Arrival of Alien

නාග ලෝකය සමාන්තර ලෝකයක්ද ?

බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලත් කැලණි විහාරය පිළිබඳව අමුතුවෙන් කියන්නට දෙයක් නැත. එය පිහිටි තැනද නොදන්නා කෙනෙක් නැත. කැළණි පන්සල අසලින් ගලායන කැලණි ගඟන් එගොඩ පිහිටි එගොඩ කැළණි රජමහා විහාරය නැතිතරම් කිත්සිරිමෙවන් කැලණි රාජ මහා විහාරය බැතිමතුන්ගේ මනසට නොනැඟෙන ස්ථානයකි.

මෙම විහාරයේ ලිඛිත ඉතිහාසය බුදුරජාණන් වහන්සේගේ කැලණි ගමන හා බැඳී පවතී. මණිඅක්ඛිත නාරජුගේ ආරාධනය මත කැලණියට වැඩම කළ බුදුරජාණන් වහන්සේ දහවල් දානය වැළඳීමට පෙර කැලණි ගං ඉවුරේ පිහිටි ගසක් අසල විවේක ගෙන කැලණි නදියෙන් ජලස්නානය කළ බව සඳහන් වේ. එහිදී බුදුරජාණන් වහන්සේ භාවිතා කළ ජලසාටිකා ව නැතහොත් නාන කඩය තැන්පත් කොට මනිඅක්කිත නා රජු විසින් එගොඩ කැලණිය විහාරයේ ඇති දාගැබ කරවූ බව සඳහන්ව ඇත. බුදුරජාණන් වහන්සේ භාවිතා කළ ජලසාටිකා වක් තැන්පත් කර ඉදි කළ ලොව එකම දාගැබ ලෙස සැලකෙන්නේ මෙම දාගැබ යි.

මෙම සිදුවීම සඳහන් ශිලා ලිපියක් එම දාගැබ අසල දක්නට ඇත. එසේම මෙම දාගැබේ පවතින එක් විශේෂත්වයක් වනුයේ බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයක නිර්මාණය කළ බැවින් මල් පූජා කිරීම උදෙසා සකස් කර ඇති ස්ථානය තුල සිරිපතුලක් නිර්මාණය කොට තිබීම ය.මෙම දාගැබ පසු කාලයේ විවිධ රජවරුන්ගේ අනුග්‍රහය මත වැඩිදියුණු වී තිබෙනවා. ඒ අතරින් කිත්සිරිමෙවන් රජු විහාරයේ දියුණුවට විශේෂ කාර්යභාරයක් ඉටුකොට ඇති බව මෙහි ඇති ශිලා ලිපිවලින් අවබෝධ කොටගත හැකි යි.

පිළිම වන්දනාව එකල්හි නොතිබුණු බව අවබෝධ කොට ගැනීමට මෙය හොඳම සාධකයකි.

වත්මන් දේශපාලකයන්ටත් ආගමට ගරහන්නන්ටත් වැදගත් වන ශිලාමය පණිවිඩයක් ද මෙම විහාර භූමිය තුළ දක්නට ඇත. එනම් පුද පූජා කටයුතු වලට බාධා කරන්නන් අපාගත වන බවත් සාංඝික දේ පරිහරණය කරන්නන් බල්ලන් හා කපුටන් වන බවත් කළු ගලක කොටා තිබිමයි.

කැලණිය යන වචනයත් සමඟ බැඳී පවතින තවත් වචනයක් වනුයේ නාග යන්නයි. මණි අක්ඛිත නා රජු මෙන්ම නාග ගෝත්‍රයට අයත් විභීෂණ ද කැලණිය හා බැඳුණු නාග සම්භවයක් සහිත චරිතය. එසේම දුටුගැමුණු රජුගේ මව වූ විහාර මහා දේවිය නාග ගෝත්‍රික කාන්තාවක් යැයි විශ්වාසයක් පවතී.

බුදුරජාණන් වහන්සේගේ ලංකාගමනයට හේතුවන්නේ ද නාග ගෝත්‍රිකයන් හා බැඳුණු සිදුවීමකි.බුද්ධ දේශනාව තුළ සංයුක්ත නිකායේ නාග සංයුත්තය තුළ නාග වර්ග කිහිපයක් පිළිබඳ පැහැදිලි කිරීම් දැකගත හැකිවේ. ඒ අනුව නාගයන් යන බඩගා යන උරගයන් කොටසක් පමණක්ම නොවන බව ගැඹුරින් අවබෝධ කරගත හැකි වේ.

