දීක්ෂා ගුරු මග

කර්මය පුනර්භවය හා ජීවිතය

බොහෝ මිනිසුන් සිතනුයේ තම ජන්ම කේන්ද්‍රය යනු තමා උපදින අවස්ථාවේ අහස් සිතියම නැතහොත් අහසේ ග‍්‍රහයන් පිහිටි ආකාරය පමණක් බවය. මෙය තාරකා විද්‍යාවට අනුව නම් සත්‍යයකි. එහෙත් වෛදික ජ්‍යොතිෂයේ දී මෙය සත්‍යයක් ලෙස නොසලකයි. කේන්ද්‍රයක් යනු ජන්මියකුගේ අතීත වර්තමාන හා අනාගත යන කාලත‍්‍රය අවබෝධ කර ගත හැකි හා එය වෙනස් කර ගත හැකි යතුරකි.

කේන්ද්‍රයක්, හ`දහනක් ලෙසින් අප පවසනුයේ ලග්නයක් මුල් කර ගත් කොටු දොළසක් පමණක් නොවේ. මෙම කොටු දොළස මුල් කර ගනිමින් තවත් කේන්දර එකසිය හැටකට වඩා වැඩි ප‍්‍රමාණයක් නිර්මාණය කර ගැනීමට වෛදික ජ්‍යොතිෂවේදියාට හැකි වෙයි. ඒ එක් එක් කේන්ද්‍ර සටහන් උපයෝගී කර ගනිමින් පෙර ජීවිතයේ කර්මයන්, වර්තමාන ජීවිතයේ ආදරය, විවාහය, දරුවන්, අධ්‍යාපනය, රැුකියාව තම හැ`ගීම්… ආදී ලෙසින් වූ බොහෝ අංශයන් පැහැදිලි කර ගැනීම උදෙසා වෙන වෙනම සකස් කර ගත හැකි වන විශේෂිත කේන්ද්‍ර සටහන් එම කේන්ද්‍ර 160කට අධික ප‍්‍රමාණ තුළ පවතියි. වෛදික ජ්‍යොතිෂයේදී ඒවා වර්ග චක‍්‍ර ලෙස හ`දුන්වනු ලබයි.

අමරණීයත්වය ලබන තෙක්ම සංසාර චක‍්‍රය තුළ ගමන් කරන සත්වයා වරින් වර තම සිත ආත්මයක් හා සම්බන්ධ කර ගනියි. බුදු දහමේ දී මෙම ඉගැන්වීම දැකගත හැකිවෙයි. වෛදික ජ්‍යොතිෂයට අනුව සත්වයකුගේ බිහිවීම සිදු වනුයේ මෙලෙසය. විශ්වයේ යම් තැනක පරමාත්මය තම ශක්ති විශේෂයන් වෙයි. (විශ්ව ශක්තිය ලෙසින්ද එය හැ`දින්විය හැකිය* යම් සත්වයකුගේ උත්පත්තිය සිදුවන අවස්ථාවේ දී එම පරමාත්මයෙන් වෙන් වන ජීවාත්මය නම් ශක්ති කොටසක් හා සසර ගමන් කරනා ආත්මය හා එක්වෙයි. මෙම එක්වීම සත්වයකුට අවශ්‍ය අවස්ථාවේ ක‍්‍රියාත්මක කළ නොහැකිය. එය තීරණය වනුයේ තම පූර්ව ආත්මයේ කර්මයන් හා (නිජ කර්මයන්* ඒවාට ලැබිය යුතු ද`ඩුවම් මතය.

වෛදික ජ්‍යොතිෂයට අනුව මෙය ක‍්‍රියාත්මක කරවීමේ වගකීම පැවැරී ඇත්තේ යම ධර්ම රාජ නැතහොත් යම ධර්ම දේවතාවාටය. බුදු දහම හෝ කිතු දහමේ පෙන්වා දෙන ලෙස වෛදික ජ්‍යොතිෂයේ දී යම ධර්ම රාජයා කළු චරිතයක් නැතහොත් දුෂ්ඨ චරිතයක් ලෙස නොසලකයි. ඔහු විසින් සිදු කරනුයේ සත්වයකු පෙර ආත්මයේ සිදු කළ කර්මයන් අනුව ලැබිය යුතු කුලකය තෝරා දීමයි. මෙහි දී මිනිසකු ලෙසින් උපදින සත්වයකුට තමා උපදින පවුල පරිසරය තීරණය වනුයේ උත්පත්තියෙන් පසු ඔහුට ලැබීමට නියම වන ද`ඩුවමේ ස්වභාවය මතය.

