Arrival of Alien

කාන්තාර වීදුරුවේ සැඟවුණු අභිරහස පිටසක්වල යානා හී උප නියුට්‍රෝන දහනයේ අධි තාපයද ?

ලෝක ශිෂ්ටාචාරයේ තොටිල්ල ලෙස හැඳින්වෙන මිසරය සෑම දෙසකින්ම වටවී ඇත්තේ මහා කාන්තාරයෙනි. එසේම නයිල් නදිය විසින් නිර්මාණය කරන ලද සොබාදහමේ අපූර්ව නිර්මාණයක් ලෙසද මිසරය හඳුනාගත හැකිය. සැතපුම් සිය දහස් ගණනක් දුර සිට ගෙන එන ජල දහරාවන්ගෙන් ගසාගෙන එන සාරවත් පසින් පෝෂණය ලැබ නිර්මාණය වූ මේ ක්ෂේම භූමියේ සමස්ත පාලනයම රැුඳී පවතින්නේ නයිල් ගෙඟ් ක‍්‍රියාත්මක වීම තුළය.

වසරේ එක් කාලයකදී මේ ක්ෂේම භූමිය නයිල් නදියේ ජලයෙන් යටවී යයි. එය මිසර වැසියෝ දකින්නේ දෙවියන්ගේ ආශිර්වාදයක් ලෙසිනි. ගංගා දිය ඉහළ යන සෑම අඩියක්ම ඔවුන් දුටුවේ අනාගත සමෘද්ධියේ පෙරනිමිති ලෙසිනි. එහෙත් ජලගැල්ම සිදුවූයේ අඩි දොළොසකට අඩුවෙන් නම් දෙවියන්ගේ ආශිර්වාදයේ ගිලිහීයෑමක් ලෙසින් ඔවුන් එය හඳුන්වයි. ලෝක ශිෂ්ටාචාරයේ තොටිල්ල ලෙසින් පිළිගත් මිසරය ලෝක ප‍්‍රසිද්ධ වීමට හේතුපාදක වූ කරුණු අතරින් ප‍්‍රධානම සාධකය වූයේ ලෝකයම පුදුමයට පත්කළ ගීසා පිරමීඩ ත‍්‍රිත්වයයි. ඒ සියල්ලටම වඩා පිරමීඩ තුළ තිබී සොයාගත් විනාශ නොවී පවතින මෘත දේහද ලොව මවිතයට පත් කළේය. ඒ අතර ප‍්‍රධානම මමිය වූයේ මෙතෙක් සොයාගත් රාජකීය පිරමීඩ අතරින් අතිවිශාලම ධනස්කන්දයක උරුමකරුවා
වූ ටුටන්කාමන් රජුගේ මමියයි. මිසරයේ මහා කාන්තාරය වරින් වර ලෝකය මවිත කරන දෑ මතුකර ලෝකය අබියසට රැුගෙන ආවේය. යළිත් වරක් එවැනිම සොයාගැනීමක් සිදුව ඇත. ඒ මිසර මහා කාන්තාරය නිර්මාණය වූ හේතු සාධක මතුවීමයි.
එයට පදනම වැටුණේ ‘ඩෙසර්ට් ග්ලාස්’ නැතහොත් කාන්තාර වීදුරු පිළිබඳ සිදුකෙරුණු පර්යේෂණයක් නිසාය.

කාන්තාර වීදුරු යනු මොනවාද?

1932 වසරේ එක් දිනක පැට්රික් ක්ලේමන් නම් පර්යේෂකයා ඊජිප්තු කාන්තාරයේ සිදුකළ ගවේෂණයකදී අරුම පුදුම යාගැනීමක්
සිදුකළේය. ඒ වර්ග කිලෝමීටර් දහස් ගණනක් පුරා පැතිර තිබූ වීදුරු පාෂාණ කැබලිය. එහිදී ඒවායේ සංයුතිය සැලකිල්ලට ගෙන එම වීදුරු පාෂාණ පළිඟු ලෙසින් නම් නොකර වීදුරු ලෙසින් නම් කරන්නට යෙදිණ. කාන්තාරයක් මැද අක්කර ගණනක් පුරා කහ පැහැති දීප්තිමත් වීදුරු නිර්මාණය වූයේ කෙලෙසද යන්න සෙවීමට එදා සිට විවිධාකාරයේ පර්යේෂණයන් සිදුකළද අවසන් නිගමනයකට එළැඹීමට හැකි වූයේ නැත.