මුචලින්ද නාග දරණය මෙන්ම කුලාවක ජාතකය තුළ ද නාගයින් හා බැඳුනු සිදුවීම් බුදු දහම තුළ විග්‍රහ කරනු ලබයි. එසේම සතර වරම් දෙවියන් ගෙන් විරූපාක්ෂ නම් දෙවියන් නාගයන්ගේ අධිපති දෙවියන් සේ සැලකේ.

එසේම නාලොවට කිය රහතුන් වහන්සේලා පිළිබඳව බෞද්ධ සාහිත්‍ය තුළ සඳහන්ව තිබීම තුළ ද නාග ලෝකය යන්න ප්‍රතික්ෂේප නො වන තර්කයකි.

හෙළ යුගය තුළ යක්ෂ නාග දේව රාක්ෂ යනුවෙන් මූලික බෙදීම් හතරක් පැවති අතර එහි නාග යන බෙදීම තුළින් වෙරළ ආශ්‍රිතව ජිවත් වු නාවුක වෘත්තිය හා සම්බන්ධ පිරිස සංකේතවත් කෙරුණි.

හෙළ ඉතිහාසය තුල පිටින් පැමිණි සතුරු බලවේග වල දී වැඩිපුරම හෙළයට සතුරුකම් කළ ජන කොට්ඨාශයක් ලෙස මතුව පෙනෙන්නේ නාග ගෝත්‍රය යි. එයට මූලිකම හේතුව වන්නට ඇත්තේ වෙනත් රටවල් හා ජන කොට්ඨාස සමඟ වෙළඳ ගනුදෙනු පවත්වාගෙන ගියේ නාග ගෝත්‍රිකයන් වීම විය හැකිය.

අනෙක් කරුණ වනුයේ වසර හයදහසකට එහා ඉතිහාසයේ දී කැලණිය හා මන්නාරම ආශ්‍රිත වෙරළ බඩ ප්‍රදේශ හා ඉන්දියාව අතර අද වනවිට කිලෝමීටර් 32 ක පරතරයක් පැවතියද එදා ඉතා පටු මිරිදිය ජල තීරුවකින් වෙන්න පැවතිමයි. එහිදී හෙළ පාලන සීමාව වර්තමාන කැලණිය සිට කිලෝමීටර් පහළොවක් පමණ රට ඇතුලට විය. ඒ අතරතුර වූයේ මිනිස් ජනාවාසයෙන් දුරස් වු ගොහොරු සීමාවකි.

නාග ගෝත්‍රය හා නාග ලෝකය යනු එකක් නොව දෙකකි.

මේ සියලු තත්ත්වයන් තුළ නාගයන් සම්බන්ධ මගේ විග්‍රහයක් ද පවතී. ඒ මා අත්දැකීම් තුළින් ලත් දැනුමයි.

ඔය ගොල්ලෝ හිතන්නේ නැත්තේ ඇයි….. කැළණියේ මහ පන්සල තියෙද්දි කිත්සිරි මෙවන් රජු හෝ ඉන් පෙර එ ආසන්නයෙන්ම එගොඩ කැළණියේ විශාල චෛත්‍යවක් ඉදිකරලා විශාල පාදමක් සහිත ( පසුව ඉදිකල හෝ * බෝදියක් නිර්මාණය කරන්නේ ඇයි කියලා……… මේ බෝදිය තිබිබ තැන තමයි නාග ලෝකයට යන දොරටුව පිහිටා තිබ්බේ……….. මේක වසා දැම්මට පස්සේ එක අද තියෙන්නේ ගං දිය යටින්………… ගං දිය යටි වූ මාර්ගය විහාරයේ වූ ළිඳ සමග සම්බන්ධව ඇති බවට ද යම් මතයක් පවතී. අතීතයේ මෙතන පැති 3 කින් ආපු දිය පහර 3 එක් වෙච්ච තැනක්………….

නා ලොව සම්භන්දයෙන් කාරනා කිහිපයක් කියන්න ඔනේ

එහි නාග වර්ග 4 ඉන්නවා

1. නාග

2. දෙව නාග

3. අර්ධ නාග

4. මනු නාග

නාග කියන අය තමයි වැඩිපුරම අපේ ලෝකයත් එකක් සභදතා පවත්වන අය. මේ අය බහුල ලෙස අපේ ලෝකයට එනවා යනවා……… මේ දොරටුව සැම චන්ද්‍ර මාසේකම දින 3 විවෘත වෙනවා ඒ චන්ද්‍ර බලය මතයි මෙය ක‍්‍රීයාත්මක වෙන්නේ………. යම් චන්ද්‍ර තිතිවල දෙරටු හැරෙනවා.