කෙසේ වෙතත් තම ආත්මය ජීව ආත්මය හා එක් වීමට යම ධර්ම රාජ විසින් උත්පත්තිය ලැබීමට තීරණය වන පුද්ගලයා හට කරුණු තුනක් ගැන පැහැදිලි කිරීම ලබා දෙයි. පළමුවෙන්ම තමා පෙර භවයේ දී සිදු කළ අකුසල කර්මයන් විග‍්‍රහ කරනු ලබයි. ඉන්පසු නැවැත උත්පත්තියෙන් පසු එම කර්මයන් දුරු කර ගැනීම උදෙසා කළ යුතු ක‍්‍රියාවන් පෙන්වා දෙනු ලබයි. අවසන් වශයෙන් මිදීම උදෙසා ක‍්‍රියාත්මක නොවුණහොත් තමාට වි`දීමට සිදුවන ගැටලූ පෙන්වා දෙයි.

ජිව ආත්මය හා තම ආත්මය මවු කුස තුළ දී එක් වීමත් සම`ග නව ජන්මියකු බිහිවෙයි. බිළි`දකු මවු කුසින් මෙලොව එළිය දකින මොහොතේ සිට තම පූර්ව කර්මයන් ක‍්‍රියාත්මක වීම ඇරැුඹෙයි. එහෙත් ප‍්‍රතිශතයක් ලෙස සලකතොත් ළමා කාලයේ දී ක‍්‍රියාත්මක වනුයේ තම කර්මයෙන් 30% පමණ ප‍්‍රතිශතයකි. සම්පූර්ණ ප‍්‍රමාණයම ක‍්‍රියාත්මක වීම ඇරැුඹනුයේ තමා ස්වාධින වීමත් සම`ගය.

මිනිසුන්ගෙන් සියයට හැත්තෑපහක් පමණ දෙනාගේ යටි සිත තුළ යම ධර්ම රාජයා විසින් ලබා දුන් උපදෙස් තැම්පත්ව තිබෙන අතර නොදැනුවත්ව හෝ ටිකෙන් ටික එම මිදීමේ මාර්ගයේ ගමන් කරනු ලබයි. ලේ දන්දීම, දන්සල් දීම, පන්සල්, කෝවිල් පිළිසකර කිරීම ආදී බොහෝ දේ නොදැනුවත්ව ඉටු කරති. ඒ හරහා තමා මේ ආත්මයේ දී වි`දීමට ඇති ගැටලූවලින් තරමක් ඉවත්ව යයි. එහෙත් ඒ සම්පූර්ණ ප‍්‍රමාණයම නොවේ. අප මේ ආත්මය තුළ දී ගෙවනු ලබන කර්ම ප‍්‍රධාන කොටස් දෙකක් යටතේ වර්ග කළ හැකි වෙයි.

නිජ කර්ම – මේවා ඇති වනුයේ පෙර භවයේ සිදු කරන ලද අකුසල් හේතු කර ගෙන වන අතර මේ හරහා නිශ්චිතවම වි`දවීමට සිදු වෙයි. ඒවා එකින් එක වෛදික ජ්‍යොතිෂ්‍යවේදියාට හ`දුනාගත හැකි වන අතර මුහුණ දෙන කාල වකවානුවද නිශ්චිතව ප‍්‍රකාශ කළ හැකිවෙයි. නිජ කර්මයන්ද ප‍්‍රධාන කොටස් දෙකකින් අශුබ ඵල ලබා දෙන අතර ශාරීරිකව සිදුවන රෝගී තත්ත්වයන් හා හ`දුනාගත නොහැකි අදෘශ්‍යමානා දෝශයන් මනස ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක වන දෝශයන් යනුවෙන් වර්ග කළ හැකි වෙයි.