පිටසක්වළයන් විසින් ලෝක ජනාවාස නිර්මාණය කිරීමේදී ග‍්‍රීන්ලන්තයේ, බර්මියුඩා ත‍්‍රිකෝණය මධ්‍යයේ මෙන්ම මිසරයේ පළිඟු
පිරමීඩ තුනක් ඉදිකළ බවට පුරාවෘත්තයක් පවතී. ඉහත කී කාන්තාර වීදුරු යනු එම විනාශ වී ගිය පළිඟු පිරමීඩය යැයිද විශ්වාසයක් පවතී. ඒ විශ්වාසයන් කුමක් වුවත් පසුගියදා ඇමෙරිකානු විද්‍යාඥ මාර්ක් බෙස්ලෝ, මහාචාර්ය ක‍්‍රිස්ටීයන් කර්බල් හා ඊජිප්තු ඛනිජ සම්පත් අධිකාරියේ ආචාර්ය අලි බර්කත් විසින් කාන්තාර වීදුරු සම්බන්ධයෙන් අද්විතීය සොයාගැනීමක් සිදුකරන ලදී.

ඊජිප්තුවේ අගනගරය වූ කයිරෝ සිට සැතපුම් හාරසිය ගණනක් දුරින් මිනිස් වාසයෙන් තොර මරුකතරේ පුරා දින හතරක අතිදුෂ්කර ගමනකින් පසු සිදුකළ පර්යේෂණයේ ප‍්‍රතිඵලය වූයේ අදින් වසර දහස් ගණනකට පෙර කඩාවැටුණු උල්කාපාතයක් හේතුකොටගෙන මහා මිසර කාන්තාරය නිර්මාණය වූ බව සොයා ගැනීමයි.

කෘත‍්‍රිමව වීදුරු නිර්මාණය කරනු ලබන්නේ සිලිකා වැලි අධිතාපයකට ලක් කිරීම හරහාය. එසේම ස්වාභාවික වීදුරු නිර්මාණය වන ආකාරයක්ද ලෝකයේ ඇත. ඒ ‘වොල්කැනෝ ග්ලාස්’ නැතහොත් ගිනිකඳු වීදුරුය. සෙල්සියස් අංශක 1100ක පමණ උෂ්ණත්වයකින් ගිනිගෙන දැවෙන ලාවා (මැග්මා* එක්වරම ජලයට පතිතවීමෙන් ගිනිකඳු වීදුරු නැතහොත් මැග්මා ග්ලාස් නිර්මාණය වීම සිදුවෙයි. එහෙත් එම වීදුරු කළුපැහැ වන අතර එම වීදුරු තුළ විවිධ සංඝටක දැකගත හැකිවෙයි. එහෙත්
මිසරයේ කාන්තාරයෙන් සොයාගත් වීදුරු ඉතා දීප්තිමත් ළා කොළ පැහැයකින් යුක්ත වන අතර පර්යේෂකයන් විසින් හෙළිකර ඇති ආකාරයට අනුව එහි අන්තර්ගත වනුයේ සිලිකා හා සර්කෝන් යන ඛනිජ වර්ග දෙක පමණි. එසේම මෙහිදී සෙල්සියස් අංශක 1800ක පමණ අධිඋෂ්ණත්වයකට ලක්වී අන් සියලූ ඛනිජ පිළිස්සී විනාශ වී ඇති බවද පර්යේෂකයන්ගේ අවසන් තීරණය වී ඇත. තවද කාන්තාර වීදුරුවල දීප්තිමත්භාවයට හේතුව ලෙස පර්යේෂකයන් පැහැදිලි කරනුයේ සිලිකා සහ සර්කෝන් එකිනෙක මිශ‍්‍ර වීම හරහා ඔස්ටියම් නම් රසායන සංඝටකය නිර්මාණය වී ඇති බවටය.

