Arrival of Alien

දෙවියන් ලෙසින් පුද ලද නිල් ඇස් ඇති Nordic Alien

ලෝකයේ පැරණි ශිෂ්ටාචාර සියල්ලේම පාහේ දෙවිවරු පිළිබඳව විවිධ පුරාවෘතයන් පවතී. එම පුරාවෘත අතර ග්‍රීක පුරාවෘතයන්ට ලෝක අවධානය නිතැතින්ම යොමු වෙයි. එයට හේතු වනුයේ පිරමීඩ ශිෂ්ටාචාරයන් හා යම් මට්ටමකට මෙම පුරාවෘතයන් ගෙතී පැවතීමයි.

අප දෙවියන් යැයි පැවසූ විට හිතින් මවා ගන්නා රූප ස්වභාවය වනුයේ ඉතා පැහැපත් සෞම්‍ය කරුණාවන්ත මිනිසුන්ගේ සුබසිද්ධිය පිළිබඳ හිතන යමු බලවත් මානව රූපී ජීවියෙකි.

මගේ විශ්වාසය අනුව පැරණි ශිෂ්ඨාචාරයන් තුල දෙවියන් යැයි විග්‍රහ කෙරුණු කාණ්ඩ දෙකක් විය. එක් කාණ්ඩයක් වනූයේ ශිස්ටාචාර ගොඩනැංවූ පිරිසයි. අනෙක් කාණ්ඩය නම් මිනිසුන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් උපකාර කළ Nordic පිටසක්වල ජීවීන් ය.

මා එසේ පැවසීමට හේතු වනුයේ ලෝක ශිෂ්ටාචාරයන්හි ගනුදෙනු කරනු ලබන Draco Grey ET ආදී කාණ්ඩයන් හා සසඳා බලන විට Nordic වරු නිරන්තර ගෞරවාදරයට ලක්ව තිබීමයි. ඔවුන් හා සම්බන්ධ යහපත් සිදුවීම් ලෙස විග්‍රහ කළ හැකි කරුණු දක්ණට ඇත්තේ ම නැත. ” සුදු පිටසක්වලයන් ” යන වචනය තුලන් හඳුන්වනු ලබන්නේ මෙම ජීවී කාණ්ඩ යයි.

Nordics ලෙස පොදුවේ හදුන්වන්නේ Pleiades තාරකා රටාවට අයත් Alcyone තරැව සහ Taygeta තරැවෙහි සිට තවත් ආලෝක වර්ෂ 80 දුරින් 5 වන මානයෙහි පිහිටි තාරකාවන් මුල් කොටගත් ග්‍රහලෝක වල ජීවත් වන ජීවී කාන්ඩ යන්ය.

Nordics ජීවීන්ගේ ශරීර ස්වභාවය ඒරා වරුන්ට බොහෝ සෙයින් සමාන වන අතර දුඹුරු හා කහා පැහැති දිගු හිසකෙස් ඉතා පැහැපත් ශරීර වර්ණය මෙන්ම නිල් පැහැති ඇස් වලින් යුතු වේ. එය මුලික පෙනුම වුවත් ෙම ග්‍රහ පද්ධතීන් තුළ දුඹුරු සම, දුඹුරු ඇස් සහ රතු සහ දුඹුරු මිශ්‍ර වර්ණ කෙස් සහිත. මානව රූපී ජීවින්ද සිටිති.

Nordic වරු පිළිබඳ මෙම ලිපිය ලියන්නට හේතු වූ එක් කරුණක් ද ඇත.

මෙම ලිපි පෙළ තුළ තවමත් ඩ‍්‍රැකෝ වරුන් පිළිබඳ වැඩි අවධානය යොමු කරමින් ලිපි ලිය වෙමින් පවතිද්දී පසුගිය දිනක විශ්ව මූලයෙන් මා වෙත පණිවිඩයක් ලැබුණි. එය නම් ,

” විශ්වයේ ආධ්‍යාත්මික ජීවීන් වන නිල් ඇස් ඇත්තන් පිළිබඳ සොයා බලන්න “

මා මෙම ජීවීන් පිළිබඳ සොයා බලන්නට මනස යොමු කරන්නේ ඉන් පසුවය.

