Arrival of Alien

මායා ශිෂ්ඨාචාරය ගොඩනැගු Grey ET

පසුගිය හෙළි කිරීම් මාලාව තුල පිටසක්වල සබදතා යනු මිථ්‍යාවක් ම නොවන බව යම් මට්ටමකට හෝ සනාථ කරන්නට හැකිවී යැයි මා විශ්වාස කරමි.

මෙම ලිපි මාලාව ලියාගෙන යන විට විශ්ව මූලය තුළින් මට ලැබුණු පණිවිඩයකට අනුව තවදුරටත් පිටසක්වල ජීවී කාණ්ඩයන් පිළිබඳ හැදෑරීමක් ඔබට ඇවැසි යැයි මට සිතුණි. එම පණිවිඩය සරලව පවසතොත් මෙසේය.

” The Andromedan High Council, Domain Expeditionary Force, Old Empire, Sphere Being Alliance, Pleiadian High Council, Silver Legion, Galactic Federation, etc. යන කණ්ඩායම් වෙන වෙනම ඒකක ලෙස ගත යුතුය. මෙම නාම පද කිසිසේත්ම තනි කණ්ඩායමක් හැදින්වීමට භාවිතා නොකරයි. එක් කණ්ඩායමක සාමාජිකයන් තවත් කණ්ඩායමක සාමාජිකයන් විය හැක. එබැවින් ඔවුන්ගේ මූලික බෙදීම් තුළ පෙළගස්වන්න “

මෙය ඉතා සංකීර්ණ වූ කියමනකි.බුදුරජාණන් වහන්සේ ගේ දේශනයට අනුව විශ්වය යනු නොසෙවිය යුතු දෙයක් වනුයේ එබැවිනි.

අප පෘථිවිය තුළ හෝමෝසේපියන් යන මූලික ජානමය නිර්මාණය තුළ බිහි ව මිනිසුන් වර්ණය භාෂාව ආගම මත බෙදී සිටින්නා සේම විශ්වය තුළ ද බොහෝ ආකාරයේ බෙදීම් සහිත දියුණු මෙන්ම නොදියුණු ජීවීන් ද වාසය කරති.

විශ්වය පුරා ගමන් කරමින්ම තම තමන්ගේ බලය වර්ධනය කර ගැනීම උදෙසා හා මන්දාකිණිවල පැවැත්ම ග්‍රහලෝක වල පැවැත්ම එහි වාසය කරන මිනිසුන්ගේ පැවැත්ම ගොඩ නංවන්වන්නාවු ජීවීන් යනු තාක්ෂණික වශයෙන් මෙන්ම මානසික වශයෙන්ද මාන කිහිපයකින් උසස් වූ සත්වයින් ය.

අප පෘථිවිය තුළ ඉතා මෑත අවදියක් වන තෙක්ම සෘජු පිටසක්වල සබඳතා පැවැති ශිෂ්ටාචාරයන් අතර ්‍රධානම සිස්ටාචාරය බවට පත් වන්නේ වර්තමාන මෙක්සිකෝව තුළ පිහිටි පුරාතන මායා ශිස්ටාචාරය යි.

Domain Expeditionary Force යනුවෙන් හඳුන්වනු ලබන්නේ රොස්වෙල් සිදුවීමට සම්බන්ධ Grey ET නැතහොත් අලු පිටසක්වලයින්ය. Zeta Reticulans, Roswell Grey’s යන නාමයන් වලින්ද මොවුන් ව හඳුන්වනු ලැබේ.

දකුණු අහසේ පිහිටි තාරකා පද්ධතියක් වන Zeta Reticuli ලෙස හඳුන්වනු ලබන තාරකා පද්ධතියේ ඇති ග්‍රහලෝක මෙම ජීවීන් ගේ මව් ලෝකය වේ. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 39.3 දුරින් පිහිටා ඇති මෙම ග්‍රහ පද්ධතිය තුළ අපගේ සූර්යයාට සමාන තරු දෙකක් පිහිටා ඇති බව පෙනී යයි. එනම් එකිනෙකට ආසන්න වූ සූර්ය පද්ධති දෙකක් පිහිටා ඇති බව අපට සිතිය හැකිය.

