ජර්මානුවන්ට පිටසක්වල තාක්ෂණය කියා දුන් මාරියා ඔර්සිෂ්
හිට්ලර් පටසක්වලින් හා ගනුදෙනු කළ බවට විවිධ මතවාදයන් පවතී. එසේම පැරණි විමාන තාක්ෂණය ටිබෙටයෙන් රැගෙන ගිය බවත් ඒවා අ
ධ්‍යනය කිරිමෙන් පිටසක්වල යානා තැනූ බවත් තවත් එක් මතයකි.
කෙසේවෙතත් ඇමෙරිකාව හා රුසියාව ප්රමුඛ ිත්‍ර හමුදා විසින් ජර්මනිය පරාජයට පත් කිරීමෙන් පසු එහි වූ විශිෂ්ට තාක්ෂණයන් ඔවුන් දෙදෙනා අතර බෙදා ගත් බව නොරහසකි.
ජර්මනිය හා පිටසක්වලයන් අතර ත්‍ය ලෙස ම තාක්ෂණික සබඳතාවයක් පැවතිය ද ?
ජර්මනියට පිට සක්වලයින්ගේ තාක්ෂණය කියාදුන්නේ පිටසක්වලින් යන්න සත්‍යයක් බව තම මනස රැගෙන යෑම තුළින් අවබෝධ කොට ගත් මාරියා ඔර්සිෂ්ය…
1895 ක්‍රොඒෂියාවේ සාග්‍රෙබ් හි උපත ලැබූ
මාරියා ඇගේ අධ්‍යාපන හැදෑරීම තුළ ඩි උනන්දුව දැක්වූයේ ගුප්ත ශාස්ත්‍ර විද්‍යාවන් කෙරෙහි ය. එහි අවසන් ප්‍රතිඵලය ලෙසින් පෘථිවියට ඔබ්බෙන් වූ ලෝකය පිළිබඳව මනසින් සොයා බලන්නට ඇය තුළ කුතුහලයක් ඇතිවිය. එම උනන්දුව තුළම මියුනිච් හි තූල් ගෙසෙල්ෂාෆ්ට් නම් රහසිගත කණ්ඩායමක් හා එක්වන ඇය විවිධ ගුප්ත ක්‍රමවේද උපයෝගී කරගනිමිනි මනස දියුණු කරන්නට වෙහෙසුණි.
මෙම පිරිස හා කටයුතු කරද්දී තමන් හා සම වයසේ වූ තරුණියන් පිරිසක් හා එක්ව තමන්ගේම කණ්ඩායමක් ගොඩනගාගත් maria තමන්ටම ආවේණික වූ ගවේශනයක් කරා යොමු විය. මෙම පිරිස Vril society නමින් සමාජගත විය.
ඔවුන් ඉතා අපූර්ව කණ්ඩායමක් විය. ඔහුන්ගෙ සොයා යෑම් පෘථිවියේ ගමන් මග වෙනස් කරන්නට හේතු විය. ජර්මනියේ දිශානතිය පමණක් නොව ඇමරිකාවේ රුසියාවේ පවා තාක්ෂණික දියුණුවට හේතු බොහෝ කරුණු ඔවුන්ගේ මනසෙන් බිහි වූ දේවල්ය.
වර්ල් කණ්ඩායමේ මුලික අභිප්‍රාය වූයේ පෘථිවි වාසීන් ගෙන් ඔබ්බෙහි වූ දියුණු ජීවීන් පිරිසක් පිළිබඳ ඉඟි සොයා ගැනීමයි. ඔහුන්ගේ වෙහෙස සාර්ථකත්වයට පත් කරමින් දියුණු ජීවී කාණ්ඩ කිහිපයක් හා ගනුදෙනු කරන්නට ඔවුන්ට අවස්ථාව උදාවිය.
මනස් ගවේශනය තුළ ඇයට මුලින්ම හමුවූයේ උරග ජීවීන් ය.ස්වදේශික ගැහැනුන්ට ඇලුම් කල උරග ජීවීහු ඔවුනගේ පරපුර බෝ කිරීම උදෙසා මෙම ගැහැනුන් වසඟයට ගන්නා බව ඇය අවබෝධකොට ගත්තාය. ඇය ඔහුව හඳුන්වනු ලැබුවේ Draco ලෙසය.
ඇයට දෙවනුව හමුවූයේ පෘථිවියට ආසන්නම
ග්‍රහ පද්ධතියක සිට පැමිණෙන ඉතා කරුණා ශීලී ආගන්තුකයන් පිරිසකි.
මාරියාට හමුවන්නේ නාග ලෝකයෙන් පැමිණි අය දැයි අපට ගැටළුවක් මතු වේ. එයට හේතුව හෙළ ඉතිහාසය
හා නාගයින් බද්ධ වී තිබීමයි.
