Arrival of Alien

මායාවරුන්ට ඇස්ටෙක්වරුන්ට විශ්ව දැනුම කියාදුන් පළිඟු හිස්කඹල්

පිටසක්වලයන් හා බැඳුණු පැරණි ශිෂ්ටාචාර 7 තුළ එකිනෙකට බැඳුනු බොහෝ අංග පවතින බව ඒවා හොදින් අධ්‍යනය කරන විට පෙනී යන්නකි. එම සමානකම් අතර තවමත් නොවිසඳා ගත හැකි වූ අබිරහස් තාක්ෂණයන් කොතෙකුත් ඇති බව ඒවා විමසීමේ දී අවබෝධ වේ.

පළිඟු හිස්කබල් නිර්මාණය කළේ කවුරුන්ද ?
කුමක් උදෙසා ද ?
මේවා  මානසිකව දියුණු තත්ත්වයකට පත් වූ මිනිසුන්ගේ හිස් කබල්ද ?
මෙවන් සියුම් නිර්මාණයක් සිදුකරන්නට වසර දහස් ගණනකට පෙර සිටි මිනිසුන් සතු තාක්ෂණය කුමක්ද ?

පළිඟු හිස්කබල් දකිත්ම ඕනෑම අයෙක්ට මතුවන ප්‍රධානම ගැටළු ටික මේවා ය.

ලෝකයේ පැරණි ශිෂ්ටාචාර හතට අයත් මූලික ශිෂ්ටාචාර වන මායා මිසර වැනි ශිෂ්ටාචාර වලින් මෙන්ම ඇස්ටෙක්වරු හා පුරාණ අප්‍රිකානු ශිෂ්ටාචාර තුළින්ද විවිධ වර්ගයේ වර්ණවත් පළිඟු වලින් නිර්මාණය කරන ලද මිනිස් හිස්කබල් හමුවේ.

මායා ශිෂ්ටාචාරය තුලින් සොයාගන්නා ලද පළිඟු හිස් කබල වසර 3600 වඩා පැරණි බව කාල නිර්ණය තුළින් සනාථ කොට ඇත. මෙම පළිඟු හිස් කබල් ඉතා සියුම් ආකාරයෙන් මිනිස් හිස් කබලකට ඉතා සමාන වන අයුරින් නිර්මාණය කොට ඇති අතර මිනිස් හිස ක ප්‍රමාණයට බොහෝ ලෙසින් සමාන වන අයුරින් නිපදවූ හිස්කබල් ද දැකගත හැකි වේ. පළිඟු කැපුම් තාක්ෂණය ඉතා සරල හෝ සුමට එකක් යැයි පැවසිය නොහැකිය. පුරා විද්‍යාත්මක කාල නිර්ණයන් තුළ වසර තුන්දාස් ගණනකට පෙර සිටි මිනිසුන් යනු පූර්ව ශිලා යුගයට අයත් මිනිසුන් ය. කිසිදු ලෙසකින් ඔහුනට මෙතරම් සංකීර්ණ වූ නිර්මාණයක් පළමුවැනි සදහා ඉතා සියුම්ව කැපිය යුතු ඛනිජ වර්ගයක සිදු කළ නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැත. අන් සියල්ලටම වඩා පූර්ව ශිලා යුගය යනු දියුණු මෙවලම් පැවැති යුගයක් නොවන බව පුරා විද්‍යාත්මක මතයයි. එවන් යුගයක පළිඟු නිපදවීමේ තාක්ශනයක් පැවතීම තුළ අපට සිතන්නට බොහෝ කරුණු පෙළ ගැස්වේ.

පෘථිවිය ජනාවාස කළ පිටසක්වලයින් කරළියට එන්නේ මෙවන් තත්වයන් තුලදී ය.

පසුකාලීනව මෙම පළිඟු මිනී ඔලු ව්‍යාපාරික මට්ටමෙන් දහස් ගණනින් නිෂ්පාදනය කිරීම ඇරඹුණි ලෝකය මුල් ශිෂ්ටාචාර හා බැඳුණු කෞතුකාගාර බොහොමයක මෙම පළිගු හිස්කබල අද වන විට දැකගත හැකි වුවත් ඒවායින් සමහර හිස්කබල් පසුකාලිනව නිර්මාණය කරන ලද ඒවා බවට මතවාදයන් පවතී.

