දඩයක්කාරයාට පෙම් බදින ලංකාවේ පිරමීඩ
පිරමීඩ යනු එදත් අදත් කුතුහලයක් ගෙනදෙන අපූරු නිර්මාණයකි. නමුත් තවමත් නූතන සමාජයට පිරමීඩ තැනීමේ සත්‍ය වූ හේතුව හෙළිකර ගැනීමට හැකියාව ලැබී නොමැත. පිරමීඩ යන වචනය කියූ සැණින් අපේ මතකයට නැගෙන්නේ ඊජිප්තුවයි. නැතහොත් පුරාතන මිසරයයි. එසේත් නැත්නම් අප පාරාවෝ රජවරුන්ගේ රාජ්‍යය ලෙස සලකනු ලබන භූමියයි. එහෙත් ඒ මතකයෙන් හා අපේ දැනුම් සීමාවෙන් ඔබ්බෙන් වූ පිරමීඩ කතාව එයට බොහෝ සෙයින් වෙනස් වූවකි.
අදින් වසර දහස් ගණනකට පෙර පෘථිවිය පුරා පිරමීඩ ශිෂ්ටාචාරයක් ව්‍යාප්තව තිබූ බව පැවසුවහොත් ඔබ එය එක්වරම පිළිනොගනු ඇත. එයද සාධාරණය. පිළිගන්නට නම් දියුණු මිනිසාට සාක්ෂි හෝ සාධක අවශ්‍යය. එහෙත් ලෝකයේ ජීවත්වන බොහෝ දෙනෙක් නොදන්නා කරුණු වනුයේ මේ වනවිට ලොව පුරා පිරමීඩ 10,000කට වඩා වැඩි ප‍්‍රමාණයක් හඳුනාගෙන ඇති බවය.
පිරමීඩ දස දහස් ගණනක් ලොවපුරා ඉදිවුණා නම් එය දැවැන්ත ශිෂ්ටාචාරයකි. ක‍්‍රමවත් වැඩපිිළිවෙළකි. එහෙත් එය ක‍්‍රමවත් වැඩපිළිවෙළක් වූවාද කියා සිතා බලන්නටවත් පිරමීඩ ඉදිකිරීම උදෙසා භාවිත කළ තාක්ෂණික ක‍්‍රමවේදයන් හෝ මේවා ඉදිකිරීමට හේතු පිළිබඳ නිසි තොරතුරක් හෝ සාධකයක් ලැබී නැත. මෙහි පවතින ප‍්‍රධානම ගැටලූව වූයේ අදින් වසර අවම පන්දහසකට පමණ පෙර මහා පිරමීඩ ඉදිකරන්නට තරම් තාක්ෂණයක් නොමැති යුගයක මෙම ඉදිකිරීම් සිදුවූයේ කෙලෙසද යන්නය.
එය සිතා බැලිය යුතු කරුණක් වූවත් සිතන්නට එයට වඩා වැදගත් වූ කරුණක්ද පිරමීඩ කතාව තුළ ඇත. එනම් ඔරායන් තරු පංතියේ මධ්‍යයේ පිහිටි තරු තුනක පිහිටීමට සමාන හැඩයෙන් ලොව පුරා පිරමීඩ පංති විශාල ප‍්‍රමාණයක් නිර්මාණය වී තිබීමයි. එනම් ලෝකයම දන්නා වචනයෙන් පවසන්නේ නම් මායා පිරමීඩවල පිිහිටීමට සමාන වන අයුරින් නිර්මාණය වූ පිරමීඩ පද්ධති විශාල ප‍්‍රමාණයක් ලොව පුරා විසිර තිබීමයි.
