තරු වළල්ල

ගුරු හදින් උපදින දීක්ෂා මග


කර්මය පිලිබදව මගේ අත්දැකිම් කිහිපයක් සටහන් කිරිමෙන් පසු ගොඩක් දෙනෙක් විවිධ ප‍්‍රශ්ණ මගෙන් ඇහුවා.

බොහෝ දෙනෙක් කියපු දේ තමයි කර්මයෙන් මිදෙන්න බෑ කියන එක.

ඒ වගේම බුදු දහම තුළ තියෙන විවිධ මාර්ග පිළිබදව බෝහෝ තර්කයන් ඉදිරිපත් කලා……

මගේ අත්දැකීම් කිහිපයක් මම සටහන් කරන්නම් මෙය කර්මය අභිබවා යෑම ලෙසයි මම දකින්නේ…..

මෙයට බොහෝ නිර්වචන තියෙන්න පුලූවන්.

හැබැයි මේ ගැටලූ වලින් මිදුන මිනිසුන් විස්වාස කරනවා ඔහුන් ජය ලබපු බව.

1. එක් මනෝ උපදේශනයට සම්භන්ද පුද්ගලයෙක්ගේ පුතෙක්ට ඩෙංගු හැදුනා .

ඉතා අසාධ්‍යවෙලා රෝහල් ගතකර සිටින විටක ආශ‍්‍රමයට ආ ගිය අයෙක් මට දුරකථන ඇමතුමක් දුන්නා. මම වහා කරන්නට පිලියම් කිහිපයක් දුන්නා. පිලියස් අතර තුර දරුවා කියලා තියෙනවා තමා වටා භූතයෝ වගේ අය සිටින බව….

එතෙක් දිගින් දිගටම බලඩ් කවුන්ට් අඩුවුන දරුවාගේ පිලියම අවසන් වුන සැණින් බලඩ් කවුන්ට් වැඩිවෙන්න පටන් අරගෙන දින තුනෙන් නිවසටත් යනවා….

2. සුජාතා විදුහලේ හිටපු අංශභාර ආචාර්ය්‍යවරියක් දිනක් දවල් 11 පමණ මට දුරකථන ඇමතුමක් දුන්නා. බොහොම කනගාටුවෙන්. පසුදින ඇයගේ එංගලන්තයේ අධ්‍යාපනය ලබන දුවගේ උපාදි ප‍්‍රදානෝත්සවය පැවැත්වෙන බවත් ඇයට එයට සහභාගිවන්නට විසා තවම නොලැබුන බවත් පැවසුවා.

කේන්දරයට අනුව ඇයට ඒ මොහොතේ යන්න විදියක් නෑ. නමුත් මම පුංචි පිලියමක් දුන්නා දවල් 1 කරන්න. 2 ට තානාපති කාර්යාලයෙන්ම කථාකරලා විසා ලැසිතියි කියලා.ඇය එ මොහොතේම පිට වුනා.දුවගේ උපාදි ප‍්‍රදානෝත්සවයට අයට සහභාගි වෙන්න පුලූවන් වුනා.

3.මම කලින් ලිපි ලියපු පුවත් පතේ ගැෆික් ඩිසයිනර් කෙනෙක්ගේ පවුලේ හිතවතෙක් නොකල වරදකට වැරදි කරු ලෙස තින්දුව ප‍්‍රකාශ වන බව ඔහුන් දැන සිටියා. එසේ වුනානම් වසර ගණනකට ඔහු හිරේ යනවා විතරක් නොවෙයි . රුකියාවත් අහිමි වෙනවා. නඩුව දින 3 කින් තියෙනවා. ඔහු අනුරාධපුරයේ .

කේන්දරයට අනුව ඒ ඔහුගේ කර්මය ක‍්‍රීයාත්මක වන මොහොතක්……

මම ඔහුට කියන්න කියලා කර්මය අභිබවා යන පිලියමක් දුන්නා. එදා රූම ඔහු කොලඹ ඇවිත් පිලියම කරලා කොළඹ ඉදන් ගියේ නඩුවට.

සියල්ලෝම පුදුම කරමින් ඔහුව නිදොස් කොට නිදහස් කළා.

