Arrival of Alien

සමනල අඩවියේ බහු මානික දොරටුව

එරා යනු v මානයේ පිහිටි දියුණු මනසකින් දියුණු තාක්ෂණයකින් මෙන්ම දියුණු රූප ශ්‍රියාව කින් යුතු ලෝකයක්ය යන්න පිලිබඳව මේ වන විට ඔබට තරමක හෝ අවබෝධයක් පැවතිය යුතුය. පෙර ලිපියේ දී මෙම ග්‍රහලෝක අතර වසර පනස් දෙදහසකට පෙර ප්ලෙයියාඩියන් / ප්ලෙජරන්වරුන් කාල මාන දොරටු හා සන්නිවේදන පද්ධති ගොඩනැගුණු බවත් ඒ හරහා මෙම ලෝක වල ජීවීන් එකිනෙක අතර සබඳතා පවත්වාගෙන යන බවත් මා පැවසූ බව ඔබට මතක ඇති…


තවත් ඉතා වැදගත් කාරණාවක් පැවසිය යුතුව ඇත. රාශි වළල්ල තුළ නැතහොත් අපගේ ලග්න දොළොස තුළ පළවෙනියෙන් ඇත්තේ එළුවෙක් උගෙන් සංකේතවත් වූ මේෂ රාශියයි. එළුවාගේ සංකේතය නිර්මාණය වූයේ හෙළ රස යන්න එළු රැස බවට පත්වී යැයි මතයක් පවතී. එය කුමක් වුවත් සූර්යයා නව ගමනක් උදෙසා ගමන් අරඹන්නේ මේෂය මුල්කොට ගනිමිනි . මේ මුල පිරීමේදී සූර්යයා සිටින්නේ මන්නාරමට ඉහළ අහසේය. ලෝකයේ පළමු රජු සේ සැලකෙන මනු රජුගේ රාජ්‍ය මන්නාරමේ පිහිටි බව මා කලින් පවසා ඇති බව ඔබට මතක ඇති. එසේම පෘථිවියට පැමිණි පළමු ගැහැනිය හා පිරිමියා වු ආදම් සහ ඒවගේ සොහොන ඇත්තේද මන්නාරමේය. 


රාශි වල දෙවන සංකේතය වෘෂභයයි. එරා ප්‍රමුඛ ප්ලෙයියාඩියන් / ප්ලෙජරන්වරුන්ගේ ලෝක පිහිටා ඇති තරු රටාව මෙයයි. එසේ නම් අපගේ ලග්න රටාව තුළ දෙවැන්නට වෘෂභ රාශිය ඇතුළත් කරන්නේ ඔවුන් එතරම් ම අපට වැදගත් වන නිසා විය යුතුය. 


ඊජිප්තුවෙන් හමුවූ නර්මර් පතුරු ලෙස නම් කරන ලද රොන්මඩ වලින් සකස් කරන ලද මෙම පතුර තුළ සටහන්ව ඇත්තේ ඊජිප්තුවේ පළමු රජු ඊජිප්තුව ගොඩනැඟූ ආකාරය යි. ඊජිප්තුවේ පළමු රජු පරම්පරාව වසර තුන් දහස් ගණනකට අතීතයට දිවයයි. පොළවේ සිටින මිනිසුන්ගේ ප්‍රමාණය හා රජුගේ ශරීර ප්‍රමාණය සංසන්දනය කර බලන විට එය විශේෂිත යැයි සිතිය හැකිය. මෙහි විශේෂම සංකේතය එය නොවේ. පතුරේ ඉහළින්ම දක්වා ඇති ගව හිස් දෙකයි . හිස් දෙක මද්දෙ ඇත්තේ දොරටුවකි. ගවයා සංකේතවත් වූ දොරටුවකින් පැමිණි රජෙකු ගැන නර්මර් පතුරු වල සටහන්ව ඇතැයි සිතිය යුතුය. 
පෘථිවිය හා සම්බන්ධ මෙම දොරටුව ලංකාව හා සම්බන්ධව පවතින බව මා අවස්ථා ගණනාවකදී ම හෙළි කළ බවද ඔබට මතක ඇති…


