Arrival of Alien

විශ්ව ශිෂ්ඨාචාරයේ ශ්‍රේෂ්ඨ සිංහ මිනිසුන් ( Lyrans Alien )

ගුවනින් ගිය සිංහ මිනිසුන් පිළිබඳව අප වරින් වර කතා කළෙමු. සිංහල ජාතිය වූ කලී සිංහයා සමග යහන් ගතවූ සුප්පා දේවියගෙන් පැවත එන පරපුර යැයි මහාවංශයේ ද සඳහන් වේ.

බැබිලෝනියාව ගොඩනැඟු ගුවනින් ගිය සිංහ මිනිසුන් පිළිබඳව ද , හිරන්‍ය කාශ්‍යප ට පහරදුන් සිංහ මිනිසෙකු පිළිබඳවද , පසුකාලීන anunaki පරම්පරාවල රජකු විසින් යටත් කරගත් සිංහයකු පිළිබඳව ද ඉතිහාසගත කතා අසන්නට ලැබේ.

මිසර ශිෂ්ටාචාරය තුළ වඩා ප්‍රචලිත ව ඇත්තේ සිංහ මිනිසුන්ට වඩා බළල් ගැහැනුන් ය . සිංහයා හා බලල එකම ගණයකට වැටෙන සත්ත්ව කාණ්ඩයකි.

මා අද කියන්නට උත්සහ දරනුයේ අපට ඉතා වැදගත් වන විශ්ව ශිෂ්ටාචාරයේ ඉතා පැරණි හා වැදගත් ජීවී කාණ්ඩයක් පිළිබඳවය.

Lyran Aliens (Lyrans) බළල් කුලයේ ජීවීහු උරග ජීවීන් මෙන්ම විශ්වයේ වැඩිම ප්‍රභේද සහිත ජීවී කාණ්ඩය වේ.

සිංහයන් වැනි ලයිරාන්ස්,

බළලුන් වැනි ලයිරාන්ස්, ප්ලෙයාඩියන්වරුන්ගෙන් පැවත එන ලයිරාන්ස්,

ඔරියන්ස් ග්‍රහ පද්ධතිය මුල් කර ගනිමින් ව්‍යාප්ත වූ ලයිරාන්ස්,

කුරුල්ලන්ට සමාන පෙනුමක් සහිත ලයිරාන්ස්,

සහ තවත් විශේෂිත බොහොමයක් විශ්වය පුරා පවතී.

ලයිරාන්ස්වරු විශ්වය පුරා වේගයෙන් ව්‍යාප්ත වන්නට හේතු කාරණාව වනුයේ ඇන්ඩ්‍රොමීඩා කවුන්සලය හා ප්ලෙයාඩියන්වරුන් හා එක්ව උරග ජීවීන්ට එරෙහිව විශ්ව මට්ටමේ සටන් මෙහෙයවන කාණ්ඩයක් වීමය.

මෙම සටන් මුල්කොට ගනිමින් උරග හා සටන් කිරීම උදෙසා ඔහු අත්පත් කොට ගෙන ඇති ලෝකවලට ලයිරාන්ස්වරු පිවිස එම ලෝකවල ව්‍යාප්ත වීම හරහා එම ලෝකවල ජීවී කොට්ඨාසයන්ට සමාන ලයිරාන්ස් ඛාන්ඩ බිහිවීම සිදු වුණි.

Lyrans වරුන්ගේ මව් ග්‍රහලෝක, Vega නම් දීප්තිමත් තාරකාව මුල්කොටගත් Lyra යන තරැ රටාවෙහි ඇති තාරකාවන් මුල්කොට ගත් ග්‍රහලෝක වේ.

මොවුන් මේ විශ්වයේ සිටින ආදීතම මානව ස්වරෑපි ජීවීන් කොටසකී. Pleiadian වරුන්ගේ මුතුන්මිත්තන්ද වේ. එසේ වීමට හේතුව වනුයේ

ලයිරාන්ස්වරුන්ගේ මව් ග්‍රහලෝක වලට උරග ජීවිහු පහරදී විනාශ කිරීමෙන් පසු මොවුන් Pleiades හි ග්‍රහලෝක වලට පිවිස Pleiades වලට ආවේනික ජීවින් හා දෙමුහුම් වීම නිසාවෙනි.

එමෙන්ම මොවුන් Vega හි වෙසෙන දුඹුරු පැහැ සමැති මානව ස්වරූපි ජීවීන් සමගද දෙමුහුම් වී තිබේ. ඒ Lyran ලාගේ මව් ග්‍රහලෝක විනාශ වීමට පෙරකාලයේදීය. Vega යනු Lyra තාරකා රටා⁣වෙහිම පිහිටි තවත් තාරකාවකී.