මීට අමතරව වීදුරු පැතිරුණු භූමිය පුරාම තැන තැන විසිර ඇති දැවී ගිය කළු පැහැති වෙනත් පාෂාණ වර්ගයක්ද පර්යේෂකයන්
සොයාගෙන ඇත. ඒ අනුව පර්යේෂකයන් සිය අවසන් නිගමනය ලෙස ගෙනහැර පානුයේ විශ්වයෙන් ඇදී ආ ග‍්‍රාහකයන් පෘථිවි
වායුගෝලයට ඇතුළුවීමත් සමග අධිදහනයකට ලක් වී එය මෙම භූමියේ ගැටී ඇති බවය. මෙහිදී සිදුවූ පිපුරුම ඔභඔ ටොන් දසදහස් ගණනක පිපුරුමකටත් වඩා වැඩි බවද ඔහුන් නිගමනය කරයි. පෘථිවියේ පැවති පාෂාණ සෙල්සියස් අංශක 1800ක පමණ අධිඋෂ්ණයකට ලක්වූයේ කෙසේද යන්නට උත්තර ලැබුණේද මෙහිදීය. ඒ සඳහා එම ග‍්‍රාහකයේ ගැටීම ඔවුන් පරිගණක තාක්ෂණය ඇසුරින් ප‍්‍රතිනිර්මාණය කරනු ලැබීය. ග‍්‍රාහකයා ගිනිගෙන දැවෙමින් පෘථිවියේ ගැටීමේදී දැවී යන පස්, ග‍්‍රාහකයේ ගිනි ජාලා අතරින් ඉහළට ඇදී යෑමක් සිදුවෙයි.

ග‍්‍රාහකයා පහළට ඇදී ඒමේදී ඒ සමග සැතපුම් ගණනක් දිග අග්නි ජාලාවක්ද පෘථිවියට ඇදී එයි. එසේ ඉහළ යන පාෂාණ එම
අග්නි ධාරාව තුළ කිහිපවිටක්ම පිළිස්සීමට බඳුන්වීම හරහා සිදුවන්නේ සුපිරිසුදු වීදුරු බවට පොළොවේ එම පාෂාණ කොටස් පත්වීමයි. ඒ සමගම පොළොවට සමාන්තරව පැතිර යන උණුසුම් වායු හා අග්නි ධාරා මඟින් අවට ප‍්‍රදේශය සැතපුම්
සිය ගාණක් පුළුස්සා දමනු ලබයි. ඊජිප්තු කාන්තාරය නිර්මාණය වූයේ ‘චඞ්’ ලෙසින් දැනට නම් කළ ස්ථානයේ මධ්‍යයට පතිත වූ අතිවිශාල උල්කාවක් හේතුවෙන් බව ඒ අනුව ඉහත පර්යේෂකයන් අවසන් නිගමනයකට එළැඹ තිබේ.

එම නිගමනයට එළැඹීමට හේතු වූ තවත් කාරණා දෙකක්ද ඇත. ඉන් පළමුවැන්න වූයේ ලොව පළමු පරමාණු පිපුරුම අත්හදා බැලූණු අවස්ථාවේ එනම් මෑන්හැටන් ක‍්‍රියාන්විතයේදී මෙක්සිකානු කාන්තාරයේ සිදුවූ වෙනස් වීමයි. ඒ 1960 ජූලි 16 වැනිදා පෙරවරුවේදීය.එදින ඇමෙරිකානු හමුදාවේ ඡුායාරූප ශිල්පියකු වූ සාර්ජන් බෙන් බෙන්ජිමින් වීඩියෝ කැමරාව අත ඇතිව සැතපුම් ගණනක් දුරින් පිහිටි අඩි ගණනක් ඝනකමට සාදන ලද බංකරයක ස්ථාන ගත වී සිටියේය. පරමාණු බෝම්බය හත්තක් ආකාරයට පුපුරා යන ආකාරය එදා ඔහු අත දැරූ වීඩියෝවේ සටහන්ව තිබුණි. එය TNT ටොන් 20000කට ආසන්න පිපුරුමකි. පිපුරුමෙන් පසු අක්කර කිහිපයක ප‍්‍රදේශය පුරා කොළ පැහැති වීදුරු තට්ටුවක් නිර්මාණය වී තිබුණි. ඒ මත ඇවිදින විට වීදුරුවක් බිදී යන ආකාරයෙන් එය බිඳී ගිය බවද පසුකාලීනව කළ හෙළිදරව්වකදී බෙන්ජිමින් බී.බී.සී.යට වාර්තා කර තිබුණි.

