Arrival of Alien

Cm 70 ක් උස මාරියා පිටසක්වලයෙක්ද ?

දකුණු පෙරු හී පිහිටි nazca line තවමත් නොවිසඳුනු අබිරහසකි.

nazca line වලින් කියවෙන්නේ කුමක් ද?

මේවා ඇන්දේ කවුරුන්ද ?

එම අබිරහස දෙගුණ තෙගුණ කරමින් වසර කිහිපයකට පෙර ඒ ආසන්නයේම පිහිටි සොහොන් ගෙයකින් මමීකෘත වු කාන්තා සිරුරක් සොයා ගනු ලැබිණි. ඇය  maria ලෙස නම් කෙරුණි.

පැරණි ශිෂ්ටාචාර කිහිපයකින්ම මමීකෘත සිරුරු හමුවී ඇති බැවින් maria විශේෂයක් ලෙස දක්වන්නට හේතු

ව කුමක්ද ? ඇමරිකානු විද්‍යාඥයන්ගේ කාල නීර්ණයට අනුව වසර 6000 පන්සීයකට වඩා ඉතිහාසයක් ඇති මෙම මමීය පෘථිවි වාසියෙකුගේ නොවීමට බොහෝ සෙයින් ඉඩ ඇති බව ඔහුනගේ පිළිගැනීමයි.

මෙම සොයාගැනීමත් සමඟම මේ ආකාරයෙන්ම සිරුරු කිහිපයක් ඒ අවටින් සොයා ගැනීමට හැකිවිය. ඒ අතර මාස නමයක පමණ දැරිවියකගේ සිරුරක් ද විය. මෙම සිරුරු සියල්ලම සුදු පැහැයෙන් වර්ණ ගන්වා තිබූ අතර එසේ ගල්වා ඇත්තේ කැඩ්මියම් ක්ලෝරයිඩ් බව විද්‍යාඥයින් විසින් සනාථ කරනු ලැබිණි.

මෙම මමී අතර ඉතා නම්‍යශීලිව වාඩිවී සිටින මමියක් දැකගත හැකි වෙයි. පේරු හී ජනතාව අතර මරණයට පත්වන්නන් රෙදී වලින් ඔතා භූමධානය කිරිමේ චාරිත‍්‍රයක් පැවතියද මෙය තරමක් එයට පටහැනි බවකින් යුත්ක වෙයි.

මේම මමී වල ඇති විශේෂත්වය නම් මෙම සිරුරු වල උස cm 70 පමණ වීමයි. අත්වල ඇත්තේ දිගු ඇඟිලි තුනක් වීමයි. එසේ ම හිස අසාමාන්‍ය දිගටි හැඩයකින් යුතු වේ. එසේම ඔවුනගේ උකුල් ඇටය වෙනස්ය. පපු කුහර වෙනස්ය. මේ සියල්ලටම වඩා විශේෂිතම පිහිටීම වනුයේ හිස්කබල තුළ නාස් කුහරයක් නොමැති වීමයි. මුඛ කුහරය තුළ මුඛයක් පිහිටා තිබුණද හිස්කබල තුළ එය කු හරයක් ලෙස පමණක් පිහිටා ඇති අතර එය අභ්‍යන්තරය හා සම්බන්ධ වන බවක් නොපෙන්වයි. 

මෙම ශරිරයන්හී අතේ ඇගිලි වල පිහිටීම හා සමානවම කකුලක ඇගිලි පිහිටා ඇත්තේ ද තුනකි . එයද ප‍්‍රමාණාත්මකව දිගින් යුක්තය.

 

මෙසේ සොයාගත් එක සිරුරක උකුල් ඇට අතර බිත්තර කිහිපයකට සමාන ලක්ෂණ වලින් යුතු යම් දෙයක් පවතින බවයි දැකගන්නට හැකි අතර මේවා අවසන් වරට කෑමට ගත් දෙයක් හෝ බිත්තර වීමට ඉඩ ඇති බව පර්යේෂකයන්ගේ අදහසයි.එවා කුමක්දැයි යන්න තහවුරු කොට නොමැත. 

 

විද්‍යාඥයින් ගැටලුවකට මැදි වුයේ මෙම  ශාරීරික ලක්ෂණයන් සමගය. කාන්තාවක් පිරිමින් කිහිප දෙනෙකු හා දරුවෙකුගේ සිරුරු මෙම සොහොන් ගැබ් වලින් සොයාගන්නට හැකි විය. 


මොහුන් පිටසක්වලයින්ද නැතහොත් මානවරූපී රොබෝවරුන්ද ? තවමත් මෙය නොවිසඳුණු ගැටලුවකි. 

මෙයට ස

හභාගී නොවු විවිධ පර්යේෂකයින් මෙම සොයා ගැනීම ප‍්‍රථික්ෂේප කරන අතර එය මිනිස් ශරිර වල යම් කොටස් උපයෝගී කො

ටගෙන මිනිසුන් නොමග යැවීම උදෙසා කල නිර්මාණයක් වීමට ඉඩ ඇතැයි පැවසේ.එහෙත් එම අදහස් ප‍්‍රථිෂේප කිරීමට සිදුවන්නේ එහි කාල නිර්ණයන් වසර හයදහසකට එහාට දිවයෑමයි.

ප‍්‍රයෝගිකව ගත්කල මෙතරම් දිගු ඇගිලි සහිත මිනිසුන් ශරිර අංග යෝදාගත් පමණින්ම නිර්මාණය කිරීම යන මතය ප‍්‍රායෝගික නොවන්නකි.

පේරුහි ගුහා සිතුවම් අතර ඇඟිලි තුනක් සහිත මානව රෑපී ජීවීන් විශේෂයක් පිළිබඳ ඇඳි සිතුවම් දැක ගත හැකි වේ. ඒ අනුව බලන කල යම් කාල වකවානුවක මෙම ජීවීන් පේරු හි වාසය කොට ඇති බව අපට අවබෝධ කොට ගත හැකි වේ.

දීක්ෂා ගුරු

කාංචන මනමේන්ද්‍ර

4 6 votes
Article Rating
Subscribe
Notify of
guest

2 Comments
Inline Feedbacks
View all comments
Ishan
Ishan
July 5, 2020 5:41 pm

මිනිසා කෘතීම නිර්මාණයක් විය නොහැකිය .අරහත් ,බුද්දත්වය වැනි දුර්ලබ දේ ලැබිය හැක්කේ මිනිසාට පමණයි.ඒවා කෘතීම විය හැකිද ?

Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
2
0
Would love your thoughts, please comment.x
()
x