Arrival of Alien

ජනාවාසකරණයේ පදනම වු පිටසක්වලයින්ගේ electronic force Field net

ලෝකයේ පැරණි ශිෂ්ටාචාර හැම එකකම පාහේ දක්නට ඇති මහා කළු ගල් කණු , මුහුණු , මෙන්ම මහා කළු ගල් ගොඩනැගිලි ඉදිකරනු ලැබුවේ කුමක් උදෙසා ද යන්න පිළිබඳව විවිධ මතිමතාන්තරයන් පවතී. තම බලය රැකගැනීම, තම ප්‍රෞඩත්වය විදහා පෙන්වීම මෙන්ම ක්‍රමණයන්ගෙන් හා ස්වභාවික උවදුරු වලින් ආරක්ෂා වීම ආදී කරුණු මෙම ඉදි කිරීම් කරන්නට හේතු ලෙසින් විවිධ පර්යේෂකයෝ අර්ථකථනය කරති.

එහෙත් මේ සියලු අර්ථ කථනයන් අතරින් වෙනස්ම ආකාරයේ මතයක් ඉදිරිපත් කළහොත් ඔබ තරමක් කැළඹීමට පත් වනු ඇත.

ලෝකය පුරා පර්යේෂකයින් විසින් කැණීම් කරමින් මතු කර ගන්නා ලද ලොව පුරා විසිරුණු පිරමීඩ පද්ධති, පුරාතන දේවස්ථාන , ස්ටෝන් හෙන්ජ් වැනි ඉදිකිරීම්, Gobekli Tepe නූතන සොයා ගැනීම්, ඔස්ට්‍රියාවේ Stone of the Pregnant Woman වැනි විශාල ශිලාමය ඉදිකිරීම් , පුරාතන මායා ශිෂ්ටාචාරයේ දේවස්ථාන , Easter Island හී පිහිටි විශාල ගල් මුහුණු , තුර්කියේ කොමජීන්හි විසිර ඇති ගල් මුහුණු මෙන්ම ඉපැරණි දාගැබ් ද එකිනෙක ජාමිතික දැලක ආකාරයෙන් එකිනෙක යා වෙන ලෙස පවතින බව පෙනී යයි. මෙසේ මෙම ඉදිකිරීම් එකිනෙක යා වීම සැලසුම් සහගතව කළ දෙයක් ද නැතහොත් හුදු මායාවක් පමණක්ම දැයි ගැඹුරින් සිතා බැලිය යුතුය.

ලෝකය පුරා පර්යේෂකයන් විසින් සොයා ගනු ලැබූ බොහෝ ඉදිකිරීම් ඉදි කරන්නට හේතු වූ සාධකයන් පිළිබඳ තවමත් නිශ්චිත හේතු සාධකයන් නොමැත.

පෘථිවිය මත ඉදිකළ මෙවන් ජාල දෙකක් පවතී. පළමුවැන්න old empire පිටසක්වල ජීවී කාණ්ඩයන් විසින් ජීවීන්ගේ ආත්ම පෘථිවිය මත සිර කිරීම උදෙසා නිපදවන ලද මතක මකන දැලයි. දෙවැන්න වනුයේ

පුරාතන පිටසක්වලයින් විසින් නිර්මාණය කරන ලද ඉලෙක්ට්‍රොනික බල ජාලය යි .

electronic force Field net නිර්මාණය වී ඇත්තේ මෙම ගල් කුළුණු හා බද්ධවය.

පුරාතන පිටසක්වලින් විසින් පෘතුවි වාසීන්ට කියාදන් බල ගල් තාක්ෂණය පිළිබඳව මෙන්ම මතක මකන දැල පිළිබඳවද පසුගිය ලිපි වලින් තොරතුරු හෙළි කළෙමි.

මෙම ඉලෙක්ට්‍රොනික බල ජාලය උදෙසා අවශ්‍ය ශක්තිය උත්පාදනය කරනු ලබන්නේ කඳු මුදුන්වල පිහිටවන ලද විශාල ගල්කුළු මගිනි. ඒවා අකුණු මගින් ශක්තිය ගබඩා කරගනු ලබන අතර එසේ ගබඩා කරගනු ලබන ශක්තිය පෘථිවිය පුරා විසිර ඇති ල් නිර්මාණ උපයෝගී කරගනිමින් එකිනෙක අතර ශක්තිය ප්‍රවාහනය කරනු ලබයි.