මායා පූජකයාගේ පලිගු හිස්කබල ඩූම්

1924 එක් දිනක බෙලීස්හි ලුබාන්ටුන් හි පුරාණ මායා පිරමිඩයක් ගවේෂණය කරමින් සිටින අතර
ඇනා හෙජර්මිස්ට හා ෆෙඩ්රික් මිචෙල්ට අපූරු වස්තුවක් හමුවිය. එය නම් අන්ධකාරය තුළින් දීප්තිමත්ව දිස්වන quotes පලිගු වලින් නිර්මාණය කරන ලද හිස් කබලකි. ඔවුන්ගේ ගවේෂණයන් තුලින් එය
මායාවරුන්ගේ ප්‍රධාන පූජකයා භාවිතාකල හිස් කබල බවසොබව ලබුණි.ෂ

මායා ශිෂ්ටාචාරයේ උත්තම වස්තුවක් සේ සැලකු එම පළිඟු හිස් කබල ශිෂ්ටාචාරය තුළ චාරිත්‍ර විධි වල දී භාවිතා කොට ඇත. එම හිස් කබලට යමෙකු මරා දැමීමට අණ කළ විට එම පුද්ගලයාගේ මරණය සිදු වූ බවට එය හා බැඳුණු ජනප්‍රවාදයන් තුළ පවතී.

එවකට දා හත් වන වියේ පසු වූ ඇනා තම පවුලේ වස්තුවක් ලෙසින් මෙම හිස් කබල රැක ගත් අතර 1959දී තම පියා වූ ෆෙඩ්රික් මිචෙල්ගේ මරණයෙන් පසු පුරාවස්තු ලෝලීන්ගේ නැරඹීම උදෙසා ලබාදෙන්නට ඇය ඉදිරිපත් විය. මෙම අපූර්ව කෞතුක වස්තුව දශක කිහිපයක් පුරා ලෝකය වටා සංචාරය කරන්නට විය.ඒ සම්බන්ධයෙන් සිදු කෙරුනු වාර්තා වැඩසටහන් රූපවාහිනී වැඩසටහන් මෙන්ම පුවත්පත් හා සඟරාවල පළ වූ ලිපි ප්‍රමාණය ද බොහෝය.

70 දශකය වන විට මෙය ව්‍යාජ හිස් කබලක් විය හැකි බවට නැගුණු යම් අදහස් මුල් කොට ගනිමින් මෙය විද්‍යාත්මකව සනාථ කිරීම උදෙසා ඇනා විසින් ලෝකයේ ඒවකට සිටි දක්ෂතම පලිගු තාක්ෂණික පර්යේෂකයෙකු වු Frank Dorland වෙත ලබා දී ඇත.

එවකට ලෝකයේ පැවති සියළු අධි තාක්ෂණික ක්‍රමවේද භාවිතයෙන් මෙම පළිඟු හිස්කබල පරීක්ෂාවට ලක් කෙරුණු අතර එහෙත් ඒ පර්යේෂකයන් පවා මවිතයට පත් කරවන කරුණු රැසක් අනාවරණය කරගත හැකිවිය.

මෙතෙක් ලෝකෙ පවතින තාක්ෂණයන් තුළින් පවා එවන් සියුම් ආකාරයෙන් නිර්මාණයක් කළ නොහැකි බව පර්යේෂකයන්ගේ මතය විය. එය කිසිසේත්ම පූර්ව ශිලා යුගයේ හෝ ඉන් මෑත යුගයේ භාවිතා වන උපකරණ තුළින් නිපද විය නොහැක්කක් බව ඔවුන්ගේ මතය යි. මෙවැනි සියුම් නිර්මාණයක් කිරීම උදෙසා ඉතා සූක්ෂම දියමන්ති මෙවලම් භාවිතා කළ යුතු අතර පැරණි ලෝකයේ ඒ තරම් සියුම් දියමන්ති මෙවලම් භාවිතා වූ බවට කිසිදු තොරතුරක් නොමැති වීම තුල මෙය නිර්මාණය වූයේ කෙලෙසද යන්න පර්යේෂකයන් පවා මවිත කරන්නට හේතු විය.

පර්යේෂකයන් මවිතයට පත් වූ කාරණාව මෙයට වඩා වෙනස් කරුණකි. මෙම පළිඟු පාෂාණයේ අන්තර්ගතය piezoelectric silicon dioxide වේ. එය වර්තමාන පරිගණක microchip නිපදවීම උදෙසා යොදා ගනු ලබන වර්ගයකි. මෙම හිස් කබල තුළ ධන හා ඍණ‍ විද්යුත් ආරෝපණයන් ඇතිකර ගනිමින් ක්‍රියාත්මක වන බව ඔවුන් විද්‍යාත්මකව අවබෝධකොට ගත්තේ ය.