ආගන්තුක කර්ම – උත්පත්තිය ලද ආත්මයේ දී ජන්මියාගේ ක‍්‍රියාකාරිත්වය ඔස්සේ වර්ධනය වන ශාරීරික හා වෙනත් ගැටලූ මේ යටතේ විග‍්‍රහ කෙරෙයි. නොසැලකිලිමත්කම මත අපිරිසුදුතාවය දුර දිග නොබලා කටයුතු කිරිම ආදිය මත ක‍්‍රියාත්මක වන අනතුරු, රෝග, නඩු හබ මේ යටතට වැටෙයි. මෙහි සමහර දේ සිදුවන ආකාරය විග‍්‍රහ කළ හැකි වෙයි. එහෙත් පූර්ව ආත්මිය ක‍්‍රියාත්මක වන බාධක තත්ත්ව එනම් හදි හූනියම්, කොඩිවිත, ඇස්වහ දෝෂයන් ආගන්තුක කර්ම හා බද්ධව ක‍්‍රියාත්මක වුවහොත් ඒවා වන දිශාවන් පිළිබ`ද අවබෝධයක් ගත නොහැකි වෙයි.

පූර්ව ආත්මීය මිනිසුන් හා ස්වභාව ධර්මය සම`ග ගනුදෙනු කරන ආකාරය මත බාධක තත්ත්වයන් නිර්මාණය වෙයි. දේව බාදක, සර්ප දෝෂ, කාල සර්ප දෝෂ දෘෂ්ඨි බාධක, හදි හූනියම් ආදී ලෙසින් මෙම බාධක විශාල ප‍්‍රමාණයක් පවතින අතර ඒවා විසින් සිදු කරනුයේ ජන්මියාගේ අරමුණ කුමක් වූවත් එම අරමුණු කරා යෑමට බාධා ඇති කිරීමයි. මෙම බාධක තත්ත්වය හරහා තම කර්මයන් ක‍්‍රියාත්මක වීම හරහා ලැබෙන ද`ඩුවම්වලට වඩා වැඩි ගැටලූ ඇති කරනු ලබන අතර තම කර්මයන් දඩුවම් ලැබී අවසන් වුවත් බාධක ජීවිත කාලය පුරාම වරින් වර වි`දවීමට සිදු වෙයි.

ජන්මියකුට මේ ආත්මයේ දී වැඩි වශයෙන්ම වි`දවීමට සිදු වනුයේ පූර්ව ආත්මීයව දෙවියන් හා ගනුදෙනු කිරීමේ දී ඇති වූ ගැටලූ උදෙසාය. මේ හරහා දේව බාධක නම් වර්ගයක් ක‍්‍රියාත්මක වන අතර දේව ආශිර්වාදය බි`ද වැටීම සිදු වෙයි. තම ආගම කුමක් වුවත් දේව බාධක පවතින්නා හට දෙවියන්ගේ ආශිර්වාදය නොලැබී යයි. මේ හරහා සිදු වනුයේ තම ගැටලූ වෙනුවන් සිදු කරන කිසිදු බෝධි පූජාවක්, දේව පූජාවක් ඵල නොදීමයි.
පූර්ව කර්ම බාධක තත්ත්ව මෙන්ම තමා මේ ආත්මයේ සිදු කරන වැරැුදි ක‍්‍රියා ස`දහා ද`ඩුවම් ලබා දීමේ පූර්ව අයිතිය ඇත්තේ රාහු, ශනි මෙන්ම කේන්ද්‍රයේ බාධක ග‍්‍රහයාටය. රාහු විසින් අදෘශ්‍යමාන දෝෂ ක‍්‍රියාත්මක කරන අතර ශනි විසින් ශාරීරිකව දෘශ්‍ය වන දෝෂ ක‍්‍රියාත්මක කරවයි. කෙසේ වෙතත් රාහු නෛසර්ගික බාධකයා ද වෙයි.

කේන්ද්‍රයේ කොටු දොළස මුල් කරගනිමින් ගොඩ න`ගනු ලබන වර්ග චක‍්‍ර උපයෝගි කරගනිමින් ඉහත සියලූ දෝෂ තත්ත්වයෙන් විග‍්‍රහ කර ගත හැකි වෙයි. ඒ අනුව බලන කල කේන්ද්‍රය යනු අපේ ආත්ම ගණනක තොරතුරු තැන්පත්ව ඇති මහා විස්මිත ගබඩාවකි. එහි හො`ද නරක මෙන්ම ගැලවීමේ මාර්ගය ද ලිය වී ඇත.

