අපේ ගම

දළදා වතුර හා 2025 මහා ගංවතුර

ලංකාවේ මහා ගංවතුර කිහිපයක් ගැන මිනිස්සුන්ගේ මතකයේ තියෙනවා . ඒ කිහිපයකට සුවිශේෂී සිදුවීම් මුල් වුණා කියලා මම අහලා තියෙනවා .

1828 වෙසක් පෝය දවසේ බෞද්ධයන් දිගින් දිගටම කරපු උද්ඝෝෂණ නිසා දළදාවහන්සේ මාලිගාවෙන් පිටත මහමළුවට වැඩමලා ප්‍රදර්ශනය කරනවා. ප්‍රදර්ශනය ඉවර වුණාට පස්සේ මහා වැස්සක් ඇද හැරෙන්න පටන් ගන්නවා . ඒ වැස්සේ මුළු රටම යටවෙනවා . නුවර වැව උතුරලා . වළාකුළු බැම්මෙන් වතුර මහපාරට වැටෙනවා . දළදා වතුර කියලා කිව්වේ අන්න ඒ මහා ගං වතුරට …

1947 දි ඒ වගේම මහා මහ ගංවතුරක් ඇත්වෙනවා . නුවර ගැටඹේ බෝධිය ඒ ගංවතුරෙන් යට උනා කියලා කියනවා . ඒ විතරක් නෙවෙයි . නුවර වැව උතුරලා නගරය යටවූනා කියලත් කියනවා .
1957 දෙසැම්බර් තවත් සුවිශේෂී සිද්ධියක් හින්දා ලංකාවම යටවුණු මහා ගංවතුර ඇතිවෙනවා . මේක රත්නපුරේ පැත්තේ පරණ අය දන්න ප්‍රසිද්ධ කතාවක් .. සිරිපාදේ අවාරේ ඉවරවෙලා දේවාභරණ හා පිළිමය වඩම්මන අවස්ථාවේ අද වගේ මහා සැලසුම් තිබිලා නැහැ . ඒ චාරිත්‍ර පැවරුණු අය තමයි මේක කරල තියෙන්නේ . කොහොම වුණත් පෙරහැර විදිහට මේ දේවල් වඩම්මගෙන යනකොට අනිත් අය පෙරහැර හැදෙනකම් දේව ප්‍රතිමාව වඩම්මපු කෙනා ඒක පාරේ අයිනේ තිබ්බ මැස්සක් උඩින් තිබ්බලු . ඒක දෙවියන්ට නුසුදුසු තැනක්ලු . කොහොමහරි ඒක තිබ්බ ගමන් අකුණු ගහලා වැස්සක් පටන් ගත්තලු . ඒ වැස්ස තරමට මිනිස්සුන්ට හෙළ වෙන්න තරම් වත් බැරි තරම් වැස්සක්ලු. කොහොමහරි එතන හිටපු මේ චාරිත්‍ර වාරිත්‍ර ගැන හොඳින් දන්න හැටි දැඩි මනුස්සයෙක් උනේ මොකක්ද කියලා හොඳින් දැක්කලු. ඔහු පිළිමෙ අරගෙන අනිත් මිනිස්සුන්ට යාගන්න බැරි අවස්ථාවේ දී එක ටිකටම කඳු මුදුනට පැයක් පහක් දිව්වලු .. අවාරේ මහා වැසි ගැන දන්න අය දන්නවා මේ ගමන යන්න පුළුවන් ගමනක් ද කියලා .. කොහොම හරි ඔහු ගිහින් පිළිමය කඳු මුදුනේ තැන්පත් කරාමලු වැස්ස නැතුව උනේ… අනිත් අය පෙරහැර පටන් ගත්තේ ඊට පස්සෙලු … ඒ පැය ගානේ වැස්සට ඉතිහාසයේ මතක හිටින විදියට මුළු ලංකාවම යටවෙලා උතුරු නැගෙනහිරත් එක්කම

දැන් ඉතින් කතා කරන්න තියෙන්නේ මේ දිනවල වැස්ස ගැන … මම පහුගිය ටිකේ මහා ගංවතුර ගැන විවිධ කිහිපයක් ලිව්වා … මේ ලිපි වලට සම හරක් අමුතු කමෙන්ට් ගහලා තිබ්බා . facebook එකේ දාන ඒවට බයවෙන්න එපා. කාලගුණ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන අනාවැකි විතරක් පිළිගන්න . දෙසැම්බර් මාසේ හැමදාම වහිනවා. මේ අය මොනාද දන්නේ? මේකත් සාමාන්‍ය වැස්සක් විතරයි …
අද තමයි දවස …..

ඉතිහාසයේ තවත් මහා ගංවතුරක් ලෙස 2025 ලියැවේවි . හැම දෙයක්ම අලුත් කරනවා . පෘථිවියේ නව වෙනස්වීමක් මිනිසුන්ට නොදැනෙන ලෙස ලෝකයම වෙනස් වෙමින් පවතිනවා . මිනිසුන්ට දැනෙන්න කාලගුණය සිදුවන විපර්යාසයක් විතරයි . මහා පෘථිවියම වෙනස් වෙනවා . මේක පරිවර්තනයක්… මුහුදේ තියෙන ශක්ති නිදහස් කරනවා … සමකය වටා මුහුදේ ශක්තියක් එකතු වෙනවා … ඒකෙන් විශාල බලයක් ගොඩනගමින් තියෙනවා . මුහුදු ධාරාව ( Ocean Current ) වෙනස් වෙමින් තියෙනවා.

මේ වෙලාවේ සුළි දම්වැලක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා . එ කියන්නේ සුමාත්‍රාවට ඉහළින් සෙන්වර්, දකුණු චීන මුහුදේ කොටෝ සහ ශ්‍රී ලංකාව අසල ඩිට්වා එක දිගු වලාකුළු පටියක් දිගේ පෙළගස්වා තියෙනවා. බෙංගාල බොක්කෙන් බටහිර පැසිෆික් සාගරය දක්වා තනි කොරිඩෝවක් ලෙස මේ වලාකුළු ටික හැදිලා. මේක තාමත් කවුරු හරි කියනවා නම් දෙසැම්බර් මාසේ ඇතිවෙච්ච සාමාන්‍ය තත්ත්වයක්මයි කියලා ඒ මනුස්සයා සොබා දහම පිළිබඳ කිසිදු කියවීමක් නැති මනුස්සයෙක් ….

කොහොම වුණත් හැමෝම පරිස්සම් වෙන්න . මේක හැම දෙසැම්බර්ම වෙන දේ නෙවෙයි . ඔබේ ජීවිතයේ මතක කාලය තුළ අත්විදින පළමු අත්දැකීම….

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

error: Content is protected !!