නමුත් මාරියාට හමුවන්නේ නාගයින් නොවෙයි. ඔවුන් උරග ජීවින්ය Reptile alien. අප නාග ලෝකය කියන වචනය භාවිතා කලද ඔහුන් පිටසක්වලයින් නොවෙයි. නාග ලෝකය යනු සමාන්තර ලෝකයකි..
ඇය උරග ජීවීන් ලෙස සඳහන් කරන වර්ගය 2012 වසරේ දී මා සිරස රූපවාහිනියේ සිදුකළ ලංකාවේ පළමු පිටසක්වල ජීවින් පිළිබඳ කතාබහේදමා දුටු බවට හෙළි කළ සිතුවම ඔබට මතක ඇති ඒ ඔවුන් බව මට ස්ථිරය.
ඇය දෙවන කාණ්ඩය ලෙසින් හඳුන්වන්නේ මගේ අත්දැකීමට අනුව ඇල්නිලම් වරු යි. ඇය ඔහුව හඳුන්වන්නේ නොර්ඩික්ස්වරු ලෙසිණි. ඇය ඔහුන්ව හඳුනාගන්නෙ ඇල්ෆා සෙන්ටෝරි ග්‍රහ පද්ධතියේ සිට එන පිරිසක් ලෙසයි.
මා ඔහුන්ව හඳුනා ගන්නේ ඔරායන් හී ඇල්නිලම් ග්‍රහ පද්ධතියේ සිට එන පිරිසක් ලෙසයි…
ඇල්ෆා සෙන්ටෝරි හා ඔරායන් ග්‍රහ පද්ධති ස්ථානීය වශයෙන් එකක් නොවෙයි. නමුත් මෙතන ඇය වරදවා තේරුම් ගත් තැනක් තියෙනවා. ඇල්ෆා සෙන්ටෝරි පද්ධතියේ ත් දීප්තිමත් තාරකාවන් තුනක් තියෙනවා මින් එක් තාරකා පද්ධතියක සිට තමයි ඔහු එන්නේ…
එකහා සමානම පද්ධති දෙකක් පැවතීම තුළ මිනිසුන් නොමග යැවීම උදෙසා කල හෙළිකිරීමක් යැයිද අපට සිතන්නට අවස්ථාවක්ද නැතුවාම නොවේ.
ඔරායන් පද්ධතියෙත් දීප්තිමත් තරු තුනක් පවතින බව අපි දන්නවා. එහෙයි ඇල්නිලම් නම් ග්‍රහ පද්ධතියේ සිට තමයි ඇල්නිලම්වරු එන්නෙ…
ලෝකයේ පැරණි ශිෂ්ඨාචාර හත තුළම ගොඩනැඟී ඇති ඉදිකිරීම් maurayan පද්ධතිය හා සමපාත වෙනවා.
අනික් කාරණාව තමයි maria සිටි යුගයේදී ඔරායන් පද්ධතිය පිළිබඳව හා ලෝක ශිෂ්ඨාචාර හත පිළිබඳ සිදුකෙරෙනු ගවේෂණයන් අඩුයි. එවිට ඇයට පූර්ව දැනුමකින් තොරව යි මේ ගවේෂණය කරන්නට වෙන්නේ…
මේ කණ්ඩායම් දෙකම එක් පිරිසක් විය යුතු යැයි මා විශ්වාස කිරීමට හේතුවන ප්‍රධානම කරුණක් වන්නේ මොවුන් සතු හෝමෝ සේපියන් මානවයා හා සමාන හෝ එයින් තරමක් දුරට වර්ධනය වූ මානව රූපී ස්වභාවයක් දැරීමයි. මාරියා විසින් හඳුනාගනු ලැබූ දෙවන ජීවී කාණ්ඩයද පැහැපත් මානවරූපී ස්වභාවයකින් යුතු බව ඇය පවසා තිබුණි.
ඉන්පසු එළඹෙන්නේ සුවිශේෂී මෙහෙවරක් ඉටු කිරීම Nordic group නම් පිරිසකගේ ඉල්ලීම මත අභ්‍යවකාශ යානයක් ඉදිකිරීම උදෙසා මනස මෙහෙය වන්නට විය. උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසින් 1919 වසරේදී පළමු කුඩා අභ්භ්‍යාවකාශ යානය නිපදවන්නට හැකි සැලැස්මක් නොර්ඩික් කණ්ඩායමට ඉදිරිපත් කරන්නට හැකිවිය.
පිටසක්වල යානා පෙනුම සහිත මෙම යානය අපට හුරු වචනයෙන් පවසතොත් පියාඹන පීරිසියක් ම විය. ඉන් පසුව ඉදිරි වසර කිහිපය තුළ මෙම පියාඹන පීරිසි නිර්මාණය කිරීම උදෙසා සැලසුම් සකස් කෙරුණු අතර මෙම යානා මගින් අභ්‍යවකාශය ජය ගැනීමත් ග්‍රහලෝක තරණයත් මූලික අපේක්ෂාව විය.
