Arrival of Alien

පෘථිවියේ මාන පරිවර්තනය හා තාක්ෂණික මිනිසාගේ බිහිවීම

පෘථිවිය යනු තුන්වන මානයේ ග්‍රහලෝකයක් බවත් එය පරිවර්තනය ට ආසන්න වූ ග්‍රහලෝකයක් බවත් මා පෙර ලිපියකින් පෙන්වා දුනි.

මේ සිදුවීම් වලට සමගාමීව ගිය වසර (2020 ) පුරා විවිධ ආකාර වූ පිටසක්වල ක්‍රියාකාරිත්වයන් හරහා මෙම පරිවර්තනයේ විවිධ අදියරවල් ක්‍රියාත්මක කරවීමට ඇවැසි පරිසරය නිර්මාණය කරමින් සිටින බව ද මවිසින් වරින්වර හෙළි කරනු ලැබිණි.

පෘථිවිය සිව්වන මානය ට ඔසවා තැබීම යනු දියුණු ජීවී කාණ්ඩයක බිහි වීමට අවැසි පදනම සැකසීමයි. හෝමෝ සේපියන් මානවයා ගේ ම ඉදිරි දිගුවක් වීමටද ඉඩ ඇත. සරලව පවසතොත් හෝමෝ ඉරෙක්ටස් මානවයා තුළ ඇති කරන ලද අනුනාකි දෙමුහුන් කරනයක ප්‍රතිඵලයක් ලෙසින් හෝමෝ සේපියන් මානවයා බිහිකරනු ලැබුණි.

පෘථිවිය මත බිහි කරනු ලැබූ මිනිස් කාණ්ඩ අතර වේගවත් පරිනාමයක් සහිත මිනිස් කාණ්ඩය වන්නේ හෝමෝ සේපියන් මානව විශේෂයයි.

පෘථිවිය තුන්වන මානයේ සිට සිව්වන මානයට පරිවර්තනය කිරිම තුළින් බලාපොරොත්තු වන්නේ විය තුළ හා පෘථිවිය මුල්කරගත් සෞරග්‍රහ මණ්ඩලය තුළ තාක්ෂණික පරිවර්තනයක් ඇති කිරීමයි.

එ උදෙසා පෘථිවියේ පිහිටීම වෙනස් කිරීම, පෘථිවි ගර්භයේ ස්වභාවය වෙනස් කිරීම, පෘතුවියේ භ්‍රමණ වේගය වැඩි කිරීම, මෙන්ම පෘථිවි ජීවීන්ගේ මානසික මට්ටම් පරිවර්තනය කිරීම ද සිදුවෙයි.

මෙහිදී පෘතුවියේ පිහිටීම, පෘතුවියේ භ්‍රමණ වේගය, පෘතුවියේ  වෙනස් වීම හා පෘථිවි ගර්භය වෙනස්කම් කිරීමට අදාල තාක්ෂණික කාර්ය භාරව කටයුතු කරනු ලබන්නේ syrian වරු ය.

එහි දෙවන අදියර පෘථිවි මානව පරිවර්තනයයි . 2020 වසරේ මුල සිට දිගින් දිගට සිදුවනු ලබන්නේ එහිම දිගුවක් ලෙසින් සිව්වන මානය ට රැගෙන යා හැකි දියුණු පෘථිවි ජීවී කාණ්ඩයක් බිහි කිරීම උදෙසා උචිත වාරණය ක්‍රියාත්මක කිරීමයි.

මාන පරිවර්තනය තුළ පෘතුවියේ බලය පවත්වාගෙන යාම පිළිබඳව නිරන්තරව විශ්ව පාර්ශව දෙකක් අතර නිරන්තර බල අරගලයක් පවතී . එහි ප්‍රධාන පාර්ශව දෙක වන්නේ පුරාණ අධිරාජ්‍ය ( old empire ) පාර්ශවය හා ඇන්ඩ්‍රෙමිඩා කවුන්සිලය ( Andromeda Council) යි.