පෘථිවිය මත සෑම ගොඩබිමක ම පාහේ මෙම නිර්මාණ පවතින අතර ඒවා විවිධ ස්වරූපයන්ගෙන් යුතු වේ. මෙම නිර්මාණයන් අතර සෑම රටකමසිරස් ගල් කුලක් පිටසක්වලින් විසින් නිර්මාණය කරන ලද අතර එය එම රට තුළ පිහිටි මූලික ශක්ති නිර්මාණය කරන බල ගල් එකිනෙක යා කරමින් මධ්‍ය පරිපථයක් සේ ක්‍රියා කරනු ලබයි.

විවිධ හේතු මත රින් වර බිඳ වැටෙන මෙම මධ්‍ය පරිපථය දියුණු ලෝකය තුළ ද යළි යළිත් නිර්මාණය කෙරෙන ආකාරයන් මත මෙම ඉලෙක්ට්‍රොනික බල ජාලය තවමත් සක්‍රීයව පවතින බව අවබෝධ කරගත හැකි වේ.

ලංකාවේද තිස්සමහාරාමයේ මෙවන් පරිපථ කුලුණක් පවතී. මෙම කණු ආශි.ව යම් පද්ධතියක් පැවති බවට එම කණු හොදින් අධ්‍යනය කරන්නේනම් අවබෝධ වෙයි.

මෙම බල ජාලය මගින් ප්‍රධාන කරුණු කිහිපයක් ක්‍රියාත්මක වන අතර එහිදී මූලිකම කාර්යය වනුයේ පෘථිවිය තුළ ගුරුත්ව බලය එසේත් නැතිනම් චුම්බක බලය පවත්වාගෙන යෑමයි. එසේම යම් ශක්ති විශේෂයකට මැදි වූ චුම්බක බලය භ්‍රමණය කරවිය හැකි බව අප විද්‍යාත්මකව දන්නා කරුණකි. පෘථිවි භ්‍රමණය ඇති කිරීම උදෙසා මෙම ජාලය මගින් ඇති කරනු ලබන ශක්තිය ්‍රධාන කාර්යයක් ඉටු කරනු ලබයි.

දෙවැනි අවශ්‍යතාවය වනුයේ විශ්වය තුල පවතින ිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිි නිත්‍ය යානාවන්ට අවශ්‍ය බල ශක්තීන් ලබා ගැනීමයි.

මතක මකන දැල උදෙසා අවශ්‍ය ශක්තිය උකහා ගනු ලබන්නේ ද මෙම බල ජාලය හරහා මය. මෙම ඉලෙක්ට්‍රොනික බල ජාලය මගින් සමස්ත පෘථිවියම නිරන්තර නිරීක්ෂණයකට ලක් කරීමේ හැකියාව පිටසක්වලයන්ට පවතී.

සරලව ගතහොත් පෘථිවිය මත නිර්මාණය කරනු ලැබූ හෝමෝ සේපියන් මානවයා තවමත් පර්යේෂණාගාරයක් තුළ නිරන්තර පරීක්ෂාවන්ට ලක් වෙමින් නිරීක්ෂණය වන ජීවියෙකු හා සම වේ.

පෘථිවි චුම්භක ක්ෂේත්‍රය නිර්මාණය කිරීම උදෙසා ෙම පද්ධති ප්‍රබල කාර්යභාරයක් ඉටු කරනු ලබයි. මක්නිසාද යත් යම් ග්‍රහ ලෝකයක් තුළ ජීවයක් පැවතීමට ම ග්‍රහලෝකය චුම්බක බලය ප්‍රධාන වශයෙන්ම හේතු වේ. මෙම පද්ධති මගින් පෘථිවිය වටා නියමාකාරයෙන් චුම්බක බලය නිර්මාණය කරමින් පෘථිවිය මත ඇති දැන් විශ්වයට ගිලිහී යා නොදී අල්ලා ගෙන තබා ගනු ලබයි.

මෙම මහාශිලා ඉදිකිරීම් එකිනෙක යා වීම සෘජු රේඛා ලෙසින් පැවතීම ්‍යවශ්‍ය නොවන කරුණකි. මෙම රේඛා වක්‍ර රේඛා ලෙසින්ද සම්බන්ධ වන බව පෙනී යන අතර වරින් වර පෘථිවියට පැමිණෙන පිටසක්වල යානා හරහා මෙම බිඳ වැටෙන පද්ධති යාවත්කාලීන කිරීම ද සිදුවෙයි.

