Arrival of Alien

රාවණ පුත් මේඝනාදට උදව් කලේ එන්ලිල් ද ?

අනුනාකි නැතහොත් සුමේරියානු ශිෂ්ටාචාරය තුළ මුල්කාලීනව පැමිණි පිටසක්වළ ජීවීහු පසුකාලීනව දෙවිවරු ලෙසින් අදහන්නට වූහ. එම දෙවිවරු අතර ඉර හඳ තරු පෘථිවිය උදෙසා වෙන වෙනම දෙවිවරුන් විය.

ඉන්පසු ගුවනේ බලය සාගරයේ බලය මැවීමේ බලය ආදී දෙවිවරු විය.

මෙම දෙවිවරුන් අතර පාතාල ලෝකය භාරව සිටි දෙවි කාණ්ඩයක් ද විය. ඔවුහු අනුන්නා හා එන්ලිල් යන පොදු නාමයෙන් හඳුන්වනු ලැබුණි.

අනුන්නා

එන්කි , අනු , ඉස්ථ්‍රා වැනි දෙවිවරුන් හා සම මට්ටමේ විශේෂිත බලයක් හිමි අනුන්නා දෙවිවරුන්ගේ කාර්යය වූයේ පාතාල ලෝකය හා ස්වර්ගය පාලනය කිරීමයි.

මෙහිදී මගේ අර්ථකථනය නම් පාතාල ලෝකය යනුවෙන් අදහස් කරනු ලැබුවේ රන් කැණීම උදෙසා හාරන ලද පතල් හා මහා ආවාටයන් විය හැකි බවයි. මක්නිසාදයත් මුල්කාලීනව හෝමෝ ඉරෙක්ටස් මානවයා හා හෝමෝ සේපියන් මානවයින් බිහි කරනු ලබන්නේ රන් කැණීම උදෙසා වීමයි.

අනුන්නා දෙවියන්ගේ මූලිකම කාර්යය ලෙස පැවතියේ නිර්මාණය කරනු ලබන මිනිස්සුන්ගෙ ඉරණම තීරණය කිරීමයි. මෙම කියමනේ ගැඹුරු අර්ථයක් ඇත. මෙය එක් අතකින් තත්ව පාලක තනතුරක් හා සමානය.

හෝමෝ ඉරෙක්ටස් හා හෝමෝ සේපියන් ලෙස නිපදවන ලැබූ මෙහෙකරුවන් තම කටයුතු උදෙසා ගැලපේ ද නැතහොත් නො ගැළපේ ද යන්න තීරණය කරමින් ඔවුන්ගේ පැවැත්ම සනාථ කරනු ලබන්නේ මෙම දෙවියන් විසිනි.

එන්ලිල්

අනුනාකින් අතර උත්තරීතරම දෙවියන් ලෙසින් සැලකෙන්නේ එන්ලිල්ය. එන්ලිල් විනාශයේ දෙවියන් නැතහොත් විනාශ සුළඟ ලෙසින් හැඳින්වේ. ඇය තීරණය කරන ඉරණම කිසි ලෙසකින් වත් වෙනස් කළ නොහැකියි ස්ථිරසාර තීරණයන් ගෙන් යුතු දෙවිකෙනෙකි.

එන්ලිල්ගේ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ යම් යම් තැන්වල විවිධ ලෙසින් අර්ථ කථනය කොට ඇත. යම් තැනක ඇය දෙවඟනක් ලෙසින්ද තවත් තැනෙක ඇය දෙවි කෙනෙකු ලෙසින් ද දක්වා ඇති අතර එන්ලිල් දෙවියන් නිරූපණය කොට ඇති සියලු රූප පිරිමි රුවකින් දැක්වේ.

සියලු රටවලට රජුන් පත් කිරීමේ බලය ඇය සතුව පැවති බව කියවේ.

මෙහි දී පාතාල ලෝකය ලෙස අර්ථකථනය කරන ලද්දේ අසුර ලෝකය ද යන්න අප සිතා බැලිය යුතු කරුණකි. අනුනාකිවරු විසින් මහා ගංවතුරෙන් තම මෙහෙකරුවන් බේරා ගැනීම හා බැඳුනු කතා තුළ මෙම පිරිස බේරා ගැනීම උදෙසා දකුණු සුළඟ උපකාරී වූ බව කියවේ.

