Arrival of Alien

චුඩාමාණික්‍යය අලු පිටසක්වලයා කියා දුන් රහසක්ද ?

මෙක්සිකෝවේ Veracruz වනාන්තරය තුළ ගුහාවක් තුළින් ජෙඩ් පතලක් සොයා ගැනීමට හැකිවිය. ජෙඩ් පළිඟු ඉපැරණි ශිෂ්ටාචාර කීපයක ජනප්‍රියව තිබූ පළිඟු විශේෂයකි. මෙම ගුහාව තුළ ජෙඩ් පතුරු විශාල ප්‍රමාණයක් පැවති අතර ඒවා අතර තිබී අතිවිශේෂ ජෙඩ් පතුරු ගණනාවක් හමු විය.


එම පතුරුවල අපූරු රූප සටහන් රැසක් විය. ලෝකෙන් වසන්ව තිබූ පිටසක්වල සබඳතා රැසක් පිළිබඳ රූපසටහන් මෙම ජෙට් පතුරු මත චිත්‍රණය වී තිබුණි. 


පිටසක්වල යානා වලින් පැමිණෙන gray ET නැතහොත් අලු පිටසක්වලයින් නූතන ලෝකයේ පර්යේෂකයින් විසින් හා නාසා ආයතනය විසින් හඳුන්වන පිටසක්වලින්ගේ ක්‍රියාකාරකම් බොහොමයක් මේ පතුර තුළ සටහන්ව ඇති ආකාරය දැකගත හැකි වේ.


මෙම ජෙඩ් පතුරු වසර තුන් දහසකට හාරදහසකට එයා විය යුතු බව අනුමාන කළ ද යම් පර්යේෂකයන්ගේ අදහස වනුයේ පලිඟු වර්ග නිසි කාල නියමයකට ලක් කළ නොහැකි බැවින් මෙම පතුරු වසර දස දහස් ගණනක් පැරණි විය හැකි බවයි.


වසර 3000 /4000 වඩා පැරණි යැයි සිතුවද මෙවන් නිර්මාණයක් සිදුකරන්නට තරම් එකල්හි යම් තාක්ෂණයක් පැවතියා යැයි සිතන්නට නොහැකි ය. එසේ නම් මෙම සිතුවම් යම් දියුණු තාක්ෂණයක් සහිත පිරිසක් විසින් නිශ්චිතව ම සිදුකළ යුතුය. මක්නිසාදයත් පළිඟු මත සිතුවම් කිරීම ඉතා දියුණු දියමන්ති මෙවලම් තුළින් පමණක් කළ හැකි වීමයි.


මෙම සිතුවම් අතර ඇති එක් සිතුවමක් පිළිබඳ මා මෙහිදී කථා කිරීමට අදහස් කරමි. එම සිතුවම තුළ ඇත්තේ අලු පිටසක්වලයෙකු හා ස්වදේශික මිනිසෙකු අතර සිදුවන යම් ගනුදෙනුවක් පිළිබඳ ව ය. 


පිටසක්වලයා අත යම් රවුම් හැඩයේ වස්තුවක් ඇති අතර ස්වදේශිකයා අත යම් කේතු හැඩයේ වස්තුවක් දැකගත හැකි වේ. 


මෙම රූපයේ අදහස කුමක්ද ? මෙම රූපයෙන් අදහස් වනුයේ සන්නිවේදන කාර්යයක් පිළිබඳ ඉඟියකි. රවුම් හැඩයේ සංකේතය කුමක් විය හැකිද යන්න පිළිබඳ සොයා බැලූ පර්යේෂකයින්ට මෙක්සිකෝවෙන් ම සොයාගත් රවුම් උපකරණයක් හමුවිය. එය සංකේතයකි. පිටසක්වලන් ගමන් ගන්නා පිටසක්වල යානයක් පිළිබඳ සංකේතයකි. එහි යොදා ඇති සලකුණු සංකේත රූප සටහන් හොඳින් නිරීක්ෂණය කරන විට ඒවා හා ජෙඩ් පතුරු මත ඇඳ ඇති සිතුවම් වල සමානකමක් පවතින බව අවබෝධ විය.


පිටසක්වලයා හා පෘථිවි වාසියට තමන් හා සන්නිවේදනය කරන්නට හැකි මෙවලමක් හෝ යම් සමරු සටහනක් දෙන බවක් සිතුවා ම පෙන්නුවද ඉන් අදහස් කොට ඇත්තේ තමන් හා සන්නිවේදනය කළ හැක්කේ කෙළෙසද යන්නය. පිටසක්වලයා විසින් සංකේතවත් කරනු ලැබුවේ ඔවුන්ගේ ලෝකය හා පෘථිවිය අතර සන්නිවේදනය සිදු වන්නේ විශ්වයේ අතරමැද ඇති ස්ථාවර යම් යානාවක් මගින් වන බවය.

