රාවණ වංශිකයෝ

ප්ලේටෝ දැක්කේ ටොලමිගේ තැප්‍රොබේනයද?

‘ටොලමිගේ සිතියමේ ලංකාව ලොකු වූයේ ඇයි?’ යන්න පසුගිය සති කිහිපයකම විද්‍යුත් මාධ්‍යයන් තුළ මෙන්ම මුද්‍රිත මාධ්‍යයන් තුළ ද ජනප‍්‍රිය වූ කියමනක් බවට පත් විය. ඒ දැන්වීමක හේතු පාඨයක් වුවත් ඒ කියමන තුළ ද සත්‍යතාවක් ඇත. වර්තමානයට සාපේක්ෂව සිතනවිට ටොලමිගේ ලංකා සිතියම අද ලංකාව මෙන් කිහිප ගුණයකින් විශාලය. එහෙත් අද අප කතාකරන්නට උත්සහ ගන්නේ ටොලමිගේ ලංකා සිතියම ගැනම නොවෙයි. සිතියම් ඉතිහාසයේ සැඟවුණු අලූත් කතාවක් පිළිබඳයි.

ටොලමි ලංකා සිතියම නිර්මාණය කරනු ලබන්නේ කි‍්‍ර.ව. 140දී පමණය. එයට පදනම සැකසෙන්නේ එවකට සිටි භාතිකාභය රජු රෝමයත් සමග ඇති කරගත් වෙළෙඳ ගිවිසුමයි. මුහුදු සේද මාවතේ ප‍්‍රධානම මර්මස්ථානය වුණ ගොඩවාය වරාය ටොලමි නම් කරන ලද්දේ දයොන් සෝස් තුඩුව යනුවෙනි.

මෙහිදී අප මතුකරන්නට උත්සහ දරනුයේ ටොලමිගේ ලංකා සිතියම කිස්තු පූර්ව 427ත් 347 අතර කාලයේ ජීවත් වූ මහා දාර්ශනිකයකු වූ ප්ලේටෝ විසින් අඳින ලද ඇත්ලැන්ටීස් නගරයේ සිතියමට බොහෝ සෙයින්ම සමාන වන බවය. එසේ පවසන විට එක් වරම එය ඔබට අවබෝධ කරගන්නට තරමක් අපහසු වනු ඇත.

ඇත්ලැන්ටීස පුරවරය මෑත කාලීනව ලෝකය පුරාම වැඩියෙන්ම කතා බහට ලක්වූ පුරාවෘතය යැයි කිවහොත් එහිද වරදක් නැත. ලොව පුරා සාගර පර්යේෂකයන් මෙන්ම ඉතිහාස ගවේෂකයන්ද මෙම සැඟව ගිය මහා තාක්ෂණික ¥පත සොයන්නට අපමණ වෙහෙසක් දරමින් සිටිති. ඇත්ලැන්ටීස පුරවරය මෙන්ම මහා දියුණු ශිෂ්ටාචාරයක් වූ ලංකා පුරයක් පිළිබඳ ද ඉන්දියානු සාහිත්‍යය තුළ දැකගත හැකි වෙයි.

ප්ලේටෝ නම් දාර්ශනිකයා පිළිබඳ විවිධ අර්ථකථනයන් පවතී. ඔහු උපන් ප‍්‍රදේශයක් හෝ මවක පියකු පිළිබඳ කිසිදු සඳහනක් දක්නට නැති පරිසරයක ආසියාකරයෙන් ගිය යෝගියකු යැයි මතිමතාන්තරයන්ද එළියට එමින් පවතී. ප්ලේටෝ විසින් තම කෘතියක් තුළ ලෝකයේ අති දියුණු නගරයක් පිළිබඳ හෙළිදරව්වක් විය. එය නම්කරන ලද්දේ ඇත්ලැන්ටීස පුරවරය නමිනි. එය මුහුදින් වටවූ ¥පතකි. ප‍්‍රධාන කඳුකරයෙන් ගලා බසිනා සතර මහා ගංගාවලින් එම රාජ්‍ය පෝෂිතය. එහි වඩා වැදගත් තවත් ලක්ෂණයක් වන්නේ සිතියමේ ඉහළින් ඇති හුදෙකලා කන්ද හා ඒ සිට මුහුද දෙසට ගලායන ගංගාවයි. මෙම සිතියම ස්ථානගත කිරීමේදී දිශාවල යම් වරදක් සිදුවී ඇති බව නම් පෙනී යන්නේ එහි දෙපසින් දක්වා ඇති රටවල පිහිටි මේ යම් ගැටලූවක් පවතින නිසාය. කෙසේ හෝ වේවා සුපිරි මාර්ග පද්ධතියක්, ඉතා දියුණු තාක්ෂණයන්, යහපාලන ක‍්‍රමවේදයන් මෙන්ම බුද්ධිමත් මිනිසුන් මෙම පුරවරයේ ජීවත්වන බව ප්ලේටෝ හෙළිකර තිබුණි.

