Arrival of Alien

පෘතුවිවාසීන් දෙමුහුන්කර තම වර්ගය තනන ඩ‍්‍රැකෝවරු

අද මා කියා දෙන්නට උත්සාහ දරන්නේ අපේ ආදි මානවයා දෙමුහුන්කරණයකට ලක් වූ දාසිට මහා ඇලෙක්සැන්ඩර් රජු එකෙන් එක රටවල් තම

බලයට නතු කර ගනිද්දී  පිටසක්වල යානා විසින් පහර දෙමින් ඇලෙක්සැන්ඩර් රජුට විරුද්ධ වූ බලකඳවුරු බිඳහෙලන තැන දක්වා මේ පෘථිවියේ සැඟව ඇති පැහැදිලි සාක්ෂි මත පදනම් වූ පිටසක්වලයින්ගේ ආගමනය පිළිබඳ සැබෑ කතාවකි.

Rapetitle alien නැතහොත් උරග ජීවීන් යනු පෘථිවිය හා සබඳතා දක්වන පිටසක්වලින් අතර ප්‍රධාන ගණයේ කාණ්ඩයකි. උරගෙකු ගේ හෝ කිඹුලෙකුගේ මුහුණට සමාන මුහුණුවරක් හා ගොරෝසු මිනිස් ශරීරයකට සමාන පෙනුමකින් යුතු මෙම ජීවීන් තුළ පෘථිවි වාසීන් හා සමානය මටසිලුටු බවක් දක්නට නැත.

උරග ජීවීන් කාණ්ඩ දෙකක් පෘථිවිය හා සබඳතා පැවැත්වූ බව පුරාණ ශිෂ්ටාචාරයන්හි දක්නට ඇති සාක්ෂි හා සාධක පිරික්සීමේදී පෙනී යයි. එක් පිරිසක් තරමක් සර්ප පෙනුම ක මුහුණුවරකින් යුතු වූ අතර අනෙක් පිරිස උරග කිඹුල් මිශ්‍ර පෙනුමකින් යුතු වේ.

පෘථිවියට උතුරු අහසේ පිහිටි මකරෙකුගේ පෙනුමෙන් යුත්ති ඩ්‍රැකෝ නම් තරු පන්යේ සිට එක් උරග ජීවී කාණ්ඩයක් පැමිණි අතර අනෙක් පිරිස පැමිණ ඇත්තේ මහ බල්ලා ලෙස හැඳින්වෙන සිරියස් තරු පංතියේ සිට ය.

යම් පර්යේෂකයින් ඔරායන් තරු පන්තියේ සිට පැමිණි පිටසක්වලින් ද උරග ජීවීන් හා සම යැ යි සිතති. එසේ වුවත් එය වැරදි අර්ථකථනයකි.

උරග ජීවීන් ගේ පැමිණීම තුළ පෘථිවිවසීන් ම දෙමුහුන්කරණය ක ට ලක් වූ බව බොහෝ පර්යේෂකයන්ගේ අදහසයි. ඔරායන් වාසි ඇල්නිලම් වරු පෘථිවිය ජනාවාස කරණය කරන ලද අතර එහිදී බිහි කළ මිනිසුන් ඇල්නිලම් වරුන්ගේ මුල්කාලීන පරිණාමික ස්වරූපයෙන් නිපදවූ අතර උරග ජීවීන් විසින් තෝරාගත් පෘථිවි වාසී මිනිසුන්ව ජානමය වශයෙන් දෙමුහුන්කරණය ක ට ලක් කළ රග ජීවී ව්‍යාප්තිය උදෙසා සකස් කළ බව පර්යේෂකයන්ගේ අදහසයි.

මෙහිදී මූලික ජාන වෙනස් කිරීමත් සමගම ස්වදේශික කාන්තාවන් හරහා උරග ජීවීන් බිහි කිරීම තුළින් පෘතුවියේ පාලනය කෙදිනක හෝ ඔවුන් අතට ගැනීම ඔවුනගේ අදහස විය.

