Arrival of Alien

තරු සියයක් සැගවුයේ පිටසක්වලයින් ද ?

අහසේ දිදුලන තරු සූර්යයන් බව අප දන්නා කරුණකි. බොහෝ තරු වටා ග්‍රහ පද්ධතියක් පිහිටා ඇත. සූර්යයෙක් යනු ගිනිගෙන දැවෙන ප්ලාස්මා බෝලයකි. වසර මිලියන ගණනක් තිස්සේ නිපදවෙන හයිඩ්‍රජන් සහ හිලියම් අධි ගුරුත්ව බලය තුළ දහනයට ලක්ව යලි යලි නිපදවෙන හීලියම් හා හයිඩ්‍රජන් දහනයෙන් සූර්යයා හා තරු උපදියි.

තරුවක කාලය වසර මිලියන ගණනකි. තරුවක් මිය යන්නට නම් මෙම හයිඩ්‍රජන් හා හීලියම් සංචිතය අවසන් විය යුතුය. එසේ අවසන් වීමත් සමග තරුව පුපුරා යන අතර එය විශ්ව දැලෙන් පහලට වැටීමත් සමග කළු කුහරයක් නිර්මාණය වීම සිදුවෙයි. මෙලෙස පුපුරා යන සෑම තරුවක්ම කළු කුහරයක් නිර්මාණය කළ යුතු බව විද්‍යාඥයින්ගේ අදහසයි.

පසුගිය කාලය තුළ ටවල් 11ක විද්‍යාඥයින් 22 දෙනකු එක්ව US Naval Observatory (USNO) හී සිදු කළ විශේෂිත පර්යේෂණයක් තුළින් විශේෂිත හෙළිදරව්වක් සිදු කෙරුණි. 


සාධක සහිත ව පැවැති මිලියන හයසියයකට ආසන්න වූ තරු අතර සිය ගණනක් කළු කුහර යන්ට කඩා නොවැටී අතුරුදහන්ව ඇති බව ඔහුනට නිරීක්ෂණය විය. තරුවක් අතුරුදහන් වීම කිසි ලෙසකින්වත් සිදු විය නොහැකි බව ෙම විද්‍යාඥයන් කණ්ඩායමේ මතය යි. 


ඇමරිකා එක්සත් ජනපදයේ හවායි හි පිහිටි හලේකලා නිරීක්ෂණාගාරයේ පිහිටා ඇති විශාලතම ඩිජිටල් දුරේක්ෂ හා පරිගණක පද්ධති යොදා ගනිමින් සිදුකළ මෙම සමීක්ෂණය හරහා අපූර්ව නිගමනයකට ිද්‍යාඥයෝ එළඹී සිටිති. 


දියුණු ජීවී කොට්ඨාශයක බලපෑම තුළින් මෙම තරු අතුරුදහන් කරන්නට ඇතැයි යන්න ඔවුන්ගේ මතයයි. විශ්වය තුල දුරේක්ෂ වලට පිටසක්වල ජීවීන් අසු වී නොමැති බැවින් ඔවුන්ව නිරීක්ෂණය කිරීම උදෙසා හොදම කලාපය වනුයේ මෙම තරු වැඩි වශයෙන් ම අතුරුදහන් වූ කලාපය බව ඔවුන ගේ මතයයි.


ලෝකයේ දැනට සිටින ප්‍රධානම පෙලේ තාරකා විද්‍යාඥයින් විසි දෙදෙනෙකු එකතු වී 2020 වසරේ මුල් මාස වල සිදුකළ මෙම පර්යේෂණය හරහා මා 2012 වසරේ සිට හෙළි කළ පිටසක්වල ජීවීන් විසින් පෘථිවිය නිර්මාණය කරන ලද්දක් යන්නත් එම නිර්මාණයේ දී චන්ද්‍රයා පෘථිවිය වටා ගමන් කරන ආකාරයෙනි ඔවුන් ස්ථානගත කෙරූ බවටත් කළ හෙලිදරව්ව යම් මට්ටමකින් සනාථ වේ.