සමනල අඩවියේ ජපන් සාම චෛත්‍ය පිහිටි ස්ථානය අසල ඇති මහා ගල් කඳු වැටිය තුළ මෙම දොරටුව සැඟවී තිබෙන බව මාගේ විශ්වාසයයි. එය මාගේ විශ්වාසය පමණක් ම නොවේ.2012 ආසන්න දිනක මා භාවනාවේ සිටින විට පිටසක්වලයින් පිළිබඳව ගැඹුරු මනසින් සොයා බලමින් සිටින විටදී මාගේ මනෝකාය ඉහළ අහසට නැග පාවී ගොස් ජපන් සාම චෛත්‍යයට පිටුපසින් ඔවුහු මහා ගල් කඳු වැටියේ මුදුනට ආසන්නයේ වූ විවරයකින් ඇතුළු වීකාල උමං හා සමාන වූ මාර්ගයකින් වේගයෙන් ඇදී යන්නට විය. එය විනාඩි ගණනකින් අවසන් වූ අතර මා ඉදිරියේ වූයේ ඉතා අලංකාර පරිසර පද්ධතියකින් යුත් වූ ප්‍රදේශයකි. මගේ මනස විසින් ලබාදුන් තොරතුරු වලට අනුව එය අපට වඩා බොහෝ ඉදිරියෙන් ඇති ලෝකයක පරිසර පද්ධතියකි. 


එහි මිනිසුන් පෘථිවි වාසීන් ගේ පෙනුමට බොහෝ සමාන වූ අතර ඉතා ප්‍රසන්න හා අලංකාර විය. ඔවුන්ගේ ඇඳුම් සියල්ල දිලිසෙන ලා පැහැයන්ගෙන් යුතු වූ අතර තරමක් ඒකාකාරී  ගවුම් හා සමාන වූ ඇඳුමකි. නිවෙස් කුඩා වූ අතර ඒවා තනා ඇත්තේ යම් විශේෂිත දෙයකින් ය යන්න අවබෝධ විය. 


ඔවුන් ඔවුන්ට අවශ්‍ය ශාකමය ආහාර ඉතා කෙටි කාලයක් තුළ තමන්ගේ භූමියේම වගාකොට අස්වනු නෙළා ගන්නා බව මගේ මනසට පසක් විය. මේවා යම් තාක්ෂණික ආහාර ක්‍රමවේදයක් යැයි මට සිතේ. එසේ වුවත් මා ඒ ලෝකයේ දුටු ප්‍රධානම කරුණ නම්හි ි තාක්ෂණය යනු යන්ත්‍ර සූත්‍ර නොවන බවය.


යම් කාලයක් ගතවන විට මගේ මනස යළි යා යුතු බවට ඉඟි ලබා දුන්නද එය සිතන තරම් පහසු නොවන බව වැටහෙන්නට විය. යළි යා යුත්තේ කොතැනටද යන්න පිළිබඳ එක්වනම අවබෝධය නොවීය. මොහොතක් මනස සංසුන් කොට යළි මා ක්‍රමයෙන් මනෝකාය මා වෙත කැඳවීය. 


පෙර ලෙසින්ම අඳුරු කාල උමගකින් වේගයෙන් ඇදී ආ මනෝකාය අහසට පැන නැගුණේ ජපන් සාම චෛත්‍යය අසල කඳු විවරයෙනි. එරා ලෝකය හා මාගේ සබඳතා ගොඩ නැගුණේ එලෙසිනි. ඉන්පසුව අවස්ථා කිහිපයක දී විවිධ අවශ්‍යතා වෙනුවෙන් මනස සන්නිවේදන උපකරණයක් සේ භාවිතා කරන්නට නැතහොත් අතරමැදි කාර්යයක් වෙනුවෙන් මනස යොදවන්නට මට සිදු වුණි. ඒ මා වෙනුවෙන් නොව එරාවරුන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙනි. එරා ලෝකයේ භාවිතා වන භාෂාව සරට් ලෙස හඳුන්වනු ලබන අතර ඉහළ මානවල ජීවීන් හට බොහෝවිට විශ්වීය භාෂාවන් පරිහරණය කිරීමේ හැකියාව පවතී. 

