හිරන්‍ය කාශ්‍යප

හිරන්‍යාක්‍ෂ මරා දැමුවේ galactic federation එකෙන්ද ?

කාශ්‍යප සෘෂිවරයාට හා දෛත්‍යාට දාව දරුවන් තිදෙනෙකු ඉපදුණු බව මා පෙර ලිපියේ සදහන් කළා . ඉන් වැඩිමහල් දරුවා වූයේ හිරන්‍යාක්‍ෂය.

මෙම මෙම ඍෂිවරුන්ගේ සංකල්පය වූයේ පෘථිවිය තම ආධිපත්‍යයට ගැනීම නම් හිරන්‍යාක්‍ෂ වැඩිවියට පත්වීමත් සමගම තම සැලසුම ක්‍රියාත්මක කරන්නට විය. ඔහු මූලික වශයෙන් සිදු කරන ලද්දේ මුහුදු පතුලේ ශිෂ්ඨාචාර ගොඩ නැංවීමයි .

වරහා පුරාණයට අනුව හිරාන්ය යක්ෂයා විසින් පෘථිවිය  මුහුද තුළට ගෙන යන ලදී . විෂ්ණු විසින් ඌරෙකුගේ වේශයක් මවාගෙන මුහුද තුළට ගොස් පෘථිවිය ඉහලට ඔසවා  පෘථිවිය බේරා ගනු ලබයි. මෙය ගැඹුරු සංකල්පයකි.

මෙය වසර දස දහස් ගණනකට පෙර යුගයකි . එනම් nibiru වාසීන් විසින් පෘථිවිය ජනාවාස කරන ලද යුගයයි . එනම් හෝමෝ ඉරෙක්ටස් වරු ජීවත් වූ යුගයයි . පෘථිවිය මත ඉදිකල ප්‍රධාන ගොඩනැගිලිවල භාරකාරත්වය nibiru වාසීන්ගේ හා ඔවුන්ගේ පාලන ඒකකය බවට පත්වූ අනුනාකි වරුන් සතු විය .

ඔහුන්ගෙ සේවකයින් ලෙසින් නිර්මාණය කරන ලද හෝමෝ ඉරෙක්ටස් අර්ධ මානවයින් බොහෝ විට ජීවත් වූයේ රන් කැණීම් සිදුකළ පතල් ආශ්‍රිතවය . හෝමෝ ඉරෙක්ටස් ජනගහනය ඉතා විශාල වූ අතර නිඹිරු පාලන එකකට විරුද්ධව ඔහුන්ව සන්නද්ධ කිරීම මෙම ඍෂිවරු හරහා සිදු වූ බව සිතිය හැකිය .

නොදියුණු මිනිසුන් දැනුවත්භාවය තුළින් සන්නද්ධ කිරීම හරහා පාලන ඒකකයට එරෙහි ව සටන් කොට පුරාණ අධිරාජ්‍යය තුළට පෘථිවිය නතු කර ගැනීම මෙහි අදහස වන්නට ඇත. මක්නිසාද යත් මෙම සෘෂිවරු හරහා සෑම ක්ෂේත්‍රයකටම අදාල දනුම සමාජගත වී පැවතීමයි .

මේ අතර තුර හිරන්‍යාක්‍ෂ විසින් මුහුදු පතුල තුල වෙනම ජනාවාස ගොඩ නඟන අතර ඔහු ඒවායේ පාලකයා බවට පත්වෙයි. මෙහිදී ඔබට පෙර ලිපියක මා සඳහන් කළ කරුණු කීපයක් මතකයට නැගෙනු ඇත .

මුහුදු ශිෂ්ඨාචාරය ගොඩනැගූ සිරියන් B වරු හා ඔවුන්ව සංකේතවත් කරන මුහුදු මිනිසා තුළින් සංකේතවත් කරන්නේ මෙම ශිෂ්ටාචාරය වීමට ඉඩකඩ ඇත. මුහුදු යට ශිෂ්ටාචාරය ගොඩ නැගීමත් සමගම මුළු පෘථිවියම මහා ජල ගැල්මෙන් වැසියන් අතර එය එතෙක් පැවති ශිෂ්ටාචාරයේ අවසානය බවට පත්වෙයි .

එනම් මෙම මුහුදු යට ශිෂ්ටාචාරය ගොඩනැගීම හරහා අපේක්ෂා කරන ලද්දේ ජලයේ ජීවත් විය හැකි පිරිස මිස ගොඩබිම ජීවත් වූ පිරිස විනාශ කර දැමීමයි . හිරන්‍යාක්‍ෂ ගේ සැලසුම එය වන්නට ඇත. නිඹිරු වාසීන්ට පෘථිවිය අතහැර දමා පිටව යන්නට සිදුවන්නේ මේ හේතුව මතය .

මෙය මතුපිටින් කතා කරනවාට වඩා ඉතා ගැඹුරු සංකල්පයක් තුල කතා කළ හැකි වේ . එනම් වසර 2500 කට වරක් සිදුවන කල්ප විනාශයකි. පැවැති ගොඩ බිම් ජලයෙන් වැසී යාම හා නව ගොඩබිම් නිර්මාණය වීම මෙන්ම නව සූර්ය යුගයක් නිර්මාණය වීම මෙහි ගැඹුරු අරුතයි .

