ගෙන් ප‍්‍රථමයෙන් ඉදිරිපත් වූ තර්කය වූයේ පන්දම් හෝ ගිනි දැල්වීමේ යම් ක‍්‍රමවේදයක් හරහා මෙය ආලෝකවත් වන්නට ඇති බවය.

එහෙත් පර්යේෂකයෝ එකහෙළාම ඒ තර්කය ප‍්‍රතික්ෂේප කළේය. එයට බලපෑ හේතුව වූයේ දෙවොල තුළ පන්දම් හෝ ගිනි දැල්වීම් සිදු වූ බවට කිසිදු සාධකයක් නොමැති වීමය. එසේම එතුළ පවතින ඔක්සිජන් ප‍්‍රමාණය දිගින් දිගට ගිනි දැල්වීම උදෙසා ප‍්‍රමාණවත් නොවීමයි. ඉන්පසු වෙනත් තර්කයක් ඉදිරිපත් වුණි. ඒ ඔප දැමූ තඹ තැටි උපයෝගී කර ගනිමින් පොළොව මතුපිට සිට භූගත දෙවොල තුළට ආලෝකය රැුගෙන යන්නට ඇති බවය. එහෙත් ඒ තර්කයද බිඳ වැටුණි. එතරම් දුරක් ආලෝකය අඩු නොවී රැුගෙන යා නොහැකි විය.

සියලූ මතවාදයන් බිඳ දමමින් ඩැන්ඩෝරා දෙවොල තුළින්ම පිරමීඩ ආලෝක කළ ආකාරය පිළිබඳ රූපසටහන් සොයාගැනීමට පර්යේෂකයන්ට හැකි වීමත් සමග අදින් වසර 3000කට පමණ පෙර පැවැති විදුලි බල්බයන් පිළිබඳ තොරතුරු හෙළි කරගත හැකි විය.

එම රූපය බැලූ බැල්මට පෙනෙන්නේද විශාල විදුලි බුබුළක් අතින් ගත් පුද්ගලයකුවය. පුරාවිද්‍යාඥයන් පවසන පරිදි මෙම දෙවොල ප‍්‍රධාන පූජකයන්ට පමණක් සීමා වූ රහස් දෙවොලකි. එනම් මේ තුළ සැඟව තිබූ රහස්ද පැවතිය යුතුය. පර්යේෂකයන්ගේ අදහස වනුයේ පුරාණ ඊජිප්තුව ආලෝකවත් කළ ප‍්‍රභවයේ රහස සැඟ වී තිබුණේ මෙම දෙවොල තුළ විය යුතු බවය.

මෙම බල්බයක් අතින් ගත් මිනිසාගේ රූපයේ කොටස්වලින් විදුලියෙන් ආලෝකය නිපදවීමේ ක‍්‍රමවේදයම නිරූපණය වෙයි. බල්බයක වටේ ආවරණය, ඒ මැද ඇති දැල්වෙන සූත‍්‍රිකාව, බල්බයේ සොකට්ටුව, බල්බයට විදුලිය සැපයෙන වයරය මෙන්ම බල්බය දැල්වීමට උපයෝගි කර ගනු ලබන විදුලි ගබඩාව (බැටරිය*ද මෙම රූපය තුළ පැහැදිලිවම දැකගත හැකි වෙයි. බැටරිය හා බල්බය අතර ඇ`ද ඇති වායු දේවතාවාගේ රූපය තුළින් විදුලි ප‍්‍රභවය හා බල්බය අතර පරතරයක් පවතින බව අදහස් කර ඇත.

ඉරාකයෙන් හමු වූ බැග්ඩෑඞ් බැටරිය නැතහොත් පාතියන් බැටරිය මෙන්ම ඩැන්ඩෝරා බල්බයද පිටසක්වළයන් පෘථිවිය ජනාවාස කිරීමේදී ඔවුන් සතුව පැවැති තාක්ෂණය හරහා අපට උරුම වූ බවට පිටසක්වළ ජීවීන්ගේ ක‍්‍රියාකාරකම් පර්යේෂණය කරන්නන්ගේ අදහසයි. එයට ඔවුන් මතු කරන සාධාරණ තර්කයක්ද ඇත. වර්තමාන දියුණු තාක්ෂණය තුළදීත් සිදුකළ නොහැකි ආකාරයේ ඉතා විස්මිත නිර්මාණයන් මෙන්ම මෙවන් තාක්ෂණික උපකරණ නිර්මාණය වීමට දියුණු ජීවීන් විශේෂයක් අනිවාර්යයෙන්ම එම ශිෂ්ටාචාර හා ගනුදෙනු කර තිබිය යුතුය යන්නය.

මෙම රූප සටහන තුළම ශක්තිය නිපදවනු ලබන ආකාර දෙකම පිලිබද තොරතුරු දක්නට ඇත . පලමු වැන්න බල ගල් තුළට උරා ගන්නා ශක්තියයි. දෙවැන්න කම්පන තරංග ග‍්‍රාහකය තුළින් උපදින ශක්තියයි.

බල ගල් නැතහොත් පරිසරයෙන් උකහා ගත් ශක්තිය ගබඩා කර ඇති ස්ථානය මෙම රූපය තුළ සංකේතවත් කර ඇත්තේ එකමත එක තබන ලද ගල් දෙකකිණි. විදුලි පන්දමකට යොදන බැටරි දෙකක් එක මත එක තබා වයර් කැබලි දෙකකින් විදුලිය ලබා ගන්නා ආකාරය ඔබ දැක ඇත.

( මෙය ලෝකයටම අලූත් හෙලි දරව්වක් වනු ඇත * කම්පන තරංග ග‍්‍රාහකය තුළින් උපදින ශක්තිය සංකේතවත් කර ඇත්තේ කුළුණ තුළිණි . එය නුතන කම්පන ඇතිකරන කුඩා උපකරණයක පෙනුමට සමානය .

එක මත එක තබන ලද ගල් යනු වෙනකක් නොව ලොවපුරා ඇති මා පෙර සදහන් කල ගල් කුලවල්ය. අප දන්නා ශක්තිය විදුලිය තාපය පරමානුක හෝ න්‍යෂ්ටික බලයන්ය . ලෝකයක් නිර්මාණය කරන්නට සමත් දියුණු ඇල්නිලම් වාසින්ට එයට එහා ගිය ක‍්‍රමවේදයන් පවතින්නට ඇත . අප එය දන්නා වචනයෙන් විදුලිය කියා කිව්වද වඩා සුදුසු වන්නේ ශක්ති ප‍්‍රබවයක් කියා හැදින්වීමමය . මක්නිසාද යත් අප විදුලිය අපේ අවශ්‍යතා මත විවිධ ස්වරූපයන්ගෙන් භාවිතා කරති . බලගල් තුළ ගබඩා වන ශක්තියද එසේමය .

නුතන විද්‍යාවට තවමත් අවබෝධ කරගත නොහැකි බොහෝ දේ මේ පෘතුවිය තුළ පවතී .

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close