Arrival of Alien

බෝල්ටික් මුහුදෙන් හමුවුයේ කාල යන්ත්‍රයක් ද ?

බෝල්ටික් මුහුදෙන් හමු වූ අද්භූත ඉදිකිරීම ලෝකයට අලුත් දෙයක් නොවේ. එම අද්භූත ඉදිකිරීම පිළිබඳ මූලික තොරතුරු සමාජගත වන්නේ වසර අටකට නවයකට පමණ පෙරදීය.

ලෝකයේ පුරාවස්තු බොහොමයක් සොයාගනු ලබන්නේ අලෙවි කිරීම උදෙසා පුරාවස්තු සොයා යන්නන් විසිනි.

බෝල්ටික් මුහුදෙන් හමුවු මෙම අද්භූත හැඩැති ඉදිකිරීම සොයාගනු ලබන්නේ ද පිටර් ලින්බර්ග් ප්‍රමුඛ ඔර්ෂන් එක්ස් නම් සමුදුර ගවේෂණය කරමින් ගිලීගිය නැවු හි පුරාවස්තු සොයන පිරිසකටය.

මුහුදු පත්ලේ ගිලී ඇති නැව් සොයා බැලීම සඳහා භාවිතා කරනු ලබන සෝනාර් යන්ත්‍රයකට මුහුදුපත්ලේ ඇති අමුතු හැඩයක් පිළිබඳ මුල්ම ඉඟි ලැබීමත් සමග ඔහුන්ගේ කිමිදුම් කණ්ඩායම් විසින් මෙම අද්භූත හැඩති ඉදිකිරීම කුමක් දැයි සොයා බැලීම සඳහා මුහුදු පත්ලට කිමිදුණි.

ඔහුනට දක්නට ලැබුණේ ඔවුන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ දෙයකි. කුමක් යි කියා සිතාගත නොහැකි වූ මහා සංකීර්ණ හැඩතල සමූහයකින් යුත් මුහුදු පතුලක් කිමිදුම්කරුවන් ඉදිරියේ දක්නට ලැබුණි. ඒය කිසිසේත්ම ස්වාභාවික නොවන ඉදිකිරීමක් බව තේරුම් ගන්නට පර්යේෂණ කරන්නට ඔවුනට අවශ්‍ය නොවූයේ එතරම්ම එම ඉදිකිරීම් පැහැදිලි ව පැවති හෙයිනි.

මෙම අද්භූත හැඩතලයෙන් කොටසක් රැගෙන ඒමට එම කණ්ඩායමට හැකි වූ අතර එය පරීක්ෂාකර බැලීමේදියි එහි limonite හා goethite යන ලෝහ වර්ග දෙක අඩංගු බව හඳුනාගත හැකිවිය.

ගැටලුව තවත් තීව්‍ර වූයේ ඉන් පසුවය. එයට හේතුව මෙම ලෝහ වර්ග දෙක කිසිසේත්ම ස්වභාවික පරිසරය තුළ ඉබේ නිර්මාණය නොවීමයි.

මෙය කඩා වැටුනු පිටසක්වල යානයක් ද යන්න පිලිබද යම් කුතුහලයක් තුළ ඇති වන්නට මෙම ලෝහ වර්ග හේතු විය.

මෙම කුතුහලය තවත් වර්ධනය වන්නට හේතුවක් වූයේ මෙම ඉදිකිරීමට ඉහළින් ැති ප්‍රදේශය තුළ චන්ද්‍රිකා දුරකතන හා ඉලෙක්ට්‍රෝනික උපකරණ අක්‍රිය වීමයි. මෙම ඉදිකිරීමට ඉහළින් ප්‍රදේශයේ ගුරුත්ව බලයෙහි අඩුවක් පවතින බවද පර්යේෂකයන් සොයා ගත්තේය.

වසර නමයක් පැරණි මෙම සොයාගැනීම යළි කරළියට එන්නට හේතු වූයේ එම ඉදිකිරීම අසලින්ම සොයාගත් කුඩා උපකරණයක් පිළිබඳ කතාබහක් ඇති වීමයි. එය අත්ල මත තැබිය හැකි කුඩා උපකරණයකි.

එය තනා ඇත්තේ ද පෘථිවිය මත නොමැති ඛනිජමය ලෝහ වර්ගයකින් බව පර්යේෂකයන්ගේ අදහසයි.

එම උපකරණය අත්ල මත තබා ගත් විට එම ප්‍රදේශයේ ගුරුත්ව බලය අඩුවන අතර එමගින් ගුරුත්ව බලය පාලනය කිරීමක් සිදුවේ.

එසේම මෙම උපකරණය මගින් යම් විශේෂිත ශක්තියක් ප්‍රභවය වන අතර එය කුමක්දැයි යන්න පිළිබඳ තවමත් මූලික අවබෝධයක් ලබාගැනීමට පර්යේෂකයන්ට හැකි වී නැත.

මෙම වස්තුවේ කාලනිර්ණය වසර 144000 දක්වා ඈතට දිව යාම හේතුවෙන් මෙය කිසිසේත්ම පෘථිවිය තුළ කළ නිර්මාණයකයි සිතීම ප්‍රායෝගික නොවන බව බහුතරයේ අදහසයි.

මෙම උපකරණය පිළිබඳව තවමත් වැඩි තොරතුරු සමාජ ගත කොට නැත.

එහෙත් මෙම උපකරණය සොබාවය දෙස හොඳින් අවධානය යොමු කරන්නේ නම් අනුනාකිවරු අත පැළඳ ඇති අත් පටියේ පෙනුම මේ හා සමාන වන බව පෙනී යයි.

එසේ නම් අපට සිතීමට ඇති කාරණාව වනුයේ මෙය කිසියම් සූක්ෂම කාරණාවක් උදෙසා භාවිතා වන උපකරණයක් විය යුතුය යන්නය.

මා වසර ගණනාවකට පෙර කියූ ංශු විභේදනය හරහා මිනිස් සිරුරු ගමන් කරවීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරවීමේ උපකරණයක් ලෙස මෙය භාවිතා වූවා ද යන්න ඉදිරි කාලේ තේරුම් ගැනීමට අපට හැකිවනු ඇත.

 

 

දීක්ෂා ගුරු

කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close