දේව නාග කියන්නේ එහි බලවත්ම කොටස එ අයට විවිධ ස්වරූපයන්ට තම ශරිරි වෙන්ස් කරන්න . ශුද්‍ර ශරිර ලෙස පාවි යන්න මිනිස් සුවරුපයන් ගන්න හැකියාවක් තියෙනවා.

අර්ධ නාග කියන්නෙ අර්ධයක් මිනිස් ස්වරුපයෙන් හා අර්ධයක් නාග සුවරුපයෙන් ඉන්න පුලූවන් එ අයට සම්පුර්ණ මිනිස් වේෂය තුළ ගොඩ වෙලාවක් ඉන්න බෑ

මනු නාග කියන්නේ වැඩි සම්භාවිතාවක් මිනිස් බවට පෙරලූණු අය ඒ අය ඉන්නේ අපේ පොළවේ හැබැයි සේවය කරන්නේ නා ලොවට ඒ අයගේ සිරුරු තුළ නාග ස්වරුපයන් ක‍්‍රීයාත්මක වෙනවා……..

මේ අය යැපෙන්නේ ගොඩක් වෙලාවට මිනිසුන්ගේ අධ්‍යාත්මික ශක්තිය හරහායි.

මේ දෙරටු හරහා දෙව නාග හා අර්ධ නාග අය අපිත් එක්ක සබදතා පවත්වනවා

අප අහලා තියෙන්නේ නාග කන්‍යාවන් ගැන පමණයි නේ. එත් මේ මනු නාග කියන කොටසෙනුයි අප වඩා ප‍්‍රවේසම් විය යුත්තේ අර්ධ නාග මානවිකාවන් වගේම මනවකයන් දෙගොල්ලොම මේ පොළවට කාලෙන් කාලෙට එනවා…… 7 දෙනාගේ කණ්ඩායම් ලෙස කිසිම වෙලාවක මේ කට්ටි දෙක ( නාග මානවිකාවන් හා මානවකයන් * එකට ඉන්නේ නෑ. ඔහුන් මේ දොරටුවෙන් ඇවිත් ලෝකය පුරා විසිරෙනවා. සමාන්‍ය අයට මේ ගොල්ලන්ගෙන් හානියක් නෑ. භාවනා යෝගීන් හා අධ්‍යාත්මක ශක්තීන් සහිත අයව මොහුන් ග‍්‍රහනය කර ගන්නවා……… මොහුන්ගේ ඇස් වලින් මුදාහරින රාග විස හරහා යෝගින්ව උනත් ග‍්‍රහනය කර ගැනීමේ හැකියාව තියෙනවා……… ප‍්‍රදානම ගැටලුව මනු නාගයන් සතු මනසින් ප‍්‍රහාර එල්ල කිරිමේ හැකියාවයි…. එ නිසාම ඔහුන්ට ග‍්‍රහනය කර ගැනිමට අවශ්‍ය යෝගියා ලගට යන්නේම මනසින් ප‍්‍රහාර එල්ල කරලා.

පසු සටහන

ලිපිය කියවපු ගමන් කිහිප දෙනෙක් අහපු කාරණාවක් තමයි මේ දාගැබ තුළ යම් ශක්තියක් පවතිනවාද කියන කාරණාව.
මෙහි සුවිශේෂී ශක්තියක් පවතිනවා.
මා ලත් එක් අත්දැකීමකුත් තියෙනවා.

වසර අටකට පෙර ආශ්‍රමයේ අම්මාගේ ආත්මීය දැනුම් හා ශක්තීන් ලබා ගැනීම උදෙසා නා බෝධිය අසල ධ්‍යාන වඩන මෙන් භාවනාවෙන් උපදෙස් ලැබුණි.
ධ්‍යාන වැඩීමෙන් පසු මා හට අම්මට ලබාදෙන මෙන් භාවනාව තුළින් ඇය වසර පන්දහසකට පෙර භාවිතා කළ පුස්කොළ පොත් යයි සඳහන් කළ පුස්කොළ පොත් අතිවිශාල ප්‍රමාණයක් ලබා දුනි. ( මෙය භෞතිකව ලබාදෙන්නක් නොව මනසට ලබාදෙන දැනුම් සම්භාරයකි. ) මා එම පුස්කොළපොත් භාවනාව තුළින් ම අම්මට ලබාදුන් අතර අම්මා ඒවා තම ශක්තීන් තුළට එක්කර ගත්තාය. මා එයින් අදහස් කරන්නේ නාග සම්භන්ධයක් තුලින් අම්මාට පුර්ව ආත්මීය දැණුම් යලි සහ සම්භන්ද වු බවයි. එ උදෙසා මේ භූමියේ ශක්තියද හේතුවක් විය.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close