මට කියන්නට අවශ්‍ය වූයේ මේ කතා ටික නොවේ. ජපන් සාම චෛත්‍යය මෙහි ඉදි වන්නේ කුමක් නිසා විය හැකිද යන්නය.


අතීත ලංකාවේ පැරන්නෝ සමනල ගිර විශ්ව පිරමීඩයක් බවත් එහි ආසන්නයේම බහුමානික දොරටුවක් පවතින බවත් නොදැන සිටියා විය නොහැකිය. මා එලෙසින් පවසන්නේ ඉතා සියුම් පිහිටීම් හා හා ගැළපීම් තුළ සමනල ගිරත් මෙම බහුමානික දොරටුවත් මැදි වන ලෙසින් සමන් දේවාල හතරක් ගොඩනඟනු ලබන්නේ ඊ හිසක හැඩය නිර්මාණය වන ආකාරයෙනි. මෙහි ඊ හිස යොමුවන්නේ සිංහරාජය දෙසටය. මෙම හිස සිංහරාජය දෙසට යොමු කරන්නට හේතුව මා ඉදිරි ලිපියකින් විග්‍රහ කරන්නට බලාපොරොත්තු වේ.


එහෙත් මෑත කාලයේ අපගේ පැරණි හැඩයට ම සමාන හැඩයක් නිර්මාණය කොට වෙනත් දිසාවකට ඊ හිස හරවමින් චෛත්‍ය හතරක් නිර්මාණය වන බව ඔබ නොදන්නවා විය හැකිය. එසේ නැතිනම් ඒ පිළිබඳ ඔබට හැඟීමක් නැතුවා විය යුතුය.  
සමනල අඩවියේ පිහිටි ජපන් සාම චෛත්‍යය ට අමතරව තවත්  ජපන් සාම චෛත්‍යයක් පිහිටන්නේ අම්පාර ප්‍රදේශයේ ය. තවත් සාම චෛත්‍යයක් රූමස්සල පිහිටා ඇති බව අපි දනිමු. සමනල අඩවියේ ඇති ජපන් සාම චෛත්‍යය හා අම්පාරේ ඇති සාම චෛත්‍යය යා කළ විට ඉන් දික් වන රේඛාව ජපානය දක්වාම දික් කළ හැකි වෙයි එම රේඛාවේ දිගින් දිගට චෛත්‍යය පෙළක් ඉදිකර ඇති බව පැවසුවහොත් ඔබ තරමක් කැළඹෙන ඇත.


මා පෙර ලිපියක පැවසූ පිටසක්වලයා දුන් පළිඟු තාක්ෂණය ඔබට මතක ඇති…. මෙම චෛත්‍යය පෙළ එක දිගට පිහිටීම අහඹුවක්ද නැතහොත් ශක්ති ගලනයක්ද එසේත් නොමැති නම් ඉතා දියුණු විශ්වීය පණිවිඩ හුවමාරු තාක්ෂණයක් ද ? මේ සියල්ලටම උත්තර අමුතුවෙන් දිය යුතු යැයි මා නොසිතමි. ඒ සියල්ලටම උත්තර ඔබ තුළින්ම මතු වනු ඇත.

අප අවට පිහිටා ඇති සාම චෛත්‍යය පිහිටා ඇති අතර ඒ සියල්ල වළල්ලක් ලෙස යා කර බැලූ විට ලෝකයේ අඩුම ගුරුත්වාකර්ෂණ බලය ඇති ප්‍රදේශය මෙම වළල්ලෙන් ආවරණය වන බව ඔබට වැටහෙනු ඇත.


දීක්ෂා ගුරු

කාංචන මනමේන්ද්‍ර



Blog Comments

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close