දීක්ෂා ගුරු මග

විශ්වය මැවීම වෛදිකයා දුටුවේ ඉතා ගැඹුරිනි . . .

විශ්ව නිර්මාණය බොහෝ ආගම් වල තේරුම් ගැනීම අපහසු මෙන්ම තේරුම් කර අවසන් කල නොහැකි කොටසකි. මායා මිත්‍යා සහ නිත්‍යා ලිපියේ ඇති කරුණු තවත් ටිකක් ගැඹුරට ගෙනයමින් පැහැදිලි කිරීමක් මෙහි පවතිනවා.

වෛදිකයා ලෝකය නිර්මාණය වුයේ දසමහා විද්‍යාවන්ගෙන් යැයි විස්වාස කරති.

මා මෙතනදී කථා කරන්නට යන්නේ විශ්ව පිලියම් ක‍්‍රීයාත්මක වන්නේ කෙලෙසකද යන්න පිලිබදව මගෙන් ඇසු මෙන්න මේ ප‍්‍රශ්ණ ටිකට උත්තර ලබා දීමටය.

විශ්ව පිලියම් යනු විකුර්ති හෝ වෙනසකට භාජනය වූ, පංච භූත තත්වයන් නැවත යතා තත්ත්වයට පත් කිරීමක් වැනිද ?

පිළියම් කැඳවීමේදී (සෙවීමේදී), දේව ශක්තීන් හරහා ක්‍රියා කාරි වීමුත් තිබෙනවාද ? නැතිනම්, මානසික ශක්තියක් පමණක්ද උපයෝගී කර ගන්නේ ?

දසමහා විද්‍යාවන්ට ශක්ති යයි වෛදිකයා හැදීන්විය.

ශක්ති යනු ස්ත‍්‍රී මුලික ශක්තියකි. එසේම එය ප‍්‍රකෘතියකි . ස්ත‍්‍රී මුලික හා ප‍්‍රකෘතියක් වු හෙයින් එය මැවුම් කාරකද වෙයි.

මෙම ප‍්‍රකෘතිය තුලින් මහත් නම් තත්වයක් උපදීයි .

ත‍්‍රී ගුණය ඇත්තේ ඒ තුළය. ත‍්‍රී ගුණය යනු සාත්වික් රජසික් හා තමසික් යන්නයි.

මෙම ගුණ තුන කරණ කොටගෙන වෛරය තේජස භූතය හා අහංකාරය යන තත්ව සතර හටගනී.

ඉන්පසු ඒ ගුණයන් හතර මතින් දශ විද දිග් නම් සොබාදහම බිහිවෙයි. සොබාදහම තුළින් ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ යන පංච මහා භූත ශක්තීන් බිහිවෙයි.

පංච මහා භූතයන් තුළින් මිනිසා උපදියි.

මේ ගලා යෑම තුළ පංච භූත තත්වය යනු පසු තත්වයකි. විශ්ව පිලියම් කි‍්‍රයාත්මක වන්නේ ත‍්‍රී ගුණය තුළය.

දේව සංකල්පය වෙනත් දෙයකි .

ශක්ති ස්ත‍්‍රි මුලික බව මා කලින් පැවසුවා. මැවීම ඔපපාතීකයැයි පැවසුවද එහි සැබෑ අර්ථය බින්දු නම් වෙයි.

බින්දු යනු බීජයෙන් හටගන්නා යනු අර්ථයයි. බීජයෙන් හටගැනීමත් බීජ හටගැන්වීමත් සදා ශිව විෂ්ණු බ‍්‍රහ්ම යන පුරුෂ ශක්තිය තුළට ගොනුව ඇත .

විශ්ව පිලියම් වලදී අවස්ථානු රූපීව බිංදු න්‍යාය හෝ ශක්ති න්‍යාය භාවිතා කරනු ලබයි

මේ පැහැදිලි කිරීම ගැඹුරු ඇති මෙය සරලව කියන්න අමාරුයි.

තේරෙන සිංහලෙන් කියනවනම් ගැටලූවකට පිලියමක් යෙදීමේදි ගැටලූවේ මුලට නොවෙයි උත්පත්ති මුලයෙනුත් එහාට ගිහින් විශ්ව මුලයට පිලියමක් යෙදීම වගේ වැඩක්…. මම හිතන්නේ එකත් තේරෙන්නේ නෑ..

මුණුබුරාගේ ගැටලූවකට අත්තට පනත්තට පිලියම් කරනවා වගේ දෙයක්….

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර

4.5 6 votes
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x