දීක්ෂා ගුරු මග

පරම මෛත‍්‍රීය හා අපිරිමිත පේ‍්‍රමය යනු මුලික වෛදික හරයයි


වෛදිකයා සොබාදහමේ ශක්තිය විශ්වාස කල පිරිසක් ඒ තුළ සොබාදහමේ හැම දෙයක් තුළින්ම ශක්තිය උකහා ගන්නා ආයුරු ඔහුන් ප‍්‍රායෝගිකවම හදුනා ගත්තා…. ඔහුන් තුළ ප‍්‍රධාන වු දේව වන්දනාවක් පැවතියේ නැහැ….

වෛදික ශාස්ත‍්‍රය කියන්නේ ලෝකයේ ඇති සමස්ත දැනුම …

පුලස්ති සෘෂි වරයා විසින් මේ දැණුම ප‍්‍රධාන බෙදීම් 82 කට ගොනු කොට එවා වේද ග‍්‍රන්ථ 3 තුළට ගොනු කරනු ලැබුවා…..

ඉන්පසු එතුමා තම මනසින් දුටුවා ලංකාවේ දැණුම විනාශ වී යන බව එනිසා එම වේද ගන්ථ ඉංදියාවට යවනු ලැබුවා….

මම එහි වරදක් දකින්නේ නෑ…..

අවසන් කොටස නැත්නම් අථර්ව වේදය ලියවෙන්නේ ගැටපද ලිහිමක් හා සමවන ලෙසින් පසු කාලයේයි….

ලෝකයේ මෙතෙක් බිහිවු කිසිදු ආගමකට වෛදික මුගයන්ගෙන් විනිර්මුක්ත වන්නට නොහැකි වුනි… ඒ කියන්නේ මුලික වෛදික හරයන් එක් එක් ශාස්තෘවරුන් විග‍්‍රහකල ආකාරය පමණයි වෙනස් වුයේ….

පරම මෛත‍්‍රීය හා අපිරිමිත පේ‍්‍රමය යනු මුලික වෛදික හරයයි….. එය අද බෞද්ද හා ජේසුස්ගේ දහමේ හරයන් බවට පත්ව ඇත.

නිර්දෝෂ මෝකෛෂක්ත: යනුයෙන් සියලු වස්තුන් දෝෂයට ලක්වෙද්දී මෝක්ෂය පමණක් නිර්දෝෂයැයි වෛදික දහමේ විග‍්‍රහ කෙරෙති…..

බුදදහම තුළදි එය නිර්දෝෂ නිර්වාණං ලෙසින් විග‍්‍රහ කෙරෙති.

වෛදිකයා සියල්ල සමස්තයක් ලෙස ගෙන සාමය නැතහොත් සොබාදහමටම ශාන්තිය ගොඩනගද්දී බුදුදහම තුළින් සමස්තයටම මෛතිය වැඩුවේය.

වෛදිකයගේ විශිෂ්ඨත්වය වනුයේ සොබාදහම සාමයේ සංකේතයක් ලෙස දැකීමයි……

අද වේදය සතුව ඇත්තේ හින්දු දහම තුළයට වේදය යනු දැනුම මිස ආගමක් නොවීම තුළම සමාජ ගත කෙරෙනුයේ වේද දර්මය නොව හින්දු දර්මයයි….

එසේම නිවැරදි වේද දර්මය උගැන්මට ආත්මිය හුරුව අත්‍යාවෂයය…. දීක්ෂාව යනු ගුරුන් විසින් ලබාදෙන වරයයි…. එය දැනුමක් නොව ආත්මීය සබදතා ගොඩ නැගීමයි…. දීක්ෂා ගුරුවරයෙකු විසින් තට්ටු කරනු ලබන්නේ තම හදවතට නොව තම කර්මයටයි…..

මා කිසිදිනක මෙය උගන්නොවනු ඇත. එයට බලපාන ප‍්‍රධානම හේතුව දීක්ෂාව දැරිය හැක්කේ එය දරන්නට හැකි අයෙකුට පමණි….

දිනකට ආශ‍්‍රමයේ ගුරු හමුවීම උදෙසා කථාකරන සියයකින් අවස්ථාව ලැබෙන්නේ තුන් හතර දෙනෙක්ට පමණි….

එය ආශ‍්‍රමයට පැමිණි හා කථාකර නොහැකි වු අය දනිති. දික්ෂාව දිය යුත්තේ මිදිය යුතු කෙනාට මිස බලා යන්නට එන සියල්ලන්ටම නෙවන බව අවබෝධ කොට ගත යුතුය…

දික්ෂා ගුරුවරයා හා ජ්‍යොතිෂවේදියා අතර ඇති පරතරය මෙයයි.

දරුවන් අහපු ප‍්‍රශ්ණ ටිකකට උත්තරත් මේ සමගම තියෙනවා

* දික්ශා ගුරුවරුන් කොපමණක් ලෝකයෙහි ඉන්නවාද ?

මෙය පිලිබදව එක් වරම පැවසිය නොහැකියි…. ප‍්‍රධාන වෛදික ගුරුකුල විශාල ප‍්‍රමාණයක් පවතිනවා…..
නමුත් ප‍්‍රධාන හරය වන පිරීම තුළින් පාපා හැරීම උදෙසා කර්මානුරූපිව ලබාදිය යුතු සාදනය අවබෝධ කොට ගැනීම තුළයි දීක්ෂාව යන්න වෛදක ශාස්ත‍්‍රය හදාරන්නෙක්ට මිහි වෙන්නේ….
අනෙක මා දකින්නේ ලෝකය තුළ දික්ෂා ගුරුවරුන් කියන්නේ ව්‍යාප්තියට වඩා හැකිලවීම භාවිතාකරනු ලබන පිරිසක්. එ නිසයි ඔහුන් ජනප‍්‍රියවාදි සංකල්පයන් තුළට නොයන්නේ

* හැකිලව්ම යනු සොබාදහම හා සම්බන්ධ ව්මද?

දික්ෂා ගුරුවරුන් අනුගාමිකයින් බිහිකරන්නේ නැහැ… ගුරුට ගෝලයෙකු ලබාදෙන්නේ විශ්වය විසින්…. එය සොබාදහමේ නැතහොත් විශ්වීය අවශ්‍යතාවයක් මත සිදුවෙන්නක….. මා හැකිලවීම ලෙසින් අදහස් කලේ එයයි

* දීක්ෂා මාර්ගයේ මුල් ගුරුවරයා කවුද ?

වෛදික ක‍්‍රමවේදය සෘෂිවරුන් කිහිප දෙනෙක්ගෙන් පෝෂණය වු බව පොදු පිලිගැනීමයි…. නමුත් දීක්ෂා ක‍්‍රමවේදය සම්පුර්ණයෙන්ම පුලස්ති හා අගස්ති සෘෂි වරුන්ට ලඝු වනවා…….

* දීක්ෂාව යනුවෙන් හැදින්වෙන්නේ කුමක්ද ?

දීක්ෂාව යනු ගුරුවරයෙක් විසින් තම ගෝලයාට ලබා දෙන ශාස්ත‍්‍ර අවසරයක් හා සමාන වුවක් …. නියමා කාරයෙන් කර්මය ක්ෂය කිරීම නැතහොත් අහෝසි කිරීම උදෙසා නිසි ක‍්‍රමවේද අවබෝධ කර ගැනීමේ ශක්තිය ලැබීම දීක්ෂාව ලෙසින් අර්ථ කථනය කල හැකියි……
ඒලෙසම යමෙක්ට ගුරුවරයාගේම ශක්තියෙන් කොටසක් ලබාදීමටත් හැකියාව ලැබෙන්නේ තම ගුරුන් විසින් ලබාදෙන දීක්ෂාව හේතුවෙනුයි…..
එසේම මංත‍්‍ර තවකෙනුකට ක‍්‍රීයාත්මක ශක්තිය සමග ලබාදීමටනම් දීක්ෂාව අවශ්‍යයි. නැතහොත් එම මංත‍්‍රය වචන කිහිපයක්ම පමණයි . එහි බලයක් ඇති වෙන්නේ නෑ.
අනික සොබාදහමේ ශක්තිය පාලනය කිරීමටත් දීක්ෂාව නැතහොත් පංචභූතයන් පාලනය කිරීමේ යතුර ලැබෙන්නේත් ගුරු තුළින් පමණයි…. එයද දීක්ෂාව ලෙසින් අදහස් වෙනවා…..
නියමා කාරයෙන් ගුරුවරයෙක්ට දීක්ෂාව ලබාදීමේ හැකියාව පවතිනවා…

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close