Arrival of Alien

old empire අධිරාජ්‍ය සංකේතය වු ස්වස්ථිකය

ස්යවස්ථිකය පිළිබඳව විවිධ මතවාදයන් ලොව පුරා පවතී. ලෝකයේ පැරණි ශිෂ්ටාචාර සියල්ලම තුළ විවිධ වෙනස්කම් වලට ලක් වූ ස්වස්තික දක්නට ඇත.

පසුකාලීන ලෝකයේ හිට්ලර්ගේ සලකුණ ස්වස්තිකයක් වීමත් සමගම දක්ෂිණාවර්ත හා වාමාවර්ත ලෙසින්ද සුවස්තිකය විග්‍රහ කරන්නට විය.

යම් අයගේ මතයක් වනුයේ හිට්ලර්ගේ සංකේතය මගින් විනාශය හඟවන බවත් අනෙක් ස්වස්තිකය මගින් ආදරය රැකවරණය ගැන අදහස් කෙරෙන බවත් ය.

සෑම ආගමික සම්ප්‍රදායන් තුළම ස්වස්තිකය පැවතීම තුල මෙහි විශේෂත්වයක් පවතීය යන්න අමුතුවෙන් කිව යුතු නැත.

සුවස්තිකය පිළිබඳ බොහෝ අර්ථකථනයන් පැවතිය ද එහි ආරම්භය පිළිබඳ තවමත් නිශ්චිත සාධකයක් නැත.

ස්වස්තිකය වු කලී old empire නැතහොත් පිටසක්වලයින්ගේ පැරණි අධිරාජ්‍ය හා සම්බන්ධ වුවකි. old empire පිටසක්වලයින්ගේ මව් තාරකා පද්ධතිය big dipper තාරකා පද්ධතියයි.

මෙම තාරකා පද්ධතියේ වලිගය වැනි කොටසේ ඇති ග්‍රහලෝක වල මෙම උරග ජීවී කාණ්ඩය

න් ජීවත්වන බව පිළිගනී.

උතුරු තරුව ලෙස හැඳින්වෙන polaris මංංං නම් තාරකාව මැදි කරගත්ව big dipper තාරකා පද්ධතිය එකෙක් පරාසයන් වල සිට වසර පුරා දිස්වන ආකාරය අනුව ස්වස්තිකය නිර්මාණය වී ඇත.

old empire පිටසක්වලයින් තමන් මේ විශ්වයේ සිටින එකම පාලකයාය යන මතය ක්‍රියාත්මක කරවීම උදෙසා සියළු ලෝක ඉතා සියුම් ආකාරයෙන් ග්‍රහණයට නතු කරගැනීම සිදු කරමින් පවතින බැවින් මෙම සංකේතය ඔහු නිර්මාණය කරනු ලබන්නේ සමස්ත විශ්වයේම පාලනය තමන් අත ඇති බව දක්වා ලීම උදෙසාය.

හිට්ලර් විසින් මෙම සංකේතය භාවිතා කිරීම තුළ ද මෙම මතය ම පවතී. ලෝකයම පාලනය කළ යුත්තේ නාසීන්ය යන්න ඔහුගේ මතය විය. ඔහු ඒ සඳහා ගාතන යන්ත්‍රයක් ක්‍රියා කරවීය.
බ්‍රිතාන්‍ය ගොවිපලක 2016 වසරේදී මෑතකදී ස්වස්තික හැඩයේ දැවැන්ත බෝග කවයක් අභිරහස් ලෙස දර්ශනය වූ බව එක්සත් රාජධානියේ පුවත්පත් වල වාර්තා කළේය.

පැරණි සෑම ශිෂ්ඨචාරයක් තුළම මෙම ස්වස්තික සංකේතය පැවතීම තුළ අපට තේරුම් ගන්නට හැකි කාරණාව වනුයේ මුල්කාලීන වෙනත් පිටසක්වල පරිපාලන රටාවන් තුළ පැවති ශිෂ්ටාචාරයන් ඉතා සියුම් ආකාරයෙන් old empire ග්‍රහණයට ගෙන ඇති බවයි.

පසුකාලීනව සංස්කෘත භාෂාවෙන් සු + අස්ථි යන්න යන්න සන්ධි වීමෙන් ස්වස්තික යන්න නිර්මාණය වූ බව කියති. එහි තේරුම ” යහපත් වීම ” යන්නයි.

පෘථිවි ශිෂ්ඨාචාරයන් තුළින් දැනට හමු ව ඇති ඉපැරණිම ස්වස්තිකය පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක වලට ක්‍රිස්තු පූර්ව 12000 පමණ ඈතට දිව යයි. මෙය ඉතා දිගු කාලයකි.

Domain Expeditionary Force යනු old empire නැතහොත් පැරණි අධිරාජ්‍යයට එරෙහිව සටන් වදින ඒකාබද්ධ සංවිධානයක් බව මා Grey ET පිළිබඳ ලියූ ලිපියේ සඳහන් කර ඇත. අපගේ මන්දාකිණියට මොහුන් පිවිසෙන්නේ වසර දහ දාහකට පමණ පෙරදීය. ඒ වන විට පෘථිවිය තුළ old empire ජීවි කාණ්ඩයන් සිටි බවට සාධක ලෙසින් මෙම ස්වස්තික සංකේතයන් හඳුනාගත හැකි වෙයි.

දීක්ෂා ගුරු

කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close