ධෘතරාෂ්ධගේ දරුවන් සියය නළ දරුවන්ද ?
පිටසක්වල අවශ්‍යතා මත anunaki වරුන්ගේ ජාන විශේෂඥවරයා වූ enki විසින් හෝමෝ සේපියන් මානව නිර්මාණය කළ ආකාරය මා පෙර ලිපිවල සඳහන් කරනු ලැබුණි. මෙය හුදෙක්ම පර්යේෂණාගාරයක් යොදා පර්යේෂණ නල උපයෝගී කොට ගනිමින් සිදුකරන ලද ෙමුහුන්කරණය ක ප්‍රතිඵලයක් බව ඒ හා සබැඳි පුරාණ මැටි පතුරු වල සටහන් කොට ඇති ලියවිලි මගින් පෙනී යයි.
Enki පිළිබඳව දක්වා ඇති රූප සටහන් බොහොමයක ඔහුගේ අත ිද්‍යාගාර බදුන් දක්වා තිබීම තුළ ඔහු ඒ හා බැඳුණු විශේෂිත කාර්යයක් සිදු කළ බවට සංකේතාත්මක ඉඟි ලබා දෙයි.
ඉන්පසු අවසන් වරට මා ලියූ අතීතය වර්තමානය අනාගතය අතර ඇති සියළුම ආකාරයේ දැනුම කැටි වූ ආකාශා මානය හා ගනුදෙනු කරන මනස දියුණු කළ මිනිසුන් පිළිබඳ කරුණු ද සිත් හි දරාගෙන ඉදිරි ලිපිය කියඹවීම තුළ එහි හරය අවබෝධ කරගැනීමට වඩා පහසු වනු ඇත.
වර්තමාන ලෝකයේ දරුවන් නැති දෙමව්පියන් උදෙසා ල දරු උපත් සිදු කිරීම සාමාන්‍ය කරුණකි. එසේම දෙවුන විද්‍යාත්මක කියවීමක් තුළ ක්ලෝණකරනයෙන් විශේෂිත මිනිසුන් බිහි කිරීම හා මිනිස් පිටපත් කිරීම් පිළිබඳ දියුණු විද්‍යාත්මක කියවීම් සමාජගත වෙමින් පවතී.
එහෙත් වසර හත් දහසකට පමණ පෙර ඉන්දියානු ශිෂ්ටාචාරය තුළ ලියැවුණු මහාභාරත වීර කාව්‍ය තුළ ල දරු උපත් හා ක්ලෝණකරණය පිළිබඳ අදහසක් ලියැවී ඇතැයි පැවසුවහොත් එක් වනම ය ප්‍රතික්ෂේප කර දමන්නට ඔබගේ මනස ඔබට බල කරනු ඇත.
දෘතරාෂ්ට රජු අන්ධ වූ අතර එබැවින් ඔහුගේ බිසව වූ ගාන්ධාරී තම සැමියා වෙනුවෙන් තම තම පෙනීමද කැප කරමි සිතා දේ ඇස් රෙදි පටකින් බැඳගෙන ජීවිත කාලයම ගෙවූ බව ඔබ දන්නා කරුණකි.
කෙසේ වෙතත් දෘතරාශ්ඨ රජුට දරුවන් නො වූ අතර එම සොවින් රජු කාලය ගත කළේය. එක් දිනක් මහාරිශිවරයෙකු වු ව්‍යාස හස්තිනාපුරයට පැමිණියේය. ගාන්ධාර විසින් ඍෂිවරයාට ඉතා ඉහළින් ආගන්තුක සත්කාර සිදු කොට තමන්ට දරුවන් සියයක් ලැබීමට ආශිර්වාදය ඉල්ලා සිටිබව මහා භාරතය තුළ ලියැවී ඇත.
ගාන්රියගේ ඉල්ලීම පිළිගත් ව්‍යාස සෘෂිවරයා දරුවන් සියයක් ලබන්නට ඇයට ආශිර්වාද කලේය. ඉන් ටික දිනකට පසු ඇය ගැබ් ගත් අතර වසර දෙකක් යන තුරුම ඇය දරුවෙකු නොවැදු අතර අවසානයේ මස් වැදැල්ලක් පමණක් ඇයගේ කුසින් බිහි විය. වසර දෙකක් පුරා ඇයගේ හිතේ වූ බලාපොරොත්තු මොහොතකින් බිඳ වැටෙන මුත් ඒ මොහොතේම ඇය වෙත මහා සෘෂි ව්‍යාස පැමිණ ඇගේ කුසින් වදන ලද මස් කැබැල්ල කුඩා කැබලි එකසිය එකකට කපා බඳුන් එකසිය එකක දමා යම් ද්‍රාවණය කින් වලින් පුරවා ඇත.