මෙහි එන දෙවැනි සාධකය නම් 1908 ජුනි 30 වැනිදා සයිබීරියානු වනාන්තර සීමාවක් වූ තුංගුස්කා ප‍්‍රදේශයේ එක් නිමේෂයකින්
වනාන්තරයේ ගස් මිලියන 18ක් දැවී විනාශ වී යෑමයි. මෙලෙස ගස් දැවී යෑමට හේතුවක් එදා සොයාගත නොහැකි වුවත් පසුකාලීනව බොස්ටන් සරසවිය තුළ අනුරූ යොදාගනිමින් සිදුකළ පර්යේෂණයක් හරහා ග‍්‍රාහකයක් පතිතවීමත් සමග වනාන්තරය විනාශ වී ගිය ආකාරය ගම්‍ය කරගත හැකි විය. පසුකාලීනව එහි මධ්‍යයේ තිබූ විශාල ග‍්‍රාහක කොටසක්ද
සොයාගනු ලැබුණි.

කෙසේ වුවත් මෙම නිගමනය හමුවේ පර්යේෂකයන් තවත් උභතෝකෝටික ගැටලූවකට මැදි වුණි. එය නම් පාරාවෝ රජ පරපුරේ ධනවත්ම රජු ලෙස සැලකෙන ටුටන්කාමන් රජුගේ සොහොන් ගෙයි තිබී කානවන් සාමිවරයාගේ මඟ පෙන්වීම යටතේ හොවාර්ඞ් කාටර් නම් පර්යේෂකයා විසින් සොයාගත් පාරාවෝ රජුගේ මාලයේද මෙම වීදුරු කැබැල්ලක් සවිකර තිබීමයි. පර්යේෂකයන්
මෙහිදී උපකල්පනය කර සිටියේ අතිදුර්ලභ මැණිකක් එහි සවි නොකර මිසර කාන්තාරයේ කිලෝමීටර 6000ක් පුරා පැතිර ඇති
වීදුරු කැබැල්ලක් ඒ තුළ සවිකිරීමේ යම් විශේෂත්වයක් පැවතිය යුතු බව ඉහත පර්යේෂකයන්ගේ ඉදිරි පරීක්ෂණ කටයුතු
යොමුව ඇත්තේ ඒ වෙනුවෙන්ය. එහෙත් මෙම පර්යේෂකයන් ඉදිරියේ නොපෙනෙන තවත් අභියෝගයක් වෙයි. ඒ ටුටන්කාමන්ගේ නින්දට බාධා කළ සියල්ලන්ට එල්ලවන ශාපයක් මේ හා බැඳී ඇති නිසාය.

ටුටන්කාමන් රජු කාන්තාර වීදුරු පළඳින්නට විශේෂිත කරුණ ලෙස මා දකින්නේතම මුල් ග්‍රහලොවේ සිට පෘථිවියට පැමිණි මිනිසුන් පැමිණි අධි තාක්ෂණික යානා වලින් ඇති වූ අධි දහනයෙන් මේවා නිර්මාණය වූ නිසා විය හැකිය.

මා පෙර ලිපියකත් සඳහන් කළ ආකාරයට පිටසක්වල යානාවල ෝකයේ වේගය අභිබවා යන ප්‍රවේගය ලබාගැනීම උදෙසා භාවිතා වනුයේ උප නියුට්රෝන නම් නියුට්‍රෝනය ඛණ්ඩනය කිරීම හරහා ලබාගන්නා විශේෂිත තාක්ෂණයකි.

