Arrival of Alien

ප්ලෙජරන්වරුන්ගේ මුතුන් මිත්තන් විසින් සැකසු කාල දොරටුවෙන් එන එරාවරු

පෘථිවියට ආලෝක වර්ෂ හාරසිය විස්සක් පමණ දුරින් පිහිටා ඇති ගවයෙකුගේ හැඩයෙන් යුත් තාරකා පද්ධතියක් පිළිබඳ ඈත අතීතයේ සිට ම මිනිසුන් ගේ අවධානය යොමු විය. ගවයා මිනිසා හා බැඳුණු සබඳතාවය නිසා ම ගවයාගේ පෙනුම සහිත මෙම තාරකා පද්ධතිය පිළිබඳව අවධානය යොමුවන්නට හේතු වූවා විය හැකිය. එසේත් නොමැති නම් මෙම තාරකා මණ්ඩලයේ යම් විශේෂත්වයක් පැවතිය යුතුය. ප්ලෙයියඩ්ස් ටෝරස් නමින් හැඳින්වෙන මෙම තාරකා මණ්ඩලය තුළ ග්‍රහලෝක විශාල ප්‍රමාණයක් පවතින අතර ඒ කිසිවක් මිනිස් ජීවයක් රැඳීමට සුදුසු තත්ත්වයේ නොමැත. මෙම තාරකා මණ්ඩලය අවට නිල් පැහැති වායුධාරා පිරී පවතින අතර මෙම වායු ධාරාවන් ජීවයක් ඇති වීමට පරිසරය නිර්මාණය කරනු නොලබයි.


එහෙත් මෙම තාරකා පද්ධතියේ වම් පසින් ආලෝක වර්ෂ අසූවක් දුරින් එනම් පෘථිවියේ සිට ආලෝක වර්ෂ 500 ක් පමණ දුරින් විශේෂිත ග්‍රහ පද්ධතියක් පිහිටා ඇත. මෙම කලාපය අයත් වන්නේ ද නව කාල පරාසයකට අයත් පරිවර්තනය වෙමින් පවතින මානයකට ය. එසේම එය පෘථිවියේ සිට ඇති අවකාශයේ දෙවන කොටසයි.


මෙම දෙවන කොටසේ ග්‍රහ පද්ධතියක් පවතින අතර එහි තාරකා මුල්කොට ගත්  ග්‍රහලෝක 10 පමණ පවතී. ඉන් හතරක් මිනිස් ජීවය සහිත ඒවා යැයි සැලකේ. මෙම ග්‍රහලෝක 4 ටේජෙට්, ප්ලෙජරන් රෙස් , ප්ලෙයියඩ්ස් සහ ප්ලෙයාඩියන්ස්, ලෙස හැඳින්වේ.


මෙම ග්‍රහලෝක අතර පරිවර්තනය වෙමින් පවතින එක් ග්‍රහ ලෝකයක් පස් වන මානයේ ග්‍රහ ලෝකයක් සේ සලකනු ලබයි. මෙම ග්‍රහලෝකය ” එරා ” ලෙසින් ද හඳුන්වනු ලැබේ. පෘථිවියට සමාන ම ග්‍රහයා ලෙසින් සැලකෙන්නේ මෙම ලෝකයයි. මෙහි සිටින ජීවී කාණ්ඩයද පෘථිවි ජීවීන් ගේ වර්ධනීය ස්වභාවය ජීවී කාණ්ඩයක් වේ. එනම් තව මාන දෙකකට පසුව යුතුවේ සිටින මිනිසුන්ගේ ස්වභාවයෙන් යුතු මිනිසුන් ය යන්න ය. 


මෙම ග්‍රහලෝක අතර වසර පනස් දෙදහසකට පෙර කාල මාන දොරටු හා සන්නිවේදන පද්ධති ගොඩනැගුණු බව පිළිගැනේ.ඒ හරහා මෙම ග්‍රහලෝක අතර ගමන් කිරීමත් සන්නිවේදනය කිරීමත් සිදුකෙරේ. 

