දීක්ෂා ගුරු මග

පොලවට පැමිණ මං මුලාවන අර්ධ දෙවිවරු. . .


බුදුබණට අණුව තම කුසලාකුසල අනුව දේවත්වයට පත්වන බව අපි දන්න කරුණක් . ඒ වගේම දේවත්වය කියන එකත් පවතින්නේ තමන්ගේ කර්ම ශක්තිය මතයි . ඒ කියන්නේ තමන්ගේ දේවත්වයේ අයුෂ නිමවුණාම යලි වෙනත් ආත්මයක උත්පතිතයක් ලබනවා . මෙතනදි පවතින වෙනස තමයි දේවත්වයේ ආයුෂ බොහෝ දීර්ගයි . මෙසේ දීර්ගකාලයක් දේවත්වය තුළ සිටි දෙවිවරු තම ආත්මයන් තුළින් නිදහස් වෙලා මිනිස් ආත්මයන් තුළට පැමිණෙනනවා . මෙහි අවස්ථා ගණනාවක් තියෙනවා .

එකක් තමයි කර්ම ශක්තිය මත දෙවත්වයේ කාලය ක්ෂය වෙලා මිනිස් ආත්මයක් තුළ ඉපදීම .
දෙවැනි අවස්ථාවකුත් තියෙනවා .

ක‍්‍රිෂ්ණා මේ පිලිබදව කියන්නේ වෙනස් අර්ථයක් . ලෝකය තුළ අයහපත වර්ධනය වෙද්දි එය මැඩ පැවැත්වීම උදෙසා දෙවියන් මිනිසුන් ලෙස උපදින බවයි .

කොහෙම වුණත් මෙසේ උපදින අය අර්ධ දේවතාවන් ලෙෂ සැලකෙනවා .

ඔවුහු අර්ධ දෙවියන් ලෙස සලකන්නට ප‍්‍රධානම හේතුවක් වන්නේ මිනිස් ආයුකාලයට සාපෙක්ෂව ඉතා දිර්ග කාලයක් දේවත්වය තුළ සිටීම තුළ මනස මේ දේවත්වයේ ස්වභාවයන් ග‍්‍රමණය කර ගැනීමයි .

ත්‍වෙදිකයා මෙම දෙවියන්ව හදුනා ගැනීමේ ක‍්‍රමවේදයන් පිලිබදව ගැඹුරින් සොයා බැලූවා . මොකද අර්ධ දෙවියන් පොලවට එන්නේ යම් නිශ්චිත අරමුණක් සහිතවයි . ගැටලූව වන්නේ මිනිස් පොලව තුළ ඔහුන් උපත ලැබීමත් සමග ඔහුන්ගේ මිනිස් අර්ධයේ ක‍්‍රීයාත්මක වීමට දේව ස්වාභාවය යට වීමයි . එ නම් ඔහුන් තම කාර්ය තුළ අතර මංවීමයි .

නැතහොත් ඔහුනට ඔහුන්ගේ ජිවිතයේ දිශානතිය පිලිබදව නිසි අයුරින් අවබෝධ කර ගත නොහැකි වීමයි .

වෛදිකයා හැම විටම තම දැණුම යෙදවුයේ සමාජය නගා සිටුවීම උදෙසායි . එබැවින් අර්ධ දෙවියන් නිසි මග රුගෙන යෑම යහපත් සමාජයක් ගොඩනැගීමට මග පෙන්වීමක් ලෙසින් ඔහුන් අවබෝධ කොට ගත්තා . ටිකක් හිතන්න රාම දෙවියෙක් වෙන්නේ ඔහුගේ ගුරුවරයා නිසයි . ඒ වගේම පරශූරාම දෙවිකෙනෙක් වෙන්නේ ජමාග්නි සෘෂි නැත්තම් තම පියා නිසයි . ඒ කියන්නේ තමන්ගේ කාර්යය අවබෝධ කොටගෙන ඒ මග රුගෙන ගියෙත් ඔහුන්ගේ දේවත්වයේ ස්වාභාවය වර්ධනය වෙනවා කියන එකයි .

අපි අතර මේ විදියට අතරමං වුණු අර්ධ දෙවිවරු ඔන තරම් ඉන්නවා . මට එවැනි අය ඔන තරම් කර්මය ගැන සොයාබලද්දී හමුවෙලා තියෙනවා . ඉතිං දීක්ෂා ගුරුවරයෙක් විදියට ඔහුන්ගේ ජිවිතයේ දිශානතිය අවබෝධකොට දීලා තියෙනවා .
මෙය ටිකක් හිතට ගන්න .

හැමෝටම මෙය අදාල නොවේවි . තමන්ට දැනෙන දේ හිත කියන දේ අත්ත විය හැකියි .

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close