දීක්ෂා ගුරු මග

පුරුෂාර්ථ මතින් ගොඩ නැගෙන ආශ‍්‍රම ධර්ම . . .

වෛදික ආශ‍්‍රම ධර්මයන් පිලිබදව මා අවස්ථා ගණනාවකදීම පැහැදිලි කරල තියෙනවා. යලිත් සරලව පැහැදිලි කලොත් යම් පුද්ගලයෙකුගේ ජිවිත කාලය තුළ එක් එක් කාලපරිච්ජේදයන් තුළ ඔහු කටයුතු කල යුතු ආකාරයි.

1 . බ‍්‍රහ්මචාරී – ලමා කාලය

2 . ගෘහස්ථ – විවාහ ජිවිතය

3 . වානප‍්‍රත්‍ය – යුතුකම් ඉටුකරන යුගය

4 . සන්‍යයාසී – ආගම දහමට හිත යොදන යුගය

පුරුෂාර්ථ යනුවෙන් අදහස් වනුයේ මෙම ආශ‍්‍රම ධර්ම සාක්ෂාත් කර ගැනීම උදෙසා ක‍්‍රීයා කරන හෝ ක‍්‍රීයා කල යුතු ආකාරය හදුනා ගැනීමයි.

1 . ධර්ම – යමෙක් මනුෂත්වය ලැබීමට මුලික වන හේතුන් මෙන්ම එම පැවැත්ම ස්ථාවර කර ගැනීම උදෙසා ක‍්‍රියාත්මක වන ආකාරය මෙමගින් පෙන්වා දෙයි.

2 . අර්ථ – භෞතිකත්වය පදනම් වු සමාජයක කර්මයේ විදවීම උදෙසා උත්පත්තිය ලබන පුද්ගලයෙකුගේ මුල්‍යමය හැකියාව විදවීම උදෙසා දැඩි බැලපෑමක් ඇති කරනු ලබයි. මුල්‍යමය පාලනය සිදුවනුයේ මෙමගිනි.

3 . කාම – කර්මයේ විදවීම නිර්මාණය කිරීමට මුලිකම හේතුව වනුයේ ආශාවයි. ආශාවේ ගැඹුර පාලනය කිරීම සිදුවනුයේ මෙම කොටස තුළිණි.

4 . මෝක්ෂ – මනුෂ්‍යත්වය ලැබීමේ අවසන් බලාපොරොත්තුව වනුයේ පෙර භවයේදී සිදුකල අකුෂලයන් අහෝසී කර ගැනීමයි. අකුෂලයන්ගෙන් මිදී මෝක්ෂ මාර්ගයේ ගමන් ගන්නා ආකාරය නිර්මාණය කරනුයේ මෙමගිණී.

මේ පැහැදිලි කිරීම් දෙක තුළ තම මනස දැඩි ගැටලූවකට මැදිවන බව මා දණිමි. එයට හේතුව මෙම කොටස් දෙකම වෛදිකයේ ගැඹුරු විෂය කරුණු දෙකක් වීමය.

එහෙත් මා එය සරල කරන්නට උත්සහ කරමි.

යම් පුද්ගලයෙක්ට තම විවාහය තුළ සාර්ථක වීමට අවශ්‍ය නම් තම කර්මයට අනුව ආශ‍්‍රම ධර්මයන් තුළින් විවාහය සිදුකර ගත යුතු වයස් සීමාව හදුනාගත යුතු වෙයි. ඉන්පසුව පුරුෂාර්ථයන් තුළින් උත්පත්ති කර්මය විසින් විවාහය හා බැදුණු භෞතිකත්වය ඔහුට උරුම වී ඇති ආකාරය හදුනා ගත යුතු වෙයි.

දීක්ෂා ගුරුවරයාගේ කාර්යය වනුයේ මේම ආශ‍්‍රම ධර්මයන් හා පුරුෂාර්ථයන් එකිනෙක බද්ධ වීම උදෙසා අවශ්‍ය විශ්වීය පදනම නිර්මාණය කිරීමයි.

මෙම නිර්මාණය කිරීමේදි පුරුෂාර්ථයන් තුළින් උත්පත්ති කර්මය විසින් දී ඇති විදවීම පාලනය කොට ඒ වෙනුවට පරමාත්මීය තලයෙන් යහපත් තත්වයක් ආදේෂ කල යුතු වෙයි.

උදාහරණයක් ලෙස ගතහොත් යම් තරුණයෙක්ගේ ආදර සබදතාවය තම දුප්පත් බව මත විවාහය දක්වා රුගෙන යා නොහැකිව බිදවැටෙනවනම් ගුරුවරයා විසින් සිදුකරනුයේ තරුණියගේ හිත තරුණයාට ආකර්ෂණය කිරීම වෙනුවට තරුණයාගේ ආර්ථික ශක්තිය ගොඩ නැගීමයි. ඉන් පසු එතෙක් පැවැති සබදතාවය වෙනුවට ආර්ථික ශක්තිය බිද වැටුණද සබදතාවය අතනොහරින අලූත් ආදර සබදතාවයක් ඔහු කරා රුගෙන එනු ලබයි. යමෙක්ට හිතන්න පුලූවන් එවිට ඒ තරුණයාගේ අපේක්ෂාව ඉටුවුනේ නැහැ නේද කියලා… මෙතනදී වෙන්නේ වෙනස් දෙයක් ඔහුගේ විදවීම තියෙන්නේ මුදල් කියන සාදකය මත සබදතා බිද වැටීමනම් ඒ සාධකයන් දෙකම එකවර යහපත් කල යුතුයි.

මම මේ කියපු උදාහරණය ගැනම අත්දැකීම් තියෙන ආශ‍්‍රමයට පැමිණි දරුවෝ ඕන තරම් මේ ලිපිය කියවනවා ඇති…..
හැමදේටම වඩා වැදගත් වෙන්නේ ජිවිතය ලිහා ගැනීම…

මොකද මිනිස් ආත්මයක් ලැබීම මෙන්ම තම කර්මය අවබෝධ කර ගැනීමට අවස්ථාවක් උදාවීමත් අති දුර්ලභ දෙයක් වීම නිසයි.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close