එපමණක්ද නොව මෙම හිස් කබලේ අක්ෂි වලට පිටුපසින් මිනිස් ඇසක ආලෝක පරාවර්තනය ට උපකාරී වන ප්‍රිස්මාකාර නිර්මාණයක් පවතින අතර ඒ හරහා ගමන් කරන දෘශ්‍ය කිරණ

 

මගින් ඉහත සඳහන් කළ විද්‍යුත් ආරෝපණ නිර්මාණය කරනු ලබන බවද සොයා ගනු ලැබිණි.

මෙම පළිඟු හිස් කබලේ බලය පිළිබඳ අසීමිත විශ්වාසය කල ඇනා දීර්ඝ කාලයක් ජීවත්ව මිය ගියාය. අවසානයේ එය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට උරුම කර දෙන්නට එහි පසු උරුමකරුවන් කටයුතු යොදා තිබුණි.

 

 

පළිඟු හිස්කබල් 13

පැරණි ශිෂ්ටාචාර කිහිපයක් තුළ පාලකයන්ට ඉහලින් සිටී පූජකයින් හා දැනුම බෙදා දෙන්නන් අතර පැවති සාම්ප්‍රදායික ක්‍රමවේදයක් වූයේ මිනිස් හිස් කබල ට සමාන වූ පළිඟු හිස් කබලක් මැදි කොට ගත් කුඩා පළිඟු හිස්කබල් 12ක් වෘත්තාකාර ලෙස තබා එමගින් දැනුම හා තොරතුරු ලබා ගැනීමයි. මෙය යම් විටෙක ගුප්ත ක්‍රමවේදයක් ලෙස සැලකුණි. මෙම පළිඟු හිස් කබල් හා කටයුතු කිරීමේ හැකියාව පැවතියේ මානසිකව හා ආධ්‍යාත්මික ව ඉහළ මට්ටමක සිටී පුද්ගලයින්ට පමණි.

මෙම වෘත්තාකාර පෙළගැස්ම තුළ සෞරග්‍රහ මණ්ඩලයේ ක්‍රියා කාරිත්වය නිරූපණය කළ බවත් ඒ හරහා පුද්ගල මනසට ලබාගත යුතු පණිවිඩ හා බලය විශ්වයෙන් ග්‍රහණය කරගත හැකි බවත් විශ්වාස කෙරුණි. එසේ ලබාගන්නා දැනුම අනාගත පරපුර වෙනුවෙන් රැගෙන යා හැකි බව මුල් ශිෂ්ටාචාර වාසීහු විශ්වාස කළහ.

මධ්‍යයේ ඇති විශාල හිස් කබල මගින් විශ්වය හා සන්නිවේදනය කරනු ලබන අතර එමගින් විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ලබා ගනු ලබන දැනුම වටා ඇති කුඩා හිස්කබල් 12 වෙත ගමන් කරවනු ලබන බව පැරැන්නන්ගේ විශ්වාසයයි.

මෙම පළිඟු හිස් කබල් භාවිතා කිරීමේ අවසරය පැවතියේ ශිෂ්ටාචාරය පාලක පන්තීන්ටත් ඉහලින් සිටී සොබා දහමේ බලය පාලනය කළ හැකි පිරිසටත් පමණි.

පළිඟු හිස් කබල් පිළිබඳ සිදු කෙරුණු විද්‍යාත්මක පර්යේෂණයන් හා උපකල්පනයන් තුළ මා මේ පිළිබඳව එළඹෙන නිර්වචනයක් ද ඇත. පළිඟු හිස්කබල වූ කලී ඉතා ප්‍රබල පරිගණක පද්ධතියක් හා සම වූවකි. එමගින් සොබාදහම තුළ ඇති දත්තයන් උකහා ගනිමින් ඒවා හිස් කබල හා බැඳුණු පුද්ගල මනසට ලබාදීමේ හැකියාවක් ඒ තුළ ඇත.මෙය කෘතිම බුද්ධියක් යැයි පැවසුව ද වරදක් නැත. දුරස්ථව මෙයට යම් කේතයන් එවිමේ හැකියාවක් පවතීය යන්න මාගේ විශ්වාසයයි.

මෙතෙක් නොවිසදුණු බොහෝ කරුණු කාරණා අතර පළිගු හිස්කබල් යන්නත් තවත් එක අභිරහසක් පමණි.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද‍්‍ර

 

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close