භාවත් භාවම් ...
ඔබ මාර්ගයේ පැමිණෙන විට ඔබ දන්නා කියන ගැහැණු ලමයෙක් බස් නැවතුමක තරුණයෙකු සමග කථා කරමින් සිටින ආකාරය දකින අතර ඔබ කිසිවක් නොසිතා එතනින් නික්ම යනු ඇත . දෙවන දවසේ ඔබ පැමිණෙන විට ඒ තරුණිය වෙන තරුණයෙකු සමග කථාකරමින් සිටිනු දුටුවහොත් ඔබ ඇය පිලිබදව විවිධ නිර්වචනයන්ට එළඹෙනු ඇත . තවත් දිනක ඇය තවත් තරුණයෙක් සමග චිත‍්‍රපට ශාලාවකට ඇතුලූ වෙනු දුටුවහොත් ඔබ ඇයට චරිත සහතික ලියනු ඇත .
අප ටිකක් මෙය ගැඹුරින් සිතා බලමු. ඒ තරුණිය පලමු දිනයේ කථාකර කර සිටියේ අහම්බෙන් බස්නැවතුමේදි හමුවු පාසල් මිතුරෙකු සමග විය හැකිය. දෙවන දිනයේද දන්නා කියන කෙනෙක් හමුවන්නට ඇත . තෙවන දිනයේ ඇගේ පෙම්වතා සමග චිත‍්‍රපටයක් බලන්න යන්නට ඇත . ඇය අයහපත් චරිතයක් ඇත්තියකැයි කියා අප පුර්ව නිගමනයකට පැමිණියහොත් එය නිවැරදි නැති බව වැටහෙනු ඇත .
වෛදිකයා භාවත් භාවම් යන වචන දෙකින් හදුන්වා දුන්නේ මෙයයි.
දකින දෙය හා එහි සැබෑ යථාර්තය යනු දෙකක් බව තේරුම් ගන්නට තරම් වෛදිකයෝ බුද්ධිමත් වුහ.
අප සෑම කෙනෙක් තුළම මේ ගැටලූව පවති. අපේ ක‍්‍රීයාව හා එය සමාජය දකින ආකාරය හැම විටම එකක් වන්නේ නැත . යම් පුද්ගලයින් මෙයට එරෙහිව ගමන් කරන්නට උත්සහ දරති. එවන් අය අපිට වැඩක් නෑ මිනිස්සු මොකක් කිව්වත් මම කරන්නේ මට ඕන දේ යැයි කියති. අනෙක් පිරිස සමාජය තුළ හොද හා නරක ලෙස පෙන්වන මාර්ගයන් පිලිගනිමින් සමාජයට සමාන්තර වු ගමනක් යෑමට උත්සහ දරති.
භාවත් භාවම් යනු සත්‍ය හා මායාව යන සොබාවයන් දෙකයි.
වෛදිකයා පෙන්වා දෙන්නේ මෙම තත්වයන් දෙක දෙකක් ලෙස පවතින තාක් පුද්ගලයා පරිපුර්ණ නොවන බවය. අනෙක් කාරණය වන්නේ සමාජය සෑම විටම පුද්ගලයා හා ගණු දෙනු කරනුයේ මායාව තුළිණි. එනම් පුද්ගලයා තුළින් දිස්වන කරුණු තුළිණී. වෛදිකයා කිසි විටක භාහිරින් පෙනෙන ශක්තියට මුලිකත්වය දුන්නේ නැත . ඔහු මුලිකත්වය දෙනු ලැබුවේ පුද්ගලයාගේ අභ්‍යන්තර ශක්තියටය.
අභ්‍යන්තර ශත්කිය යනු බාහු ශක්තිය නොවේ . වෛදිකයා අභ්‍යන්තර ශක්තිය ධී ශක්තිය ලෙසින් නම් කලහ. ධී ශක්තිය වර්ධනය කර ගැනීම උදෙසා මනස මුලික වු ක‍්‍රීයාකාරකම් උපයෝගී කර ගත යුතු අතර ආත්මීය කර්මයන් විසින් මෙම ධී ශක්තිය වර්ධනය කර ගැනීමට ඇති මාර්ග වසා දමනු ලබයි. එසේ වසා දමනු ලබන මාර්ගයන් තුළින් මායාව සමාජ ගත වීම සිදුවෙයි.
ඉහත උදාහරණයට අනුව ඒ තරුණිය කොතරම් යහපත්ව සිටියත් සමාජයේ දකින අය ඇය අයහපත් චරිතයක් ලෙසින් දකින්නේ ඇයගේ චරිතය පිලිබදව සමාජගතවන මායාව ඇයට වලකා ගත නොහැකි නිසාය.
භාවත් භාවම් යනු අතනොහැරිය හැකි සංකල්පයකි.
වෛදික කර්ම එල විග‍්‍රහය තුළදි මුලිකත්වය දෙන්නේ මෙම මෙම සත්‍ය හා මායාව අවබෝධ කරගනිමින් මේ තත්වයන් දෙක එකක් බවට පත් කර ගැනීම උදෙසාය. එහි වටිනාකම ඔබට නොවැටහෙනු ඇත .
යම් පුද්ගලයෙක් දිනපතා හවසට නිවසට පැමිණෙන්නේත් උදෙට රුකියාවට යන්නේත් අලූත්ම පන්නයේ පජරෝවක යැයි සිතන්න. එය දකින පුද්ගලයෙකු යහු හොද සල්ලිකාරයෙක් යැයි සිතනු ඇත . ඒ සමාජය දකින ආකාරය වු මායාවයි. එහෙත් ඔහු ඇත්තටම මන්ත‍්‍රී හමුගේ රියදුරාය. ඒ සත්‍යයි.
ඒ පුද්ගලයාය හොද වාහනයක් එලවීමට පින පැවතියත් එය තමන්ටම උරුම කර ගන්නට පින නැත . සත්‍ය හා මායාව එකක් වු විට සිදුවන්නේ පැජරෝවක්ම නොවුවද තමන්ගේම ඉතා හොද වාහනයක් පැදගෙන යන්නට තමන්ටම අවස්ථාව උදාකර ගත හැකි වීමයි.
සරලව පැහැදිලි කලද මෙය ගැඹුරු සංකල්පයකි. පෙරදී මම ජිවිතය දෙලොස් ආකාර බව පෙන්වා දුන්නේය. එනම් මායාවද දොලොස් ආකාරය. එහි සත්‍යයද දෙලොස් ආකාරය. එනම් දීක්ෂා ගුරුවරයා ඉදිරියේ වාඩිවන පුද්ගලයා දෙස බැලිය යුත්තේ ඇස් විසිහතරකින්ය යන්නය.
දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74