ලයිරාන්වස්රුන්ගේ ස්වරූපයන් පිළිබඳව කතා කිරීම තරමක් අපහසු කාරණාවකි. එයට හේතු වනුයේ මෙම කාණ්ඩයට අයත් බොහෝ ස්වරූප පැවැතීමයි. මානව රූපී ස්වරූප මෙන්ම සත්ව ස්වරූපයන්ගෙන් යුතු ජීවි කාණ්ඩයන දැකගත හැකි වේ.

ප්‍රධාන කාණ්ඩයක් ලෙස සිංහ මිනිසුන් ිළිබඳව විග්‍රහ කරන්නේ නම් ඔවුන් ඉතා ශක්තිමත්වි වූ ජීවි ශේෂයක් වන අතර මානව ස්වරූපී ලක්ෂණයන්ගෙන් තරමක් යුතු වුවත් මුහුණ බළල් හෝ සිංහ පෙනුමෙන් යුතු වේ ශරීරය පුරා රන් පැහැ රෝම දක්නට ඇත. ඔහු මිනිසුන් මෙන්ම සිරස්ව ගමන් කිරීම කරනු ලබන අතර ඉතා වර්ණවත් ඇඟලුම් ඇඟ ලනු ලබයි. යම් ජීවී කාණ්ඩයකට නැට්ටක් පවතින අතර එසේ නොවන අය ද සිටිති.

පෘථිවිය හා ඉතා දීර්ඝ සබඳතාවයක් ඇති ජීවී කාණ්ඩයක් ලෙස සැලකිය හැක්කේ මෙම ජීවී කාණ්ඩය වේ. මොහුන් පෘථිවියට පැමිණ ඇති බව සඳහන් වන්නේ වසර ලක්ෂ තුනකට පමණ ඉහත දී ය. එසේ බලන කල අප මන්දාකිනියේ ්‍රේෂ්ඨ ජීවී කාණ්ඩයක් ලෙස මොහුන් සැලකිය හැකිය.

ලයිරාන්ස්වරු පෘථිවියට පැමිණෙන සමයේ වත්මන් යුරෝපා තැනිතලාවන්හී අප චිම්පන්සීන් ලෙසින් හඳුන්වන වානර විශේෂයක් සිට ඇත.

ලයිරාන්ස්වරු එම ජීවීන් උපයෝගී කරගනිමින් නව වානර ස්වරූපයක් නිර්මාණය කරනු ලබයි. පෘථිවි මානව ව්‍යාප්තියේ ආරම්භය ලෙසින් සැලකෙන්නේ මෙයයි.

මෙම වානර විශේෂය උදෙසා ගින්දර නිර්මාණය කර ගනීම පිළිබඳ හුරුව ඇති කර ඇත්තේ මෙම ජීවීන් විසිනි.

ඔරායන් තාරකා පද්ධතියේ ඇති ග්‍රහලෝකයක් මුල්කරගනිමින් ව්‍යාප්ත වූ ලයිරාන්ස් කාණ්ඩයක් වන Lyra Carian (Carians) නම් විශේෂය කුරුලු ස්වරූපී මානව විශේෂයක් වේ. ඔවුන්ගේ ශාරීරික ස්වභාවය ලයිරාන්ස් ස්වරූපය වේ.

මෙම ජීවී කාණ්ඩය පසුකාලීනව උරග ජීවීන් සමඟ ජානමය වශයෙන් ව්‍යාප්ත වූ අතර ඒ හරහා Draconians යන නව කාණ්ඩය බිහිවිය. මෙම කාණ්ඩය වේගයෙන් ව්‍යාප්ත වූූ අතර පසුකලීනව කුරුලු ස්වරූපී ලයිරාන්ස් වරු හා සටන් කරමින් එම ග්‍රහ ලෝකයේ අයිතිය අල්ලාලා ගනු ලැබිණි.

anunnaki නැතහොත් අනුනාකි ලෙස ව්‍යාප්ත වූ ප්‍රධාන කාණ්ඩ දෙකෙන් එක් කාණ්ඩයක් ලෙස සැලකෙන්නේ මෙම draconians ජීවී කාණ්ඩය යි.

එසේම nordic වරුන්ගේ වැඩි ව්‍යාප්තිය සිදු වී ඇත්තේ ද ලයිරාන්ස් වරු හරහා ය.

ඒ අනුව බලන කල මන්දාකිණි ශිෂ්ටාචාරයන් අතර ඉතා ඉපැරණිම ශ්‍රේෂ්ඨම ජීවී කාණ්ඩය වනුයේ සිංහ හෝ බළල් ජීවීන් ලෙස සැලකෙන ලයිරාන්ස්වරු වේ.

 

දීක්ෂා ගුරු

කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close