අලු පිටසක්වලයින් මානව ස්වරූපී පිටසක්වලින් පිරිසක් ලෙස නොසලකනු ලබයි. ඔවුන්ගේ සම ඉතා සිනිදු අළු පැහැති පෙනුමකින් යුතු වේ. ඔහුන්ගෙ හිස විශාල වන අතර ශරීරය තුල හෝ හිස තුළ රෝම දක්නට නොමැත. මිනිස්සුන්ට සාපේක්ෂව ඔහුනගේ ඇස් විශාල වේ. අලු පිටසක්වලයින්ගේ ශරීරවල ශරීරයෙන් බාහිරට පවතින කන් හෝ ලිංගික අවයවයන් දක්නට නැත. එසේම ඉතා කුඩා ආමාශයක් හා පපු කුහර පද්ධතියකින් ඔවුන්ගේ ශරීරය සැකසී ඇති අතර මිනිස් සිරුරට සාපේක්ෂව ඉතා කුඩා අස්ථි පද්ධතියකින් ද යුතු වෙයි. හෝමෝ සේපියන් මානව සැකිල්ල හා සසඳන කල ඉතා සරල ආකෘතියක් හා වෙනස් ආකෘතියක් ඔවුනගේ සිරුර තුළ දැකගත හැකි වේ.

පෘථිවි වාසීන්ට සමාන කර බලන විට ඔවුන්ගේ බුද්ධි මට්ටම ඉතා ඉහළ මට්ටමක පවතී. මොවුන්ගේ මොලේ වර්ධනය වැඩි වීම තුළ මොවුන්ගේ හිස විශාල වී ඇති බව අපට සිතිය හැකිය.

මොහුන් සැලකෙන්නේ පෘථිවියට පැමිණ සිර වූ පිරිසක් ලෙසිනි. මොහුන්ගේ මුල් පැමිණීම වසර 8200 දෙසීයකට පෙර සිදුවී යැයි විශ්වාස කරති. වෙනත් පිටසක්වල ජීවී කාණ්ඩයක් යටතේ පවතින මෙහෙකාර ග්‍රහලෝක නැතහොත් රැඳවුම් ග්‍රරහලෝක තුළට ඇතුළු වීමට උත්සාහ දරන්නේ සවිමත් ජීවී කාණ්ඩයන් පමණි. එනම් යම් තාක්ෂණික හැකියාවන් හා සටන් කිරීමේ හැකියාවන් සහිත ජීවී කාණ්ඩයන් පරිබාහිර ලෝක ආක්‍රමණය කිරීමට උත්සාහ දරතී .

Grey ET ලාගේ මුල්ම පැමිණීම සිදුවන්නේ මෙක්සිකෝවට වන අතර එය රොස්වෙල් සිදුවීම ට සමාන ම වූ යානාවක කඩාවැටීමක් යැයි විශ්වාස කරති. වේරාක්‍රස්හි වනාන්තරයට කඩා වැටුණු යානයක් පොළොව ගිලාබැස නතර වූ බවත් එහි සිටි පිටසක්වලයින් ඔහුන්ව රැගෙන යෑමට වෙනත් යානාවක් පැමිණෙන තුරු ඔහුන්ගේ යානාව පදනම් කරගනිමින් ගුහා ජාලයක් ඉදිකර ගනිමින් ජීවත් වූ බව විශ්වාස කරනු ලබයි.

මායා ශිෂ්ටාචාර වැසියන් හා පිටසක්වල සබඳතා ගොඩනැගෙන්නේ ඒ හරහා ය. වාර්තමාන උතුරු හා දකුණු ඇමෙරිකානු ගොඩබිම්සු සුකාලීන අනුනාකි පාලනයෙන් අතහැර දැමූ නිසරු ගොඩබිම් ප්‍රදේශ සේ සැලකේ.. එයට හේතුව ිටසක්වලයින්ට අවශ්‍ය වූ වටිනා ඛනිජ එම භූමිය තුළ නො වීමයි.

හෝමෝ සේපියන් මානවයන්ගේ වේගවත් වර්ධනයත් සමග අනුනාකි ශිෂ්ටාචාර තුළින් පිටුවහල් කරනු ලැබූ යම් කාණ්ඩ හරහා සමස්ත ලෝකයම ජනාවාස වන්නට ඇතැයි සිතිය හැකිය. මෙම භූමි ප්‍රදේශ ජනාවාස වන්නේ ද ඒ හරහා ම විය හැකි ය.

