දීක්ෂා ගුරු මග

වේදය තුළ සඳහන්ව ඇති ආකාරයට මිනිසෙකු වූ විට නීති නමයකට ඔහු බැඳී සිටිනු ලබයි

වේදය යනු ලෝකයේ පැරණිම ලියවිල්ලයි. ඒ තුළ විශ්ව නිර්මාණයේ සිට නවීනතාක්ෂණය දක්වා බොහෝ දේ ලියැවී ඇති බව නොරහසකි.

වසර නම දහසකටත් පෙර ලියැවුණු ෙම ග්‍රන්ථවල ඇති අදහස් දෙස බැලූවට දියුණු ශිෂ්ටාචාරයක මිනිසුන් විසින් ඒවා ලියා තබන්නට ඇතැයි සිතන්නට කරුණු කාරණා බොහෝය.

වේදය තුළ සඳහන්ව ඇති ආකාරයට මිනිසෙකු වූ විට නීති නමයකට ඔහු බැඳී සිටිනු ලබයි. එය නිරායාසයෙන් ඔහුට ලැබෙන්නකි.

1. ශරීරයක් ලැබෙනු ඇත.

ඔබ කැමති වුවද ඔබ අකමැති වුවද ඔබ මිනිසෙකු ලෙස රැඳී සිටින තාක් කල් ඔබට ශරීරයක් උරුම වේ.

2. ඔබට පාඩම් ඉගෙන ගැනීමට සිදුවනු ඇත.

ජීවිත කාලයම පාසලකි යන කියමන සනාථ කරමින් අප කැමැති වුවද අකමැති වුවද ජීවිත කාලය පුරාම විවිධා කාරයේ පාඩම් ඉගෙන ගැනීමට සිදුවේ. එම පාඩම් ඉගෙන ගැනීමේ ස්වභාවය මත බුද්ධිමතෙකු වීමද මෝඩයෙකු වීම ද තීරණය වේ. සරලව කිවහොත් ජීවිතේ යනු අවිධිමත් පාසලකි.

3. වැරදීම් විය නොහැකිය. හැමවිටම හැදෑරීම් කළ යුතුය.

වැරදීම් තුළින් සිදුවන්නේ පරාජයට පත්වීම හා විනාශයට පත් වීමයි. එබැවින් මිනිසකු වීම තුළ වැරදීම් සිදු විය නොහැකිය. වැරදීම් සිදු නොවීමට නම් නිරන්තරව වැරදීමට හේතු පිළිබඳව හැදෑරිය යුතු වේ. නැතහොත් අත්හදා බැලීම් තුළින් ක්‍රියාත්මක වීම් කළ යුතුය.

4 පාඩමක් ඉගෙන ගන්නා තෙක්ම එය නැවත නැවත හැදෑරීමට සිදුවේ.

මෙය ජීවිතය පිළිබඳ ප්‍රබල කියවීමකි.  අප එකම මෝඩකම නැවත නැවත කරනු ලබයි. එය මෝඩ කමක් බව අවබෝධකරගත් දිනක පමණක් එයින් මිදිය හැකි වේ.එය අවබෝධ කරගත් කල්හි අලුත් මෝඩකමක් තුළ අප සිරවේ. එනම් එය අලුත් පාඩමකි.

5. පාඩම් ඉගෙනීම අවසන් නොවේ.

ජීවිතය තුළ කිසිම දිනක මෙය හදාරා අවසන්ය යි පසෙකින් තැබිය හැකි කොටසක් හමු නොවේ. ඔබ ජීවත්ව සිටින අවසන් මොහොත දක්වාම ඔබට හමුවන්නේ අලුත්ම පාඩම්ය.

6. පවතින තත්ත්වය නරක වන අතර ඉදිරිය යහපත්ව දකියි.

අප හැම විටම පවතින ස්වභාවය නරක ලෙසින් දකින අතර හැම විටම ඉදිරියෙන් ඇති තත්ත්වය යහපත් යැයි සිතනු ලබයි. කොතරම් දියුණු තත්ත්වයක සිටිය ද ඔහු දකින්නේ එයට වඩා දියුණු තත්ත්වයක් දෙසය.

7. මේ සියල්ල ඔබේම දර්පණ වේ.

මෙමගින් කීමට උත්සාහ දරන්නේ තමා විසින් අනෙකාට දක්වනු ලබන ආදරය කරුණාව වෛරය හෝ කුමනාකාර දෙයක් වේද ඒ සියල්ලම එලෙසින්ම තමා කරා පැමිණේය යන අරුතයි.

8. ජීවිතය තුල ගොඩනගනු ලබන දෑ ඔබව ඉහළට රැගෙන යනු ඇත.

ඔබ වටා ඇති මෙවලම් උපයෝගී කරගනිමින් ඔබ නිර්මාණය කරනු ලබන සියලුම දෑ විසින් සිදු කරනු ලබන්නේ ඔබේ ජීවිතය ඉහලට ඔසවා තැබීමයි. එය කළ හැක්කේ ඔබටම පමණි.

9. පිළිතුරු ඔබ තුළම ඇත.

ජීවිත ගමන් මග තුළ මතුවන සෑම පැනයකට ම පිළිතුරු තමන් තුළ ම පවතී. නිවැරදිව දැකීම හොඳින් ඇසීම හා විශ්වාස කිරීම තුළ නිරන්තර ව පිළිතුරු ලැබෙනු ඇත.

මෙම කරුණු නවය තුළ මිනිසෙකු ජීවත් විය යුතු ආකාරය පිළිබඳ ගැඹුරු පැහැදිලි කිරීමක් දැකගත හැකි වේ.

දීක්ෂා ගුරු

කාංචන ගීත් මනමේන්ද්‍ර

0777 96 44 74

4.5 8 votes
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x