මෙමගින් ඇති කරන දහනයද ඉතා ප්‍රබල වන අතර පොළොව මත සිටම එක්වර ති ප්‍රවේගයක් ලබාගතහොත් වැලි උණුවී වීදුරු නිර්මාණය වීමේ හැකියාව ද පවතී.

ටුටන්කාමන් කතා පුවත රසවත් වුවත් එහි ශාපය නම් රසවත් නැත. එහෙත් ඒ කතා පුවතද මෙහිදී සිහිකර ගැනීම වැදගත්ව තිබේ. පළමුව ටුටන්කාමන් සොහොන සොයාගැනීම පසුපසද ඇත්තේ අපූර්ව කතාවකි. ක‍්‍රි.ව. 1900දී පමණ එංගලන්තයේ කානවන් නම් සාමිවරයා මිසර කාන්තාරය පිළිබඳ අසන ලද පුරාවෘතයක් ඔස්සේ කැණීම් කරන්නට පර්යේෂකයන් යොදවනු
ලැබිණි. වසර විස්සක් තිස්සේම ඔවුන් සොයාගනු ලැබුවේ වැල්ලෙන් වැසී ගිය නිදන් හොරු අතට පත්වූ පිරමීඩයන්ය. පර්යේෂකයෝ සෙවීම් අවසන් බව දැනුම් දුන්නද සාමිවරයා එයින් සෑහීමකට පත් වූයේ නැත. ඒ අතරතුර හොවාර්ඞ් කාටර් නම් චිත‍්‍ර ශිල්පියාගේ සිතේ රජුගේ නිම්නය පිළිබඳ නැගුණු සිතිවිලි අනුව ඔහු ටුටන්කාමන්ගේ සොහොන ඇති තැන අනුමාන
කළේය. සාමිවරයා පර්යේෂණ කටයුතු ඔහුට බාර කළ අතර දෙසීයක කණ්ඩායමක්ද ඔහුට සපයා දෙනු ලැබුණි. 1922 නොවැම්බර් 4 වැනිදා කාටර් විසින් කිසිවකුගේ ඇස නොගැටුණු පළමු රාජකීය සොහොන සොයාගත්තේය. එහි තුළ වූ වස්තුව ලැයිස්තුගත කරන්නට වසර දහයක් පමණ ගත විය. එහි වූ සම්පත් ප‍්‍රමාණය විවිධ වූ සම්පත් වර්ග පන්දහසකට අධික විය. විශේෂයෙන්ම ඝන රත්තරන් ටොන් ගණනින් ඒ තුළ විය. අද දක්වාම මෙම සොහොනෙන් සොයාගත් දෑ විවිධාකාරයේ පර්යේෂණවලට ලක්වෙයි.

කයිරෝ නුවර ජාතික කෞතුකාගාරයේ මෙම සොහොන් ගැබෙන් සොයාගත් බොහෝ දෑ තැන්පත් කර ඇත. ටුටන්කාමන් රජු මියගොස් ඇත්තේ වයස අවුරුදු දහනවයේදීය. මෙතෙක් කල් පර්යේෂකයෝ විශ්වාස කළේ එය ඝාතනයක් බවය. එයට බලපෑ ප‍්‍රධානම හේතුව වූයේ ටුටන්කාමන්ගේ මමියේ හිස පිටුපස වූ සිදුරයි. එහෙත් පසුව සොයාගත් සෑම මමියකම එම සිදුර දැකගත හැකි වීම තුළ එය මෘතදේහ මමි බවට පත්කිරීම වෙනුවෙන් තැනූ සිදුරක් බවට හඳුනාගනු ලැබිණි.

