Arrival of Alien

old empire පිටසක්වලයින්ගේ බන්ධනාගාර ග‍්‍රහලෝකය

පිටසක්වල ජීවීන් ඔහුනගේ බාහිර ස්වරූපය මත මූලික කාණ්ඩ තුනක් යටතේ වර්ග කළ හැකි වේ.

1. මානව ස්වරූපී ,

2. උරග ස්වරූපී

3. මානව හෝ උරග ගණයට අයත් නොවන

උරග ජීවීන් තුළ ද ප්‍රධාන බෙදීම් ගණනාවක් පවතී. ඒවා අතර ඔවුනගේ වර්ණය ස්වරූපය ඔවුන් සතු හැකියාවන් ඔවුන්ගේ මන්දාකිණි , ග්‍රහලෝක පරිපාලන රටා ආදී ලෙසින් ඉතා විශාල බැදීමක් පවතී.

පෘතුවිය හා සම්බන්ධ වූ පිටසක්වල ජීවීන් පිළිබඳ කතා කරන විට වැඩි වශයෙන්ම අපට කියවෙන Draco , reptilian alien ,

Reptilian humanoid ආදී භාවිතයන් සියල්ලම පොදු තනි හැඳින්වීමක් තුළ උරග ජීවීන් යැයි හැඳින්විය හැකි වේ.

උරග ජීවී කාණ්ඩයන් අතරින් වැඩි ජීවී කාණ්ඩයන් පිරිසක් අයත් වන්නේ old empire නම් මන්දාකිණි සංවිධානයට ය. මෙය පොදු හැඳින්වීම් නාමයක් මිස ජීවී කාණ්ඩයක් නොවේ.

මෙම සංවිධානයේ මූලික අරමුණු වෙනුවෙන් පැරණි රාජධානිය යළි ගොඩනැංවීම යන්නයි. මෙම උරග ජීවී කාණ්ඩයන්හි මූලික අභිප්‍රාය වනුයේ මන්දාකිණි සියල්ලෙම පාලනය තමන් යටතට ගැනීමයි.

විශ්වයේ සිටින ආක්‍රමණකාරී පිටසක්වල කාණ්ඩයක් ලෙස සැලකෙන්නේ මෙම old empire සාමාජික ජීවි කාණ්ඩයන්ය. එසේ වුවත් මන්දාකිණි අතර විසිරුණු ොහෝ ජීවි ග්‍රහලෝක මුහුණ අත්පත් කොට ගෙන ඇත්තේ ඉතා සියුම් සැලසුම් තුළය.

Old Empire ලගේ මව් පද්ධතිය Big Dipper ලෙස නම්කරන ලද තරැ රටාවට අයත් තාරකා මුල් කොට ගෙන පවතින ග්‍රහලෝක වේ. තවද ප්‍රධාන වශයෙන් ගත් කල මොවුන් Orion තරැ රටාවට අයත් තාරකා මුල් කොට පවතින ග්‍රහලෝක ආක්‍රමණය කර base පිහිටුවාගෙන තිබෙනවා.

උරග ජීවීන් සතු ්‍රධානතම හැකියාවක් වනුයේ ස්වරූප මාරු කිරීමේ හැකියාවයි shape shifting . යම් ග්‍රහලෝකයක් තුළට පිවිසූ විට මුල් කාල පරිච්ඡේදයන්හී එම ලෝකේ ජීවී කාණ්ඩයන්හි සුව රූප දරා ගනිමින් ඉතා මිත්‍රශීලී ස්වරූපයන් තුළින් එක් එක් රටවල් හා පරිපාලන කණ්ඩායම් අතරට සම්බන්ධව ඔවුන් එකිනෙකා අතර ගැටලු නිර්මාණය කරනු ලබයි. බොහෝ කණ්ඩායම් අතර තාක්ෂණික ගැටලු නිර්මාණය කිරීමට මොවුන් බොහෝ උත්සාහ දරති. ඒ හරහා එම ලෝකය තුළ යුද්ධමය තත්වයන් නිර්මාණය කරනු ලබන අතර ඒ හරහා නිර්මාණය වන negative energy කලාපයන් තුළ මොවුන් වේගවත්ව බලවත් වීම සිදුවේ. එනම් මෙම ජීවී කාණ්ඩයන්හි පැවැත්ම negative energy හා බැඳී පැවැතීමයි. මෙම negative energy උරාගනිමින් තම අවශ්‍යතා උදෙසා එම ශක්තීන් භාවිතා කරනු ලබයි.

අප කතා කළ ඇන්ඩ්‍රොමීඩා , අනුනාකි , එරා , grey et , වැනි ජීවි කාණ්ඩයන් තම පැවැත්ම සනාථ කර ගැනීම උදෙසා වෙනත් ලෝක නිර්මාණය කරමින් කටයුතු කළ ද එසේ නිර්මාණය කරනු ලබන ලෝක හා ජීවීන් සම්බන්ධව යම් මානුෂක ස්වභාවයන් තුළ කටයුතු කරනු ලබයි.