මෙම ස්ථාවර යානය බ්ලැක් නයිට් චන්ද‍්‍රිකාව විය යුතුය. වසර දස දහස් ගණනක් තිස්සේ ඇන්ඩ්‍රොමිඩා කවුන්සිලයේ අවශ්‍යතා සපුරමින් සක‍්‍රීයව පවතින්නටනම් එහි පැවතිය යුත්තේ පෘතුවි වාසින්ට තවමත් අවබෝධ කර ගත නොහැකි තාක්ෂණයකි.


ඉන්පසු මතුවූ ගැටලුව නම් ස්වදේශිකයා අත ඇත්තේ කුමක්ද යන්නය. ඉපැරණි අනුනාකි දේවස්ථානයන්හි හා පිරමීඩ සිතුවම් අතර මෙම සංකේතය බොහෝ තැන්හි දැකගත හැකි වේ. එම සියලු සංකේත හරහා ෙන්වන්නට උත්සාහ කරන්නේ ආධ්‍යාත්මිකත්වයේ සිව්වන මට්ටමයි. එසේත් නැතිනම් සිරුර තුළ ඇති චක්‍ර හය හා පරමාත්මය තලය එකිනෙක බද්ධ වන ස්ථානයයි.


මෙය භෞතිකව සකස් කළ හැක්කක් බව අවබෝධ කර දීම උදෙසා මෙම සෑම ස්ථානයකම රූපසටහන් යෙදුවා විය යුතුය. ජෙඩ් පතුරු මත මෙම රූප සටහන් ඇඳීම හරහාද ලෝකයට දුන් ඉඟියක් ඇත.


මා දකින්නේ ්වදේශිකයා අත ඇති සංකේතයේ නූතන නිර්මාණය වනුයේ චූඩාමාණික්‍ය යයි. දාගැබ යනු විශ්වයට පණිවිඩ මුදාහරින්නට ඇති සාර්ථකම තැන බව අමුතුවෙන් කිව යුතු නැත. එසේනම්ගැ ාගැබ මුදුනට චූඩා මාණික්‍යයක් සවි කරනු ලැබුවේ අකුණු වල කීම උදෙසා පමණක්ම නොවන බව සිතිය යුතුය.


චූඩා මාණික්‍යය නිර්මාණය කරනු ලබන්නේ සුපිරිසුදු ක්වාට්ස් පළිඟුවකිනි. චෛත්‍යය හරහා තරංග විශ්වයට නිකුත් වන බව අද වන විට විද්‍යාවෙන් ද සනාථ කොට ඇත. එසේ නම් පැරණි ශිෂ්ටාචාරයන්හි ඉදිකෙරෙනු රවුම් හැඩයේ පිරමීඩ මුදුනට පළිඟු කොතක් භාවිතා කරනු ලැබුවේ මේ උදෙසා විය යුතුය. 


මෙම පණිවිඩ හුවමාරු තාක්ෂණය හරහා v මානයේ එරා ලෝකය සමග සබඳතා ගොඩනඟා ගන්නට වත්මන් ලෝකයේ ප්‍රබල රාජ්‍යක්ය උත්සහ දරමින් සිටින බව ඔබ පිළිගන්නවාද.

මහා වංශයේ 31 වන පරිච්චේදයේ සදහන් වන ආකාරයට රුවන්වැලි සෑයේ තැන්පත් කිරීමට නා ලොවින් ධාතු රුගෙන එන්නට ඉන්ද‍්‍රගුප්ත නම් රහතන් වහන්සේ ලෝහමය ජත‍්‍රයක් සක්වල සමකොට මවා ඇත.

මෙයින් අදහස් වන්නේ සක්වල ජයගත හැකි ලෝහමය නිරමාණයක් පිළිබදවය.

එසේම 64 වන ගාථාවේ සදහන් වන පරිදි රුවන් වැලි මහා සෑ විවෘත කිරීමට සදිව්‍ය තලයන්ගෙන් දිව්‍ය රථ පැමිණි බවත් එසේ පැමිණි දෙවියෝ රජුට ආශාර්වාද කොට රජු හා සමව සිටි බවත් තියවේ.

එසේනම් මේ කියන්නේ 3 සිට 9 දක්වා සෑම ලෝකයකින්ම නියෝජිතයෝ මේ මොහොතට පැමිණි බවය.


එහි මූලාරම්භය ලංකාව තුළම පවතින බව ඉදිරි ලිපියෙන් ඔබ අවබෝධ කොට ගනු ඇත. 


දීක්ෂා ගුරු

කාංචන මනමේන්ද්‍ර

4 5 votes
Article Rating
guest

2 Comments
Inline Feedbacks
View all comments
Isuru Kodagoda
Isuru Kodagoda
June 29, 2020 9:34 am

වටිනා අදහසක්…

Amila Gunasinghe
Amila Gunasinghe
June 29, 2020 11:55 am

Ma pipasayen soyamin hitapu me thorathuru me selabadema pilibadawa obata bohoma pin guruthumani thwa thwa denuma thorathuru enathek maga balagena sitimi

Translate »

You cannot copy content of this page

2
0
Would love your thoughts, please comment.x
()
x