දීක්ෂා ගුරු මග

ස්ථාවරත්වයට දොර වසන උපන් දුර්වලතාව

වෙදික ක‍්‍රමවේදය කියන්නේ ඉතා සියුම් ක‍්‍රමවේදයක් බව පසුගිය ලිපි වලින් තේරුම් යන්න ඇති…
පෙර භවයන් වල සිදුකරන ලද වැරදි මත ඇතිවන කර්මයන් සුක්‍ෂම හදුනා ගැනීම හා එ හරහා මේ ආත්මයේ තම විදවීම නිර්මාණය වන ආකාරය පිලිබදව යම් වැටහීමක් පෙර ලිපි කියවපු අයට ඇති කියලා මා හිතනවා.
මෙය එහි ගැඹුරු අවස්ථාවක්….
කර්මය විසින් අපේ ජිවිතය සැලසුම් කර තිබ්බත් ඒ සැලසුම් ක‍්‍රීයාත්මක කරවා ගැනීම කරන්නේ අපිමයි. ඒ කියන්නේ වෛදික නිර්වචනයට අනුව අප උපදින මොහොතේදි කර්මාණූරූපිව අපි තුළ යම් දුර්වල තාවයන් නිර්මාණය කරනු ලබනවා. ඒ මත තමයි අපේ සමස්ත ජිවිතයේම දුක සැප තීරණය වෙන්නේ…
බොහෝ අයට තමන්ගේ දුර්වලතාවය පේන්නේ නෑ… නමුත් දීක්ෂා ගුරුවරයාට එය පේනවා. ඒ කියන්නේ මෙතනදි අපි අවබෝධ කරගත යුත්තේ එලියට පේන දුර්වලතාවයයි. මොකද සමාජය අපිව අල්ලන්නේ එතනින් නිසා….
මෙය උදාහරණයකින් කිව්වොත් තේරේවි….
සමහර අයට අධිකව තරහා යනවා. ඒ නිසා නිවස තුළ නිරන්තර ගැටලූ ඇති වෙනවා.
සමහර අය කිහිපදෙනෙක් සමග කායික සබදතා පවත්වන්නට උත්සහ කරනවා. ඒ හරහාම තමන්ගේ පවුල් අපායක් බවට පත්වෙනවා.
තවත් අය අධිකව මත්පැන් වලට හුරු වෙනවා. ඒ හරහාම තමන්ගේ ජිවිතයද විනාස වෙනවා.
තවත් අය තමන්ගේ ජිවිතය ගැන කිසිදු හැගීමක් නැතිව කටයුතු කරනවා. ඒ හරහා දිනන්නට තියෙන අවස්ථා අහිමි වෙනවා.
තවත් අය සබදතා අතහැරගන්න බැරිව අකමැත්තෙන්ම ඒ තුළ තැවි තැවී හොද මුහුණ පෙන්වන් ඉන්නවා. ඒ ෙඒතුවෙන් තමන්ට තමන්වම නැති වෙනවා.
මේ සිදුවීම් කිහිපයක් විතරයි මම කිව්වේ……
තමන්ගේ ජිවිතය වෙනස් කර ගන්නනම් පෙර කර්මය දැණගැනීමත් සමගම තමන්ගේ උත්පත්ති දුර්වලතාවය හදුණා ගැනීම ඉතා වැදගත් වෙනවා…..
මොකද උත්පත්ති කර්මය උදෙසා දඩුවම් දෙන්න විශ්වය අපිව අල්ල ගන්නේ මෙන්න මේ දුර්වල තාවයෙන් නිසා… ටිකක් හිතන්න කඩයක් කරන මුදලාලි කෙනෙක් එන මිනිස්සුත් එක්ක සුහද නැත්තන් ටික දිනකින්ම මිනිසුන් එන ප‍්‍රමාණය අඩු වෙනවා. අවසානයේ කඩය වහලා දාන්න වෙනවා. අන්න ඒ නිසයි දුර්වල තාව හදුනා ගැනීම වැදගත් වෙන්නේ…
වෛදිකයෝ මිනිස් ජිවිතය ඉතා සියුම්ව ලිහා බලන්න ක‍්‍රමයක් හොයා ගත්ත නිසාම ඔහුන්ට පුලූවන් වෙනවා ජිවියෙක්ගේ උත්පත්තියට හේතුවන සියලූ තත්වයන් මෙන්ම ජිවිතයේ ඉදිරි සැලැස්ම වෙන් වෙන්ව දකින්න. ඒ තුළ ඇති නරක ඉවත් කරලා හොද ටික එක් කරලා යලි ජිවිතය වියන්නත් ඔහුනට හැකි වෙනවා.
මෙය පැත්තකට වෙලා හොදින් හිතලා බලන්න . තමනගේ දුර්වල තාවය නිසාම කොපමණ දේවල් තමන්ගේ ජිවිත වලින් ඈතට ගිහින් තියෙනවද කියලා……

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x