එසේ වුවත් පැරණි රාජධානි යළි ගොඩනැගීම අරමුණු කොට ගෙන ක්‍රියාත්මක වන old empire ජීවී කාණ්ඩයන් නිරන්තරව ග්‍රහලෝක ආක්‍රමණය කරමින් හා ආක්‍රමණය නොකර ඉතා සියුම් ආකාරයෙන් ග්‍රහලෝක තමන් නතු කර ගනිමින් ආක්‍රමණකාරී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරනු ලබයි.

විශ්වය තුල වැඩිම සටන් පවතින්නේ මෙම කාණ්ඩය මුල් වීමෙනි. ඔවුන් සෑම දියුණු ලෝකයකට ම ඇතුල්වීමට උත්සාහ කරනු ලබන අතර එසේ ඇතුල් වීමෙන් පසු එම ලෝක ජීවි කාණ්ඩයන් තමන් සතුකර ගැනීම හා එම ජීවී කාණ්ඩයන් දෙමුහුන්කරණයකට ලක් කිරීම සිදුකරනු ලබයි.

විශ්වය තුල උරග ජීවී කාණ්ඩ වැඩි වීමට හේතුවද මෙයයි. ඔවුන් යටත් කරගනු ලබන ලෝක වල තමන්ට විරුද්ධ වන කාණ්ඩයන් ඝාතනය කරමින් ඔවුන් තුළින්ම උරග හා එම ලෝක ජීවීන්ගේ ස්වභාවයන් දෙමුහුන් කර නව උරග ජීවී කාණ්ඩයක් නිර්මාණය කරනු ලබයි. ඒ හරහා නිර්මාණය වනුයේ old empire අධිරාජ්‍යයට අයත් නව ලෝකයකි.

ඇල්නිලම්වරු , නිබිරු වාසිහු මෙන්ම අනුනාකිවරු විසින් ඔවුනගේ ජීවි පැවැත්ම වෙනුවෙන් ගොඩනංවන ලද පෘථිවිය හා හෝමෝ සේපියන් මානවයා හරහා පෘථිවිය දියුණු වෙත්ම old empire හී අවධානය පෘථිවිය දෙසට යොමුවන්නට විය.

මෙයොමු වීමට ප්‍රධානම හේතුවක් වන්නේ ඇල්නීලම්වරු පෘථිවිය තම පැවැත්ම වෙනුවෙන් ගොඩනැංවිය යුතු යැයි තීරණය කරනු ලබන්නේ තම ලෝකයට old empire විසින් පහරදීම ඇරඹීමත් සමගය.

කෙසේ වෙතත් දිගින් දිගට පැවති මෙම සටන් වලින් පසු අද වනවිට ඇල්නිලම් හි යම් බලයක් ගොඩනගා ගැනීමට ඔවුන් සමත් ඇත. එහි බලය ගොඩනගා ගැනීමත් සමග ඇල්නිලම්හී යටත් ලෝක තමන් සතු කරගැනීම උදෙසා සැලසුම් සකසන්නට විය. ඇල්නීලම් නිබිරු අනුනාකි ලෙසින් පරිපාලන ව්‍යූහයන් ගලාගෙන ගිය පෘථිවි ශිෂ්ටාචාරයන් ඉතා සියුම් ආකාරයෙන් දෙමුහුන් ජීවීන් නිර්මාණය කරමින් ඔවුන් යටතට පත්වූ බව පෙනී යයි.පෘථිවිය තුළ උරග ස්වරූපී මානවයන් Reptilian humanoid බිහිවන්නේද මෙම දෙමුහුන්කරණය හරහා ම ය.

අනුනාකිවරු හෝමෝ සේපියන් මානවයින් නිර්මාණය කරමින් පෘථිවි වාසී පාලන පන්තියක් නිර්මාණය කළ බැවින් මෙම හෝමෝ සේපියන් වරු හා උරග ස්වරූපී මානවයන් Reptilian humanoid අතර නිරන්තර ගැටුම් හටගත් බව පෙනී යයි. මෙය පෙර සඳහන් කළ ආකාරයේ රැවටීම් හා සියුම් සැලසුම් හරහා ඇති කරනු ලැබූ යුද්ධයන්ය.

පාරාවෝ වරුන්ගේ ්‍යාප්තිය පිළිබඳව සටහන්ව ඇති යම් රූපසටහන් තුළද පැහැදිලි ලෙසම උරග ජීවීන් හරහා ාරාවෝ පරපුර ව්‍යාප්ත වූ හැටි දැක ගත හැකි වේ.