වරහා පුරාණයට අනුව හිරණ්‍යාක්‍ෂ මහා බ්‍රහ්මයා ගෙන් ලැබූ උදව් ලැබු  අයෙකි . එනම් මෙහි අපට හිතන්නට ඇති සංකල්පය නම්  හිරණ්‍යාක්‍ටෂ සෘජුවම වෙනත් ජීවි කාණ්ඩයක. සහාය ලබමින් පැවති බවයි . කෙසේ වෙතත් පෘථිවිය මුහුද යටට රැගෙනයෑම යනුවෙන් අදහස් කරන ලද්දේ පෘතුවියේ පාලනය මුහුද යට ස්ථාවර කිරීම යන්නයි . එනම් පෘථිවි පාලනය මුහුද යට වූ ශිෂ්ඨාචාරයකට නතු වීමයි . පෘථිවියේ පාලනය දෙවියන් අතින් ගිලිහී යෑමත් සමගම එම දෙවිවරු විෂ්ණු දෙවියන් වෙත ගොස් එය පැමිණිලිකල බව වරහා පුරාණයේ සඳහන් වේ . එනම් අපට මෙය හිතන්නට ඇත්තේ nibiru වාසීන්ගේ පාලනය පෘථිවියෙන් ගිලිහී යෑමත් සමගම ඔවුන් ඒ පිළිබඳව galactic federation එකට පැමිණිලි කරන්නට ඇති බව ය . මුහුදු අභ්‍යන්තරයට පහරදී විනාශ කර දැමිය හැකි යානයකින් විෂ්ණු නැතහොත් විශ්ව ආරක්ෂකයින් පැමිණි හිරන්‍යාක්‍ෂට එරෙහිව සටන් ආරම්භ කළේය. වරහා පුරාණය තුළ සඳහන්ව ඇති ආකාරයට ඌරාගේ විශාල දළ දෙකෙන් මුහුද අභ්‍යන්තරයේ සිරවී තිබූ පෘථිවිය ඔසවා ඉහලට ගෙන ඇත.

වර්තමානයේ මුහුද තුළ ගිලී ඇති අති විශාල පැරණි නගර හා මහා පිරමීඩ දෙස බලන විට මේවා මිත්‍යාවක් ලෙසින් බැහැර කළ නොහැකිය.

වරහා යනු නූතන submarine එකට සමාන මුහුද අභ්‍යන්තරයට ගමන් කරමින් එහි වූ අභ්‍යන්තර නගරවලට පහර දිය හැකි යානාවක් පිළිබඳව දක්වන ඉඟියක් වීමට බොහෝ විට ඉඩ ඇතියැයි අපට සිතිය හැකිය .

මෙම පහරදීමෙන් පසු හිරන්‍යාක්‍ෂ  විෂ්ණු පසුපස පැමිණෙන අතර විෂ්ණු පෘථිවිය මුහුදෙන් එළියට රැගෙන එයි. එහිදී දෙදෙනා අතර ඉතා දරුණු යුද්ධයක් ඇති වෙයි. යුද්ධය අතරතුර විෂ්ණු ගේ කලවා මත තබා ගනිමින් පෘථිවිය බිමට නොවැටි ආරක්ෂා කර ගනු ලබයි. අවසානයේ හිරන්‍යාකෂ මරා දැමූ බව වරහා පුරාණයේ සඳහන් වේ.

මෙහි ඊළඟට දැක්වෙන කරුණ තුළ ඇත්තේ ඉතා ගැඹුරු කරුණකි. පෘථිවිය නැතහොත් භූමා දේවිය තම කලවා තුළ සිරකරගෙන සිටීම හේතුවෙන් ගැබ් ගනු ලබන අතර ඇය පිරිමි දරුවෙකු වදනු ලබයි . ඔහු නමින් නරකුසර වන අතර දරුණු යුද්ධයක් අතරතුර උපත ලැබූ බැවින් ඔහු අසුරයකු ලෙස සදහන් වේ . මෙහි සඳහන් කරන්නේ විෂ්ණු විසින් නැවත පොළොව මතුපිට ජීවය ස්ථාපිත කරනු ලැබූ බව ය. එසේ නැතිනම් හෝමෝ සේපියන් මානවයාගේ උත්පත්තිය පිළිබඳව ය.

පෘථිවිය ලෙසින් කියා ඇත්තේ nibiru විසින් පවත්වාගෙන ගිය පාලනය ඒකකයේ ප්‍රධාන රජින විය හැකිය . එසේම  භූමි දෙවඟන හා විෂ්ණු එක්වී නිර්මාණය කරන නව ජීවී ප්‍රභේදය එතෙක් පැවති අර්ද මානව විශේෂයට වඩා ඉතා බුද්ධිමත් ජීවී විශේෂයක් විය යුතුය. හෝමෝ සේපියන්ලා බිහි වන්නේ එලෙසය.

මහා ජල ගැල්මෙන් පසු ජීවය රැකගැනීම ජලයෙන් ගොඩට එන මුහුදු දෙවියන් හා නව ජීවයක් නිර්මාණය කිරීම පිළිබඳ බොහෝ රූප සටහන් අනුනාකින්ගෙ දෙවොල් තුළ අද ද දක්නට ඇත . එසේනම් මේ කියා ඇත්තේ එකම කතාවකි.

හිරන්‍යාකෂගේ මව විසින් හිරන්‍ය කාශ්‍යප ලොව බලවත්ම පාලකයකු බවට පත් කරන්නට උත්සාහ කරන්නේ තම වැඩිමහල් දරුවා මරා දැමීමේ පලිය ගැනීමේ අදහසිනි.

දීක්ෂා ගුරු

කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close