මක්නිසාදයත් යම් ජීවී කාණ්ඩයට අවශ්‍ය පරිදි විශ්වයේ ඇති තාරකා ඉවත් කර දමන්නට හැකි නම් එය සරල කටයුත්තක් නොවෙයි. එම තාරකාව හා බැඳුණු ්‍රහ පද්ධතියක්ද පිහිටා ඇත්නම් ඔවුන් ඉවත් කර දමන්නේ එම ග්‍රහ පද්ධතිය ම ය. 


හයිඩ්‍රජන් හා හීලියම් දහනයෙන් නිර්මාණය වන ප්ලාස්මා ගෝලය මතට අයන එක් කිරීම හරහා මෙම තරුව පුපුරවා හරින්නට හෝ නිවා දමන්නට හැකිය. එහෙත් අප මේ කතා කරන්නේ විද්‍යාගාරයක් තුල සිදුකරන පර්යේෂණයක් පිළිබඳව නොවේ. විශ්වයේ ඇති සුර්යයෙකු වැනි තාරකාවක් පිළිබඳවය. එලෙස එය නිවා දමන්නට හැකි ජීවීන් කොට්ඨාශයක් යන අධි තාක්ෂණයක් සහිත පිරිසක් විය යුතුය.


මෙහිදී ම සටහන් කළ යුතු තවත් කරුණක් ඇත.2016 වසරේදි මෙක්සිකොවේදී ගිනිකන්දක් පුපුරා යෑමට මොහොතකට පෙර යම් හඳුනානගත් යානාවකින් එම ගිනිකන්ද තුළට දමනය යම් වස්තුවක් කැමරාවක සටහන් වී තිබුණි. එය දැමීමත් සමගම ගිනි කන්ද පුපුරා යන අතර ඒ වේගයෙන්ම යානාව පිටවී යයි. ඒ අනුව බලන කල පෘථිවියේ සිදුවන ස්වභාවික තත්ත්වයන් පවා පිටසක්වල බලපෑමෙන් ක්‍රියාත්මක වන බව පෙනී යයි.


මෙයට අමතරව වසර කිහිපයක් තිස්සේ Boyajian’s star ලෙස හැඳින්වෙන තාරකාව සම්බන්ධයෙන් කරන ලද නිරීක්ෂණයන්ට අනුව එම තාරකාව ඉතා අස්වාභාවික ලෙස ආලෝකය වෙනස් කරන බව නිරීක්ෂණය කොට ඇත. 


කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය හරහා සිදුකෙරුණු මෙම නිරීක්ෂණයන් වලදී ම ග්‍රහලෝකයට ඉදිරියෙන් සැමවිටම දර්ශනයට බාධා ඇති කරන ම් ක්‍රියාත්මක වීමක් පවතින බව අවබෝධ විය. යම් විද්‍යාඥයින් එය ස්වභාවික ක්‍රියාවලියක් ලෙස අර්ථකථනය කළ ද වත් සමහර විද්‍යාඥයින්ගේ අදහස වනුයේ මෙය පිටසක්වලයින්ගේ විශාල ව්‍යාපෘතියක් විය හැකි බවය.


මෙම විද්‍යාඥයින්ගේ අදහස් ලට අනුව මෙම තරු අතුරුදහන් කිරීම දියුණු පිටසක්වල කාණ්ඩයක ගේ ්‍රියාත්මක වීමක් වීමට බොහෝ සෙයින් ඉඩ ඇතිය යන්න අවබෝධ වේ.


මිසරයේ මහා පිරමීඩය හා අනුනාකි දෙවොල් තුළ තරු අතර විශ්වයේ ගමන් කරන මිනිසුන් හා කාල තරණය සංකේතය හඳුන්වන ආකාස බෝට්ටු තුළින් නිරූපණය වන්නේ විශ්වය වෙනස් කරන ජීවී කාණ්ඩය යන්න මේ හරහා අපට අවබෝධ කරගත හැකි වේ.


දීක්ෂා ගුරු

කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close