ඉතිහාසගත කරුණු පිළිබඳ සොයා බැලීමේදී මෙම ජීවී කාණ්ඩය මිනිසුන් හා බොහෝ අවස්ථාවන්හි මානසික සන්නිවේදනයන් සිදුකිරීමට ඉදිරිපත් වී ඇති බව පෙනේ. යම් යම් කාරණා සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් උපදෙස් ලබාදීම මෙන්ම යහපත් කාරයන් වෙනුවෙන් සමාජය පෙළ ගැස්සවීම මෙම ජීවින්ගේ විශේෂත්වයයි.

ආදරය දයාව සෙනෙහස සෞම්‍ය බව හා සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීම මෙම ජීවීන්ගේ විශේෂත්වයයි.

ආධ්‍යාත්මක වේදීන්ගේ හා යෝගීන්ගේ මනස හා සම්බන්ධ වෙමින් නිරන්තරව telepathy සබඳතා පවත්වන්නේ මෙම ජීවී කාණ්ඩය වේ.

යුධකාමී ජීවී කාණ්ඩයක් ලෙස නොසැලකෙන මෙම ජීවීන් හැමවටමමන්දාකිණි අතර ගමන් කරමින් ජීවී කාණ්ඩ යන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරන පිරිසකි. බොහෝ ජනාවාස වල මිනිසුන් මෙම පිරිස දෙවියන් සේ දකින්නට හේතු වන්නේ ද එයයි. ඇදහිලි මිත්‍යාවන් මෙන්ම ආධ්‍යාත්මික මාර්ගයක් තුළටද මෙම ජීවී කාන්ඩ යන්ගේ සබඳතා එකතු වීමට ද මෙය හේතුවක් වෙයි.

Humanoid alien නැතහොත් මානව ස්වරූපී පිටසක්වලයින් සම්බන්ධයෙන් කතා කරන විට ඉතා ප්‍රබල ලෙස හෝමෝ සේපියන් මානව රූපය සහිත ජීවී කාණ්ඩය වන්නේ Nordic වරු ය. ඔවුන්ගේ ස්වරූපය හෝමෝ සේපියන් මානවයාගේ දියුණු පරිණාමීය තත්ත්වයක් පෙන්නුම් කරනු ලබයි. වත්මන් මිනිස් පරිසරය තුළ සිටින විට කිසි සේත්ම පිටසක්වල ජීවියෙකු යැයි හඳුනා ගත නොහැකි තරමටම ඔවුන් මානව රූපී වේ.

පැරණි ශිෂ්ටාචාර තුළ මොවුන් ෙවියන් ලෙස වන්දනාමානයට පාත්‍ර වන්නට හේතු වන්නේ එදා සිටි මානවයාට වඩා තා ඉහල සෞම්‍ය ස්වරූපයකින් යුතු වීමයි.

සෑම ශිෂ්ටාචාරයකම ආධ්‍යාත්ම වේදීන් හා ගුරුවරුන් මෙම පිරිස් වෙතින් උපදෙස් ලැබූ බව හෝ මෙම ජීවීන් සමාජය පෙළ ගැසූ බව අවබෝධ කරගැනීමට ඇති එක් සාධකයක් වන්නේ එම සිස්ටාචාර වලින් හමුවන එවන් මූර්ති වල ඇස් නිල් පැහැයෙන් සලකුණු කර තිබීමයි.

වසර හයදාස් පන්සියයකට පෙර යුගයේදී Nordic වරුන් පෘථිවිය හා සබඳතා පැවැත්වූ බවට තොරතුරු හෙළිවෙමින් පවතියි. ඒ වූ කලී පුරාන ඊශ්‍රායලයේ ( Galilee) පිහිටි ඉතා විශාල ලෙනක් වන Peqi’in හී තිබී සොයා ගත් ඉතා විශාල දේහයන් ප්‍රමාණයක් සහිත සොහොන් ගෙය තුළින් හමු වූ අස්ථි වල සිදුකරන ලද DNA පර්යේෂණයන් තුළින් මේවා නූතන හෝමෝ සේපියන් මානවයා ට වඩා දියුණු ජීවී කාණ්ඩය කගේ විය යුතු බව පර්යේෂකයෝ සනාථ කරති.

එම සොහොන් තුළ ජීවීන් 600කට අධික ප්‍රමාණයකගේ ශරීර පවතී. මෙම ගුහාව තුළින් හමුවන බොහෝ සාධකයන් දේශීය ඌරුවකින් තොර වන බව පර්යේෂකයන්ගේ අදහසයි. එහි සරල අර්ථය වනුයේ වසර 6000 පන්සියයකට පෙර එම ලෙන තුල ජීවත් වූ පිරිස ස්වදේශිකයන් නොව පිටතින් පැමිණි යම් වෙනස් ජීවී කාණ්ඩයක් වන බවය.