4. හොංකොං වල ගෑණු ලමයෙක් හිටියා. එයා වසර 4 ඉදන් පපුවේ තිබුණ ගෙඩි වගයක් නිසා පිඩා වින්දා. අයගේ කර්මය බැලූවම එයාට එය වැලදිලා තිබ්බේ මීට වසර 146 පෙර කරපු පවක් නිසා. එහේ වෛද්‍ය වරුන්ට වසර 4 තිස්සේ ලෙඬේ හෙයාගන්නවත් බැරි වුණා.

ඒ ළමයා හිටියේ එහේ ඇගේ කර්මයට පිළියම් යෙදිමෙන් පසු ඇගේ පපුවේ වේදනාව අඩු වුනා නමුත් මසකට පමණ පසු දිනක් ඇයට පපුවේ වේදනාව ගොඩක් වැඩි වුනා.

මට ඒ බව දැනුම් දුන්නම මම භාවනාව හරහා ඇගේ පපුවේ තිබ්බ ගෙඩි ඉවත් කළා.

මේ සිදුවීම වෙන්නේ රටවල් දෙකක් අතර…….

දැන්  ඒ ලෙඬේ සම්පුර්ණයෙන්ම හොදයි. ස්කෑන් කරලා බැලූවම පපුවේ ගෙඩි නෑ.

5 . වයස අවුරුදු 3 පොඩි දරුවෙක් ආවා එයා ලිව්කේමියාවට සමාන ලිව්කේමියාවෙන් පෙලෙන ලක්ෂයකට එක් අයෙකුට පමණක් තියෙන දරුණු තත්වයකින් පෙලූණු ලමයෙක්. වෛද්‍යවරු ඒ දරුවව අතහැරලා තිබ්බේ සුව කරන්න බැරි නිසා………

මම මුලින්ම කර්මයට පිලියම් යොදා ඉන් පසු දින 7 ක් මානසික බලයෙන් ඒ දරුවගේ ලේ වල විස තත්වය ඉවත් කර යථාතත්වයට පත්කලා…..

දැන් ඒ දරුවා පාසල් යනවා. හොදින් දුව පැන ඉන්නවා.

6. සතියකට පෙර රිය අනතුරකට ලක්වුන කරුණයෙක්ගේ නිවසක අය ආශ‍්‍රමයට දුරකථන ඇමතුමක් දෙනවා. සාස්තර හා කේන්දර බලන තැන් වලින් එදිනෙන් පසු ඒ තරුණයා ජිවත් නොවන බව පවසලා.

මමත් එයම දැක්කා. ඔහුන්ව ගෙන්වන්න වෙලාවක් නැත් නිසා චෛත්‍යයක් වැහෙන්න අරලිය මාලයක් පලන්දන්න කියලා පිලියමක් දුන්නා. ඔහුන් එය කලා අදත් ඔහු හොදින් ඉන්නවා.

7. බයිසිකලයෙන් වැටිලා කකල කැඩිලා ටිකක් අමාරුවෙන් ආශ‍්‍රමයට දරුවෙකු පැමිණියා ඔහු ආවේ කර්මය බලා ගන්න…. එදින ඔහුට උදෑසන වන්දනා කටයුතු වලට එකතු වෙන්න අස්ථාව ලැබුණා.

වැදලා අවසන් වුණාම ඔහු කියනවා ඔහුගේ කකුල හොද වෙලාලු. අදටත් ඔහුගේ කකුල හොදයි.

8. නැව් සම්භන්ධයෙන් විභාග පැවැත්වෙන ආයතනයක විභාගයකට ඉදිරිපත්වෙන තරුණයෙක් තම කර්මයට පිලියම් යොදා ගන්නවා. එ වගේම විභාගය වෙනුවෙන් විශේෂිත ක‍්‍රමවේදයක් මා ලබා දෙනවා.

අවසන් විභාගය ඉතා අසීරු මෙන්ම බොහෝ අය අසමත් වන එකක් බව ඔහු මට පවසසා තිබුණා. කෙසේ හෝ සමස්ථය වෙනුවෙන් මුද‍්‍රණය කොට නිකුත් කර බිත්තියේ අලවා තිබු විභාග ප‍්‍රථිඑල ලේඛණයේ ඔහු අසමත් ලෙස මුද‍්‍රණය වී පැවතියත් එය නිල් පෑණකින් කපා සමත් ලෙස නිවැරදි කොට තිබු බව ඔහු පැවසුවා. එසේ නිවැරදි කොට තිබු එකම ස්ථානයද ඔහුගේ නම පමණක් වීමද වීශේෂයකි.

