පිරමීඩ යුගයෙන් ඇරඹුන චර්ම ජේදනය
චර්ම ඡේදනය පිළිබඳව ලෝකෙ විවිධ මතවාදයන් පවතී. එක් ආගමික පසුබිමක් මුල් කොට ගනිමින් චර්මඡේදනය යන වචනය සමාජ ගත වීම තුළ ය ආගමික සම්ප්‍රදායක්යැයි සිතන්නට තරම් අපගේ මනස හුරු කොට ඇත.
දරුවෙකු ඉපදී දින අටක් ගත වන විට මෙම චර්මඡේදනය සිදු කළ යුතු යැයි එක් එක් ආගමික නිකායන් තුළ දැකගත හැකි වේ.
ලෝකයේ බොහෝ දියුණු රටවල් මෙම චර්මඡේදනය මානව සංස්කෘතියට නොගැලපෙන අංගයක් සේ සලකති.
මෙම චර්මඡේදනය ඇති වන්නේ කෙලෙසද යන්න පිළිබඳ විවිධ මතවාදයන් පවතී. මැදපෙරදිග රටවල් වල සාම්ප්‍රදායික ආගමික පරිසරය තුළින් එය ඇරඹුණු බවත් මෙන්ම අප්‍රිකානු නොදියුණු ගෝත්‍රික සමාජයන් හරහා මෙය ඇති වන්නට ඇතැයි යන මතයක් ප්‍රබල ලෙස සමාජගත වී ඇත.
ඉතිහාසය දෙස හැරී බලන විට පුරාතන අප්රිකානු රටවල ඕෂනියාව තුළ මෙන්ම යුදෙව් ආගමික සම්ප්‍රදායන් තුළ හා ඉස්ලාමීය ආගමික සම්ප්‍රදායන් තුළ මෙම චර්මඡේදනය අනාදිමත් කාලයක සිට පැවත ඇති බව පෙනේ.
ඒ අනුව බලන විට පිරිමි පෞර්ෂය වර්ධනය කිරීම උදෙසාත් , එසේත් නැතිනම් යුදමය පරිසරය තුළ දඬුවම් දීම උදෙසාත් චර්මඡේදනය ඇතිවන්නට ඇතැයි යන්න මේ පිළිබඳ පර්යේෂකයන්ගේ අදහසයි.
දැනට පවතින සාධකයන් මත ඊශ්‍රායලයේ යුදෙව් සම්ප්‍රදායන් තුල දෙවියන් හා මීප වීමේ ක්‍රමවේදයක් ලෙසින් චර්මඡේදනය පැවති බව කියවේ.
එහෙත් මේ අදහස බිඳ දමන්නට හේතුවන යම් සාධක රැසක් ඊජිප්තු පිරමීඩ තුළින් හමුවේ. ඊජිප්තුවේ කොන්ස්පෙක්රොඩ් දේව මාලිගාවේ බිත්ති මත ඇඳ ඇති සිතුවම් තුළ චර්මඡේදනය සිදු කරනු ලබන ආකාරය පැහැදිලිව දැකගත හැකි වේ.
පුරාණ ඊජිප්තුවේ චර්මඡේදනය සිදුකර ඇත්තේ උතුම් පූජක පක්ෂය තුළ හා පාලක පන්තිය තුළයි. පුරාණ ඊජිප්තු චර්ම ඡේදන සම්ප්‍රදාය තුලින් සාමාන්‍ය මිනිසුන් අතරින් වෙනම උසස් පන්තියක් වෙන් කර හඳුනා ගැනීම මේ හරහා සිදු කෙරුණු බව පෙනී යයි.
පිටසක්වලන් විසින් ලෝක ශිෂ්ටාචාර ගොඩ නැගීමෙන් පසු කාලීනව විවිධ බලපෑම් තුල එම ශිෂ්ටාචාරයන්හි පාලන පන්තිය පිටසක්වලයින්ගේ න් ව්‍යාප්ත වූ දෙවන පෙළක් වෙත පැවරීමට සිදු විය. එම පාලක පන්තිය දෙවියන්ගේ නියෝජිතයන් යැයි විස්වාස කරන්නට විය.
එම පාලක පන්තිය වෙන්කර හඳුනාගැනීමේ සලකුණක් ලෙස මෙම චර්මඡේදනය බිහි වූ බව සිතිය හැකිය.
පසු කාලීනව මෙය ආගමික පිරිසක් වෙන්කර ගැනීම හා ජන සමාජයක් වෙන්කරගැනීම යන පදනම මත ොව පුරා වේගයෙන් ව්‍යාප්ත වන්නට විය. අද වන විට ගණන් බලා ඇති ආකාරයට ලෝක පිරිමි ජනගහනයෙන් තුනෙන් එකක පමණ ප්‍රමාණයක් චර්මඡේදනය සිදුකොට ඇති බව පිළිගනිති.
මෙම තොරතුරු ලියන විට මිසරයේ ආධ්‍යාත්මික රැජින එක් දිනක් මා වෙත පැවසූ කරුණක් සිහියට නැගුණි. පිරමීඩ ශිෂ්ටාචාරය බිඳ වැටෙන්නට හේතු වූපිරමීඩ ශිෂ්ටාචාරයේ පරිපාලන නීතිය වෙනස් වූ ආකාරය මෙය විය නොහැකිද යන්නය.
දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර