තරු වළල්ල

දීක්ෂාව......

මම මගේ ගුරුගේ ආශ‍්‍රමයෙන් පිටව යන්න ආසන්නයේ දිනක ගුරු මට ගුරුගේ සැදෑ ශාලාවට එන ලෙස පැවසුවා……..

මම යනවිට ගුරුගේ ඉදිරියේ බිම යමෙක් වාඩිවි සිටියා……..

ගුරුට ප‍්‍රණාම දක්වා මා ශාලාවට ඇතුලු වු පසු ගුරු සටහන් කල වර්ග චක‍්‍රයක් මා අතට දී

මොහුට අවශ්‍ය දේ දෙන්න යැයි පැවසුවා……

මම ඒ වනවිට ගුරු ලබා දී තිබු දැණුම තුළ මම ඔහුට පිලියම් ලබා දුන්නා….

ගුරු නිහඩව බලා සිටියා……..

පිළියම් රුගෙන ඔහු සෑදෑ ශාලාවෙන් පිට වුණා……

ඔබේ කාර්යය අවසන්ද ?

ඔව් ….. මම ඔහුගේ ගැටලුවට පිලියම් දුන්නා

ඔව් …. ඔබ පිලියම් දුන්නා…….. එත් ඔබ ඔහුට දොරටුව විවර කර දුන්නේ නෑ…..

ගුරු නැගිට පිටව ගියා……..

මා හුදකලා වුණා……..

සෑදෑ ශාලාව අදුරින් වැසෙන තුරුම…..

ගුරුගේ මුවින් පිටවන සෑම වදනකම විශ්වයක් තරම් හරයක් ඇති බව මා දන්නා නිසාම එදා රාත‍්‍රීය ගොඩක් දිගු වුණා……

එදා ඒ ගුරුගේ පාඩම අදටත් හැම උදයකම මගේ මතකයට නැගී එයි …..

පිලියම් දීමට වඩා දෙරටුව හැරදීම වැදගත් බව…..

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

4.3 4 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x