වෛදික ජ්‍යොතිෂයට අනුව කර්මය යනු වෙනස් කර ගත හැක්කකි. ඒ සදහා ප‍්‍රධාන මාර්ග තුනක් එකට එක් විය යුතු වෙයි. පළමු වැන්න දැනුවත් භාවයයි. එනම් තම කර්මය පිළිබ`ද දැනුවත් වීමයි. දෙවැන්න කැපවීමයි. එනම් තම කර්මය වෙනස් කර ගැනීම උදෙසා කැපවීමයි. තෙවැන්න භක්තියයි. දෙවියන් උදෙසා වූ භක්තියයි. මේ තුන එක්තැන් වූ කල කර්මයන්ද වෙනස් කළ හැකි වෙයි

ගැටලු 1

හදහනේ තිබෙන දශා ශේෂය පෙර ආත්මයේදී ඉතුරු වූ දශවද ? රාහු දශාව අවුරුදු 5 ගෙවා ඇති විටදී මියගියහොත් ,නැවත අවුරුදු 2 ඉපදුනොත් ශේෂය වන්නේ රාහුට අවුරුදු 11 විදිහටද? එකම ලග්නයෙන්ද ?

ලග්නය වෙනස් වීම සිදුවෙයි . එය සිදුවන ආකාරයක් ඇත එය පැහැදිලි කිරිම දිර්ඝ කාර්යයකි. මියයන විට ගෙවමින් සිටි දශා ශේෂය ඊලග ආත්මයට ගෙන යන බව පිලි ගනියි

ගැටලු 2

අමරණීයත්වය ලබන තෙක්ම සංසාර චක‍්‍රය තුළ ගමන් කරන සත්වයා වරින් වර තම සිත ආත්මයක් හා සම්බන්ධ කර ගනියි. බුදු දහමේ දී මෙම ඉගැන්වීම දැකගත හැකිවෙයි”” මට මෙන්න මේ දෙය පැහැදිලි කරගන්න පුලුවන්ද? මා දන්නා තරමින් බුදු දහමේ උතුම් වූ නිවන කරා යන මාර්ගයක් ගැන උගන්වනවා මිස අමරනීයත්වයක් ගැන කියවෙන්නේ නැහැ..

බුදුදහම තුල මාර පරාජය යනු සංකල්ප මරාදැමිමක් උවත් එය ගමේ ඇසිලින් ආච්චි තේරුම් ගන්නේ අපායේ රජු මාරයා ලෙසිනි. එය බුදන් නොපැසුවේ යැයි ඔබට තර්ක කල හැකි මුත් අසරණ ඇසිලින් ආච්චිගේ දැඩි බෞද්ධ මනස තුළින් එය මකා දමන්නට ඔබට නොහැකි වනු ඇත.

ගැටලු 2

වෛදික ජ්‍යොතිෂයට අනුව මෙය ක‍්‍රියාත්මක කරවීමේ වගකීම පැවැරී ඇත්තේ යම ධර්ම රාජ නැතහොත් යම ධර්ම දේවතාවාටය. බුදු දහම හෝ කිතු දහමේ පෙන්වා දෙන ලෙස වෛදික ජ්‍යොතිෂයේ දී යම ධර්ම රාජයා කළු චරිතයක් නැතහොත් දුෂ්ඨ චරිතයක් ලෙස නොසලකයි.
මා දන්නා අයුරින් බුදු දහමේ මෙවන් දේවතාවකු ගැන පෙන්වනවා මං දැකලා නැහැ…

ඔනෑම භාවනා යොගියෙකු භාවනාවේ එක් මට්ටමකදි දෙදෙනෙකුට මුහුණ දිමට සිදුවෙයි 1. මහසෝනා 2. මාරයා මෙවා සංකල්ප නොව දෘෂ්ධින්ය සංසාර චකරය නිමාකල හැකි කරම දෙකකි එකක් නම් නිවන් මගට එළඹි යලි නොයිපදී සිටිමයි. දෙවැන්න නොමැරි සිටිමයි.බුදු දහමේ සදහන් වන් ඔබේ වචනයෙන් යමයාට වෛදික සම්පරධායේදි යම ධර්ම රාජ ලෙස ගරු තනතුරක් දී ඇත

දීක්ෂා ගුරු

කාංචන ගීත් මනමේන්ද්‍ර

0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close