දශක කිහිපයකට පෙර මෙක්සිකෝවේ Calakmul ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික මායා වරුන්ට අයත් දේව මාලිගා භූමියේ තිබී පර්යේෂකයින් විසින් සොයාගත් සාධක විශාල ප්‍රමාණයක් කෙමෙන් කෙමෙන් සමාජගත වෙමින් පවතී.

එම සාධක සමාජගත කිරීමට මෙක්සිකානු කණ්ඩායම් තීරණය කිරීමත් සමගම ලෝක සිස්ටාචාරය හා හා පිටසක්වල ජීවීන් අතර පැවති සබඳතාවන් පිළිබඳ බිඳ හෙළිය නොහැකි සාධකයන් හෙළි වීම සිදුවෙයි. දශක ගණනාවක් සඟවාගෙන සිටි මෙම සාධක හදිස්සියේ හෙළි කිරීමට හේතු වන්නේ ස්වාධීන ගවේෂකයින් යැයි විශ්වාස කරන පිරිසක් විසින් වේරාක්‍රස්හි වනාන්තර තුළින් අලු පිටසක්වලයින්ගේ මුල් උමං පද්ධති සොයාගනීමයි. එහි තිබී හමු ව පිටසක්වල සබදතා සහිත සිතුවම් අඳින ලද jade පතුරු ලෝකයට අනාවරණය කිරීමත් සමඟම Calakmul ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද පැහැදිලි පිටසක්වල සබදතා පිළිබඳ සාධකයන් තවදුරටත් සඟවාගෙන සිටීම හේතු විරහිත බව සිතන්නට ඇත.

මෙසේ හෙළි කරන ලද රූප සටහන් අතර මායා ශිෂ්ඨාචාරය තුල ඇති පිරමීඩ ගොඩනැගීම උදෙසා පිටසක්වල in හා පිටසක්වල යානාවල සහය ලබාගන්නා අයුරු පැහැදිලිව දක්වා ඇත. එසේම පිටසක්වළ ජීවි පර්යේෂණයන් හා පිටසක්වල ජීවී සබඳතා සහිතව උපදින දරුවන් පිළිබඳව බොහෝ රූපසටහන් ඒ තුළ වේ.

වර්තමාන ලෝකය දක්වා වරින්වර සඳහන් වන පිටසක්වල පැහැරගැනීම් හා පිටසක්වල ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු තුළ 75% කට වඩා කියවෙන්නේ Grey ET ලා පිළිබඳවය. එලෙස සිතන කළ තවමත් මෙම ජීවී කාණ්ඩයන්හි සබඳතාවන් පෘථිවිය හා පවතින බව අපට සිතිය හැකිය.

මෙම සොයා ගැනීම් අතර ඉතා වැදගත් රූප සටහන් බොහොමයක් වේ. ඒ අතර මුල්කාලීන අනුනාකි ශිෂ්ඨචාරයන් හා සම්බන්ධව පිරමීඩ තුළ සටහන්ව ඇති රූප සටහනක් ද දැකගත හැකි වේ. ඒ ඒ අනුව තේරුම් ගැනීමට හැකි වනුයේ මිසර ශිෂ්ටාචාරය තුළද Grey ET ලාගේ සම්බන්ධය ඉතා ප්‍රබල මට්ටමකින් පැවති බවය.

අනුනාකිවරුන් හා ඩ්‍රැකෝ වරුන්ගේ මෙන් අලු පිටසක්වලයින් පෘථිවිය මත ප්‍රබල ලෙස තම පරපුර ව්‍යාප්ත කෙරූ බව පෙනෙන්නට නැත. මායා ශිෂ්ටාචාරයේ පාකල් රජුගේ යුගයෙන් පසු අලු පිටසක්වලයින් පෘථිවිය හැර ගිය බව පිළිගනු ලබයි.

දීක්ෂා ගුරු

කාංචන මනමේන්ද්‍ර

Blog Comments

ස්තුතී ගුරුතුමනී
ගුරුතුමනී

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close