දීක්ෂා ගුරු මග

කර්මයෙන් මිදිම කියන්නේ කප් රුක පහල වීම නොවෙයි ..... ජිවිතය දිනීමයි


මගෙන් මෙහෙම ප‍්‍රශ්ණයක් අහලා තිබ්බා……..

ලෝකයේ කොහේ හෝ ඉන්න දීක්ෂා ගුරුවරයෙක් ඉදිරිපිට කෙනෙක් වාඩි වෙලා එයාගේ කර්මය දැනගෙන එයින් මිදීමේ පිලියම් ලබාගෙන ඒ පිළියම් නිසිලෙස සිදු කරලා ඒ වා සාර්ථක බව දීක්ෂා ගුරුවරයා විසින් සහතික කලපසුත් ඔහුගේ හෝ ඇයගේ ජීවිතය තුල යළි යළිත් පීඩාවන් නිර්මාණය වෙන අවස්ථා තිබෙනවනේ. ඉන් කියවෙන්නේ දීක්ෂා ගුරුවරයාටත් කල නොහැකි දෑ තිබෙන බව නේද?

ඔනෑම කෙනෙකුට තම කර්මය ක‍්‍රීයාත්මක වෙන්නේ ජිවිතයෙන් දොලහෙන් පහක කොටසක් පමණයි….

දීක්ෂා ගුරුවරයෙකු කරන්නේ එම කර්මය ඉවත් කිරිමයි…..

එවිට තමන්ගේ ජිවිතයේ පිඩා විදි කොටස යහපත් වෙනවා…..

කර්මයෙන් මිදුනා කියලා තමන්ගේ ධර්මතා කියන එවා පවත්වා ගත යුත්තේ තමන්මයි….

අපි දන්නවා බස් එකක යන්න ටිකට් එකක් අවශ්‍ය බව හැබැයි කර්මයට පිලියම් යෙදුවා කියලා ටිකට් ගන්නේ නැතිව බස් එකක ගිහින් අහුවුනොත් එක දීක්ෂා ගුරුවරයාගේ වරදක් නොවෙයි……

අනික් කාරණය

මම පුංචි උදාහරණයක් කියන්නම් ……

එක් තරුණයෙක් පැමිණියා ඒ තරුණයා තමන්ගේ කර්මය උදෙසා පිලියම් යොදමින් සිටින අයෙක් . ඔහුගේ ප‍්‍රධානම ගැටලුව ඔහුගේ ශරිරයේ ලේ වතුර වීම……

මම ඔහුට කිවුවා දැන් ඔබේ රෝගය සුවයි කියලා ….. ඔහුටත් එය දැනෙනවා නමුත් මම භාවනාවෙන් ඒ සම්භන්දයෙන් බැලුවම ඔහුගේ රෝග මුලය බැදිලා තියෙන්නේ නිවසේ තියෙන ගැටලු සමගයි….

වසර 8 කට පමණ පෙර ඇදපු ඔහුගේ නිවසේ සැලැස්මේ ඒ වාස්තු වේදියා විසින් චුම්භක අක්ෂ දෙක හිස් තියලා ඒ විතරක් කොවෙයි කුස්සිය ඊසාන දිශාවේ පිහිටුවලා……

මම ඇහුවා ඔබේ නිවසේ හදවත් රෝගින් ඉන්නවා නේද කියලා…..

ඔහු කිව්වා ගෙදර තුන්දෙනාටම හදවත් රෝග තිවෙන බව….

ඒ විතරක් නොවෙයි…… ඒ තරුණයාගේ රෝගයේ මුලයත් එකයි…..

මෙතනදි තේරුම් ගත් යුතු දෙය තමයි….. ඒ තරුණයාගේ කර්මයට පිලියම් යොදපු නිසයි රෝග මුලය සොයා ගන්න පුලුවන් වෙන්නේ එැබැයි ඔහු එම කුස්සීය හා චුම්භක අක්ෂ දෙක නිවැරදි කර නොගත්තොත් ඒ තරුණයාගේ හා ගෙදර 3 දෙනාගෙම රෝග සුවවේන්නේ නෑ……

එය දීක්ෂා ගුරුවරයාට ඔහුට මුදවන්න නොහැකි කම නොවෙයි…..

තවත් උදාහරණයක් දෙන්නම්……

එක් තරුණයෙක් විදේශයක් ඉදන් ලංකාවට ආවා ….

ඔහුගේ බිරිද ඔහු රට ගිය ගමන් ඔහුව අතහැර ගිහින්….. ඔහු ලංකාවට ආවේ ඇයගෙන් හා ඇයගේ පවුලෙන්ම පලිගන්න බලාගෙන…. ඔහු ආයෙත් රට යන්න බලාපොරොත්තුවක් තිබුනේ නෑ…..

කොහොම හරි ඔහු මා සොයා පැමිණියා….

මම දින 3 තුළ ඔහුගේ කර්මයට වේගවත් පිලියම් ලබාදුන්නා…..

හැබැයි මම ඔහුට දුන්නේ සබදතා පාලනය කරන ක‍්‍රමයක් …..

මම කිව්වා මේ පිලියම කරද්දී ඔබේ සියලු ගැටලු විසදේවි හැබැයි ඒ දින ගනන ගතවේද්දීත් ඔබේ බිරිද ඔබ වෙත ආවේ නැත්තම් විශ්වය ඔබට බිරිදක් ලෙස ඇයව පිලිගන්නේ නෑ….. ආවොත් ඇය සුදුසුයි කියා විශ්වය පිලි ගන්නවා……

දින 3 අවසානයේ ඔහු යලි විදෙස් ගත වුනා…..

අද වන විට ඔහුගේ ජිවිතය හිතාගන්න බැරි වර්ධනයක් තියෙන්නේ එය ඔහුටත් පුදුමයි……

එත් ඔහුගේ බිරිද ආවේ නෑ……

මෙහෙම හිතන්න

සමහර පවුල් වල වසර 20-30 දුක් විදින හදිහුනියම් තියෙනවා . ඒ පවුල් වල ජිවිත කදුලින් තෙත් වෙලා…. ජිවිත විනාශ වෙලා…..
දීක්ෂා ගුරුවරයා සතපහක්වත් වැය නොවන පිලියමක් දෙනවා එයින් මිදෙන්න…. මොකද ඒ විදවීම ඔහුන් මිදවිය යුතු නිසා…..
ඔහුන් ඉන් මිදෙනවා පවුල තුළ සතුට සමගිය යලි ඇතිවෙනවා……

හැබැයි යළි ඔහුන් කතාකරලා මට කිව්වොත් ඒ හුනියම අයින් කලාට අපිට ආදායම් මාර්ගයක් ලැබුනේ නෑ කියලා ….. ඇත්තම් අපේ ආදායම් මාර්ගය වර්ධනය වුනේ නෑ කියලා …..

මම දකින්නේ එය දීක්ෂා ගුරුවරයාට මිදවිය නොහැකි කම නොවෙයි…..

මුලික කර්මයට යෙදු පිලියම් සාර්ථක වීම හුනියම ඉවත් කිරිමට යෙදු පිලියම සාර්ථක වීම සමගම ව්‍යාපරයේ ඇති දෝසය කුමක්ද යන්න ගුරු වරයාගෙන් අසා දැන නොගැනීමයි…..

මොකද ගුරුවරයා කරන්නේ තමන්ගේ කර්මය හා ඒ පිලිබදව බැදුණු මුලික ගැටලු වලට පිලියම් යෙදීමයි….. මොකද දුක විදින කෙනාට ගුරුට වඩා ඉන් මිදිමේ අවශ්‍යතාව තිබිය යුතුයි…..

ගුරු පෙන්වන්නේ මාර්ගය විතරයි…..

අපේ හිතේ තියෙන දේම ඉටුවෙන්නේ නෑ…. මොකද අපි අපේ හෙට දවස දකින්නේ නෑ…. හැබැයි අපේ ජිවිතය රුගෙන යන්නා අපේ හෙට දවස දන්නවා….

කර්මයෙන් මිදිම කියන්නේ කප් රුක පහල වීම නොවෙයි ….. ජිවිතය දිනීමයි

වෛදික ජ්‍යොතිෂවේදි
කාංචන මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close