මේ උදෙසා වරින් වර ලෝකයේ දියුණු වෙමින් තම බලය ගොඩනගා ගනු ලබන පෘථිවි වාසී ශිෂ්ඨාචාර වලට හා වෙනත් යහපත් පිටසක්වල ජීවීන්ගෙන් උදව් ලබන සිස්ටාචාර වලට ඉතා සූක්ෂම ආකාරයෙන් පහර දී බිද හෙලීම ඔවුන් විසින් සිදු කෙරුණි.

මෙය විශ්ව සිස්ටාචාර තුළදී ද ඔවුන් පොදුවේ ක්‍රියාත්මක කරනු ලබන තත්වයකි. ඇන්ඩ්‍රෝමීඩා කවුන්සිලයට අයත් නොවන මෙම ඩ්‍රැකෝ වාසී උරග ජීවීහු නිරන්තරව ඇන්ඩ්‍රෝමීඩා කවුන්සලයට අයත් ග්‍රහලෝක වලට පහර දීම සිදු කරනු ලබයි. එබැවින් මෙම සූක්ෂම පහරදීම් වලින් ලෝක ආරක්ෂා කිරීම උදෙසා ිරන්තරව මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ඇන්ඩ්‍රෝමීඩා කවුන්සිලයද සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටී.

මේ හේතුවෙන්ම ඩ්‍රැකෝ වරු පෘථිවි වාසීන් තුළින්ම තම පරපුර වර්ධනය කර ගැනීම උදෙසා ක්‍රියාත්මක වෙති. මේ පිළිබඳව පර්යේෂණ සිදු කරන නූතන පර්යේෂක වරු ලෝකයේ දැනට සිටින ්‍රධාන පෙළේ චරිත බොහොමයක් draco වරුන්ගේ දෙමුහුන්කරණය හරහා බිහිවූ චරිතය ඉඟි පළ කරති.

යම් අවස්ථාවල එම චරිතවල නම් වලින්ම මෙම හැඳින්වීම් සිදුකරනු ලබන අතර එම හැඳින්වීම් වලට හේතුවන මුහුණේ පිහිටන විශේෂිත ස්නායු පිහිටීම් හා ඔහුනගේ උරග ක්‍රියාකාරකම් මතු කර දක්වති.

සෑම පැරණි ශිෂ්ටාචාරයක් තුළම මෙම උරග ජීවීන් ව්‍යාප්තීන් පිළිබඳ විවිධ සංකේත දැකගත හැකි වේ. නාග පාලකයින් මකර මකර පාලකයින් කිඹුල් පාලකයින් මෙන්ම අර්ධ මිනිස් අර්ධ උරග දෙවිවරු පිලිබඳ තොරතුරු ද පුරාණ ආගමික ග්‍රන්ථයන් වල දැකගත හැකි වේ. විශේෂත්වය වනුයේ ලෝකයේ දැනට පවතින සියලුම ආගමික පරිසරයන් තුළට මෙම උරග ජීවි තොරතුරු ඇතුළත්ව පැවැතීමයි.

උරග ජීවීන් පිළිබඳව ඉපැරණි ම සාක්ෂි හමුවන්නේ මෙසපොතේනියානු ශිෂ්ටාචාරය තුළදීය. පිහාටු සහිත උරග ජීවින්ගේ සිතුවම් එහි පැරණි සිස්ටාචාරයේ ඉතිරිව ඇති බිත්ති මත දැකගත හැකි වේ. එම පිහාටු සහිත උරග ජීවීන් එහි පාලක පන්තිය නියෝජනය කරමින් එම ශිෂ්ඨාචාරය ගොඩ නැංවූ බව කියා පෑමට උත්සාහ දරනු ලබයි.