මෙම පර්යේෂණය තුළින් සොයා ගත් ඩී එන් ඒ නියැදි හරහා ්‍රතිනිර්මාණය කරන ලද ජීවී ස්වරූපය අනුව මෙම ජීවීන් නිල් ඇස් සහිත ඉතා සෞම්‍ය සමකින් යුතු මානව විශේෂයකි. මෙහිදී අපට වැදගත්ම කාරණාව වනුයේ නිල් ඇස් ඇති ජීවීන් විශේෂයක් ය යන්න ය.

චීනයේ Kingdom of Fu-sang හී ජීවත් වූ විශේෂිත නිල් ඇස් ඇති කාන්තාවන් පිළිබඳ පුරාවෘතයන් පවතී. ඉන්දියානු ලියවිලි වල මෙන්ම ටිබෙට් හිමිවරුන්ගේ ලියවිලි තුළද මෙම නිල් ඇස් ඇති කාන්තාවන් පිළිබඳව විශේෂිත හැඳින්වීම් දැකගත හැකි වේ. එයට හේතු වනුයේ මෙම කාන්තාවන් සුව දේශික කාන්තාවන්ගෙන් වෙනස් වූ ප්‍රභූ මට්ටමක ජීවත් වීමයි.

එසේම පුරාණ ශිෂ්ටාචාරයන් අතරින් පැරණිම ශිෂ්ඨචාරයන් සේ සැලකෙන ඊජිප්තු පිරමීඩ ශිෂ්ඨාචාරයයේ පාලක පන්තිය තුළද නිල් ඇස් ඇති මානව කාණ්ඩයක් දැකගත හැකි වේ.

එසේම හෝමෝ සේපියන් වරු නිර්මාණය කිරීමේ හිමිකම සහිත සුමේරියානු ශිෂ්ටාචාරය තුළ ද පසුකාලීනව නිල් ඇස් සහිත දෙවිවරු සිටි බව ඔහනගේ මූර්ති තුළින් තහවුරු වේ. සුමේරියානු ජනතාවගේ විශ්වාසය වනුයේ නිල් ඇස් පිහිටීම දේවත්වයේ සංකේතයක් වන බවය.

පේරු හි හුවාකා ප්‍රදේශයෙන් සොයාගත් ඉන්කාවරුන් ට පෙර ජීවත් වූ සුවිශේෂී මානව කණ්ඩායමක් ලෙසින් හඳුනාගත් පිරිසකගේ මමී කෘත දේහයක් තුළින්ද නිල් ඇස් ඇති මිනිසෙකු හමුවී ඇත.

Lord of Sipán’s tomb හි හමුවූ විරකෝචගේ මමීකෘත සිරුරේ ඇස් ද නිල් පැහැයෙන් යුතු වේ. ඉන්කා ජනයාගේ සමේ වර්ණය හා සසඳා බලන විට මෙම සිරුරේ පැහැය ඉතා සුදු සමකට උරුමකම් කියනු ලබන අතර ඇස් ඉතා දීප්තිමත් නිල් පැහැයකින් යුතු වන බව කියවේ. එසේම කොණ්ඩයේ වර්ණය ද ස්ව දේශික වර්ණයෙන් වෙනස් වෙයි.

කෙසේ වෙතත් මේ සියලු පැහැදිලි කිරීම් හරහා වසර 10000 කට පෙර පෘථිවිය මත නිල් ඇස් ඇති හෝමෝ සේපියන් වරු ජීවත් නොවූ බවත් වසර හයදාස් පන්සීයකට පමණ පෙර සිට ලෝකය පුරා සිස්ටාචාර අතර නිල් ඇස් ඇති මිනිසුන් ව්‍යාප්ත වු බවත් පෙනී යයි.

එසේ ව්‍යාප්ත වූ නිල් ඇස් ඇති මිනිසුන් බොහෝ විට වන්දනාවට පාත්‍ර වූ හෝ පාලක පන්තියට අයත් වූවෝ වෙති.

එසේ වන්නට එකම හේතුව නම් ඔවුන් විශේෂිත හැකියාවන්ගෙන් යුත් පිටසක්වල ජීවීන් වීම පමණි.

දීක්ෂා ගුරු

කාංචන මනමේන්ද්‍ර

Blog Comments

Loads of the ring සිනමා පටයේ මොවුන් ගැන ව්‍යංගයෙන් කතා කරනව

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close