Arrival of Alien

මහා ඇලෙක්සැන්ඩර් රජුගේ රිදී පළිහ ඩ‍්‍රැකෝ යානයක්ද ?

ඩ්‍රැකෝ වරු සම්බන්ධයෙන් ලෝකයේ බොහෝ සාධක පවතී. draco ජීවීන් පිළිබඳ මා ලියූ පෙර ලිපියෙන් ්‍රැකෝ වර්ග දෙකක් පිළිබඳ තොරතුරු හෙළි කළෙමි. මෙම කාණ්ඩ දෙක අතර එක් පිරිසක් පිහාටු සහිත පිරිසක් ලෙසින් ද අනෙක් පිරිස පිහාටු රහිත පිරිසක් ලෙසින් ද දැකගත හැකි වේ.

එසේම මෙම ජීවී කාණ්ඩ සුකාලීන ව්‍යාප්තීන් දෙස බලන විට ඔවුන්ගේ මුහුණුවර තුළ උරග හෝ නාග පෙනුමකට සමාන මුහුණුවරක් කටුසු පෙනුමකට සමාන මුහුණක් මෙන්ම තරමක් උකුසු පෙනුමකට සමාන මුහුණුවරක් දක්වා වූ පරිවර්තනයන් ද දැකගත හැකි වේ. පියාපත් සහිත උකුසු මුහුණුවර සහිත අනුනාකිවරු ලෙස පෙනී සිටිනු ලබන්නේ මෙම draco ජීවින්ගේ සම්භවයක් විය හැකිය.

පෘථිවිය ජනාවාස කිරීමත් සමග විවිධ සිස්ටාචාර බේද කරමින් ශිෂ්ටාචාර නිර්මාණය කළ පාලක පන්තියට එරෙහිව ටන් කිරීම උදෙසා අභ්‍යන්තර පිරිස මෙහෙයවීමට මෙම ජීවීන් කටයුතු කරන බව පෙර ලිපිය තුල සඳහන් කල අතර ලෝක සිස්ටාචාරයේ බොහෝ යුද තත්වයන් වලට මෙම ජීවීන් හේතුවූ බව පෙනී යන කරුණකි.

දෙවන ලෝක යුද්ධයේදී ද හිට්ලර් උදෙසා තාක්ෂණික සහාය ලබාදුන් බව මා මුලින්ම ලියූ ලිපිය හරහා ඔබට අවබෝධ වන්නට ඇත. රාම රාවණ යුද්ධයේදී ද රාම පාර්ශවයට මෙම ජීවින්ගේ උපකාර ලැබුණු අතර ඒ හරහා වුනට අවශ්‍ය වූයේ ඔවුන්ට හිතවත් පාලක පන්තියක් මේ පොළොව තුළ ගොඩ නැගීමයි.

මහා ඇලෙක්සැන්ඩර් රජු ලෝක ඉතිහාසයේ අද්විතීයම පාලකයෙක් සේ සැලකේ. ඉපැරණි ශිෂ්ටාචාරවල පැවති පාලන තන්ත්‍ර සියල්ල ම පරාජය කරමින් තමන්ගේ තනි පාලන ඒකකයක් ගොඩනගාගත් මහා පාලකයා සේ සැලකෙන්නේ ඔහුයි. මහා ඇලෙක්සැන්ඩර් රජුගේ යුද ඉතිහාසය සම්බන්ධයෙන් ලියැවී ඇති විවිධ කරුණු අතර ඔහු භාවිතා කළ යානා වර්ග හා ඔහු හමු වූ විශේෂිත ජීවී කාණ්ඩයක් පිළිබඳ තොරතුරු දැකගත හැකි වේ.