ප්ලෙයියාඩියන් / ප්ලෙජරන්වරුන්ටගේ අතීත මුතුන් මිත්තන් විසින් සකස් කරන ලද මෙම කාල මාන දොරටුව හරහා සිතුවිලි වේගයෙන් පණිවිඩ හා ගමන් කිරීමේ හැකියාව පවතී.ප්ලෙජන්වරුන්ගේ මතයට අනුව මෙය ආධ්‍යාත්මික දොරටුවක් යැයි පැවසේ. සරලව පැවසුවහොත් ආලෝක වර්ෂ බිලියන ගණනක් එක් සිතුවිල්ලක් තුළ ගමන් කිරීමේ හැකියාව පැවතීම යන්නය.


එරා ග්‍රහ ලෝකය පිළිබඳව මා 2012 වසරේදී කළ හෙළිදරව් අතර විය. පෘථිවියට සමාන වූ ලෝකයක් තුළට ගමන් කළ හැකි දොරටුවක් සමනල අඩවිය තුල ඇති බවට මා කල හෙලිදරව්ව ඔබට මතක ඇති.. එදා මා පැවසුවේ මෙම ලෝකය පිළිබඳ ව ය. අපට වඩා ඉදිරි මට්ටමකින් පවතින මෙම ලෝකය ඉතා සෞම්‍ය පරිසර පද්ධතියකින් යුක්ත වේ.එසේම හරිත නගර සැලැස්ම තුළ ඉදිකෙරුණ කුඩා නිවාස පද්ධති හා ප්‍රධාන නගර කිහිපයක් පමණක් දැක ගත හැකි වේ. විශාල ගොඩනැගිලි විශාල වැඩබිම් ආදී වූ පරිසරයට හානි සිදුවන ක්‍රමවේදයන් මෙහි අන්තර්ගත නැත.මෙම ලෝකයේ තාක්ෂණය නිර්මාණය වී ඇත්තේ පෘථිවිය මෙන් වර්ධනීය මානයන් දෙකකට ඉහළිණී. 


මෙහි ගොඩනැගිලි ඉදිකිරීම උදෙසා ලෝහ හා වීදුරු යොදා ගැනීම සිදුවේ. එසේම සෑම ගෘහ ඒකකයක් උදෙසා ම තමන් උදෙසා වූ බලශක්ති නිෂ්පාදනයක් ජලය නිෂ්පාදනය කිරීම හා අවශ්‍ය ආහාර වගා කිරීම සිදුවේ. එම ලෝකය තුළ ඇත්තේ යැපුම් ක්‍රම වේදයකි. ඔවුන්ගේ ආහාර රටාව පෘතුවියේ ආහාර රටාවට බොහෝ සෙයින් සමාන වන අතර ප්‍රධාන වෙනසක් වනුයේ මාංශ වර්ග සතුන් මරා ගැනීම වෙනුවට බහු අනුපිටපත් ක්‍රමවේද හරහා නිෂ්පාදනය කර ගැනීමයි.


එරා ග්‍රහ ලෝකය හා පෘථිවිය අතර ද මෙවන්ම කාල දොරටුවක් පවතී. 


මෙම කාල දොරටුව පිහිටා ඇත්තේ කොහේද ?

මෙම කාල දොරටුව පිළිබඳ පෘතුවියේ මිනිසුන් නොදන්නේද ?

මෙම කාල දොරටුව හරහා සන්නිවේදනය කරනු ලබන පෘථිවිවාසීන් සිටීද ?

v මානය තාක්ෂණික උපදෙස් හරහා දියුණු වන ලෝක බලවතුන් නොමැති ද?


ඉදිරි ලිපියෙන් ඔබ නොසිතන තොරතුරු රැසක් හෙළිවනු ඇත.


දීක්ෂා ගුරු

කාංචන මනමේන්ද්‍ර

Blog Comments

බහු අනු පිටපත් ක්‍රමයට නිශ්පාදනය කිරීම යනු කුමක්ද ගුරුතුමනි .

එක් දෙයකින් එ හා සමානම විශාල ප‍්‍රමාණයක් නිශිපාදනය කිරීම ග සරලව කියනවනම් මස් කිලෝ එකකින් මස් කිලෝ දහස් ගානක් තැණිම

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close