ඔරායන් තරු පංතිය නැතහොත් දඩයක්කාරයා ලෙස හඳුන්වන තරු පංතිය ලෝකයේ බොහෝ ප‍්‍රදේශවලට දිස්වන තරු පංතියකි. අපේ ජන ව්‍යවහාරයේ හත්දින්නත් තරු ලෙසින් ප‍්‍රසිද්ධ තරු පංතිය ආසන්නයෙන්ම පිහිටි ඔරායන් තරු පංතිය බිහිවීම පිළිබඳ විවිධාකාරයේ මතවාද ලොව පුරා පවතී. ඔරායන් තරු පංතියේ දීප්තිමත්ම තරු කිහිපය අතරින් වැඩිම අවධානය හිමි වන්නේ දඩයක්කාරයාගේ බඳපටියේ පිහිටා ඇති තරු තුනටය. ඒවා නම් ඇල්නිටැක්, ඇල්නීලම් හා මින්ටාකා යන තරු තුනයි. මෙහි මධ්‍යයේ ඇති ඇල්නීලම් තාරකාව අපේ සෞරග‍්‍රහ මණ්ඩලයට අයත් සූර්යයා මෙන් දහස් ගුණයක් විශාලය. එසේම එහි අධි චුම්භක බලය මත දෙපසින් ඇති ඇල්නිටැක් සහ මින්ටාකා යන තාරකාවල පිහිටීමේ යම් වෙනස්කම් සිදුවන බවද විද්‍යාඥයෝ පවසති.
ඔරායන් තරු පංතිය මධ්‍යයේ පිහිටි මෙම තරු තුනේ පිහිටීමට සමාන වන අයුරින් ඉදිවී ඇති බවට පළමුව හෙළිවූ පිරමීඩ ති‍්‍රත්වය වූයේ ඊජිප්තුවේ ලොව සුපතළ ගීසා පිරමීඩ ති‍්‍රත්වයයි. ගීසා පිරමීඩවල පිහිටීම පිළිබඳ ලොව පුරා විද්‍යාඥයන්ගේ අවධානය යොමුවීමට මෙම තරු පංතියේ පිහිටීම හේතුවූවා සේම ඇල්නිටැක්, ඇල්නීලම් හා මින්ටාකා යන තරු හා පෘථිවි පිරමීඩ අතර ඉතා සමීප සබඳතාවක් ඇතැයි යන්න පිළිබඳ සාධක සැපයෙන තවත් එක් හේතුවක් විය.
එය නම් ඉක්වදෝරයේ පිරමීඩයක් තුළින් සොයාගන්නා ලද මායා ඇස සහිත පිරමීඩය නැතහොත් ක්ලොස් ඩෝනා පිරමීඩය හා මායා තරු බඳුනයි.
ක්ලොස් ඩෝනා පිරමීඩය යනු අඩි හතරක් පමණ උස ලෝහවලින් නිර්මාණය වූ පිරමීඩයකි. රන් පැහැය හා කළු පැහැය මුසු කර නිර්මාණය වී ඇති මෙම පිරමීඩයේ ඉහළට වන්නට ඇසක රූපයක් පවතී. එය පර්යේෂකයන් හඳුන්වන්නේ ආධ්‍යාත්මික වර්ධනයේ සංකේතයක් ලෙසිනි. එය කෙසේ වෙතත් එම පිරමීඩය යටි පැත්තේ රන් පැහැයෙන් ඔරායන් බඳ පටියේ තරු තුන වන ඇල්නිටැක්, ඇල්නීලම් හා මින්ටාකා පිහිටා ඇති ආකාරය සටහන් කර ඇත. ඒ අසලම මෙතෙක් ලොව කිසිම තැනකින් හමුනොවූ අක්ෂර කිහිපයක්ද එහි සටහන් කර ඇත. එම කුඩා පිරමීඩය තැන්පත් කර තිබූ ස්ථානයේ බිත්තියේ සටහන්ව තිබූ රූපයද පර්යේෂකයන්ගේ කුහුල වැඩි කරන්නට හේතුවිය. විශේෂිත හිස් ආවරණයක් පැළඳි පුද්ගලයකු එම මායා ඇස සහිත පිරමීඩය මත වාඩිවී එම හිස් ආවරණයේ ඇති ඒරියල් දෙකක් හරහා ඉහළ පිහිටි ග‍්‍රහලොවක් හෝ සූර්යයාගෙන් ශක්තිය ලබාගෙන ඉදිරියෙන් සිටින මිනිසුන්ට ලබාදෙන ආකාරය දැක්වේ.