පාතාලය යන්න අතාලය යන වචනයෙන් බිඳී ආ වචනයක් යයි සිතේ. එයට හේතු වනුයේ අසුර ලෝකය යන්න තුළින් අප කියන ලෝකයේ සැබෑ නාමය අථාලය යන්නයි.

මෙසපොතේනියානු ශිෂ්ඨාචාරය තුල හෝමෝ සේපියන් වරු තම බලය ගොඩනගා ගැනීමත් සමග ඉඩම් බලය තම මිනිසුන් අතර බෙදාහැරි අතර එය සංකේතවත් කිරීම උදෙසා කුඩුරු නමින් හඳුන්වනු ලබන කැටයම්  ගලක් ඉඩම් හිමියන් වෙත ප්‍රදානය කරනු ලැබුණි.

එහි සඳහන්ව පවතිනුයේ ඉර හඳ තරු මුල් කොටගත් අනුනාකි ්‍රේෂ්ඨ දෙවිවරුන් ගේ අනුමැතියෙන්ම ෙම භූමි ප්‍රදානය කර දෙන බවයි. ප්‍රධාන දෙවිවරු

ඉර හදට යටින් මධ්‍යයේ ඇති කැස්බෑ සලකණෙන් මැවුම්කාර දෙවියන් වූ enki සංකේතවත් විය. ඉන්පසු පේලියෙ ආරම්භයේම ඇති විමාන සලකුණු දෙකින් සංකේතවත් කරනු ලැබුවේ අනුන්නා හා එන්ලිල්ය. ඔවුන් දෙදෙනා එතරම්ම වැදගත් දෙවිවරුන් දෙදෙනෙකු විය.

රාවණ පුත් මේඝනාද

මට කිව යුතු කතාව ඇරඹෙන්නේ මෙතැන් සිටය. අපේ රට තුළ අසුර ලෝකය සමග සබඳතා පැවැත්වූ කිසිවෙකුට යටත් නොවූ බලවත් සුළඟක් හා සම වූ රහසිගත දෙවියෙකු වන්දනා කළ සුරයන්ගේ භීතිය වූ චරිතයක් ගැන අසන්නට ලැබේ. ඒ අන් කිසිවෙකුත් නොව රාවණ පුත් මේඝනාද යි.

මේඝනාද කුමරු විශ්වය හා සංවේදනය කළ ස්ථානය ලෙසින් සැලකෙන්නේ නාලන්දා ගෙඩිගේ බව මා පෙර දිනක සඳහන් කළ බව මතක ඇති..

එහි පිවිසුමේ විමාන 5  බෝධිසත්ව හා සම වූ රූප දෙකක් කැටයම් කොට ඇති බව මා පෙර ලිපියෙහි සඳහන් කළ ඇත. මෙම විමාන සලකුණින් අදහස් කරනු ලැබූයේ ඔහු ඇදහූ රහසිගත බලවේගයන් විය යුතුය.

රාවණ පුත් මේඝනාද සියලු ලෝක වල පාලකයා නැතහොත් රජු තම පියා පමණක්ම විය යුතුයැයි සිතා සියලු ලෝක යටත් කර ගත් බව කියවෙි. එ උදෙසා අවසර ගත යුතු නියම කෙනා වනුයේ සියලු රජුන් පතිකරන දෙවියන්ය.

වර්තමාන මතයන්ට අනුව රාවණ පුත් මේඝනාද වන්දනා මාන කරනු ලැබුවේ නීල කණ්ඨ දේවතාවිය ටයි. ඇයත් අඳුරේ දෙවඟන ලෙසින් ප්‍රසිද්ධ ය. සත්‍ය ලෙසම මේඝනාද කුමරු පිටසක්වලින් හා සබඳතා පැවැත්වූ බව අප දන්නා කරුණකි.

එසේ නම් ඒ උදෙසා මේඝනාද කුමරුට උපකාර කරන ලද්දේ අනුනාකිවරුන් ම ය යන්න අපට සිතන්නට ඇති ලගම කරුණය.

දීක්ෂා ගුරු

කාංචන මනමේන්ද්‍ර

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x