මහා ඇලෙක්සැන්ඩර් රජුට තම බල කදවුර ගොඩනඟාගැනීමට පිටසක්වලයින්ගේ සහය ලැබුණු බවට ඇති හොඳම සාධකය වනුයේ ඇලෙක්සැන්ඩර් රජුගේ සොහොනෙන් ලැබුණු මැටි පතුරුවන draco වරුන්ගේ රූප සටහන්ව තිබීමයි. මැසිඩෝනියානු පුරාවෘත්තයන්ට අනුව මහා ඇලෙක්සැන්ඩර් රජු ට අහසෙයි වූ රිදී පළිහ මුණගැසුණු බව කියවේ.මහා ඇලෙක්සැන්ඩර් රජුගේ ජයග්‍රහණයේ ආරම්භය එය විය. රිදී පලිහ යනුවෙන් නම් කර ඇත්තේ ඩ්‍රැකෝ වරුන්ගේ යානයක් බව මැටි පුවරු වල සටහන් කරුණු අනුව අපට සිතිය හැකිය.

මැසිඩෝනියානු නගරයකට කළ පහරදීමක් ගැන ලියවුණු පැරණි සටහනක මෙවන් අදහසක් ලියැවී ඇත ත්‍රිකෝණ හැඩයෙන් යුත් අති විශාල රිදී පලිහක් ගුවනින් පැමිණ බලකොටුවට ඉහළින් නවතා ඇත. මැසිඩෝනියානු රණකාමින් අන්දමන්ද වී ඒ දෙස බලා සිටින අතර රිදී පළිහෙන් පොළවට අකුණු එවන්නට විය. නගරය සම්පූර්ණයෙන්ම විනාශව යන තුරු රිදී පළිහ ඒ මේ අත ගමන් කරමින් අකුණු ගසන්නට විය.

ක්‍රිස්තු වර්ෂ එක්දහස් එකසිය පනහේ දී පමණ ඇලෙක්සැන්ඩර් රජුගේ යුද ඉතිහාසය සම්බන්ධයෙන් පැවති පැරණි ලිපි ලේඛන කිහිපයක් පරිවර්තනය කරමින් ලියැවුණු සටහනක් තුළ ගුවනින් යන නැවක එල්ලා ඇති විශාල බටයක් හැඩති සබ්මැරීනයක් හා සමාන වස්තුවක් මුහුද මධ්‍යයට රැගෙන විත් එමගින් මුහුද අභ්‍යන්තරයට ගමන් කළ බව සටහන් ව ඇත.

ඇලෙක්සැන්ඩර් ඉතිහාසය පිලිබඳ හෙළිකල ්‍රේෂ්ඨ පරීක්ෂකයෙකු වන ක්වින්ටස් කර්ටියස්ගේ තවත් හෙළිකිරීමක් හරහා පියාඹන ලෝකඩ පලිහක් පිළිබඳ තොරතුරු සමාජගත වෙයි. ඇලෙක්සැන්ඩර් රජුගේ හමුදා ටයිරියානුවන්ගේ බලකොටු වට ලා සිටින විට ගිනිදැල් විසුරුවන ලෝකඩ පලිහක් ගුවනින් පැමිණ ගිනිගෙන දැවෙන වැලි ඔවුන් මත ඉසින්නට විය. ශරීර හරහා විනිවිද යන වැලි වලින් කිසි ලෙසකින් ආරක්ෂා වීමට නොහැකි විය. ටයි reanu භටයෝ තම ආරක්ෂිත ඇඳුම් ගලවා දමමින් ඒවායින් බේරෙන්නට උත්සාහ කළ ද ම මාරාන්තික ප්‍රහාර වලින් කිසිසේත් ම ආරක්ෂා විය නොහැකි විය.

ඉන්දියාව දක්වා පැමිණි ඇලෙක්සැන්ඩර් රජු මකරුන්ට සමාන ජීවී කාණ්ඩයක් බඳින ලද කූඩුවක නැගී ගුවනින් ගිය බව ඇලෙක්ස්සැන්ඩර් රජු ගේ යුද ඉතිහාස කතා වල දැකගත හැකි වේ. මෙය සංකල්පයක් විය හැකිය. ඩ්‍රැකෝ ජීවින් පැමිණෙන්නේ මකරෙකුගේ පෙනුම සහිත ඩ්‍රැකෝ තරු පන්තියේ සිට බැවින් මකරුන් බැන්දේ කෝටුවක නැගී ගමන් කරා යන්නෙන් අදහස් කළේ draco වරුන් විසින් පැදවූ යානයක ගමන් කිරීම විය හැකිය.

