Arrival of Alien

garden city පිටසක්වලයින්ගේ බිදවැටුණු ශිෂඨාචාරයක්ද ?

අඟහරු ග්‍රහයා පිළිබඳ සෙවීම දශක ගණනාවක් තිස්සේ සිදු වන්නකි. මෙයට අඩ සියවසකට පෙර පිටසක්වළින් යන වචනය කිවූ සැණින් අපේ මතකයට නැගුණේ අඟහරු ලෝකයයි. අඟහරු ලෝකෙන් එන කුරුමිට්ටන් පිළිබදව සුරංගනා කතා ගොඩනඟන්නට තරම් එම මතය සමාජ ගත වී තිබුණි.

අඟහරු ග්‍රහයා තුළ ජීවයක් පවතීද යන්න සොයා බැලීම උදෙසා නාසා ආයතනය විසින් අගහරු වෙත යවන ලද කියුරියෝසිටි නම් රෝවරය මේ වන විට අඟහරු ග්‍රහයා පිළිබඳ බොහෝ තොරතුරු ලබා දී ඇත.

2015 වර්ෂයේ මැද භාගයේ දී මෙම රෝවරය විසින් එවන ලද pixel ධාරිතාවෙන් ඉතා ඉහළ ඡායාරූප අතර තිබූ අඟහරුගේ මවුන්ටන් ෂාප් නම් ප්‍රදේශයේ පාමුල පිහිටි garden city නමින් හඳුන්වන ස්ථානයේ කිලෝමීටර් හමාරක පමණ ප්‍රදේශය පුරා පැතිරුණු ඛනිජ වර්ග වලින් සෑදීණු පොලවෙන් අඟල් කිහිපයක් උසට මතුව පෙනෙන රෑපයක් පිළිබඳ වැඩි අවධානය යොමු විය.

එදා එය සොභාවික ඛනිජ පිහිටීමක් විය හැකි බවට අනුමාන කරන ලද අතර ඒ ඔස්සේ ඒ පිළිබඳව වැඩි කතිකාවක් ඇති වූයේ නැත. එහෙත් 2020 වසරේ මුල් කාර්තුවේ එය නිරීක්ෂණය කරමින් සිටී පර්යේෂකයෙක් ට එහි වු සොබාවික නොවන පිහිටීමක් පිළිබඳ හෝඩුවාවක් ලැබුණි.

අගහරු රෝවරය මගින්  එවනු ලබන්නේ ගිගා පික්සල් ජායාරූපය. මෙසේ එවනු ලබන ජායාරූප ඉතා සියුම්ව අධ්‍යයනය කරනු ලබයි. ගිගා පික්සල් ඡායාරූප වල ඇති විශේෂත්වය වනුයේ එම ඡායාරූපය උපරිම විශාලනයකට ලං කරමින් ඉතා සියුම් ආකාරයෙන් පරික්ෂා කිරීමට හැකිවීමයි.

පසුගිය කාලයේ වරින් වර අඟහරු ග්‍රහයාගේ භූමිය මත පිහිටි හැඩතල අස්ථි හා පිලිම ආදිය පිළිබඳව යම් යම් අදහස් සමාජගත වන්නේ මේ හරහා ය.

garden city ප්‍රදේශයෙන් හමු වූ මෙම ඛනිජමය ව්‍යාප්තිය යම් විශේෂිත ආකාරයෙන් කළ ගොඩනැගිලි සංකීර්ණයක් වීමට ඉඩ ඇති බව මෙම පර්යේෂකයන්ගේ අදහසයි. එම ඡායාරූප හොඳින් විශ්ලේෂණය කරන්නේ නම් එහි සත්‍යතාවයක් ද ඇතැයි සිතිය හැකිය. මිනිස් අවධානයකට ලක් නොවූ පැරණි රාජධානි සොයා ගනු ලබන අවස්ථාවන් වල දී පිහිටීම හා සමාන කොට මෙම ඉදිකිරීම් දෙස බැලූ විට මේවා තුළින් ගරාවැටුණු නගරයක සලකුණු දිස්වෙයි.

අනෙක් කාරණාව වනුයේ මෙම ව්‍යාප්තිය හා  පෘථිවියේ neska line හා සසඳා බැලූ විට එවන් ආකාරයේ නිර්මාණයක් වීමට ද ඉඩ ඇතැයි සිතන්නට ද පුළුවන. නිසාදයත් මෙම ඛනිජ ව්‍යාප්තිය පොළවෙන් අඟල් දෙක හමාරක් පමණ උසට ්‍යාප්තව පැවතීම යි.

මෙයට අමතරව මෑතකදීම එවන ලද ගිගා පික්සල් ඡායාරූපයකින් ඩයිනෝසරයන් හා සමාන විශාල සතුන්ගේ අස්ථි විසිරුණු ප්‍රදේශයක් යැයි අනුමාන කරන කලාපයක් හඳුනාගෙන ඇත.

අඟහරු ග්‍රහයාගෙන් සත්‍ය තොරතුරු තවමත් සමාජගත නොකරන බව අමුතුවෙන් කිව යුතු නැත. එයට හේතුව අභ්‍යවකාශ තරගයේ යෙදෙන බලවතුන් කිහිපදෙනෙකු විශ්වය ජය ගැනීම ුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුු තුල තම ආධිපත්‍ය රඳවා ගැනීම උදෙසා කටයුතු යොදමින් පැවතීමයි.

ඒ තත්ත්වයන් කුමක් වුවත් ඉතා ඉක්මනින්ම  සත්‍යය කුමක් ද යන්න ලෝකයට දැනගත හැකි වනු ඇත.

දීක්ෂා ගුරු

කාංචන මනමේන්ද්‍ර

Blog Comments

දැන්නෙ කතාව තේරැනේ. කොහොම උනත් මගේ විශ්වාසයනම් අපේ ග්‍රහ මණ්ඩලයේ මුල්ම ජීවය තිබුනෙ අඟහරැ වල කියන එක.ඒකට න්‍යායක් තියෙනව..

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close