Arrival of Alien

වසර 4500 පැරණි ලොව පැරණිතම ග්‍රහලෝකාගාරය

විශ්වය නිරීක්ෂණය හෝ ග්‍රහලෝක නිරීක්ෂණය නූතන විද්‍යාවේ කොටසක් ලෙස බොහෝ අය සිතති. ග්‍රහලෝක නිරීක්ෂණය හා තාරකා නිරීක්ෂණය පිළිබඳ සාක්ෂි හා සාධක බොහෝ ඈත ඉතිහාසයක් දක්වා දිව යයි. එම සාධක අතර ජ්‍යෙතිෂමය හා නක්ශාස්ත්‍රමය සිද්ධාන්ත උදෙසාද මෙම ග්‍රහ තරු පදනම්ව ඇති බව පෙනී යන්නකි.

ලෝකයේ පැරණි ශිෂ්ඨාචාර හත තුළම සුර්ය සිද්ධාන්තයන් හා චන්ද්‍ර නියමයන් පදනම් කරගනිමින් ඉතා දියුණු අයුරින් සොබාදහම හා කටයුතු කළ බව පෙනී යන්නකි.

ඉතිහාසය තුළ ඒ විෂයන් පදනම් කරගනිමින් ග්‍රහ තරු නිරීක්ෂණයේ වැදගත්කම හා අවශ්‍යතාවය දක්වා තිබුණද එය විද්‍යාත්මක පදනමකින් ඔප්පු කළ හැකි සාධකයක් පැවතියේ නැත.

වසර කිහිපයකට පෙර පුරාතන පේරු ශිෂ්ටාචාරයට අයත් ඇන්ඩීස් කඳු වැටියට බටහිරින් පිහිටි ලෝකයේ වියළිම කාන්තාර වලින් එකක් සේ සැලකෙන ප්‍රදේශයේ කරන ලද කැණීම් මගින් ලෝකයටම සුවිශේෂී සොයාගැනීමක් කරගත හැකි විය. එය ඉන්කාවරුන්ගෙ ශිෂ්ටාචාර දක්වාම දිව යන ඉතිහාසයක් සහිත චන්කිලෝ පුරාවිද්‍යාත්මක ස්මාරක සංකීර්ණයයි.

එය හුදෙක් ගොඩනැගිලි සංකීර්ණයක් පමණක් නොවේ. මිනිස් වාසයකට නුසුදුසු කාන්තාර ප්‍රදේශයක් තුළ ඉදිකරන ලද මෙම සුවිශේෂී ගොඩනැගිලි සංකීර්ණය නූතන ගවේෂකයින් විසින් සූර්ය සිද්ධාන්ත පදනම් කරගනිමින් ග්‍රහ තරු නිරීක්ෂණය කෙරුණු ස්ථානයක් බව සනාථ කොට ගෙන ඇත.

කෘතිම සිතිජයක් හා එයට අදාළ ඉදිකිරීම් යොදා ගනිමින් සූර්යාගේ නැගීම, සූර්යයාගේ බැසීම , සූර්යයාගේ වාර්ෂික චක්‍රයේ කාලය ගණනය කිරීම, සුර්ය සෘතු වෙනස් වීම, සූර්යයාගේ ආලෝකයේ සිදුවන වෙනස්කම් සෝයා හා බැඳුණු දිනයන්ගේ සොබාවයන් මෙමගින් නිශ්චිතවම ගණනය කෙරුණු බව පර්යේෂකයන්ගේ අදහසයි.

වසන 4500 කට එහා ශිෂ්ටාචාරයක් පැවති බවට සනාථ කරවන සාධක ෙම කාන්තාරයේ වර්ග කිලෝමීටර් හතරක පමණ භූමි ප්‍රදේශයක් පුරා පැතිර පවතී.

ගල්වලින් ඉදිකොට ඒවා කපරාරු කර ඉන්පසු වර්ණ කිහිපයකින් පින්තාරු කළ බව ඉතිරිව ඇති ගොඩනැගිලිවලින් සාක්ෂි දැක ගත හැකි වේ. එනම් ඒවා ඉතා දියුණු තාක්ෂණික නිර්මාණයන්ය.