මහාභාරත කතුවරයා ඍෂිවරයෙක් නොවූ බැවින් ඔහු මෙහිදී මෙම ඖෂධයන් ගිතෙල් හෝ ඒ හා සමාන තෙලක් ලෙස අර්ථ කථනය කොට ඇත. මාස නමයකට පසු පළමු භාජනය බිඳී දුර්යොදන් උපදින අතර ඔහු කිසිවෙකුට පරාජය කළ නොහැකි ජවයකින් යුතු වූවෙකි. එලෙසින්ම ඉතුරු භාජනවලින් පිරිමි දරුවන් සියයක් හා දියණියක් එකම දිනක දී බිහි වූ බව මහා භාරතයේ කියවේ.
මෙය සත්‍ය වශයෙන්ම විය හැක්කක් ද ?
වර්තමාන තාක්ෂණයට අනුව සිදුකෙරෙන නල දරු උපත් හා ක්ලෝනකරණයට අනුව නම් එය පැහැදිලි ලෙස ම සිදුවිය හැක්කකි. එහෙත් මෙය ලියැවෙන්නේ වසර 7000 කට පමණ පෙර ඉතා නොදියුනු මිනිසුන් සිටි යයි විශ්වාස කෙරෙන පූර්ව ශිලා යුගය ටත් පෙර යුගයේදී ය. එනම් ද්වාපර යුගයේ මැද භාගයේදීය.
බැබිලෝනියානු ශිෂ්ටාචාරයේ නූතන පරම්පරා හා සමකාලීන ශිෂ්ටාචාරයක් ලෙස සැලකෙන මෙම ශිෂ්ඨාචාරයන් තුල පිටසක්වල දැනුම හුවමාරු වීම සිදු වූ බවට බොහෝ හේතු සාධකයන් දැකගත හැකි වේ.
ගුවන් තාක්ෂණයට අදාල රූප සටහන් මෙන්ම පිටසක්වලයින්ගේ පැමිණීමට අදාල සාක්ෂි හා සාධක ඉන්දියානු ශිෂ්ඨාචාරයන් තුල ද බොහෝ සෙයින් දැකගත හැකි වේ. ඒ හරහා ජාන තාක්ෂණය මෙම උපත් සඳහා හේතු වී යැයි අපට සිතන්නට හැකි එක් සාධකයකි.
සත්‍ය ලෙසම දෘතරාෂ්ට රජුට බදුන් තුළින් එකම දිනක දරුවන් එකසිය එක් දෙනෙකු බිහි වූවානම් එය නල දරු උපත් යැයි පැවසීම වැරදි අර්ථකථනයක් නොවේ. එසේනම් සිදුවිය හැකි දෙවන කාරණය වනුයේ මහා සෘෂි ව්‍යායාස පරමාත්මය තලය හෙවත් ආකාෂා මානය තුළින් නල දරු උපත් පිළිබඳව දැනුම උකහා ගනිමින් ගාන්රිධාරියගේ ඩිම්බ උපයෝගී කොට ගනිමින් දරුවන් බිහි කළ බවය.
ක්ලෝන කරණය පිළිබඳ අදහසක් ද පුරාණ රාමායන විවරණයන් තුළ දැකගත හැකි වේ. එය නම් රාමායනයේ ” මායා සීතා ” සංකල්පයයි.
මායා සීතා යනු අග්නි දෙවියා විසින් රාම කුමරු හමුවී තමන් උපත ලබන්නේ රාවණා නම් අසුර රජු පරාජය කිරීම උදෙසා බවත් ඒ උදෙසා හේතු වනුයේ සීතා බවත් එබැවින් රාවණ රජුට රැගෙන යෑමට සීතාව දීමට සූදානම් වන ලෙස දැනුම් දෙයි. ඒ වෙනුවෙන් අග්නි දෙවියන් සිතාගේම අනුරුවක් වන මායා සීතා ව නිර්මාණය කොට රාමාට දෙන අතර සීතාව රැගෙන යෑමෙන් පසු සීතාගේ අඩුව පිරිමසා ගැනීම උදෙසා මායා සීතාව තබා ගත හැකි වේ. යුද්ධය අවසානයේ සීතාට අග්නි ප්‍රතිෂ්ඨාව දිය යුතු යැයි තීරණය කරනු ලබන්නේ අග්නි දෙවියන් විසිනි. මායා සීතාව අග්නිය වෙත ගෙන සැබෑ සීතාව යළි රාමාට පවරන්නේ එහිදීය.