පෘථිවියේ පාලනය මෙම පාර්ශව දෙකෙහි ම බලපෑම තුළ ක්‍රියාත්මක වේ. මෙම කාණ්ඩ දෙකෙහි අධිපතිත්වය වර්ධනය වීම උදෙසා පෘථිවි ජීවීන්ගේ මනස තුළින් නිකුත් වන ධන හා ඍණ කිරණ හේතු වීම සිදුවෙයි. එනම් මෙම පාර්ශව දෙකෙහි ග්‍රහණයට පෘථිවි ජීවීන්ගේ නතු වීම සිදුවනුයේ ඒ හරහා ය.

මෙතෙක් පැවති බල අරගලය උච්ච මට්ටමකට පත් කරමින් 2021 ජනවාරි 28 වන දා පෘථිවි පලනයේ වැඩි ප්‍රතිශතයක් පුරාණ අධිරාජ්‍ය (old empire) පාර්ශවය උදෙසා හිමිවිණි.

එය ඔවුන් විසින් දීර්ග කාලයක් තුල සිදුකල ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. හෝමෝ සේපියන් මානවයා ගේ සිත තුළ ඇති කරනු ලබන බිය වෛරය මානසික කඩාවැටීම තුළින් ඇති කරනු ලබන සෘණ කිරණ මගින් ඔවුන්ගේ බලවත් වීම සිදුවන බැවින් මෙවර ඔවුන් උපයෝගී කරගනු ලැබුවේ කොරෝනා ව්‍යාප්තියයි.

දිගින් දිගටම විශ්ව මූලයන් වෙතින් මගේ මනසට ලබා දුන් පණිවිඩය වූයේ ජනවාරි 26 දිනට ආසන්න දිනකදී පුරාණ අධිරාජවරු යතුර සක්‍රිය කරනු ඇති බවයි. එහෙත් ඔවුන්ට එම කාර්යය සපුරාගත හැකි වූයේ 2020 ජනවාරි 28 වන දා ය.

මෙහි දී යතුර සක්‍රීය කිරීම යනුවෙන් අදහස් කරනු ලබන්නේ පෘථිවි මාන පරිවර්තනය කිරීමත් සමග එහි පාලක අයිතිය විය යුතුය. එසේත් නැතිනම් තාක්ෂණික මිනිසාගේ බිහිවීම උදෙසා ඇවැසි තත්ත්වයන් සක්‍රිය කිරීම විය හැකිය.

එදා සිට මාස පහක් ගෙවී යද්දී තාක්ෂණික මිනිසා කෙමෙන් කෙමෙන් බිහි වෙමින් සිටින බව හොඳින්ම පෙනී යමින් පවතී.

එක් පසකින් 70 දශකයට පසු පෘථිවිය ආසන්නයේහිම වූ සඳ තරණය නොකල පෘථිවි වැසියා අඟහරු මත ජනාවාස ඉදි කරන්නට සැරසෙති. විශ්වයේ හෝටල් තනන්නට සැරසෙති. සංචාරයට අඟහරු වෙත ගොස් යළි පැමිණෙන්නට සැලසුම් සකස් කරති. දින සති ගණනකින් මේ පරිවර්තනය උදා වූයේ කෙලෙසද ඇති සිතන්නටවත් නොහැකි ය.

දුරකථනය පරිගණකය අන්තර්ජාලය විශේෂිත මෙවලමක් ලෙසින් පැවති යුගය නිමා කරමින් එය මිනිසුන්ගේ තාක්ෂණික උපකරණයක් බවට පත්වෙමින් මිනිසා එකිනෙක බැඳ තබන අයුරු වෙනදාට වඩා දුෂ්‍ය වෙමින් පවතී.

මේ සියල්ල හරහා පෙනී යන්නේ තාක්ෂණික ලෝකය මෙන්ම තාක්ෂණික මිනිසා බිහි වෙමින් පවතින බවයි. එදා මිනිසා විසින් තාක්ෂණය මෙහෙය වන්නට උත්සාහ කළ ද අද වන විට තාක්ෂණය විසින් මිනිසා මෙහෙයවමින් පවතී.

සිව්වන මානය ට පරිවර්තනය වන මිනිසාගේ ස්වරූපය වනුයේ අතපය වෙහෙසා වැඩ කර මිනිසුන් වෙනුවට මනස මෙහෙය වමින් කටයුතු කරන තාක්ෂණික ජීවියෙකු බිහි වීමයි.

දීක්ෂා ගුරු

කාංචන ගීත මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close