දීක්ෂා ගුරු මග

දෙවියන් ඔබ හා උසස්ම ප‍්‍රීතිය . . .

දෙවියන් සෑම ආගමකම මෙන්ම සෑම සමාජ ක‍්‍රමයකම දැකගත හැකි වෙයි.

ඈත අතිතයේදි ලෝකය දෙවියන් විසින් පාලනය කල බව සමහරෙකුගේ විස්වාසයයි. මිනිස් මනස දියුණුවත්ම රටවල් පාලනය කල දෙවියෝ ගණ කැළෑ මහ කදු තුළට පසුබැස ගියේය. මිනිස් මනස තවත් තාර්කික වෙද්දී වනාන්තර වල සිටි දෙවියෝ අහසටත් මහසමුදුර තුළටත් පොළව අභ්‍යන්තරයටත් පලා ගියහ.

මිනිස් මනස දැණුම සොයන්නට වු කල්හි පෙරදිග දෙවියෝ සීතල හිමාලයටත් අපරදිග දෙවියෝ ඔලිම්පස් කදු මුදනටත් පලා ගියහ.
දැනුමේ පරතෙරින් පසු ඇත්තේ මහා අන්ධකාරයය.

අද සිටිනුයේ අන්ධකාරය තුළ දෙවියන් සොයන්නෝය.

මා කියන්නට යන්නේ වෙනස්ම වු ගමන් මගක් පිලිබදවය. වෛදිකය….

ඇත්තෙන්ම වෛදිකය යනු දේව වාදයක් ද? නැත ….

කාමෛස් තෛස් තෛර් භෘත ඥනඃ
ප‍්‍රපද්‍යන්තෙන්‍ය දේවතාඃ
තං තං නියමම් ආස්ථාය
ප‍්‍රකෘත්‍ය නියතාඃ ස්වායා

ලෞකික ආශාවන් විසින් සොරා ගන්නා ලද බුද්ධිය ඇත්තෝ
දේවතාවන් සරණ ගොස්
ඔහුන්ගේම ස්වාභාවයන්ට අනුකූල වු
තම තමන්ගේ වන්දනා විධි අනුගමනය කරති

වෛදිකයා දේව ඇදහිල්ල දුටුවේ එලෙසය.

ඔබට දැන් ගැටලූවක් මතුවනු ඇත .

එසේනම් වෛදිකය යන්නේ මුලය වනුයේ මනස තුළ උසස්ම ප‍්‍රීතිය උපදවා ගැනීමයි.

උසස්ම ප‍්‍රීතීය ……

මෙය එක් එක් භෞතික තත්වයන් යටතේ වෙනස්ව විග‍්‍රහකල හැකි තත්වයකැයි ඔබ කියනු ඇත .
එහෙත් වෛදිකය තුළ ඇත්තේ එකම උසස් වු ප‍්‍රීතියකි.

එය වනුයේ උත්කෘෂඨ වු පරමාත්මිය ශක්තින් හා එකාත්මික වීමය.

ආර්ය මාර්ගයේ එය නිර්වාණය වනු ඇත .

හින්දුන් එය මෝක්ෂය ලෙස දකිණු ඇත .

ක‍්‍රීස්තියානුවන් ස්වර්ගය ලෙස පිලිගණු ඇත .

මාර්ගය කුමක් වුවද අවසානය එකක් යැයි මා සිතමි.

අවසන් හරය යනු දිගු ගමනක අවසානයයි. එහෙත් ඒ මග දිගය. . . . .

එහෙත් ඔබට යලි ගැටලූවක් මතුවනු ඇත .

වෛදික මග වු කලි භෞතික සංවර්ධනය ඉලක්ක වු මගකැයි පවසනුයේ කුමක් හෙයින්ද යන්නය.

එයට සරල හේතුවක් ඇත .

එය සරලව පැවසුවහොත් ඔබට වැටහෙනු ඇත . අතීත සෘෂිවරු පරමාත්මීයවු මනසුන් උකහා ගත් දැණුම භෞතිකත්වයට පත්කල අවස්ථා අද ඔබ භූක්ති විදිති. එය ඔබට නොවැටහේ. .

සෘෂි වරු ලියු අකුරු හෝඩියේ සිට ගුවන් තාක්ෂණය දක්වා වු සියල්ලම ලියවී ඇති පොත පත මනසේ ඉපදුණු දැණුමේ ප‍්‍රථිඑලයන්ය.
උසස්ම ප‍්‍රීතිය කරා යන ගමනද එවැන්නකි.

මනස තුළ උපදින දැණුම තුළින් තම ගැටලූ විසදා ගැනීම සරලය.

ඒ දැණුම තුළින්ම ජිවිතය ජය ගැනීමද පහසුය.

ගැටලූ වලින් මිදීම යනු ආධ්‍යාත්මිය සංවර්ධනයට ඇති භාදා ඉවත්විමය.

වෛදිකයා හා නුතන මිනිසා අතර ඇති ප‍්‍රධානම වෙනස වනුයේ වෛදිකයා මනසේ ගැඹුර අත්විදිද්දී නුතනයා මනසින් උපද්දවිය හැකි භෞතිකත්වයේ ගැඹුර සොයන්නට වීමයි.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

4.5 2 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x