මානසික බලය උපයෝගී කොට ගනිමින් කාලය හා අවකාශය ජය ගත හැකි යාන්ත්‍රික උපකරණයක් ඔවුන් අතින් නිර්මාණය කෙරුණි. මෙම කටයුතු සාර්ථකව කෙරී යද්දි තාක්ෂණික කටයුතු සාර්ථක කර ගැනීම උදෙසා maria ඇතුළු කණ්ඩායමේ පිරිස තාක්ෂණික ශිල්පීන් එක් රැස් කරන්නට විය.
මෙම කාලය වූ කලී හිට්ලර් තම බලය ස්ථාපිත කර ගැනීම උදෙසා කරළියට පිවිසෙමින් සිටි යුගය යි. හිට්ලර් ප්රමුඛ පිරිසක් ද අධි මානසික හැකියාවන් සහිත
කිහිප දෙනෙකුගේ උපකාරයෙන් ලද තොරතුරු මත අධි තාක්ෂණික හැකියාවන් සහිත තොරතුරු ටිබෙටයේ ඇති බව දැනගෙන ඔවුන් හා ඉතා සූක්ෂම සබඳතා ගොඩනඟා ගත්තේය. මේ හරහා වසර දහස් ගණනක් සුරක්ෂිතව තිබූ පිටසක්වලයන් සතු තාක්ෂණික දැනුම හිට්ලර් අතට පත් වූ බව කියවේ.
maria ඇතුළු වර්ල් කණ්ඩායමේ පිරිසගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලින් පසු හිට්ලර් ඇතුළු පිරිසට උරග ජීවී කාණ්ඩය වූ draco ඩ්රැකෝ වරු හඳුන්වාදීමට සිදුවු බව කියවේ. ජර්මානුවන් පළමු පිටසක්වල ජීවී සබඳතාවය ගොඩනැගෙන්නේ ඒ අයුරිනි.
maria ප්රමුඛ වර්ල් කණ්ඩායම තමන් නිපදවූ භ්‍යවකාශ ගවේෂණ යානය උපයෝගී කරගනිමින් විශ්ව ගවේශනය උදෙසා ගමන් කිහිපයක් ම යෙදුණු බවට විවිධ තොරතුරු පවතී. පිටසක්වළයන්ගේ යානයකට සමාන වූ මෙම යානය ඇන්ටාක්ටිකාවේ භූගත කඳවුරක් තුල නවතා තබන බවත් එකල්හි අවශ්‍ය මොහොතේ දී එය ක්‍රියාත්මක කළ බවත් කියවේ. විශ්ව ගවේශනය සඳහා යෙදෙන යානය යළි නවතා තබා ඇත්තේ මෙම භූගත කදවුර තුළ ය.
ජර්මානුවන් හට ඩ්රැකෝ ජීවීන් කණ්ඩායම හඳුන්වා දුන්නද maria නොර්ඩික්ස්වරු සමග තම මනස තුළින්්ල්ය් ප්‍රබල සබඳතාවයක් ගොඩනගා ගත් අතර අවසානයේ ඔවුන් වෙතින් පූර්ණ බලයක් ලබා ඔවුන් සමඟ පිටව ගිය බව කියවේ. 1970 වසරේදීයිිිි යළි ඇය පෘථිවියට පැමිණිිිි බවට යම් තොරතුරුම්ට පවතී. ඒ ඇය විශ්ව ගවේෂි කාවක් බවට පත් වීම හේතුවෙනි.
මාරියා පිටව ගියද වර්ල් කණ්ඩායමෙන් ලද තොරතුරු හා draco ජීවි කණ්ඩායමේ සහාය ඇතිව දිගින් දිගටම ගුරුත්වාකර්ෂණ බලය අභිබවා යා හැකි යානා නිපදවීමට හිට්ලර් විසින් පර්යේෂණ සිදු කෙරුණි. හිට්ලර් මේ සඳහා යොදා ගනු ලැබුවේ ආචාර්ය වික්ටර් ෂෝබර්ගර් ය. ඔහුව බලහත්කාරයෙන් මේ සඳහා යොදා ගත් බව ද කියැවේ.
පිටසක්වළින් ලද තාක්ෂණික උපකාරයන් බලහත්කාරයෙන් ලබාගත් වෘත්තීය උපදේශකයන් තුළින් ඇන්ටාක්ටිකාවේ භූගත උමං තුළ ඉතා දියුණු යානා කිහිපයක් සැලසුම් කරන්නට ජර්මානුවන්ට හැකිවූ බව ලෝකෙන් වසන්වූ රහසකි.