මේ තුළ කියැවෙන්නේ ද සීතා හා සමානවම නිපදවන ලද තවත් කාන්තාවක් පිළිබඳව ය. එනම් ක්ලෝනයක් යැයි සැක කිරීමට අවස්ථාවක් ද පවතී. එහි විශේෂිත ම කාරණය වනුයේ මෙය අන් අයට නොදැනෙන ලෙස අග්නිය හරහා සත්‍ය හා මායාව හුවමාරු කිරීමයි.
මේ තුළ කතුවරයා අග්නිය ට පැනීමක් ලෙසින්ග් ිග්‍රහ කරන්නට උත්සාහ කළ ද මෙහි විද්‍යාගාර පර්යේෂණයක් පිළිබඳ ගැඹුරු හරයක් පවතී. එහෙත් කතා රචකයා වන් ගැඹුරු විද්‍යාවක් පිළිබඳ නොදන්නා බැවින් ඔහු ඔහුගේ ඇදහීම තුළ අග්නි පරීක්ෂාවක් පිළිබඳ හැඟීමක් මෙහි සටහන් කළා විය හැකිය.
මහාභාරත යුද්ධය සහ රාම රාවණ යුද්ධය තුළ ගුවන් තාක්ෂණයන් න්‍යෂ්ටික භාවිතයන් පිළිබඳ ඇති සාධකයන් හා සිතා බලන විට පිටසක්වල දැනුම මෙම සිදුවීම් දෙක හා සම්බන්ධ යයි අපට සිතන්නට සිදුවේ.
ඉන්දියානු ඉතිහාස කතා තුළ මුල්ම තුන් දරු නල උපත ලෙස සැලකෙන්නේ වශිෂ්ට සෘෂි අගස්ති ඍෂි හා සුදර්ශන සෘෂිවර යාය. වරුණ හා මිත්‍ර යන සෘෂිවරු දෙදෙනාගේ වීර්ය ධාතු ( ශුඛ්‍යාණු ) divya මෙයා බඳුනකට දැමූ අතර ඉන් වරින් වර මෙම සෘෂිවරු උපන් බව කියවේ.
වෛදික ඉගැන්වීම තුළ මිනිසා ඇතුළු සමස්ත විශ්වයම පංච ධාතු මුල්වීමෙන් නිර්මාණය වේ. මෙම ධාතු පාලනය කළ හැකි මහා සෘෂිවරු පිළිබඳ බොහෝ සාධකයන් වෛදික යුගය තුළ සිට බොහෝ මෑත යුගය දක්වාම ආසියාතික සමාජයේ ඉගැන්වීම් තුළ දැකගත හැකි වේ.
මිනිසා හා සොබාදහම නිර්මාණය වනුයේ එකම පංච ධාතු මුල් කොට ගනිමින් නම් මෙම ධාතු නිසි අයුරෙන් හඳුනා ගැනීම තුළ ඒවා ඇසුරු කොට ගනිමින් යම් නිර්මාණයන් සිදු කිරීමට හැකි දැනුමක් එකල නොපැවතියේ යයි අපට තර්ක කළ නොහැකිය.
මක්නිසාද යත් අද වන විට දියුණු ලෝකය විසින් ආසියාතික පුරාතන දැනුම තුළ ලියැවී ඇති බොහෝ සාධකයන් කෙමෙන් කෙමෙන් සත්‍ය යැයි පිලිගනිමින් පැවතීමයි.
මෙම ලිපිය නිමා කරන්නට මත්තෙන් මගේ අත්දැකීමක් සටහන් කළ යුතුව ඇත. වසර හතරකට පමණ පෙර දැඩි හෘද රෝගී තත්වයකින් පෙලුනු බැංකොක් වල ජීවත් වූ එක් තරුණියකගේ හෘර්දයේහි වු ගෙඩි භාවනාව තුළින් ඉවත් කර දමන්නට මට හැකි විය. ඒ මොහොතේ සිට මේ දක්වාම ඇය නිරෝගීව සිටිනු ලබයි.
මා සිදු කරනු ලැබුවේ ඇයගේ හෘද වස්තුව පරමාත්මය තලය තුළින් මා වෙත රැගෙනවිත් එහි තුළ වූ ගෙඩි විශ්වයට මුදා හැරීමයි. යළි එම හෘදවස්තුව ඇය වෙත පරමාත්මය තලය හරහා ම ගමන් කරවීම ය.
මෙය විග්‍රහ කළ නොහැකි මෙන්ම මේ පිළිබඳ අවබෝධයක් නොමැති අයෙකුට තේරුම්ගත නොහැකි තත්ත්වයකි.
පුරාතන විද්‍යාව තුල තවමත් හෙළි කර ගත නොහැකි වූ බොහෝ සාධකයන් පවතින බව මේ උදාහරණය තුළින් වුව ඔබට සිතන්නට සිදුවේ.
දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර