දීක්ෂා ගුරු මග

ජීවාත්මයේ ද්වී ස්වාභාවය . . .

මමෛවාංශෝ ජිවලෝකෙ ජීවභූත: සනාතන:

මන:ෂෂ්ඨානින්‍දාියාණි ප‍්‍රඛාතීස්ථානි කර්ෂති

ස්වාභාව ගුණ කැවී හැඩ ගැසුණු මේ ලෝකයේ ජීවාත්මය යනු පරමාත්මයෙන් භින්න වු සනාතනික අංශූවකි.

ස්වාභාව ගුණයන්ගෙන් පාලනය වන ජීවිතය කරණ කොට ගෙන හෙතෙමේ සිතද ඇතුලූ ඉදුරන් හය දෙනා සමග දැඩි අරගලයක යෙදී සිටියි.

එ කුමක් නම් උදෙසාද ?

එසේ භින්නවන අංශූවල අනන්‍යතා ඇත්තේය.

අනන්‍යතා යනු කුමක්ද කියා ඔබට අපහැදිලි බම මා දනිමි.

සෑම උත්පත්තියක්ම ධාමයකි . ධාමයක් යනු භව කිහිපයකින් යුත් දම්වැලක් හා සම වුවකි.

එහි මුල්ම අවස්ථාවේදී පරමාත්මයෙන් උකහාගනු ලබන ආවේණික ලක්ෂණයන්ගෙන් යුතු පුද්ගල ස්වරූපයෙන් උපදී.

එසේ ඉපදීමෙන් පසු ඔහු ඔහුට ආවේණික පුද්ගල අනන්‍යතා සහිතව මෙම භවය ගතකරනු ලබයි.

එම භවයෙන් නික්ම ගිය පසු යලි පරමාත්මය සමග පුර්ණ බද්ධ වීමක් සිදු වන්නේ ඔහුගේ උත්පත්ති ධාමය අවසන් වීමෙන් පසුවය. එනම් ඉපදෙමින් මැරෙමින් යලි ඉපදෙමින් ගමන් කරන ධාමය අවසන් වු පසුවය. එනම් ඔහු එ ධාමය නිමවනතෙක්ම පරමාත්මයෙන් බිදී වෙන්වු වෙකුය යන්නය.

එසේ භින්න වු අංශූව තුළ පුද්ගලත්වයක්ද ස්වාධිනත්වයක්ද යනුවෙන් මූල දෙකක් පවතී.

පුද්ගලත්වය තුළ ගමන්කරන්නා ධාමය සම්පුර්ණ කර ගනිති.

ස්වාධිනත්වයෙන් අනිසි ප‍්‍රයෝජන ලබන්නා ධාමය තුළ තවතවත් බැදෙමින් පරමාත්මය හා එක් වීම දුරස් කොට ගනිති.

එසේ පරමාත්මය හා එක් වීමේ කාලය ලංවීම හා දුරස්වීම අතර ඇති වෙනස වනුයේ ජීවාත්මය නම් අංශූවේ ධාරිතාවය කෙමෙන් අඩුවීමයි.

එකම සමාජයක් තුළ සිටින මිනිසුන්ගේ මනසේ ක‍්‍රීයාකාරීත්වයන් වෙනස් වනුයේ මේ නිසාය.

ධාමය සම්පුර්ණ කර පරමාත්මයට තුළට පිවිසෙන අංශුව පරමෝත්කෘෂ්ඨ තත්වයකට සමාන තත්වයකට පත්වෙනු ලබයි.

දීක්ෂා ගුරු

කාංචන ගීත් මනමේන්ද්‍ර

0777 96 44 74

4 2 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x