පෘථිවියේ වරින් වර සිදුවන චුම්භක බල ශේත්‍ර යන්හි වෙනස් වීම් වලට හේතු වන්නේ ලෝකයේ කොහේ හෝ මෙම පද්ධති වල පිහිටීම් වෙනස්වීමකට ලක් වීම හෝ ඒවා වල සිදු කරනු ලබන විනාශ කිරීම් ය.

මෙම දළ හරහා නිපදවනු ලබන චුම්බක ක්ෂේත්රය නැතහොත් ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් හෝමෝ සේපියන් මානවයාට හා පිටසක්වලයන් විසින් බලහත්කාරයෙන්වු වුන්ගේ බන්ධනාගාර ග්‍රහ ලෝකය වෙත එවන ලද ආත්මයන්ට මිදී යා නොහැකි වෙයි.

අප දියුණු යැයි සිතා කොතරම් උත්සහ කළද තවමත් පෘථිවියෙන් මිදී යා නොහැකි වී ඇත්තේ එබැවිනි. උදාහරණයක් ලෙස සිතුවහොත් සඳ ගමන උදෙසා යොදා ගනු ලබු ඇපලෝ රොකට්ටුවකට පෘථිවි චුම්බක බලය අභිබවා යෑම උදෙසා සුපිරි ඉන්ධන ටොන් 440000 පමණ අවශ්‍ය වේ. මෙතරම් විශාල ඉන්ධන ප්‍රමාණයක් ගබඩා කරගත හැකි යානාවක් හරහා අපට ගමන් කළ හැකි වන්නේ චන්ද්‍රයා දක්වා දුරක් පමණි.

මෙම ගුරුත්ව බලය හරහා සිදුවනුයේ විශ්ව දැල තුල ග්‍රහලෝකය ඇතුළට ගිලී යෑමයි. එය නිදසුනක් ලෙස මඩ වලක බෝලයක් ගිලී යෑම හා සමාන වේ. අප විශ්වයේ ඇති මන්දාකිණි හෝ ග්‍රහලෝක වෙත ගමන් කිරීම උදෙසා මූලිකව එම ගිලී ගිය දැලෙන් එළියට ගමන් කිරීමට බලය යෙදිය යුතු වේ. එසේ වුවත් පෘථිවිය තුළ දැනට ඇති තාක්ෂණයන් මගින් එම දැලේ කෙළවර උදෙසා ගමන් කිරීමට ද අපට හැකියාව පවතින්නේ ඉතා සීමිතව ය.

මෙම ගුරුත්වාකර්ෂණය මුල්කරගනිමින් පෘතුවි ජීවිහු සිරකරුවන් බවට පත්කරනු ලබන්නේ එළෙසින්ය.

පිටසක්වලන් විසින් නිර්මාණය කරනු ලැබූ මෙම ජාලයන් දෙක අභිභවා යෑම උදෙසා පහසුම ක්‍රමයක් පැරැණි ඍෂි වරු හා මුනිවරු අවබෝධ කොටගෙන තිබුණි. ඉලෙක්ට්‍රොනික බල ජාලය පෘථිවි ස්ථරයේ සිට මීටර් කිහිපයකට ඉහළින් පැවති අතර මෙය පෘථිවි තලයට සමානුපාතික ලෙස ජාලගත වී ඇත. 

කඳු මුදුන් වල දී මෙම ජාලයේ බලය ගිලිහෙන අතර කඳුමදුන් පොළවට සාපේක්ෂව ගුරුත්වාකර්ෂණ බලයෙන් අඩු වීමක් සිදුවේ. ඒ හේතුවෙන්ම old empire ජීවීන්ගේ මතක මකන දැලෙහි ක්‍රියාකාරීත්වයේද යම් අඩුවීමක් පවතී.

පරමාත්මය තලය නැතහොත් ආකාශා මානය හා බද්ධ වෙමින් තම ජීව ආත්මයේ උපරිම බලය ලබා ගැනීම උදෙසා මෙම කඳු මුදුන් යොදාගත හැකි බව පැරැණි සෘෂිවරු අවබෝධකොට ගත් අතර එය ප්‍රායෝගිකව භාවිතා කරමින් ලෝකයට අලුත් ඥානයන් බෙදා දෙන්නට විය. ඒ වූ කලී ආකාශා මානයෙහි වු අතීත අනාගත දැනුමයි.

දීක්ෂා ගුරු

කාංචන මනමේන්ද්‍ර

Blog Comments

Bohoma watina lipiyak sthuthi guruthumani

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close