ටොලමි විසින් නිර්මාණය කරන ලද තප්රොබේන් ලෙසින් නම් කළ ලංකා සිතියමෙහිද ප‍්‍රධාන කඳු පද්ධති දෙකෙහි පිහිටීම එලෙසින්ම දැකගත හැකිවෙයි. මධ්‍ය කඳුකරය මලයීය කඳු ලෙසින් නම් කිරීම තුළ කඳුකරය හැඳින්වූ අපේ පැරැුණි නාමය වූ ‘මලයරට’ යන්නම ඔහු භාවිත කර ඇති බව පෙනීයයි. දෙවැනි කාරණය වනුයේ සප්ත මහා ගංගාවලින් ටොලමි තුනක් පැහැදිලිවම සඳහන් කර තිබීම තුළ ප්ලේටෝ විසින් අඳින ලද ඇත්ලැන්ටීස සිතියම හා සියයට සියයක්ම සමානවන බවක් නිර්මාණය වීම සිදුවෙයි.

සතර මහා ගංගා පිළිබඳ කතාකරන ¥පතක් පිළිබඳ අප අසා ඇතිනම් ඒ ලංකාව හැර අන් කිසිවක් නොවේ. මහවැලි, කැලණි, කළු හා වලවේ යන මහා ගංගා හරහා ලංකාව පෝෂණය වන බව එදා ප්ලේටෝ මෙන්ම ටොලමිද අවබෝධ කර ගන්නට ඇත. ප්ලේටෝ සහ ටොලමි විසින් අඳින ලද සිතියම්වල තවත් සමාන තත්ත්වයන් කිහිපයක්ද පවතී. ඒ හරහා අපට අවබෝධ කරගත හැකි කාරණයක් වන්නේ මහා ගංගා මුහුදට වැටෙන තැන් මුල්කරගනිමින් නාව්ක තොටුපොළවල් හා වෙළෙඳ මධ්‍යස්ථාන බිහිවී තිබූ බවය. එනම් ලංකාවේ ප‍්‍රධාන ජල මාර්ග මුල්කරගනිමින් එකල්හි යම් ප‍්‍රවාහන ක‍්‍රමවේදයක් පැවතීම හරහා මෙම ගංගාවලට වටිනාකමක් හිමි වන්නට ඇත. ගංගා මුල් කරගත් ප‍්‍රවාහන ක‍්‍රමය යටත් විජිත පාලනක‍්‍රමය තුළත් පැවතුණි. කැලණි ගඟ හා වලවේ ගඟ ඔස්සේ කොළඹ වරයාට හා මාගම්පුර වරායට භාණ්ඩ ප‍්‍රවාහණය සිදුවුණි.

ටොලමිට හසුනොවූ ප‍්‍රධාන ගංගාවක් ප්ලේටොගේ සිතියමේ දැකගත හැකි වෙයි. මෑත කාලීන ලංකා සිතියමට අනුව නම් එය කලාඔයයි. විල්පත්තුවෙන් මුහුදට වැටෙන කලාඔය විජයගේ පැමිණීමට පෙර ලංකාවේ ප‍්‍රධාන වරායක්, ආසන්නයේ වූවක් බව අපි අවස්ථා කිහිපයකදීම පෙන්වා දුන්නෙමු. ඉතාලියේ කොලෝසියස් රජුගේ නිලධාරියකු විසින් තබා ඇති ලොග් සටහනකට අනුව සැකසුණු නැටුරාලිස් හිස්ටොරියා ග‍්‍රන්ථයේ මෙම ප‍්‍රදේශයේ පිහිටි වරාය නම් කර ඇත්තේ හිපරෝස් යන නමිනි. ඒ කි‍්‍ර.ව. 44දීය. එය හෙළ නාමයන්ට අනුව නම් ‘අශ්ව කන්ද’ නැතහොත් ‘කුදිරමලේ’තොටුපොළයි.

එහිදී අපට සිතන්නට සිදුවන කාරණය වන්නේ ප්ලේටෝ මේ සිතියම නිර්මාණය කර වසර සියයක් පමණ ගත වෙද්දී අපේ වරාය පද්ධති අතරින් කුදිරමලේ වරාය කාලයේ වැලිතලා අතර සැඟව යන්නට ඇති බවය. කුදිරමලේ හා සුප‍්‍රසිද්ධ කලාඔය නිම්නයේ පොම්පරිප්පු සොහොන් බිම තුළ තිබී හමුවූ පිඟන් ගඩොළු මඟින් ඒ ප‍්‍රදේශය හා විදේශ සබඳතා පැවති බවට තොරතුරු හමුවීමත් ඉතා වැදගත් සාදකයකි.