මහා ඇලෙක්සැන්ඩර් රජුගේ සොහොන පිළිබඳ විවිධ මතවාදයන් පවතින අතර වරින් වර මහා ඇලෙක්සැන්ඩර් රජුගේ සොහොන ලෙසින් නම් කරමින් සොයා ගනු ලබන සියල්ලම අවසානයේ ්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින් එය මහා ඇලෙක්සැන්ඩර් රජුගේ සමකාලීනයකු ගේ යැයි නම් කෙරෙනු ලබයි.illinois mystery cave ද එලෙස මහා ඇලෙක්සැන්ඩර් රජුගේ සැඟවුණු සොහොන ලෙස නම් කරන ලද්දකි. මෙම සොහොන තුලින් සොයාගන්නා ලද බොහෝ මැටි පුවරු වල ඩ්‍රැකෝ ජීවීන් හා පැවැති සබඳතා පිළිබඳ කරුණු සටහන් වී ඇත. එ අතර ඇති ඉතා පැහැදිලි උරග ජීවි රූපය ඉතිහාසගත කාරණා බොහොමයකට සාක්ෂි නිර්මාණය කරනු ලබයි.

ඇලෙක්සැන්ඩර් රජුගේ යුධ ඉතිහාසය සම්බන්ධයෙන් ඇති සිදුවීම් අතර තවත් එක් විශේෂිත සිදුවීමක් දැකගත හැකි වේ. ඇලෙක්සැන්ඩර් රජු ආසියාව ආක්‍රමණය කිරීමට පැමිණි අවස්ථාවේ ඇලෙක්සැන්ඩර් රජුට වනාන්තරයක් තුළ දී කැලෑ මිනිසා ව හමු වී ඇත. මෙහි කැලෑ මිනිසා ලෙසින් අර්ථකථනය කර ඇත්තේ සොබාදහම් දෙවියන් යැයි සිතිය හැකිය. මෙම මිනිසා සමග ගණුදෙනු කළ බවක් එහි කියවේ. සොබාදහම් දෙවියන් පිලිබඳ නොදන්නා කෙනෙකුට මෙය මිථ්‍යාවකැයි බැහැර කළ හැකි වුවත් සත්‍ය ලෙස එවන් පුද්ගලයෙකු සිටින බව දන්නා අයට එය මිථ්‍යාවක් සේ බැහැර කළ නොහැකිය.

මෙම සාධක දෙස බලන කල වර්තමාන යුධ හෙලිකොප්ටරයක එල්ලාගෙන පැමිණෙන කුඩා සබ්මැරීනයක් අපට සිහියට නැගෙයි. එහෙත් අප මේ කතා කරන්නේ වර්තමාන යුගයක් පිළිබඳ නොවේ. ක්‍රිස්තු පූර්ව 332 වැනිවවැනි දහස් ගණනකට පෙර යුගයක් පිළිබඳවය.

ගුවන් නැව් සබ්මැරීන මේවා ඇලෙක්සැන්ඩර් රජු හා සම්බන්ධ වන්නේ කෙලෙසකද ? රාම රාවණ කතාව මිථ්‍යාවක් ලෙස සලකන අයට alexander ඉතිහාසයද මිත්‍යාවක් සේම සිතනු විනා අන් කළ හැකි දෙයක් නැත. එහෙත් නූතන ලෝකයේ අලූත් ම සොයා යෑම වනුයේ ඇලෙක්සැන්ඩර් රජු භාවිතා කළ තාක්ෂණය කුමක්ද යන්න යි.

දීක්ෂා ගුරු

කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close