9. මැද පෙරදිග රටක බැංකුවක සේවකයින් පිරිසක් කරන වංචාවක් පිලිබදව හෙලිදරව් කිරීම නිසා ඒ බැංකුවේම සේවය කරපු ලංකාවේ තරුණයෙක්ව වංචාවකට පටලවලා රටින් පිටකරන්නට උත්සහ කරනවා යලි රටට ඇතුලු විය නොහැකි ලෙස නම් කරලා. ඒ සදහා සියලු ලියකියවිලි හා විඩියෝ සාක්ෂි සමග ඒ ආයතනයට ලබා දෙනවා හැබැයි මේ තරුණයා තම කර්මයට පිලියම් යොදල ඉවරයි.

නියමිත ආයතනයෙන් වෙන්නේ බැංකුව නොසිතපු ලෙස තරුණයට ලංකාවට එන්නට අවස්ථාව සලසන එක…..

10. මැද පෙරදිග ආයතනයක මුල්‍ය වංචාවකට අසුවෙලා දින නියමයක් නැතිව හිරගෙදර සිටි ලංකාවේ තරුණයෙක් ආශ‍්‍රමයට කථා කරා….

හරි වැරුද්ද මොකක් වුණත් පිලිසරණක් නොමැතිව ඉන්න අයෙක්ට පිහිටක් විය යුතු නිසා මා වැලි ටිකක් අරගෙන කරන්නට පිලියමක් දුන්නා.

ඒ වන විට වසර 3 වැඩිය ඔහු හිරගෙදර හිටියත් කොතරම් කලක් සිටිය යුතුද කියා නියමයක්වත් ලබා දී තිබුනේ නෑ. පිලියම කරලා මාස දෙකෙන් ඔහුගේ ආයතනය ඔහුව නිදහස් කර ලංකාවට එවන්න තිරණය කලා. ඔහු ලංකාවට පැමිණියා…….

මම මේ සියලූ සිදුවීම් දකින්නේ කර්මය ජය ගැනීම විදියට මිසක් සාමාන්‍ය ශාන්ති කර්මයක් ලෙසින් නොවෙයි. එයට හේතුව නිමේෂයක් තුළ මේ වෙනස් කම් සිදුවීම. ශාන්ති කර්මයකදී නිමේෂයක් තුළ වෙන වෙනස් කම් වෙන්නේ නෑ.

මම සටහන් කල සිදුවීම් සියල්ලටම සම්භන්ධ අය මගේ ප්‍රෝෆයිල් එකේ ඉන්නවා. පෞද්ගලිකත්වය නිසා මට නම් සදහන් කරන්න බෑ. එ එය කැමතිනම් තමන්ගේ අත්දැකීම් අනෙක් අය වෙනුවෙන් සටහන් කලාට කමක් නෑ.

කර්මයෙන් මිදෙන්න හැමෝටම බෑ. විශ්වය මිදෙන්න අවසර දුන්නොත් විතරයි කර්මයෙන් මිදෙන්න පුලූවන් වෙන්නේ. විශ්වය විසින් මිදෙන්නාව ගුරුවරයා වෙත ගෙනියනවා.

ගුරුවරයා වෙත ගිය පමණින්ම මිදෙන්නටද අවස්ථාව උදාවෙන්නේ නෑ . ගුරු මග අවබෝධ කොට ගත යුතුයි. ආශ‍්‍රමයට දිනකට බොහෝ පිරිසක් එනවා. තම ගැටලු වලින් මිදෙනවා……

හොදින් මතක තියා ගන්න. ගැටලු වලින් මිදීම කර්මයෙන් මිදීමම නොවෙයි….

කර්මයට පිලියම් යෙදීමද ගුරු මගම නොවෙයි.

ගුරු මග තැනෙන්නේ ගුරුවරයා හා සාධකයාගේ හදවත තුළ බව අවබෝධ කොටගෙන ආශ‍්‍රමයෙන් නික්මෙන්නා නියම අවසන දකිනු ඇත.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close