දෙවැනි කාරණය වූයේ එම පිරමීඩය ආසන්නයේම තිබී සොයාගත් මායා තරු බඳුනයි. මායා තරු බඳුන යනු කුමක්ද? එය ඇත්තටම මායාවකටත් වඩා තේරුම්ගත නොහැක්කකි. කුඩා කෝප්ප දොළොසක් හා එම කෝප්ප දොළසේ වතුර පිරවිය හැකි විශාල බඳුනක් පිරමීඩය තුළ තිබී සොයා ගත්තේය. එහි විශේෂත්වය වන්නේ කුඩා භාජන දොළොසේ මායා ශිෂ්ටාචාරයට අයත් 1 සිට 12 දක්වා ඉලක්කම් යොදා තිබීමයි. ලොකු භාජනයේ ඇතුළ අධි චුම්භක ඛනිජමය ලෝහයකින් නිර්මාණය වී ඇති අතර එහි බාහිරය තුළ චුම්භක බවක් දක්නට නැත. වැදගත් කාරණය එය නොවේ. මෙම භාජනය මැදි කොට කුඩා කෝප්ප දොළොස රවුමට තැබූ විට රාත‍්‍රී අන්ධකාරයත් සමග ලොකු භාජනය වටා අහසේ තරු පද්ධති දීප්තිමත්ව දිස්වීමට පටන් ගැනීමයි. මායා ඇස සහිත පිරමීඩයේ ඇසද රාත‍්‍රියට මිනිස් ඇසක් සේ පෙනෙන්නට පටන් ගනියි. මෙය විශේෂිත ලෝහයක් නිසාම සිදුවෙතැයි පැවසිය නොහැක්කේ තරු රටා වෙනස් වීමයි.
මෙම ලොකු භාජනයේ පැහැදිලිවම ඔරායන් තරු පංතිය සටහන් කර තිබීම මතම ඔරායන් තරු හා පෘථිවිය අතර විශේෂිත සබඳතාවක් පැවතිය යුතුය යන්න පර්යේෂකයන්ටද ඉවත දැමිය නොහැකි තර්කයකි. ලොව පුරා පිහිටි විශාල ප‍්‍රමාණයක් වූ පිරමීඩ පංති කරළියට පිවිසීමට මෙය ද හේතුවක් විය.
ක්ලොස් ඩෝනා පිරමීඩය
මෙක්සිකොවෙන් සොයා ගන්නා ලද පිරමීඩ ති‍්‍රත්වය ගීසා පිරමීඩ මෙන්ම වැඩි අවධානයට යොමු වූ තවත් එවැනිම පිරමීඩ ති‍්‍රත්වයකි. විශේෂිත හැඩ තුනකින් නිර්මාණය කර ඇති මෙම පිරමීඩ ඇස්ටෙක්වරුන්ට අයත් වන්නට ඇතැයි පර්යේෂකයෝ විශ්වාස කරති. ඉන්පසුව කරළියට පිවිසෙන්නේ චීනයේ සියෑන්හි පිහිටි පිරමීඩ ති‍්‍රත්වයයි. මෙය චීනයේ පිහිටි පිරමීඩ අතරින් විශේෂත්වයක් ගනු ලබන්නේ එහිද පිහිටීම ඔරායන් බඳ පටියේ තරු පිහිටීමට සමාන වීමයි.