ඒ කෙසේ වෙතත් ටුටන්කාමන් රජුගේ මමිය සම්බන්ධයෙන් සිදුකරන ලද ඞී.එන්.ඒ. පරීක්ෂණයෙන් පසු ඔහුගේ මරණයට සත්‍ය
ලෙසම හේතු වී ඇත්තේ පාරාවෝ රජ පරපුරේ පැවති පොදු රෝගී තත්ත්වයක් බවට හඳුනාගනු ලැබිණි. ටුටන්කාමන් රජුට පෙර සිටි රජුවරු තිදෙනකුද මේ රෝග යෙන් අඩු වයසින් මිය ගොස් තිබුණි. මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ  gynecomastia යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන හෝමෝන දුර්වල වීමේ ආසාධිත තත්ත්වයකි. මෙය අප දන්නා මැලේරියා රෝගී තත්ත්වයට සමාන රෝගී තත්ත්වයක් ලෙසද හඳුන්වන්නට පුළුවන. ටුටන්කාමන්ගේ ශාපය හොවාර්ඞ් කාටර් සොයාගත් ටුටන්කාමන් සොහොනේ දොරටුව වසා තිබූ කළු ගල් තැටියේ වැකියක් සඳහන් විය.

එය සරලව පැවසුවහොත් ‘ටුටන්කාමන් රජුගේ දීර්ඝ නින්දට බාධා කරන්නවුන්ට මරණය සොයා එනු ඇත’ යනුවෙනි.

ඒ දොරටුව බිඳින්නට පෙර දිනයේ කාටර්ගේ කැනරි කුරුල්ලාව නාගයකු ගිල දැමුවේය. ඉන්පසු කැණීම්වලට මුදල් සැපයූ
කානවන් සාමිවරයා නිව්මෝනියාවෙන් මියයද්දී එදිනම ඔහුගේ බල්ලා ලන්ඩනයේදී මිය ගියේය. නිව්මෝනියාවට හේතු වූයේ මදුරු දෂ්ටයකි. එම දෂ්ටය සිදුව තිබුණේ කානවන් සාමිවරයාගේ මුහුණේය. ටුටන්කාමන් මමිය පරීක්ෂා කිරීමේදී එහිද එම ස්ථානයේම කැළලක් දැකගත හැකි විය. කානවන් සාමිවරයාගේ මරණයෙන් පසු කැණීම්වලට සහය දැක්වූ සේවකයන් විශාල ප‍්‍රමාණයක් විවිධ හේතු මත මියයන්නට විය. ඒ අතරතුර කැණීම්වල සිටි පුරාවිද්‍යාඥයකු වූ ආතර් මේස් සිහිමුර්ජා වී මියගියේය. ඉන්පසු සොහොනට ඇතුළු වූ ජෝර්ජ් ගොල්වුඞ් උණ රෝගය උත්සන්න වීමෙන් මියගියේය. ඉන්පසු මියගියේ ටුටන්කාමන් සිරුර එක්ස් කිරණ පරීක්ෂාවට ලක් කළ පුද්ගලයා වූ අර්ච්බෝල්ඞ්ය. එතෙක් මෙතෙක් කල් ටුටන්කාමන් හා සම්බන්ධව එම ශාපයට ලක්වූ පිරිස අතිවිශාලය. එහෙත් එකම පුදුමය නම් ටුටන්කාමන් සොහොන සිතුවිල්ලෙන් දැක එය සොයාගත් හොවාර්ඞ්
කාටර් මෙම ශාපයට මැදි නොවීමයි. මිසර කාන්තාරය ඇසට පෙනෙන දේ පමණක්ම සත්‍ය නොවන බව ලෝකයට පෙන්වා
දුන් ක්ෂේම භූමියකි. මිථ්‍යාව හා පුරාවෘත්ත සත්‍ය බවට පත්කිරීමෙන් දිනෙන් දින ලෝකයට සිතන්නට යමක් මතුකර දෙන මිනිසුන්ගේ දේශයකි.

මේ පසුබිම තුළ ඉහත කී පර්යේෂකයන්ගේ මීළඟ පර්යේෂණ ප‍්‍රයත්නය අභියෝගයක් මෙන්ම දිනෙන් දින අලූත් වන මිසරය ආශ‍්‍රිත පුරාවෘත්තය ජීවමාන වීමක්ද වනු නොඅනුමානය.

දීක්ෂා ගුරු

කාංචන ගීත මනමේන්ද්‍ර

5 8 votes
Article Rating
guest
0 Comments
Inline Feedbacks
View all comments
Translate »
You cannot copy content of this page
0
Would love your thoughts, please comment.x
()
x