ඉන්පසු ාක්ෂි දැකගත හැකි ස්ථානය වනුයේ මහා පිරමීඩය ප්‍රමුඛ පාරාවෝ ශිෂ්ටාචාරය යි. මෙහි උරග ජීවීහු වර්ග කිහිපයක් සිටින බව අවබෝධ කොට ගත හැකි වෙයි. ඊයම් කාණ්ඩවල සුව රූප වසා දැමීම උදෙසා වුනගේ සත්‍ය ස්වරූපය වසන්වන මුහුණු ආවරණ දක්නට ඇත්තේ ද මෙම පිරමීඩ සිස්ටාචාරය තුළදීය.

පිරමීඩ සිස්ටාචාරය බිඳවැටීම උදෙසා මූලික හේතුව ලෙස සඳහන් කළ හැක්කේ ද draco පිටසක්වලයින්ගේ සහය මගෙන් පිරමීඩ පරිපාලන ඒකකය දෙකඩ වීම යි. එනම් මෙම සිස්ටාචාරය තම යටතට ගැනීම උදෙසා ඩ්‍රැකෝ වරු යම් පිරිසක් මෙහෙයවූ බව පැහැදිලි කරුණකි.

ඩ්‍රැකෝ වරුන්ට පූජනීයත්වයක් ලබන්නට තරම් පිරමීඩ සිස්ටාචාරය තුළ බලය ගොඩනැගෙන්නේ එබැවිනි.

පැරණි ශිෂ්ටාචාර අතර අවසන් වරට සක්‍රීය මට්ටමෙන්ම ඩ්‍රැකෝ වරු සබඳතා පවත්වා ඇත්තේ මායා ශිෂ්ටාචාරයේ පාකල් රජු සමග ය. පාකල් රජු ට ගුවන් තාක්ෂණය කියා දුන්නේ ඩැකෝ වරු බව පිළිගනිති.

ඉන්පසුව ජර්මනියට පිටසක්වල යානා නිපදවීමේ තාක්ශනය ලබා දෙන්නේ ද ්‍රැකෝ වරු බව පිළිගන්නා කරුණකි. එය මා පෙර ලිපියක සඳහන් කළ බව ඔබට මතක ඇති.

පිටසක්වළින් විසින් මිනිසුන් පැහැර ගෙන යෑම වද බන්ධනයන්ට ලක් කිරීම් ආදී කරුණු පිළිබඳ වරින්වර ලෝකයේ මාතෘකා මතුවෙයි. මෙවන් ආකාරයේ ක්‍රියාවන් වලට බොහෝ සෙයින් සම්බන්ධ වන්නේ මෙම පිටසක්වළ ජීවී කාණ්ඩයයි.

සරලව ගතහොත් මෙය හොඳ හා නරක අතර ඇති තරගයක් හා සමානය. ඇන්ඩ්‍රෝමීඩා කවුන්සලයට අයත් මූලික පද්ධති දොළසේ සිටින ජීවීන් මානුෂිකවාදී හැඟීම් සහිත ජීවීන් වන අතර උරග ජීවී කාණ්ඩ දෙකම බලය මත පදනම් වෙමින් ඉතා සියුම් ආකාරයේ ආක්‍රමණයන් සිදු කරමින් කටයුතු කරන පිරිසකි.

සුව දේශික කාන්තාවන් උපයෝගී කරගනිමින් මුල් කාලීනව තම පරපුර බිහි කරන ලද බව මෙක්සිකානු උමන් තුලින් හමුවු jade පතුරු වල ඇඳි සිතුවම් වලින් මනාව පැහැදිලි වේ.

2012 වර්ෂයේ පිටවල පතනට පැමිණි ජීවී කාණ්ඩයක් පිළිබඳ මා කළ හෙලිදරව්ව තුළදීද මා කියන්නට උත්සාහ කළේ draco ජීවීන් පිළිබඳව ය.

දීක්ෂා ගුරු

කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close