ඊජිප්තුවේ ගීසා පිරමීඩ ති‍්‍රත්වය, මෙක්සිකෝවේ පිරමීඩ ති‍්‍රත්වය මෙන්ම චීනයේ සියෑන්හි පිහිටි පිරමීඩ ති‍්‍රත්වය සම්බන්ධවද විශේෂිත කාරණාවක් ඇත. ලෝකය පැතලි තලයකට ගෙන කතාකළහොත් මෙම පිරමීඩ පංති තුන පිහිටා ඇත්තේද ඔරායන් තරු පංතියේ පිහිටීමට සමාන වන ආකාරයෙන් වීම පර්යේෂකයන් මවිත කරවන්නට හේතු වූ කාරණාවකි.
පිරමීඩ කාලයත් සමගින් පස් හා ශාකවලින් වැසී ගොස් ස්වභාවික කඳු බවට පත්ව ඇති බව තේරුම්ගත් පර්යේෂකයෝ නවීන තාක්ෂණික උපකරණ හා ‘ගූගල් මැප්’ උපයෝගි කරගනිමින් ඔරායන් තරු පිහිටීමට සමාන කඳු ති‍්‍රත්වක් හඳුනාගෙන පරීක්ෂා කරන්නට වූහ. එහි ප‍්‍රතිඵලය වූයේය ලොවම මවිත කරමින් ලෝකයේ සෑම තැනින්ම පිරමීඩ ති‍්‍රත්වයන් කරළියට පිවිසීමයි.
බොස්නියාවෙන් සොයා ගන්නා ලද ඉර – හඳ හා පාථිවිය ලෙස නම් කරන ලද පිරමීඩ ති‍්‍රත්වය ගීසා පිරමීඩ මෙන්ම ලොව අවධානයට යොමුවූ පිරමීඩ ති‍්‍රත්වයකි. එයට හේතු වන්නේ එය අප පෘථිවියේ කි‍්‍රයාකාරිත්වයට දායක වන ඉර – හඳ ලෙසින් නම්කර තිබීමයි. කෙසේ වෙතත් එහි පිහිටීමද ඔරායන් බඳ පටියට සමානය.
රවුම් හැඩැති පිරමීඩ
ඉන්පසුව ගෝතමාලාවේ ටිකාල් ප‍්‍රදේශයේ පිහිටි පිරමීඩ අසූවක පමණ ප‍්‍රමාණය අතරින් ඔරායන් බඳ පටියේ පිහිටීමට සමාන පිරමීඩ ති‍්‍රත්වයක්ද මතු කර ගැනීමට හැකිවිය. පිරමීඩ කියූ සැණින් අපේ මතකයට නැගෙනුයේ ති‍්‍රකෝණාකාර විශාල ගොඩනැගිල්ලක් වුවත් සෑම පිරමීඩයක්ම එලෙසින් ති‍්‍රකෝණාකාර හැඩයකින්ම නිර්මාණය වී නොමැති බව පර්යේෂකයෝ පෙන්වා දෙති. එයට හේතුව වනුයේ මේ වනවිට ලෝකයේ තැනින්, තැනින් සොයාගත් පිරමීඩවල එකකට එකක් වෙනස් වූ හැඩ තල කිහිපයක් පැවතීමයි.
යුරෝපයේ පිහිටි පිරමීඩ පිළිබඳ ලෝක අවධානය යොමු වන්නට හේතුවූයේ ඉතාලියෙන් ගීසා පිරමීඩවල පිහිටීමට නැතහොත් ඔරායන් බඳ පටියේ තරු රටාවට සමාන පිහිටීමක් සහිත කඳු පද්ධති දෙකක් හඳුනා ගැනීමයි. ඉතාලියේ මිලාන්හි පිහිටි කඳු ඵදබඑැඩැජජයස් කඳු ති‍්‍රත්වය කාලයාගේ ඇවෑමෙන් සොබාදහමෙන් වැසී ගිය පිරමීඩ බව හඳුනා ගැනීමට මෙන්ම ඒ අවට විසිරී තිබූ පුරාවිද්‍යාත්මක සාධක මතුකර ගැනීමටත් පර්යේෂකයෝ සමත් වූහ. ඉතාලියෙන් හමුවූ දෙවැනි පිරමීඩ පංතිය පිහිටා තිබුණේ ෆ්ලොරෙන්ස් :ත්‍කදරුබජැ* නුවරට ආසන්නයේය. මෙම සොයා ගැනීම් දෙක සමගම යුරෝපයට පිරමීඩ පිළිබඳ නව උනන්දුවක් නිර්මාණය වීමට පසුබිම සකස් විය. ඒ හේතුවෙන්ම යුරෝපීය ගවේෂණ කණ්ඩායම් ලෝකය පුරා පිහිටි පිරමීඩ පිළිබඳ නව පර්යේෂණ බොහොමයක් අරඹන්නට විය.