මෙහි මධ්‍යයේ විශාල ඉලිප්සාකාර හැඩතිය ඩ නැගිල්ලක් පවතින අතර ඒ වටා ඍජුකෝණාස්‍රාකාර හැඩති ගොඩනැඟලි කිහිපයක් හා වටා කඳු පද්ධතිය පදනම් කරගනිමින් ඉදි කළ විශාල කණු 13 දැකගත හැකි වේ. එසේම ප්‍රධාන ඉලිප්සාකාර ගොඩනැගිල්ල වටා ආරක්ෂක වළලු දෙකක් ආකාරයෙන් බැමි දෙකක් පවතී. එය ගොඩනැඟල්ලේ ආරක්ෂාව උදෙසා ඉදි කරන්නට ඇතැයි සිතිය හැකිය.

මධ්‍ය ලක්ෂයේ සිට මෙම කණු අතර පරතර උපයෝගී කරගනිමින් එක් එක් මාසය තුල සූර්ය ආලෝකය පතිත වන ආකාරය අනුව සූර්යයා පෘථවි වටා ගමන් කරන චරිතය අවබෝධ කොට ගත් බවත් , එම කණු පරාසයන් ගේ පිහිටීම මත සූර්ය සෘතු බෙදීම සිදුකළ බවත් කියවේ.

මෙම ස්ථානයට සිට සිදුකරන සුර්ය නිරීක්ෂණය ආසන්නම දිනකට දෙකකට නිවරදි බව ඔහුනගේ මතයයි.

චැන්කිලෝ තාරකා විද්‍යාත්මක සංකීර්ණය යනු තාරකා විද්‍යාත්මක ඉදිකිරීමක් පිළිබඳව ඇමරිකාවේ මේන්ම ලෝකයේද පැරණිතම ස්ථානයයි. අහස නිරීක්‍ෂණය සඳහා සුදුසු ස්වාභාවික ක්ෂිතිජයක් සහිත, කෘතිම ක්ෂිතිජයක් තැනීම සහ නිරීක්ෂණ ස්ථාන සහ සලකුණු නිවැරදිව සැලසුම් කිරීම තුළින් කාලය ගණනය කිරීමට සමත් මිනිස් කොටශයක් වසර හාරදාස් පන්සියයකට පෙර සිටියා ය යන්න සිතීමට ඔබ්බට යමින් සනාථ කරන්නට හැකි වූ අවස්ථාවක් ලෙස මෙය ඉතා වැදගත් වේ.

මෙහි ඇති විශේෂම වැදගත්කම වන්නේ පුරාණ ශිෂ්ටාචාරයන් වල ඇසට දකින ආකාශ වස්තූන් නිරීක්ෂණය සම්බන්ධයෙන් බොහෝ සාධක පැවතියත් මිනිසා විසින් කෘතිමව නිපදවන ලද සාධක යොදා ගනිමින් ආකාශ වස්තු නිරීක්ෂණය කල බවට සාධක හමුවු පළමු ස්ථානය මෙය වීමයි.

පෘතුගාලය ස්කොට්ලන්තය අයර්ලන්තය තුළ දක්නට ඇති ශිලා නිර්මාණ තුළින්ද මෙම සූර්ය සිද්ධාන්තයන් හා චන්ද්‍ර සිද්ධාන්තයන් ගණනය කිරීමක් සිදු කෙරුණු බව මෙම සොයාගැනීමත් සමගම සිතන්නට පර්යේෂකයෝ නැඹුරු වෙමින් පවතී.

මෙම පුරාවිද්‍රාත්මක භූමිය තුළ දක්නට ඇති බිත්ති මත ඉතා විශාල ශිලාමය රූප සටහන් දැකගත හැකි අතර එවා බැලු බැල්මට ප්‍රාථමික ගොත්‍රයක් නිරූපණය කරණු ලබයි. මෙම රූප මගින් මිනිසුන්ව යම් නොමග යැවීමක් කිරීමට උත්සහ දරන්නට ඇතිය යන්න මාගේ මතයයි.

මෙහි ඇති යම් යම් හැඩතල මෙන්ම ප්‍රධාන කොරිඩෝවේ හැඩය මානිගල ගුහා කටේ හැඩයට සමාන වීම දැකගත හැකි දෙයකි.

 

 

 

දීක්ෂා ගුරු

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී

කාංචන ගීත මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close