ප්ලේටෝ විසින් ඇමෙරිකාව හා අප‍්‍රිකාව අතර මුහුදේ ස්ථානගත කරන ලද ඇත්ලැන්ටි ¥පත නවීන විද්‍යාවටවත් සොයා ගත නොහැකි වීම තුළ එහි පිහිටීම පිළිබඳ පැහැදිලි ගැටලූවක් මතුවෙමින් පවතී. මෙහිදී ඒ ගැන සොයා බලන පර්යේෂකයන් අපූර්ව නිගමනයකට එළැඹ තිබේ.

එනම් බුදුරජාණන් වහන්සේගේ සමකාලීනයකු වන ප්ලේටෝ තමන් හොඳින්ම දන්නා සුපිරි දිවයින සටහන් කර තැබූවත් එය ලෝකයෙන් වසන් කරන්නට වෙනස් තැනක අඳින්නට ඇති බවය.

ප්ලේටෝ

මේ අනුව ප්ලේටෝ විසින් අඳින ලද ඇත්ලැන්ටීස සිතියමත් ටොලමි විසින් අඳින ලද

තැප්රොබේන් සිතියමත් දෙකක් නොව එකකි. එසේ වුවහොත් එය අප රටට විශේෂිත සොයාගැනීමක් වනු ඇත. එසේම මේ පිළිබඳ පර්යේෂකයන් තුළ නව ආරක තර්කයක්ද

ගොඩනැගෙමින් පවතී. එනම් ලංකාව දැක්වෙන සිතියම ප්ලේටෝ අතට පත්වන්නට ඇත්තේ ලංකා පුරයෙන් ඉන්දියාවට හා මුරුගන් දේශයට රැුගෙන ගිය ලියකියවිලි අතර සිතියමද තිබී ඇති බවය.

මේ අතර තැප්රොබේන් හා ඇත්ලැන්ටීස සිතියම් දෙක තුළම මධ්‍යම කඳුකරයට ඉහළින් තවත් කඳුකර කලාපයක් පිහිටීම හරහා එය අප රට නොවේයැයි තර්ක කරන්නෝද වෙති. එහෙත් නූතන භූගෝලීය සිතියම්වලට අනුව ලංකා පොළොව තුළ කඳුකර කලාප දෙකක් පැහැදිලිව දැකගත හැකිවෙයි. උතුරුමැද පළාත තුළද කඳුකර කලාපයක් පවතියි. ඉන්දියාවට රැුගෙන යන හෙළ දැණුම මෙන්ම එයට සම්බන්ධව තිබූ ලිපි ලේඛන අතර තිබි ප්ලේටෝ මෙම සිතියම සොයා ගත්තා වීමටද ඉඩ ඇත. එසේ තර්ක කරන්නට හේතුවක් ද අත. මෙය බොහෝ විට යුධමය අවශ්‍යතාවක් වෙනුවෙන් සැකසුණු දළ සිතියමක් වීමටද ඉඩ ඇත. එය එසේ පවසන්නේ මෙහි ප‍්‍රධාන කඳු පංති දෙකක් පමණක් සටහන් කර තිබීමයි. එයින් ඉහළින් ඇත්තේ සීගිරිය හෙවත් ආකකමංදාව වීමටද ඉඩ ඇත. එය වැදගත් වන්නේ එය හෙළ යුගයේ අන්තර් නැවතුම් පොළක් ලෙසින් භාවිත වීම නිසාය.

ටොලමි

දෙවැන්න පහළින් ඇති කඳු පංතිය මඟින් රාවණ රාජ්‍යය පිහිටි කොත්මලේ කඳු පංතිය කළකුණ කරන්නට ඇතැයිද සිතිය හැකිය. කොත්මලේ අවටින් ගංගා හා ඇළ මාර්ග හතරක් තිබූ බවට සාදකද පවතියි.

එසේම රාවණ නගරය පිහටි ප‍්‍රදේශය (වර්තමාන ජලාශය ඇති ප‍්‍රදේශය* චන්ද්‍රිකා ඡුායාරූප මඟින් නිරීක්ෂණය කරන විට පැහැදිලිවම දැකගත හැකි කරුණ වන්නේ අතීතයේ සිදුවූ මහා පිපුරුමක් හේතුවෙන් මේ ප‍්‍රදේශයේ කඳු සියල්ල විනාහ වී ආවාටයක් නිර්මාණය වී ඇති බවය. මෙය රාම රාවණ යුද්ධයේදී සිදුවූ පරමානු පිපුරුමක් වීමටද බොහෝ සෙයින් ඉඩ ඇත.

කෙසේ වෙතත් ඒ පිපුරුමේ හැඩයේද මෙම සිතියමට සමාන කමක් පවතී.

මෙහිදී මතුවන ගැටලූ බොහොමයක් ඇත. එනම් වර්තමාන ලංකාවේ හැඩය සහිත සිතියම නිර්මාණය වන්නේ 1700 පමණ යුගයේදීය. හැඩයේ වරදක් තිබ්බාය යන මතයට අපට එකහෙළාම නොයන්න හේතුවුණ කාරණා සොබාදහම විසින් නිර්මාණය කරන්නට ඇතැයිද සිතිය හැකිය.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද‍්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close