පිරමීඩ හා විශ්වීය ඥානයන් උකහාගෙන එය තාක්ෂණික දියුණුවට යොදාගත් රටක් ලෙස නිල නොවන පිළිගැනීමක් ඇත්තේ ජර්මනියටයි. පර්මනිය යම් යම් ක‍්‍රමවේද හරහා පිටසක්වළයන්ගෙන් තොරතුරු ලබාගත් බවටද විශ්වාසයක් පවතී. එය කෙසේ වෙතත් ජර්මනියෙන්ද පිරමීඩ පංතියක් සොයා ගන්නට හැකිවීමත් සමග මුලින් සඳහන් කළ ඇල්නීලම් තරුව හා ජර්මනියේ සබඳතාවක් පවතින බවට ඉඟි පළ වෙමින් පවතී.
ග‍්‍රීසියට අයත් ීසකඉමරහ ඵසකක කඳු තුන මෙන්ම ග‍්‍රීන්ලන්තයෙන් හඳුනාගනු ලැබූ කඳු තුනද පිරමීඩ පංති ලෙස මේවන විටත් පර්යේෂකයන් තහවුරු කර අවසානය. මේ අතරතුර පිහිටි සුවිශේෂී පිරමීඩ පිහිටීමක් වන්නේ යුක්රේනයේ පිහිටි පිරමීඩ 37 අතුරින් වෙරළාසන්නයේ එක පෙළට පිහිටි පිරමීඩ හතයි.
බොස්නියාවේ සරෙයිවෝ නගරයට ආසන්නයෙන් වසර 12500කට පමණ පෙර ඉදිකරන්නට ඇතැයි දැනට කාල නිර්ණය කර ඇති පිරමීඩ පංති මුලින්ම දිස්වූයේද ස්වභාවික කඳු ලෙසිනි. එය ගවේෂණය කිරීමේදී මෙතෙක් ලොව සොයාගත් පිරමීඩ ඉදිකිරීමේ අපූර්ව ක‍්‍රමවේදයක් සොයාගත හැකි විය. ඒ ස්වභාවික ගල්කුට්ටි වෙනුවට කොන්ක‍්‍රීට්වලින් සෑ¥ කෘත‍්‍රිම ගල්කුට්ටි සොයා ගත හැකි වීමයි. එම කොන්ක‍්‍රීට් කුට්ටිවල සමස්ත බර ටොන් මිලියන 80කට ආසන්න වීම මත පර්යේෂකයෝ මවිතයට පත්වූහ.