කෙසේවතත් උරග ජීවීන් ගේ බලය පෘතුවිය තුල වැඩි වීමත් සමග අනුනාකිවරු පිටව ගිය බව පෙනී යයි. එයට ප්‍රධානම හේතුව වන්නේ old empire විසින් අල්ලාා ගනු ලබන ලෝකයන් වටා akashic records ලිපිය තුුළ මා විග්‍රහ කළ මතක මකන පද්ධතිය අභිබවා යන මතකය මකා දමනු ලබන දැලක් නිර්මාණය කිරීමයි.

old empire ජීවින්ට අනුව ඔවුන් අල්ලා ගනු ලබන ග්‍රහලෝක සිරගෙවල් Prison planet සේ හඳුන්වනු ලබයි.

Old Empire ලාගේ මතක මකන දැල පෘථිවිය මුල් කර ගනිමින් පෘථිවි ගර්භයේ පවතින පිරමිඩයකින් බලය ලබා ගනිමින් ක්‍රියාත්මක වේ.

පෘථිවිය තුල පවතින පිරමීඩ එක් පද්ධතියක් හා සම්බන්ධව ක්‍රියාත්මක වන බැවින් මෙම පිරමිඩය අක්‍රිය කලහොත් පෘථිවියේ සමස්ත පද්ධතියට හානි වීමේ හැකියාවක් පවැතී.

මෙම දැලට බලය සපයන ප‍්‍රධාන පිරමීඩය පිහිටා ඇත්තේ ශ‍්‍රී ලංකාවේ කදුකරයේ මධ්‍යයේය. මා කලින් කදහන් කල පරිදි අප රට පිරමීඩයක් මත කෘතිමව නිර්මාණය කරන ලද්දකි.

පෘථිවිය හා දැනට ද සබඳතා පවත්වන අනෙකුත් ජීවීන් විසින්

මේම දැලේ loop holes කිහිපයක් සාදා ඇති අතර සම්පූර්ණයෙන්ම අක්රීය කිරීමට ඔවුනටද හැකියාවක් ලැබී නැත. ඔහුනගේ නික්ම යාමට බොහෝ සෙයින් හේතු වන්නට ඇත්තේ මෙය විය හැකිය.

පෘථිවිය 4 හා 5 මාන වලට පිවිසීමට පෙර මෙම අක්‍රිය කිරීම සිදු නොවුනොත් එමගින් පෘථිවි ජීවීන්ගේ මානසික වර්ධනය බලාපොරොත්තු වන අයුරින් සිදු නොවීමට හේතුවක් වනු ඇත.

Prison planet යන සංකල්පය මත ක්‍රියාත්මක වනුයේ Old Empire යටත් කරගනු ලබන ග්‍රහලොවක සිටින ඔවුනට අනවශ්‍ය යයි සිතන ජීවීන්ගේ ආත්මය ඔවුනගේ බාහිර ශරීරයෙන් ඉවත් කොට ඔහුගේ නියම මතකය මකා දමා ඔහුට අදාලම නොවන කර්මයන් ඔහු තුළට ඇතුල් කොට පෘථිවිය වැනි බන්ධනාගාර ග්‍රහලෝක වෙත එවනු ලබයි. ඒ හරහා එම ජීවියා තව තවත් කර්ම රැස්කර ගනිමින් එම සිරගෙය තුල කාලය ගත කරනු ලබයි. මෙම මතක මකන දැල මගෙන් සිදු කරනු ලබන්නේ ෙම ලෝකන් මිදී යෑමට අවශ්‍ය දැනුම වලකා ලීමයි.

ඉතා ප්‍රබල මානසික හැකියාවක් ඇති අය මෙම දැල bypass කරගෙන වෙනත් ග්‍රහලොවක හෝ මානයකට යා හැකි වුනත් බොහෝ අයට එයට හැකියාවන් නිර්මාණය කරගත නොහැකිය. බොහෝවිට පුද්ගලයාගේ මරණය සිදුවන මොහොතේ දී ආත්මය රුගෙන යෑම උදෙසා ඔහුන්ගේ නියම ලෝකයේ ජීවීන් පැමිණෙන බවට යම් විශ්වාසයන් පවතී. එය තරමක් දුරට යම් පුද්ගලයෙකු බන්ධනාගාරයෙන් නිදහස් වන විට රැගෙන යෑමට තම ඥාතීන් පැමිණීම හා සමාන වේ.

කෙසේ වෙතත් අප පෘථිවිය තාක්ෂණික වශයෙන් කොතරම් දියුණුව පැවතියත් තවමත් පෘථිවියෙන් පිට ග්‍රහ ලොවකට ජීවයක් සොයාගන්නට යන්නට තරම් වර්ධනීය තාක්ෂණයක් බිහි නොවන්නේ මෙම මතක මකන දැල හේතුවෙනි.

එය යම් දිනක බිඳ වැටුණහොත් පෘථිවි ජීවීහු අනෙකුත් සක්වල ජීවීන් මෙන්ම විශ්වයේ ඔබ මොබ ගමන් කරනු ඇත. එහෙත් එය සිතන තරම් පහසු කටයුත්තක් නො වන්නේ අප තවමත් old empire ලාගේ ්‍රහණයට හසුව පවතින බැවිනි.

දීක්ෂා ගුරු

කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close