ඇමෙරිකාව, චීනය, ඉන්දුනීසියාව, පේරු, රුසියාව ආදී ලෝකයේ සෑම තැනකින්ම පිරමීඩ පංති පිිළිබඳ සාධක සැපයිය හැකි වෙයි. එහි වඩා වැදගත් කාරණය වන්නේ ත‍්‍රිකෝණාකාර පිරමීඩ, උඩ සමතල පිරමීඩ, පිරමීඩ කඳු හා රවුම් හැඩැති පිරමීඩ ලෙස ප‍්‍රධාන වර්ග හතරක් පැහැදිලි ලෙසම හඳුනාගත හැකිවීමයි. මෙක්සිකෝවෙන්, එංගලන්තයෙන් හා චීනයෙන් රවුම් හැඩයේ පිරමීඩ සොයාගැනීමත් සමග ශ‍්‍රී ලංකාවේ පිහිටි පැරැුණි චෛත්‍ය පිළිබඳවද ලෝක පර්යේෂකයන්ගේ අවධානය යොමු වන්නට විය. එංගලන්තයේ ීසකඉමරහ ඵසකක යන පිරමීඩය මෙවැනි රවුම් හැඩයෙන් යුත් පිරමීඩයකි. අප රටේද ගීසාහි පිහිටීමට නැතහොත් ඔරායන් තරු රටාවට සමාන වන පිහිටීමකින් යුත් ඉපැරැුණි දාගැබ් ති‍්‍රත්වයක්ද ඇත. ඒ රුවන්වැලි මහා සෑය, මිරිසවැටිය හා ජේතවනාරාමයයි.
රවුම් හැඩයෙන් යුතු පිරමීඩ සොයා ගැනීමත් සමග තෙරුම් ගත හැකි වූ කාරණය වනුයේ එක් එක් ආකාරයේ ශක්ති ක‍්‍රියාත්මක වීම උදෙසා බලපාන හැඩයන්ගෙන් මෙම නිර්මාණ සිදුවන්නට ඇති බවය. අනෙක් කාරණාව වනුයේ ගල්, මැටි, කොන්ක‍්‍රීට් මිශ‍්‍රිත බදාම ආදී ඒ ඒ රටේ ඇති සම්පත් හරහා මෙම පිරමීඩ නිර්මාණය කිරීම සිදුව ඇත. අනෙක් කාරණාව වනුයේ ත‍්‍රිකෝණාකාර හැඩය අග්නි පිරමීඩ ලෙසත් රවුම් හැඩය ජල පිරමීඩ ලෙසත් පර්යේෂකයෝ නම් කරති. ඒ අනුව අනුරාධපුරයේ නැතහොත් වැව් බැ`දි රාජ්‍යයේ නිර්මාණය වන්නේ ජල පිරමීඩයි. මේවා පසුකාලීනව වරින් වර නවීකරණය වීමක් හා බුදු දහමට ආදේශ වීමක් සිදු වුවත් එහි මුල් පදනම පිරමීඩම බව හෙළිවෙමින් පවතී.
සමනල ගිර පිරමීඩ කඳු ගණයට ගැනෙන බව පලමු වරට අප පසුගිය ලිපියකින් පෙන්වා දුන්නෙමු. මෙහිදි අපට තේරුම් ගැනීමට හැකිි ප‍්‍රදානම කාරණය වන්නේ අඩුම ගුරුත්වය සහිත රට වන ලංකාවේ නිර්මාණය වු පිරමිඩ වල හැඩය තිරණය වීමට ගුරුත්වයද බලපාන්නට ඇති බවය.මේ වන විට අප ලංකාවේ පිහිටි ගිසා හා ඔරායන් පිහිටීමට සමපාතවන පිරමීඩ කඳු ත‍්‍රිත්වයන් යුගලයක් හා තවත් ඉපැරණි දාගැබ් ත‍්‍රිත්වයක් හදුනා ගෙන ඇත. එය ඉදිරි ලිපියකින් හෙලි කිරිමට බලාපොරොත්තු වෙමු.
අප අපේ රටේ පිරමීඩ නැතැයි කියන්නට පෙර ලෝකයේ නව සොයාගැනීම් පිළිබඳ අවධානය යොමුකර නිසි ක‍්‍රමවේදයක් ඔස්සේ පර්යේෂණ සිදු කරන්නේ නම් ලොව මවිත වන තොරතුරු රැුසක් අපේ භූමියෙන්ද සොයාගැනීමට හැකිවනු ඇත.
ඉතාමත් වටිනා දැනුම් සම්භාරයක්. ගුරුතුමාට දීර්ඝායුෂ වේවා!!